• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

ළඟ ළඟම එන සරස්වතී යෝගය සහ පූජාව

August 31, 2019
in Astrology
Reading Time: 1 min read
A A
ළඟ ළඟම එන සරස්වතී යෝගය සහ පූජාව
Share on WhatsAppShare on Facebook

තවත් නොබෝ දිනකින් උදාවන සැප්තැම්බර් මාසයේ ඔබගේ සිඟිති දුවට හෝ පුතාට අකුරු කියැවීමට ඉතාමත් ප්‍රබල හා බලගතු සරස්වතී යෝගයක් සහිත සුබ නැකැතක් ක්‍රි.ව. 2019 සැප්තැම්බර් මස 25 වැනි බදාදා දින උදාවනු ඇත. මෙවැනි බලගතු සුබ මුහූර්තයකින් දරුවකුට අකුරු කියැවීම තුළින් එම දරුවා අනාගතේ මෙරට ඉතාමත් දැනුමැති අධ්‍යාපනයෙන් පරතෙරට ගිය සමාජයට වැඩදායී යහපත් උගතකු වනු නොඅනුමානය.

සුබ නැකැතට අකුරු කියැවීම
මෙම චාරිත්‍රය – දරුවකුගේ ජීවිතයේ අතිශය වැදගත් වූ චාරිත්‍රයකි. එම දරුවා සමාජයේ යහපත් මෙන්ම දැන උගත් පුරවැසියකු වීමට නම් ඉතාමත් සුබ වේලාවක මෙම කටයුත්ත ඉටුකළ යුතුය. මෙම චාරිත්‍රය එදා මෙන්ම අදත් සුබ වේලාවකට සිදු කිරීමට අප ජන සමාජය තුළ ඇත්තේ ඉමහත් වූ උනන්දුවකි. ඒ අනුව පුරාණයේ නම් දරුවාට අකුරු කියැවීම යෙදී ඇති සුබ වේලාව තුළ කැවුම්, කිරිබත් ආදිය රැගෙන ගමේ පන්සලට හෝ අකුරු කියවන වියතාණන්ගේ නිවෙසට හෝ යෑම සිරිතයි. ඒ අනුව ජ්‍යොතිෂානුකූලව දරුවාගේ උපන් ජන්ම නැකැතට සීහෙන ලෙස යොදාගත් සුබ වේලාව තුළ හාමුදුරුවන්ට හෝ ගුරුවරයාට බුලත් අතක් පිළිගන්වන ළමයා ගුරුවරයාගේ දෙපා මත සිරස තබා පළමුව වඳී. ඉන් අනතුරුව ගුරුවරයා අදාළ පොත දරුවා අත තබා “ස්වස්ථි සිද්ධම්” (යහපතක්ම වේවා) යැයි පවසා දරුවා පොතට වැඳීමෙන් අනතුරුව අකුරු කිහිපයක් දරුවාට කියවා, අකුරු කිහිපයක් දරුවා ලවා ලියවනු ලබයි. මුල් කාලීනව මෙම කටයුත්ත ගමේ පන්සල හෝ පාසලේ මුල් ගුරුවරයා මූලික කොටගෙන සිදුවුවත් අද වන විට එය වෙනස්ව එය ගෙදරම වැඩිහිටියකු කරන තත්ත්වයට පත් වී ඇත. කෙසේ වෙතත් මෙම සුබ කටයුත්ත දරුවාට හිතවත්, උගත්, බුද්ධිමත්, ගුණගරුක වැඩිහිටියකු කළ යුතුය.

අකුරු කියැවීමට අස්විද, රෙහෙණ, මුවසිරස, පුනාවස, පුෂ, හත, සිත, සා, අනුර, සුවණ, සියාවස, රේවතී යන නැකැතක් යෙදෙන පංචාංග සුබ පුරපස සඳුදා, බදාදා, බ්‍රහස්පතින්දා හා සිකුරාදා යන දිනයක සුදුසුම හෝරාවක සුදුසුම පංචම කාල හෝරාවක් මේ සඳහා යොදාගැනීම ඉතාමත් සුබදායක වනු ඇත. එසේම රාහු කාලයෙන් තොර සුබ හෝරාවක යොදාගැනීම ඉතාමත් යහපත් වනු ඇත. එසේම අටවැන්නේ කිසිම ග්‍රහයකු නැති උභය ලග්නයක් උදාවූ වේලාවක මෙම නැකැත සකස් විය යුතුය. අකුරු කියැවීම මුල් කාලීනව වයස අවුරුදු 5ට පෙර සිදු කළ යුතු වුවද, වත්මනේ එය පෙරපාසල් සංස්කෘතියත් සමඟින් වයස 3ට පෙර කියවිය යුතු යැයි මතයක් ගොඩනැඟී ඇත.

අකුරු කියැවීමේ අවස්ථාවේදී ගණ දෙවියන්ට හා සරස්වතී මෑණියන්ට විශේෂ ස්ථානයක් හිමි වන අතර, ධාරණ ශක්තිය ඇති වීම, සබකෝලය දුරුවීම, විභාග, සම්මුඛ පරීක්ෂණ ආදියට පෙනී සිටීමට ආත්ම ධෛර්ය ඇතිවීම ආදිය සඳහා ගණ දෙවි පූජාවක් මගින් ආශීර්වාදය ලබාගැනීම මෙම කටයුත්තේදී ඉතාමත් වැදගත් වනු ඇත.

සරස්වතී හා ගණදෙවි පූජාව
මෙම පූජාව තැබීමේදී අඹ සමඟ වස විසෙන් තොර නැවුම් සුවඳ හමන පලතුරු 5ක් සමඟ තල, උක් හකුරු, වී පොරි, මී පැණි, උඳු මිශ්‍ර කැවිලි වර්ගයක් සමඟින් සුදු මල් හා නෙලුම් මල්, බුලත් කොළ ඇතිරූ වට්ටියක තබා ඒ මත පැන් හෝ තැඹිලි ගෙඩියක් තබන්න. ඉහත පූජා භාණ්ඩ හා පඬුරු තබා එළඟිතෙල් පහනක්ද දල්වා පිණිදිය ඉස හඳුන්කූරු, කපුරු හා සුවඳ දුම් අල්ලා සරස්වතී හා ගණදෙවි ස්තෝත්‍ර ගායනා කොට පූජාව තබා අකුරු කියැවීම මැනවි.
ඊට පෙර දින දරුවා සමඟ විහාරස්ථානයට ගොස් ආගමික වතාවත්වල යෙදීම ඉතාම යහපත් වනු ඇත. විශේෂයෙන් බෞද්ධ දරුවන්ට අකුරු කියැවීමේදී බුද්ධ පූජා පවත්වා සැරියුත් මහතෙරුන් වහන්සේට පූජා පැවැත්වීම යහපත් වෙයි.
ඒ අනුව ඔබත් ඉහත සඳහන් දිනය තුළ ජ්‍යොතිෂවේදී මහතාගේ උපදෙස් මත අවශ්‍ය කටයුතු සඳහා නැකැත් යොදාගැනීමට උත්සුක වීම තුළින් ඔබටත් යහපත් ප්‍රතිඵල උදාකරගත හැකිය.

ජ්‍යොතිෂවේදී සම්පත් එස්. කල්පගේ

SendShareShare
Previous Post

රාජයෝග පිහිටි මීළඟ නායකයා කවුද

Next Post

ගෝඨා ඝාතන මාධ්‍ය කුමන්ත්‍රණ අතේ පත්තු ‌වෙයි

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
කඳු ටික ඉවරයි! දියතලාවම ඉවරයි! එන්න එපා ඕවා කරන්න! චාමර බදුල්ලේ මිනිස්සු වෙනුවෙන් පාර්ලිමේන්තුවේ ලොකු සටනක! VIDEO I Sri Lanka Latest News
Exclusive

චාමරත් ආණ්ඩුවට හොඳ කියයි! දැන් ඉතින් මිනිහටත් ඩීල් කියලා මඩ ගහපල්ලා! VIDEO I Sri Lanka Latest News

දැන් ජනාධිපති අරමුදලේ මුදල් වියදම් වෙන්නේ මෙහෙමයි..! පා.ම. චාමර සම්පත් දසනායක Sri Lanka Latest News

Read more
මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

ලස්සන නුවරඑළිය විනාශයි! දිගට හරහට අනවසර ඉදිකිරීම්! බලධාරීන් බුදි! ඔක්කොම කරන්නේ දේශපාලන හයියෙන්ලු! මුන්ට දෙන දඬුවම් මොනවාද? PHOTOS I Sri Lanka Latest News

ලස්සන නුවරඑළිය විනාශයි! දිගට හරහට අනවසර ඉදිකිරීම්! බලධාරීන් බුදි! ඔක්කොම කරන්නේ දේශපාලන හයියෙන්ලු! මුන්ට දෙන දඬුවම් මොනවාද? PHOTOS I Sri Lanka Latest News

ඕමල්පේ සෝභිත හාමුදුරුවනේ ඔබ වහන්සේ වෙත ගෞරවසම්ප්‍රයුක්තව ලියා දක්වන වග නම්…

මැරෙනකම්ම නායක පුටුවල එල්ලිලා ඉන්න දේශපාලනඥයන්ට සෝභිත හිමිගෙන් වටිනා පාඩමක්! තනතුරෙන් ඉල්ලා අස්වෙයි! කිසිම නායක තනතුරක් ජීවිත කාලය පුරා දැරිය යුතු නෑ…! Sri Lanka Latest News

ඩොලර් මිලියන දෙකේ එයාර් බස් අල්ලස් ගනුදෙනුවට කපිල චන්ද්‍රසේනගේ බිරියයි චමල් රාජපක්ෂගේ පුතාවයි අල්ලන්න වරෙන්තුවකුත් අරන් CIDයයි අල්ලස් කොමිසමයි ඕස්ට්‍රේලියාවට ගිහින්! I Sri Lanka Latest News

ඩොලර් මිලියන දෙකේ එයාර් බස් අල්ලස් ගනුදෙනුවට කපිල චන්ද්‍රසේනගේ බිරියයි චමල් රාජපක්ෂගේ පුතාවයි අල්ලන්න වරෙන්තුවකුත් අරන් CIDයයි අල්ලස් කොමිසමයි ඕස්ට්‍රේලියාවට ගිහින්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.