• About us
  • Contact us
Monday, July 20, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

පෙම්වතා පෙම්වතිය හමුවන තැන

September 19, 2019
in Astrology
Reading Time: 2 mins read
A A
Share on WhatsAppShare on Facebook

දරුමල්ලන් ඇතිකර-
ගෙන, පාළුව, තනිකම දුරුකරගෙන, ජීවන ගමන පිළිවෙළකට පවත්වාගෙන යෑමට හේතු වන, සුන්දර අත්දැකීම විවාහයයි. නිසි වයසේදී තමන්ට ගැළපෙන සහකරුවකු/සහකාරියක ලබාගෙන ලස්සන ජීවිතයක් ගතකිරීම සෑම යෞවන, යෞවනියකගේම බලාපොරොත්තුවයි. කේන්දරය අරගෙන බැලුවාම තමන්ගේ වවාහය කොයි කාලයේ සිද්ධ වෙනවාද? සහකරු, සහකාරිය හමුවන්නේ කොහිදීද? විවාහකයාගේ රැකියාව, ධනය, නිරෝගී බව, කතාකරන වචන සුන්දරද? බාහිර පෙනුම කොහොමද? සිතුම් – පැතුම් මොන වගේද යන මෙකී නොකී සියලුම කරුණු කාරණා ගැන පැහැදිලි විග්‍රහයක යෙදෙන්න පුළුවන්. මේ ලිපියෙන් අපි කේන්දරයක් තුළින් සහකරු හමුවන්නේ කොහිදීද යන කරුණ දැනගන්නා හැටි ගැන විශේෂ අවධානය යොමු කරමු.
විවාහක සහකරු කොතැන
-කදී හමුවේවිද යන්න සෙවීමට ජ්‍යොතිර් විද්‍යාව භාවිත කරන ක්‍රම කිහිපයක්ම තියෙනවා. ඒ අතරින් එක ක්‍රමයක් තමයි හත්වැනි රාශියේ අධිපති සිටින රාශිය පදනම් කරගැනීම. මෙහිදී හත්වැනි රාශිය පදනම් කරගන්නේ එය කේන්දරයේ විවාහය ගැන කියැවෙන භාවය නිසයි. මේ සඳහා අපි මුලින්ම ඒ ඒ ලග්නවලට හත්වැනි රාශිය වන්නේ කිනම් රාශියද යන්න සහ එහි අධිපතියා වන්නේ කවුරුන්ද යන්න ගැන දැනගනිමු.
ලග්නය හත්වැනි රාශිය හත්වැන්න අධිපති
මේෂ තුලා සිකුරු
වෘෂභ වෘශ්චික කුජ
මිථුන ධනු ගුරු
කටක මකර ශනි
සිංහ කුම්භ ශනි
කන්‍යා මීන ගුරු
තුලා මේෂ කුජ
වෘශ්චික වෘෂභ සිකුරු
ධනු මිථුන බුධ
මකර කටක සඳු
කුම්භ සිංහ රවි
මීන කන්‍යා බුධ
ජන්ම පත්‍රයක් අතට අරගෙන එහි හත්වැන්න අධිපති තැන්පත්ව සිටින්නේ කිනම් රාශියේද යන්න හඳුනාගැනීමට දැන් ඔබට එතරම් අපහසු වන්නේ නැහැ. ජ්‍යොතිෂයේදී හත්වැන්න අධිපති තැන්පත් රාශියට අනුව එම කේන්දර හිමියාට තමන්ගේ සහකරු / සහකාරිය හමුවන්නේ කොහිදීද යන්න සඳහන් වන්නේ මෙන්න මේ විදියටයි.

කේන්දරයක හත්වැන්න අධිපති ග්‍රහයා ලග්න භාවයේම තැන්පත්ව සිටිනා විට එම කේන්දර හිමියාට තමන්ගේ සහකරු / සහකාරිය තමන් ගමනක් ගිය අවස්ථාවක මුණගැසෙන බවත්, මෙසේ ගොඩනැඟෙන සම්බන්ධයට මුලදී මවුපියන් විරුද්ධ වන බවත්, පසුව මවුපියන්ගේ ආශීර්වාද මැද විවාහය සිදුවන බවත් ජ්‍යොතිෂයේ සඳහන් වෙයි.
හත්වැන්න අධිපතියා දෙවැන්නේ සිටි විට තමන්ට එදිනෙදා වැඩකටයුතුවලදී හමුවන කෙනෙක් තමන්ගේ කතා විලාසය ගැන පැහැදීමක් නිසා විවාහයට මඟ පෑදෙන බව සඳහන් වෙනවා. කේන්දරයක දෙවැනි භාවයෙන් කෙනකුගේ කතාව වචන හැසිරවීම ගැන කියැවෙන නිසා වෙන්න ඇති මෙවැනි සිද්ධාන්තයක් ගොඩනැඟී තිබෙන්නේ.

කේන්දරයේ තුන්වැනි භාවය සහෝදර ස්ථානය ලෙස හඳුන්වනවා. හත්වැන්නේ අධිපති තුන්වැන්නේ සිටි විට තමන්ගේ සහකරු / සහකාරිය මුණගැසීම සහෝදර සහෝදරියන්ගේ මඟ පෙන්වීම යටතේ සිදුවන බවයි සඳහන් වන්නේ.
හතරවැනි භාවයේ හත්වැන්න අධිපති තැන්පත්ව සිටින කේන්දර හිමියන්ට තමන් සතු ඉඩමක හෝ ගොඩනැඟිල්ලක පැවැත්වෙන උත්සවයකදී සහකරු හෝ සහකාරිය හමුවන බව සඳහන්.

හත්වැන්න අධිපතියා තැන්පත්ව සිටින්නේ අධ්‍යාපන රාශිය ලෙස සැලකෙන පස්වැන්නේ නම් පාසලේදී හෝ උසස් අධ්‍යාපනයක් ලැබීමට ගිය අධ්‍යාපන ආයතනයකදී තමන්ගේ සහකරු / සහකාරිය මුණගැසේ.
මාමා කෙනකු හෝ නැන්දා කෙනකු හෝ තමන්ගේ ඥාතියකු මඟින් සහකරු / සහකාරිය මුණගැසෙන්නේ හත්වැන්න අධිපති ග්‍රහයා හයවැන්නේ තැන්පත් වූ විටය.

හත්වැන්න අධිපති ග්‍රහයා හත්වැන්නේම තැන්පත්ව සිටි විට බලාපොරොත්තු නොවූ ලෙසින් හදිසියේම මඟතොටදී මුණගැසෙන කෙනකු සමඟ කෙටි ප්‍රේම සම්බන්ධයකින් පසුව විවාහය සිදුවන බව සඳහන්.
හත්වැන්න අධිපති ග්‍රහයා අටවැන්නේ තැන්පත්ව සිටින කේන්දර හිමියන්ට අවමංගල උත්සවයකට සහභාගි වීමට ගිය අවස්ථාවක සහකරු හෝ සහකාරිය හමුවන්නට පුළුවන්.

පුණ්‍යස්ථානය ලෙස හඳුන්වන නවවැන්නේ හත්වැන්න අධිපති තැන්පත්ව සිටින අයට නම් තමන්ගේ සහකරු හෝ සහකාරිය හමුවන්නේ ආගමික ස්ථානයකදී, වන්දනා ගමනකදී හෝ විනෝද ගමනකදී වෙන්න පුළුවන්.
දහවැන්නේ හත්වැන්න අධිපති තැන්පත් වූ විට රැකියාව කරන ස්ථානයේදී හෝ රැකියාවට යන එන අතරමඟදී තමන්ගේ විවාහකයා හමුවන්න වැඩි ඉඩකඩක් තිබෙනවා.
හත්වැන්න අධිපති 11 වැන්නේ තැන්පත්ව සිටිනා අය විවාහ වන්නේ යහළු, යෙහෙළියක සමඟ තම නිවෙසට පැමිණි කෙනකු සමඟයි.

දොළොස්වැන්න හත්වැන්න අධිපති තැන්පත් වෙලා ඉන්න අයට නීතිමය ප්‍රශ්නයක් විසඳා ගැනීමට නීතිය ක්‍රියාත්මක කරන ආයතනයකට ගියවිට විවාහකයා මුණගැසේවි.
තරුණ වයසට පැමිණෙන කෙනකු තමන්ගේ අනාගත සහකරු / සහකාරිය වන්නේ කවුද එයා කොහොදී හමුවෙයිද කියන එක ගැන නිතරම යටිහිතේ තබාගෙනයි ඉන්නේ. ඉතින් ඔබගේ ජන්ම පත්‍රයට අනුව විවාහකයා හමුවන ස්ථානය දැනගෙන එවැනි ස්ථානවලට නිතර යාමෙනුත්, යනකොට ටිකක් පිළිවෙළට ඇඳ පැලැඳගෙන ප්‍රසන්න පෙනුමක් ඇතිව යාමෙනුත් විවාහකයා මුණගැසීමට හැකිවේවි.

දේශබන්දු අගලවත්තේ චන්දන වීරක්කොඩි

SendShareShare
Previous Post

කොළඹ වරායේ සම්මාන උළෙල ජයටම

Next Post

බොලිවුඩ් තරුවල සුපිරි මිල

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
අලුත්ගම ව්‍යාපාරිකයෙකුගේ ලක්ෂ 7ක මුදල් සහ රන් බඩු මහ දවල් හොරු අරන්! Sri Lanka Latest News
Exclusive

ගිය අවුරුද්දේ කෝටි 35ක රත්තරන් බඩු උකස් කරලා! 54%ක අසාමාන්‍ය වැඩිවීමක්! රටේ ගෙවල්වලින් 60%ක කිසිම රන් බඩුවක් නෑ! මිනිස්සු එදිනෙදා අවශ්‍ය මුදල් හොයාගන්නත් රත්තරන් උකස් කරන තත්ත්වයට වැටිලා! I Sri Lanka Latest News

වාණිජ බැංකුවලින් රන් භාණ්ඩ උකස් කර ලබාගන්නා ණය ප්‍රමාණය රුපියල් කෝටි 35,145කින් පමණ වැඩිවී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකු...

Read more
බිත්තරේටත් ගැසට් එකක් ගහයි!

ආණ්ඩුවට චෝදනා කරමින් නිෂ්පාදකයෝ හෙට ඉඳන් බිත්තර මිල ඉහළ දමයි! I Sri Lanka Latest News

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News

රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දෙහිවල කනත්ත ඇතුළේදී පාතාල නායක සැන්ඩෝගේ තාත්තාට වෙඩි තියලා! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.