• About us
  • Contact us
Sunday, July 19, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

ශ්‍රීදේවී සිංගප්පූරුවේ උපදියි

August 22, 2019
in Heart
Reading Time: 2 mins read
A A
ශ්‍රීදේවී සිංගප්පූරුවේ උපදියි
Share on WhatsAppShare on Facebook

ශ්‍රීදේවී නම් මනස්කාන්ත නිළි තාරකාව මලවුන් හා ඇසුරට දින නියම කරගත් පසුව ගෙවී යන 18 වැනි මාසයද නිමවෙන්නට ආසන්නය.
එහෙත්, තවතමත් ශ්‍රී දේවි ගැන සෝසුසුම්, දුක්බර වදන් නිතර සමාජ ජාල වෙබ් අඩවිවල සටහන් වේ.
තම සුපිරි තාරකාවක් ගැන රසවත් වංහුං හොයන්නට කැමැති ඔවුනට උමතුව සිටින රසිකයන් ශ්‍රී දේවියගේ දුක්බර වියෝවෙන් පසුව වුවද ඇගේ පවුලේ අය ගැන තොරතුරු දැන ගන්නට උත්සුක වෙති.

සමාජ ජාල වෙබ් අඩවිද ඔවුන්ගේ උමතුව හොඳින් හඳුනාගෙන සිටින බැවින් තමන් සොයාගන්නා ආරංචිවලට තවත් පදමට ලුණු ඇඹුල් දමා රසකර ඒවා උණු උණුවේ බෙදාහරිති.
එලෙසින් බෙදාහැරෙන තොරතුරු අතර උණුසුම්ම පුවතක් වූයේ සුන්දර ශ්‍රී දේවියගේ රූසපුව රැගත් සජීවී මට්ටමෙහිලා තැනෙන කලාත්මක ඉටි රූපය සිංගප්පූරුවේ පිහිටි මැඩම් ටුසෝඞ් කෞතුකාගාරයේ ඉදිවෙමින් පවතින බවත් ලබන සැප්තැම්බරයේ එය විවෘත වන බවත්ය.
ශ්‍රී දේවිගේ රූ සොබාව වඩා ප්‍රකට වන ආකාරයට එයට පාදක කොටගෙන ඇත්තේ අතිශයින් ජනාදරයට පත් ‘මිස්ටර් ඉන්ඩියා’ චිත්‍රපටයේ ඇය රඟන ‘හවා හවායි’ ගීතය සඳහා පෙනී සිටි ස්වරූපයයි. ඉදිවෙමින් පවතින එකී ඉටි ප්‍රතිමාව වරින්වර වෙබ් අඩවි ඔස්සේ ප්‍රචාරය වෙමින් තිබෙන අවස්ථාවල ශ්‍රී දේවියගේ ආදරණීය රසිකයන් ඉතාම සංවේදී සටහන්වලින් එයට පිළිතුරු සපයා තිබිණි. එලෙසම ශ්‍රී දේවියගේ වියෝවත් සමග ඇය වටා රොදබැඳගත් රසික හමුව ඈ වෙනුවෙන් නිතර පළකර සිටින ආදරණීය සිහිවටනයන්ට පිළිතුරු ලෙස බොනී කපූර්ද යම් විටෙක තම ට්විටර් ගිණුමෙහි සරලවූ සංවේදී වදන් සටහන් කළේය.

‘ශ්‍රීගේ රූපශ්‍රීයෙහි සුන්දරත්වය කියාපෑමට මේ ලෝකයේ මැවී තිබෙන වචන මදි තරම්ය. ඒ වගේම ඇගේ සිත්කළු පෙනුම කිසිවකුට ලෙහෙසියෙන් අමතක නොවේ. බොහෝ විට එය ලෝකයට බිහිවන සුවිශේෂී මුහුණු අතරින් තවත් එක් සුවිශේෂී මුහුණකි. මගේ ප්‍රියාදරියගේ රූ සංකේතය මෙලෙසින් මැකී නොයන සිහිවටනයක් කළ මෙහෙවර වෙනුවෙන් මුසාඞ්ස් මැතිනියටත්, අල්මිටේට් ෆිල්ම් ස්ටාර් එක්ස්පීරියන්ස් සමාගමටත් මගේ හද පිරි ස්තුතිය පිරිනමන්නෙමි. ඒ අතරම ශ්‍රීගේ රූපශෝභාව ඉටි ප්‍රතිමාවක්ව විවෘත වන දිනයට මම මගේ දූවරුන් සමග ඊට සහභාගි වන බවද මෙයින් දන්වා සිටිමි.’
ඒ බොනී කපූර් පසුගිය සතියක සටහන් කොට තිබූ වදන් පෙළකි.
එයට ලැබුණු ප්‍රති උත්තර අතිවිශාල විය.

‘ඔබ ඇයට මේ තරමට ආදරය කරන්නේ නම් මේ අපූරු ප්‍රතිමාව එයට කදිම උපහාරයකි. ඇයට වන්දනාමාන කරන්නන්ට මෙය සංවෙදී නවාතැනකි’
බොනී කපූර් ඉහත කී ප්‍රතිචාර සමූහයට නැවත ස්තුති කළේය.
බොනී කපූර් සිය ලේ ඥාතියකුගේ විවාහ මංගල්‍යයකට සහභාගි වීම සඳහා පසුගිය මාසයේ ප්‍රසිද්ධියේ එළිපෙහෙළියට පැමිණියේ බොහෝ කලකට පසුවය. එතැනදී ඔහු මාධ්‍යවේදීන් කිහිපදෙනකු හමුවේ සිය හදවත විවෘත කර තිබුණේ පුදුමාකාර විදියටය.
‘ඔයාලා දන්නවද ශ්‍රීගේ හදවත දිනාගන්න මම අවුරුදු ගාණක් ඇගේ පස්සෙන්ම ගියා. ශ්‍රී සමග මම පළමුව ආදරයෙන් බැඳුණේ ඒකපාර්ශ්වීය ලෙසයි. විශ්වාස කරයිද ඔබ කිසිවකු, මම අවුරුදු 10ක් පමණ ඇයට තනි හිතින් ආදරය කළා. ශ්‍රී හරියටම ඩිරෙක්ට් මා හා කතාබහ කර මට වචනය දුන්නේ මාහා විවාහ වෙන්න පොරොන්දු වුණේ මම ඇයට වහවැටී ගෙවුණු දොළොස් වැනි අවුරුද්දෙදි.’

බොනී කපූර් නම් මහා පෞරුෂවත් මිනිසා එසේ තම වචන ඔවුන් හමුවේ දිග හැරියේ ඉතාම මෘදු ලෙසය. විසි හැවිරිදි ජාන්වීට සහ දහසය වැනි වයසෙහි සිටින පුංචි කුෂීට දැන් අම්මා කෙනකු නැත. ශ්‍රීදේවී සහ ඔවුන් අතර තිබූ බැඳීම ඉතාම සමීප විය. මාපිය දරු සෙනෙහස සේම කිසිඳුම රහසක් සඟවාලන්නට නොහැකි මිතුරු පවුරක්ද ඔවුන් අතර ඉතා හෘදයාංගමව ඉදිව තිබිණ.
ඉතින් එහෙව් සමීපතාවක් තම අම්මා සමග තිබූ මේ යොවුන් දැරියකට ඈ නැති පාළුව ශෝකය කෙසේ නම් පුරවාලන්නද? බොනී කපූර් නම් විද්‍යුත් මාධ්‍ය හමුවේ සටහන් කොට තිබුණේ,
‘ශ්‍රී දේවිට අත්වූ කටුක මරණයත් සමඟ අසරණ දැරියන් මහා තනිකමකට මැදිවූ බවයි.

‘නිහඬව සියල්ල දරා සිටියද ඔවුන් ඇතුළතින් මහා ගින්නකින් දැවෙන බව මම දුටුවා’
ඒ මොහොතේ ඉතාම අසරණව සිටි මට මගේ පළමු බිරියගේ සහ මාගේ වැඩිමහල් දරුවන් වූ අර්ජුන්ගෙන් වගේම අංශුලාගෙන්ද ලැබුණු සහයෝගය කිසි විටක අමතක වන්නේ නැහැ.
මෝනා වාගේම අංජුලා සහ අර්ජුන්ද ඒ දුෂ්කර අවස්ථාවේදී ජාන්වීව සහ කුෂ්ව භාරගත් අන්දම ඉතාම ආදරයෙන් ඔවුන්ව පිළිගෙන අප එම පවුලක දරුවන්ය යන දයාබර සිතුවිල්ල ඔවුනට දුන් අන්දම මට විශාල සහනයක් වුණා.

බොනී කපූර් ශ්‍රී දේවිගේ වියෝවෙන් පසු ගෙවී යන වසර අවසානයේ එලෙස සටහනක් තැබුවේ තම ට්විටර් ගිණුමෙහිය. ඉතාම සංවේදී ප්‍රතිචාර රැසකින් එයට පිළිතුරු සටහන්ව තිබිණි.
සත්තකින්ම බොනී කපූර් තුළ ශ්‍රී දේවි කෙරෙහි වූ ආදරය එතරම් සදාතනිකද?
‘ඒක නම් කියන්නට දන්නේ නැත’

මන්ද යත් ඔහුගේ ප්‍රේමණීය වූ ශෝකාන්තය ශ්‍රී දේවිය කෙරෙහි ඒ තරමට බැඳී තියෙන්නේද යන හැගීම අනුමාන කළ නොහැකි යමක් පසුගිය දවසක ප්‍රසිද්ධියේම සිදුවූ නිසාය. සිදුවීම සමීප රූප ලෙස සටහන් කරන රූපරාමු පෙළක්ද සමාජ ජාල ඔස්සේද ඉතා රසවත්ව මුදාහැර තිබිණි.
ඌර්වාෂී රවුමෙලා ඉතා සුන්දර රූප කායකින් හෙබි ඉන්දීය නිළියකි, නිරූපිකාවකි. ‘මිස් දිවා’ ලෙස ඇය 2015 වසරෙහි කිරුළු පැලඳුවාය.

සුවිශේෂීම කාරණය වූයේ ඌර්වාෂි ශ්‍රී දේවියගේ සමීපතම රසිකාවියකි. පාසල් යන කෙල්ලක කාලේ සිටම ශ්‍රී දේවියට තදින් ඇලුම් කළ ඌර්වාෂී ශ්‍රී දේවියගේ බාල දියණිය ජාන්වීට වඩා වැඩිමහලු වූයේ වසර 5කට පමණි.
පසුගිය දවසක කලාකරුවන් ප්‍රමුඛව පැවැති උත්සව අවස්ථාවක ජාන්වී සහ බොනී කපූර් සිටින තැනට ඌර්වාෂී පැමිණියේ හදිසියේම වාගේය. බොනී සමඟ ඕනෑවට වඩා සමීපව හැසිරෙන ඇගේ අශෝභන විලාසය ජාන්වීගේ සිතට එක්කර තිබුණේ අමනාපයකි. ඇගේ නොමේරූ සොඳුරු මුවකමල තරහෙන් විරූපී විය. ඈ සිය පියා දෙස නොව ඌර්වාෂී දෙස යන්තමට රවා බැලුවාය. ඌර්වාෂිට එය ගණනක් නොවීය.

ජාන්වීට තමා සිටින තැන මඟහැර යන්නට තරම් අපුලක් දැනුණේ බොනී ඌර්වාෂීගේ නිතඹ කිහිප වරක්ම සිය සුරතින් ස්පර්ශ කරන විටය. 66 හැවිරිදි බොනී 25 හැවිරිද ඌර්වාෂී හමුවේ තම ප්‍රතිචාරය එසේ එළිදක්වන විට තත්පර කිහිපයක් ඇතුළත එය සමාජ ජාල ඔස්සේ පැතිර යන්නට වූයේ නොසිතූ ලෙසිනි. ශ්‍රී දේවියට සැබෑ සිතින් ළෙන්ගතු ඇගේ මිතුරු පවුර මෙයින් දැඩි පිළිකුලට පත්විය.

අන්තර්ජාලයෙහි සඳහන් වන අන්දමට ඉතා නොසරුප් වදන් සහිත ප්‍රතිචාර හතළිස් අටදහසක් බොනී කපූර්ට විරුද්ධව සටහන්ව තිබූ බව අනාවරණ විය.
‘සිදුවන්නේ කුමක්දැයි නොදනිමු, බලා සිටිමු, බොනී සහ ඌර්වාෂී තව රසවත් ඕපාදූප මවාලනු ඇතැයි’ යනුවෙන් ඉන්දීය මාධ්‍යවේදියකුද එම රූප රාමුව දැක සටහනක් අකුරු කොට තිබිණි.
දමයන්ති රේණුකා ප්‍රනාන්දු

SendShareShare
Previous Post

අනුෂාගේ විවාහය වළක්වපු ජ්‍යොතිෂයේ ඇත්ත

Next Post

අතුරුදන් වුණු ටිරාන් ආයෙත් ඇවිත්

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
සෙව්වන්දි ඉපදුණු සුරේෂ්ගෙ ගෙවල් තියෙන කටුවැල්ලෙගමට ‘මව්රට’ ගිය ගමන…! Sri Lanka Latest News
Exclusive

සෙව්වන්දි ඉපදුණු සුරේෂ්ගෙ ගෙවල් තියෙන කටුවැල්ලෙගමට ‘මව්රට’ ගිය ගමන…! Sri Lanka Latest News

කටුවැල්ලෙගම…..මේ නම කීප වතාවක්ම පහුගිය ටික දොහේ ඇහුණා. හැබැයි ඒ ඇහුණෙ ආගම දහමට අදාළව නෙවෙයි. පල්ලි, පන්සල්, කෝවිල් ගැන කියන්නත්...

Read more
ආදරයද? සල්ලිද? පානදුරේ නදුනිටත් වුණේ තෙල්දෙණියේ භෞත චිකිත්සකවරියට වෙච්ච දේමද?  Sri Lanka Latest News

ආදරයද? සල්ලිද? පානදුරේ නදුනිටත් වුණේ තෙල්දෙණියේ භෞත චිකිත්සකවරියට වෙච්ච දේමද? Sri Lanka Latest News

අවුරුදු 2500කට කලින් කම්පියුටර් ගැන හිතලාවත් නැති කාලයේ හදපු විශ්වකර්ම රොබෝ ලියන්නා! Sri Lanka Latest News

අවුරුදු 2500කට කලින් කම්පියුටර් ගැන හිතලාවත් නැති කාලයේ හදපු විශ්වකර්ම රොබෝ ලියන්නා! Sri Lanka Latest News

යාල කැලේ අලි-කොටි-වලස්සුන්ට විතරක් නෙමෙයි.. සජිත් ගෙවල්වල ඇති කරන බල්ලන්-පූසන්-ගිරව්-පරවියන්-මාළුන්ටත් ආදරෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

යාල කැලේ අලි-කොටි-වලස්සුන්ට විතරක් නෙමෙයි.. සජිත් ගෙවල්වල ඇති කරන බල්ලන්-පූසන්-ගිරව්-පරවියන්-මාළුන්ටත් ආදරෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Sri Lanka Latest News

පහුගිය කාලේ හෝටලයක් කරන්න ගියාම ලොකු විරෝධයක් ආවා! ඔන්න දැන් නුවරඑළියේ පරණම තැපැල් කාර්යාලයේ උඩ තට්ටුව සුද්දන්ට නවතින්න පුළුවන් හෝටලයක් කරනවා! දැන් නම් කාගෙවත් විරුද්ධත්වයක් පේන්න නෑ වගේ! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.