• About us
  • Contact us
Monday, July 20, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

අනුෂාගේ විවාහය වළක්වපු ජ්‍යොතිෂයේ ඇත්ත

August 22, 2019
in Astrology
Reading Time: 1 min read
A A
අනුෂාගේ විවාහය වළක්වපු ජ්‍යොතිෂයේ ඇත්ත
Share on WhatsAppShare on Facebook

මැයි 23 කාඞ් බෙදලා සූදානම් වුණා. දැන් නැකැතක් ඇත්තෙන්ම නැහැ. වර්තමානය වන විට ජ්‍යොතිෂය පිළිබඳ තිබෙන පැහැදීම අඩු වැඩි වශයෙන් වෙනස් වුණත් තමන්ගේ ජන්ම පත්‍රය පරීක්ෂා නොකරන කෙනෙක් නැති තරම්. ඒ නිසා අපි හිතුවා අපේ කලාකරුවන් අතර ජ්‍යොතිෂය පිළිබඳ තියෙන උනන්දුව කොහොමද කියලා හොයලා බලන්න. ඒ වෙනුවෙන් අපි අද කතා කළේ ජනප්‍රිය රංගන ශිල්පිනි අනුෂා දමයන්තිට.
අනුෂා ඔබ ජ්‍යොතිෂය විශ්වාස කරන කෙනෙක්ද?
ඔව්. ජ්‍යොතිෂය ගැන මගෙ විශ්වාසයක් තියෙනව වගේම දැනුමකුත් මට තියෙනවා. මගේ සීයා ජ්‍යොතිෂය උගත් කෙනෙක්. ඒ නිසා මමත් සීයගෙන් ජ්‍යොතිෂය ගැන සරල දැනුමක් ලබාගෙන තියෙනවා. හැබැයි අපේ සීයගෙ කාලේ වගේ නෙවෙයි දැන්. අපේ සීයා ඒ කාලේ හඳහනක් පරීක්ෂා කරන්න දවස් දෙකක් ගන්නවා. අද වෙද්දි හැම දේම සොෆ්ට්වෙයාර් බවට පත්වෙලානේ.
ඒ කියන්නේ ඔබට දැන් ජ්‍යොතිෂය ගැන විශ්වාසයක් නැද්ද?
නැතිව නෙවෙයි. ජ්‍යොතිෂය ගැන මට දැනුමක් තියෙන නිසා හඳහනක් බලන්න ගියාම ඒ ගැන කියන කරුණු විශ්වාස කරන්න පුළුවන්ද බැරිද කියන දේ මටම අවබෝධ වෙනවා. සමහර අවස්ථාවලදී හඳහන අරගෙන පස් තැනකට ගියොත් ඒ පස්දෙනා මගේ හඳහනේ මහ දශා පහක් කියනවා. මාස ගාණකින් හරි මහ දශාව වෙනස් වෙනවා. ඉතින් ඒක උපන් වෙලාවට මහ දශා පහක් කියන්නෙ කොහොමද? මට දැනුම තියෙන නිසා මං දන්නවා හරි දේ මොකක්ද කියලා. නොදන්න මිනිස්සු රැවැටෙනවානේ.
හඳහන පරීක්ෂා කිරීමේදී බොරු කියන බව ඔබට අවබෝධ වුණු අවස්ථා තියෙනවද?
ඔව්. මට කිසිම ප්‍රශ්නයක් කරදරයක් නැති වෙලාවක හඳහන බලන්න ගිය අවස්ථාවක මට කිව්වා මං දැන් මානසිකව වැටිලා නරකම කාලයක් ගෙවන්නෙ කියලා. ඇත්තටම ඒ මට හොඳම කාලයක්. මං ඔහුට එවෙලෙම කිව්වා මට කිසිම ප්‍රශ්නයක් නැහැ. මං හඳහන බලන්න ආවෙ වෙනත් කාරණයකට කියලා.
හඳහන් පරීක්ෂා කිරීමේදී ඔබේ ජීවිතය පිළිබඳ සත්‍ය කියූ අවස්ථා තිබෙනවද?
ඔව්. මගේ විවාහය ගැන නිතරම කියූ දේ සත්‍යයක්. විවාහය කල් යන බව තමයි හඳහනේ ලියැවිලා තියෙන්නේ. සමහර කාලවලදී කිව්වා දැන් විවාහය කරන්න තව කල් ගියොත් හුඟක් ප්‍රමාද වෙයි හොඳ නැකතක් නැහැ කියලා. ඉතින් ඒ කියූ දේවල් ඇත්ත. ඒ වගේම පසුගිය මැයි 23 වැනිදා මගේ විවාහයට හොටෙල් බුක් කරලා කාඞ් ගහලා කාඞ් බෙදලා සියල්ලටම සූදානම් වෙලා හිටිය අවස්ථාවෙත් වැළැක්විය නොහැකි හේතුවක් නිසා විවාහය කරන්න බැරිවුණා.
නැකැත් පරීක්ෂා කරලද දිනය යොදාගත්තෙ?
ඔව්. විවාහයට හොඳම නැකැතක්. නමුත් කුමක් හෝ හේතුවක් බලපෑවා විවාහය වළක්වන්න. ඊට පසුව හඳහන් පරීක්ෂා කළාට දැන් හොඳ නැකැතක් නැහැ.
තවත් කාලය ගතවන නිසා නැකැත් නොබලා විවාහ වුණා නම් හොඳයි කියලා හිතිලා නැද්ද?
ජ්‍යොතිෂය විශ්වාස කළත් නැතත් අපේ ජීවිත සොබාදහම සහ සංස්කෘතිය සම්ප්‍රදායත් සමඟ බැඳිලා තියෙනවා. ඉතින් ඒ සොබාදහමට හිතුවක්කාර නොවී කටයුතු කරන්නයි මං කැමතිය.
ඒ කියන්නේ ඔබ ජ්‍යොතිෂ්‍ය සමඟ දැඩිව ඇලුනු කෙනෙක් කියන එක නේද?
නැහැ. මං කොහොමත් සියයට පනහක් විශ්වාසයත් අවිශ්වාසයත් සමඟ වැඩකරන කෙනෙක්. හැමදේටම ඒ සියයට පනහ වැදගත්. හඳහන් පරීක්ෂා කළත් නැතත් මං පින්කම් කරනවා. මේ කාලයේදී අපලයි කිව්වමනෙ අපි කුසල් කරන්න උත්සාහ ගන්නේ. මට එහෙම නැහැ. අපල තිබුණත් නැතත් මගේ පින් දහම් කටයුතු නිතර කරනවා. බෝධිපූජා තියනවා. හරක් නිදහස් කරනවා. ඒවාට දායක වෙලා තියෙනවා. මගේ ආත්ම විශ්වාසයයි සොබාදහමයි, බුදු දහමයි අනුව මං ජීවත් වෙනවා. අවශ්‍යතාව අනුව ජ්‍යොතිෂයේ සහාය ලබාගන්නවා.
ජ්‍යොතිෂ්‍ය උපදෙස් අනුව මෙතෙක් කරපු ලොකුම වියදම කොච්චරද?
ඇත්තටම මං සුරයක්වත් දාලා නැහැ. කවදාවත් ලොකු වියදම් කරලා නම් නැහැ.

SendShareShare
Previous Post

ශීර්ෂ රේඛාව කැඩිලද එහෙනම් මාරක අනතුරක්

Next Post

ශ්‍රීදේවී සිංගප්පූරුවේ උපදියි

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News
Exclusive

ට්‍රම්ප් ඉරානයම කළුවරේ තියයි! තෙල් පෝලිම කිලෝමීටර් ගණන්! කමේනිට එරෙහිව ජනතා නැගිටීමත් අත ළඟයි!  I Sri Lanka Latest News

අමෙරිකානු ප්‍රහාර හමුවේ ඉරානයේ බලශක්ති යටිතල පහසුකම්වලට දැඩි බලපෑම් එල්ල වී තිබේ.Sri Lanka Latest News විදෙස් මාධ්‍ය පවසන්නේ පවතින දැඩි උණුසුම්...

Read more
මෙසීට මේ පාර බැරි වෙයි! ස්පාඤ්ඤය අවුරුදු 16කට පසු ජය පැන් බොයි!  I Sri Lanka Latest News

මෙසීට මේ පාර බැරි වෙයි! ස්පාඤ්ඤය අවුරුදු 16කට පසු ජය පැන් බොයි!  I Sri Lanka Latest News

අලුත්ගම ව්‍යාපාරිකයෙකුගේ ලක්ෂ 7ක මුදල් සහ රන් බඩු මහ දවල් හොරු අරන්! Sri Lanka Latest News

ගිය අවුරුද්දේ කෝටි 35ක රත්තරන් බඩු උකස් කරලා! 54%ක අසාමාන්‍ය වැඩිවීමක්! රටේ ගෙවල්වලින් 60%ක කිසිම රන් බඩුවක් නෑ! මිනිස්සු එදිනෙදා අවශ්‍ය මුදල් හොයාගන්නත් රත්තරන් උකස් කරන තත්ත්වයට වැටිලා! I Sri Lanka Latest News

බිත්තරේටත් ගැසට් එකක් ගහයි!

ආණ්ඩුවට චෝදනා කරමින් නිෂ්පාදකයෝ හෙට ඉඳන් බිත්තර මිල ඉහළ දමයි! I Sri Lanka Latest News

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.