දරුමල්ලන් ඇතිකර-
ගෙන, පාළුව, තනිකම දුරුකරගෙන, ජීවන ගමන පිළිවෙළකට පවත්වාගෙන යෑමට හේතු වන, සුන්දර අත්දැකීම විවාහයයි. නිසි වයසේදී තමන්ට ගැළපෙන සහකරුවකු/සහකාරියක ලබාගෙන ලස්සන ජීවිතයක් ගතකිරීම සෑම යෞවන, යෞවනියකගේම බලාපොරොත්තුවයි. කේන්දරය අරගෙන බැලුවාම තමන්ගේ වවාහය කොයි කාලයේ සිද්ධ වෙනවාද? සහකරු, සහකාරිය හමුවන්නේ කොහිදීද? විවාහකයාගේ රැකියාව, ධනය, නිරෝගී බව, කතාකරන වචන සුන්දරද? බාහිර පෙනුම කොහොමද? සිතුම් – පැතුම් මොන වගේද යන මෙකී නොකී සියලුම කරුණු කාරණා ගැන පැහැදිලි විග්‍රහයක යෙදෙන්න පුළුවන්. මේ ලිපියෙන් අපි කේන්දරයක් තුළින් සහකරු හමුවන්නේ කොහිදීද යන කරුණ දැනගන්නා හැටි ගැන විශේෂ අවධානය යොමු කරමු.
විවාහක සහකරු කොතැන
-කදී හමුවේවිද යන්න සෙවීමට ජ්‍යොතිර් විද්‍යාව භාවිත කරන ක්‍රම කිහිපයක්ම තියෙනවා. ඒ අතරින් එක ක්‍රමයක් තමයි හත්වැනි රාශියේ අධිපති සිටින රාශිය පදනම් කරගැනීම. මෙහිදී හත්වැනි රාශිය පදනම් කරගන්නේ එය කේන්දරයේ විවාහය ගැන කියැවෙන භාවය නිසයි. මේ සඳහා අපි මුලින්ම ඒ ඒ ලග්නවලට හත්වැනි රාශිය වන්නේ කිනම් රාශියද යන්න සහ එහි අධිපතියා වන්නේ කවුරුන්ද යන්න ගැන දැනගනිමු.
ලග්නය හත්වැනි රාශිය හත්වැන්න අධිපති
මේෂ තුලා සිකුරු
වෘෂභ වෘශ්චික කුජ
මිථුන ධනු ගුරු
කටක මකර ශනි
සිංහ කුම්භ ශනි
කන්‍යා මීන ගුරු
තුලා මේෂ කුජ
වෘශ්චික වෘෂභ සිකුරු
ධනු මිථුන බුධ
මකර කටක සඳු
කුම්භ සිංහ රවි
මීන කන්‍යා බුධ
ජන්ම පත්‍රයක් අතට අරගෙන එහි හත්වැන්න අධිපති තැන්පත්ව සිටින්නේ කිනම් රාශියේද යන්න හඳුනාගැනීමට දැන් ඔබට එතරම් අපහසු වන්නේ නැහැ. ජ්‍යොතිෂයේදී හත්වැන්න අධිපති තැන්පත් රාශියට අනුව එම කේන්දර හිමියාට තමන්ගේ සහකරු / සහකාරිය හමුවන්නේ කොහිදීද යන්න සඳහන් වන්නේ මෙන්න මේ විදියටයි.
කේන්දරයක හත්වැන්න අධිපති ග්‍රහයා ලග්න භාවයේම තැන්පත්ව සිටිනා විට එම කේන්දර හිමියාට තමන්ගේ සහකරු / සහකාරිය තමන් ගමනක් ගිය අවස්ථාවක මුණගැසෙන බවත්, මෙසේ ගොඩනැඟෙන සම්බන්ධයට මුලදී මවුපියන් විරුද්ධ වන බවත්, පසුව මවුපියන්ගේ ආශීර්වාද මැද විවාහය සිදුවන බවත් ජ්‍යොතිෂයේ සඳහන් වෙයි.
හත්වැන්න අධිපතියා දෙවැන්නේ සිටි විට තමන්ට එදිනෙදා වැඩකටයුතුවලදී හමුවන කෙනෙක් තමන්ගේ කතා විලාසය ගැන පැහැදීමක් නිසා විවාහයට මඟ පෑදෙන බව සඳහන් වෙනවා. කේන්දරයක දෙවැනි භාවයෙන් කෙනකුගේ කතාව වචන හැසිරවීම ගැන කියැවෙන නිසා වෙන්න ඇති මෙවැනි සිද්ධාන්තයක් ගොඩනැඟී තිබෙන්නේ.
කේන්දරයේ තුන්වැනි භාවය සහෝදර ස්ථානය ලෙස හඳුන්වනවා. හත්වැන්නේ අධිපති තුන්වැන්නේ සිටි විට තමන්ගේ සහකරු / සහකාරිය මුණගැසීම සහෝදර සහෝදරියන්ගේ මඟ පෙන්වීම යටතේ සිදුවන බවයි සඳහන් වන්නේ.
හතරවැනි භාවයේ හත්වැන්න අධිපති තැන්පත්ව සිටින කේන්දර හිමියන්ට තමන් සතු ඉඩමක හෝ ගොඩනැඟිල්ලක පැවැත්වෙන උත්සවයකදී සහකරු හෝ සහකාරිය හමුවන බව සඳහන්.
හත්වැන්න අධිපතියා තැන්පත්ව සිටින්නේ අධ්‍යාපන රාශිය ලෙස සැලකෙන පස්වැන්නේ නම් පාසලේදී හෝ උසස් අධ්‍යාපනයක් ලැබීමට ගිය අධ්‍යාපන ආයතනයකදී තමන්ගේ සහකරු / සහකාරිය මුණගැසේ.
මාමා කෙනකු හෝ නැන්දා කෙනකු හෝ තමන්ගේ ඥාතියකු මඟින් සහකරු / සහකාරිය මුණගැසෙන්නේ හත්වැන්න අධිපති ග්‍රහයා හයවැන්නේ තැන්පත් වූ විටය.
හත්වැන්න අධිපති ග්‍රහයා හත්වැන්නේම තැන්පත්ව සිටි විට බලාපොරොත්තු නොවූ ලෙසින් හදිසියේම මඟතොටදී මුණගැසෙන කෙනකු සමඟ කෙටි ප්‍රේම සම්බන්ධයකින් පසුව විවාහය සිදුවන බව සඳහන්.
හත්වැන්න අධිපති ග්‍රහයා අටවැන්නේ තැන්පත්ව සිටින කේන්දර හිමියන්ට අවමංගල උත්සවයකට සහභාගි වීමට ගිය අවස්ථාවක සහකරු හෝ සහකාරිය හමුවන්නට පුළුවන්.
පුණ්‍යස්ථානය ලෙස හඳුන්වන නවවැන්නේ හත්වැන්න අධිපති තැන්පත්ව සිටින අයට නම් තමන්ගේ සහකරු හෝ සහකාරිය හමුවන්නේ ආගමික ස්ථානයකදී, වන්දනා ගමනකදී හෝ විනෝද ගමනකදී වෙන්න පුළුවන්.
දහවැන්නේ හත්වැන්න අධිපති තැන්පත් වූ විට රැකියාව කරන ස්ථානයේදී හෝ රැකියාවට යන එන අතරමඟදී තමන්ගේ විවාහකයා හමුවන්න වැඩි ඉඩකඩක් තිබෙනවා.
හත්වැන්න අධිපති 11 වැන්නේ තැන්පත්ව සිටිනා අය විවාහ වන්නේ යහළු, යෙහෙළියක සමඟ තම නිවෙසට පැමිණි කෙනකු සමඟයි.
දොළොස්වැන්න හත්වැන්න අධිපති තැන්පත් වෙලා ඉන්න අයට නීතිමය ප්‍රශ්නයක් විසඳා ගැනීමට නීතිය ක්‍රියාත්මක කරන ආයතනයකට ගියවිට විවාහකයා මුණගැසේවි.
තරුණ වයසට පැමිණෙන කෙනකු තමන්ගේ අනාගත සහකරු / සහකාරිය වන්නේ කවුද එයා කොහොදී හමුවෙයිද කියන එක ගැන නිතරම යටිහිතේ තබාගෙනයි ඉන්නේ. ඉතින් ඔබගේ ජන්ම පත්‍රයට අනුව විවාහකයා හමුවන ස්ථානය දැනගෙන එවැනි ස්ථානවලට නිතර යාමෙනුත්, යනකොට ටිකක් පිළිවෙළට ඇඳ පැලැඳගෙන ප්‍රසන්න පෙනුමක් ඇතිව යාමෙනුත් විවාහකයා මුණගැසීමට හැකිවේවි.
දේශබන්දු අගලවත්තේ චන්දන වීරක්කොඩි