ශ්‍රී ලංකා වරාය අධිකාරිය සංවිධාන කරන ලද 2019 කොළඹ වරාය සම්මාන උළෙල (Port of Colombo Awards Night) පසුගියදා උත්කර්ෂවත් ලෙස පවත්වන ලදී. කොළඹ වරාය අධිකාරියත් සමඟ ජයා බහලුම් පර්යන්තය (Jaya Container Terminal – JCT) සහ දකුණු ආසියානු ‘ගේට්වේ’ පර්යන්තය (South Asia Gateway Terminal – SAGT)ද එක්ව මෙම සම්මාන උළෙල සංවිධාන කරන ලදී.
කොළඹ වරායට අනුබද්ධිතව නාවික බහාලුම් කටයුතුවල නිරත වන දෙස් විදෙස් සමාගම් රැසක් දිරිගැන්වීමේ පරමාර්ථයෙන් මෙම උළෙල වාර්ෂිකව සංවිධාන කරනු ලබයි. මෙහි පළමු උළෙල පසුගිය 2018 වසරේදී පවත්වන ලදී.
ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති කාවන් රත්නායක මහතාගේ අධීක්ෂණය සහ මඟපෙන්වීම යටතේ සංවිධාන කෙරුණු මෙම උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා වූයේ වරාය, නාවුක සහ දක්ෂිණ සංවර්ධන කටයුතු ඇමැති සාගල රත්නයක මහතාය.