නිවාඩුවක් ගතකරන්න යද්දී නවතින තැන තෝරද්දී එක එක්කෙනා කැමැති දේවල් තියෙනවා. සමහරු කැමැති කඳු උඩ නිවාඩුව ගතකරන්න. තවත් සමහරු මුහුදු වෙරළක් ළඟ ඉන්න ආසයි. ඒ අතර පුංචි කැලෑවක පරිසරය විඳිමින් නිවාඩුව ගතකරන්න කැමැති අයත් ඉන්නවා. මේ කාරණා තුනම එකට තියෙන තැනක් කියන්නේ ඒක හරියට දිව්‍ය ලෝකයක් වගේ වෙන්න පුළුවන්. එහෙම තැන් තියෙන්නෙ කොහෙද? ඒ තමයි ඔබේ හිතට නැඟෙන ප්‍රශ්න.
ලෝකේ සුන්දරම මුහුදු වෙරළක් ළඟ පුංචි කැලෑවක් එක්ක තියෙන කඳුවැටියක් මුදුනේ නිවාඩුවක් ගතකරන්න ඇත්නම් ඒක හරියට දිව්‍ය ලෝකෙට ගියා වගේ අත්දැකීමක්. මේ වගේ හීන ඔබෙත් මගෙත් හිත්වල නැතුවාම නොවෙයි. ඒත් කොහෙද එහෙම තැන්? ඒ ප්‍රශ්න සියල්ලටම පිළිතුරු අරගෙන මේ සතියෙ අපි හිතුවා ඔබව දිව්‍ය ලෝකෙට කැන්දන් යන්න.
උණවටුන කියන්නේ සංචාරක ආකර්ෂණය දිනාගත්ත සුන්දරම මුහුදු තීරවලින් එකක්. මේ වෙරළේ සුන්දරත්වය වැඩි වෙන්න එක හේතුවක් තමයි රූමස්සල කඳුවැටිය. පුංචි කැලෑවත් එක්ක තියෙන රූමස්සල කඳුවැටිය නිසා උණවටුනේ සුන්දරත්වය දෙගුණ තෙගුණ වෙලා පේනවා. රූමස්සල තමයි උණවටුනේ නැරඹුම් මැදිරිය. ඔව් එතැන තියෙනවා අපූරු නැරඹුම් මැදිරියක්. අන්න එතැන තමයි අපි අද නවතින්නේ.
මේ සතියෙ අපි නවතින්නේ ගාල්ලේ උණවටුනේ ‘තව්තිසා’ හෝටලයෙ. ඇත්තටම මේ Location එක මිලකරන්න බෑ. ඒ නිසාම වෙන්න ඇති මෙතැනට ‘තව්තිසා’ කියන නම යොදන්න ඇත්තෙ. මෙතැනට එන කෙනකුට කොහෙ බැලුවත් පේන්නේ මුහුද. කොටින්ම කියනව නම් කාමරේ ඇඳ උඩ ඉඳගෙන මුහුදෙ නැව් යනවා බලන්න පුළුවන්. කනට ඇහෙන්නෙ කුරුල්ලන්ගේ සද්ද. මේ නවාතැනේ කාමර සියල්ල ඉදිවෙලා තියෙන්නෙ මුහුදට නිරාවරණය වන ආකාරයට. හැම කාමරයකම පාහේ Jacuzzi Bath නිර්මාණය කරලා තියෙනවා. ඒවයෙ බැහැලත් මුහුද දිහා බලාගෙන ඉන්න පුළුවන්. ඒ වගේම තවත් විශේෂ දෙයක් තියෙනවා. මෙහෙට එන කෙනකුට ඉර බහිනවා බලන්න කොහෙවත් යන්න ඕනෙ නෑ. කාමරයේ වැරැන්ඩා එකේ ඉඳලම ඉර බහින හැටි බලන්න පුළුවන්. ටී කොෆි බාර් එකත් එළියෙන් තියෙන නිසා හවස තේ එකත් මෙතැන ඉඳලම ගන්න පුළුවන්.
විශාල පිහිනුම් තටාක දෙකක් Spa එකක්, Gym එකක් සහිත මේ නවාතැනේ තියෙන අනෙක් විශේෂම තැන තමයි අවන්හල. මෙහේ තියෙන්නේ ඍදදඓදච ඍැිඒමර්බඑ එකක්. ඒ තමයි උණවටුන බලන්න පුළුවන් හොඳම තැන. තුන් වේලටම Buffet (බුෆේ) ක්‍රමට කෑම පිළිගන්වන මේ අවන්හල පිටින් එන අය සඳහාත් විවෘතයි. සති අන්තයේ කොළඹ මාර්ග තදබදයෙ තෙරපෙන්නෙ නැතුව මේ වගේ Location එකක් තියෙන අවන්හලකට ඇවිත් ඉර බහින හැටි බලාගෙන කෑම ටිකක් කන්න තියෙනව නම් තවත් කතා මොකටද?
තව්තිසා හෝටලය රාත්‍රී කාලයටත් තව්තිසාව වගෙම තමයි. ඒකට හේතුව තමයි මෙහි තියෙන ආලෝකකරණ පද්ධතිය. ඉතාමත් කුඩා විදුලි බුබුළු රාශියක් එක් කරලා හැම තැනම විසිරෝලා නිර්මාණය කරලා තිබීම හරිම අපූරුයි. රෑට හරියට පේන්නේ අහසේ තරු එළලා වගේ. බලන බලන තැන කුඩා එළි. මේ නිර්මාණය වෙන කාගෙවත් නම් නොවේ. ආයතනයේ හිමිකරු නිමල් ගීගනගේ මහත්මයා තමයි මේ අමුතු අලංකාර ක්‍රමය හොයාගෙන තියෙන්නේ.
කෑම බීම ඉතා රසවත් වගේම නැවුම්. ආගන්තුක සත්කාරත් ඉතාමත්ම ඉහළයි. කියන්න තරම් කිසිම අඩුපාඩුවක් තව්තිසා හෝටලයෙ අපට නම් දකින්න තිබුණෙ නෑ. ඒ සත්කාර නිසාම තමයි මොවුන්ට 2018 World Best Hotel සඳහා දෙන සම්මානයකුත් ලැබිලා තියෙන්නේ. දවසම මුහුද දිහා බලාගෙන ඉන්න ඔබත් එන්න උණවටුනේ තව්තිසාවට.
මේ දවස්වල විශේෂ වට්ටම් තියෙන නිසා මේ අංකයට කතා කරලා ඔබේ කාමර කලින්ම වෙන්කරලම එන්න.
0912228869
නිශ්ශංක මුවර්