• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ලස්සන නුවරඑළිය විනාශයි! දිගට හරහට අනවසර ඉදිකිරීම්! බලධාරීන් බුදි! ඔක්කොම කරන්නේ දේශපාලන හයියෙන්ලු! මුන්ට දෙන දඬුවම් මොනවාද? PHOTOS I Sri Lanka Latest News

July 21, 2026
in Exclusive
Reading Time: 12 mins read
A A
ලස්සන නුවරඑළිය විනාශයි! දිගට හරහට අනවසර ඉදිකිරීම්! බලධාරීන් බුදි! ඔක්කොම කරන්නේ දේශපාලන හයියෙන්ලු! මුන්ට දෙන දඬුවම් මොනවාද? PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ආර්.එෆ්.එම්.සුහෙල් – නුවරඑළිය

නුවරඑළිය මහ නගර සභා බල ප්‍රදේශයේ සිදු කෙරෙන අනවසර ඉදිකිරීම් සම්බන්ධයෙන් නීතිය නිසි පරිදි ක්‍රියාත්මක නොවන්නේ පාලක පක්ෂයේ ඇතැම් නාගරික මන්ත්‍රීවරුන්ගේ බලපෑම් සහ ඇතැම් නිලධාරීන්ගේ නීති විරෝධී සන්තෝසම් ලබා ගැනීමේ  ක්‍රියාකාරකම් හේතුවෙන් බවට නුවරඑළිය මහ නගර සභාවේ විපක්ෂ මන්ත්‍රීවරු චෝදනා කරති.Sri Lanka Latest News

මහ නගර සභා ආඥා පනත යටතේ මහ නගර සභාවට තම බල ප්‍රදේශය තුළ සිදුකරන ගොඩනැගිලි ඉදිකිරීම් පාලනය කිරීමටත්, අනුමැතියකින් තොරව හෝ නීතිවිරෝධී ලෙස ඉදිකරන ගොඩනැගිලි සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමටත් බලතල පවරා ඇති බව විපක්ෂ මන්ත්‍රීවරු පෙන්වා දෙති.

එහෙත් පරිසරවේදීන්, පරිසර හිතකාමීන් සහ විපක්ෂය විසින් අනාවරණය කරනු ලබන ඇතැම් අනවසර ඉදිකිරීම් සම්බන්ධයෙන් එම බලතල නිසි ලෙස භාවිත නොකරන බව ඔවුහු සඳහන් කරති.

සමගි ජන බලවේගයේ නාගරික මන්ත්‍රී නුවන් පෝරුතොට සහ එක්සත් ජාතික පක්ෂයේ නාගරික මන්ත්‍රී ඉවෝන් මැදගම මහත්ම මහත්මීන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේ, අනවසර ඉදිකිරීම් සම්බන්ධයෙන් නගර සභාව මගින් නිවේදන නිකුත් කළද එලෙස නිකුත් කරනු ලබන නිවේදන අනවසර ඉදිකිරීම් පිළිබඳ අනාවරණය කරන පුද්ගලයන්ගේ සිත සනසන්නට මිස ඒවා ක්‍රියාත්මක කිරීමේදී  ප්‍රමාදයක් හා ඒ තුළ කූට සැලසුම් දක්නට ලැබෙන බවයි.

නාගරික කොමසාරිස්වරයාගේ අත්සනින් නිකුත් කරන ලද ඇතැම් නිවේදන මගින් සති දෙකක කාලයක් තුළ අනවසර ඉදිකිරීම් ඉවත් කරන ලෙස දැනුම් දී තිබුණද, මාස දෙකකට ආසන්න කාලයක් ගතවී ඇතත් එම ඉදිකිරීම් ඉවත් කර නොමැති බව ඔවුහු පැවසූහ.

ඇතැම් ස්ථානවල නිකුත් කළ නිවේදන ඉවත් කරමින් ඉදිකිරීම් කටයුතු තවදුරටත් සිදුකරන බවත්, මේ සම්බන්ධයෙන් කඩිනම් පරීක්ෂණයක් සිදුකර නීතිය ක්‍රියාත්මක කළ යුතු බවත් විපක්ෂ මන්ත්‍රීවරු අවධාරණය කළහ.

ඔවුන් වැඩිදුරටත් චෝදනා කළේ, මහ සභා රැස්වීම්වලදී කිසිදු පුද්ගලයකුට විශේෂ සැලකිල්ලක් නොදක්වා නීතිය ක්‍රියාත්මක කරන බව ප්‍රකාශ කළද, ප්‍රායෝගික තත්ත්වය ඊට වෙනස් බවයි.

මේ අතර, විපක්ෂය එල්ල කරන චෝදනා සම්බන්ධයෙන් නුවරඑළිය මහ නගර සභාවේ නගරාධිපති උපාලි වනිගසේකර මහතා පැවසුවේ 2010 වසරේ සිට නුවරඑළිය නගර සීමාව තුළ සිදුකර ඇති අනවසර ඉදිකිරීම් පිළිබඳ සොයා බැලීම සඳහා අවශ්‍ය ලේඛන අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත භාර දී ඇති බවයි.

මෑතකදී සිදු වූ අනවසර ඉදිකිරීම් සම්බන්ධයෙන්ද විමර්ශනය කර, කිසිදු තරාතිරමක් නොබලා නීතිය ක්‍රියාත්මක කරන බව නගරාධිපතිවරයා සඳහන් කළේය.

එමෙන්ම අනවසර ඉදිකිරීම් පිටුපස මහ නගර සභාවේ මහජන නියෝජිතයන් හෝ රාජ්‍ය නිලධාරින් සම්බන්ධ බව අනාවරණය වුවහොත් ඔවුන්ට එරෙහිවද නීතිය ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බව ඔහු වැඩිදුරටත් පැවසීය.

SendShareShare
Previous Post

මැරෙනකම්ම නායක පුටුවල එල්ලිලා ඉන්න දේශපාලනඥයන්ට සෝභිත හිමිගෙන් වටිනා පාඩමක්! තනතුරෙන් ඉල්ලා අස්වෙයි! කිසිම නායක තනතුරක් ජීවිත කාලය පුරා දැරිය යුතු නෑ…! Sri Lanka Latest News

Next Post

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

MORE NEWS

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)
Exclusive

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News
Exclusive

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

කෝප් එකයි කෝපා එකයි සජිත් විපක්ෂයට ගනී! රැස්වීම් 3කට ආවෙ නැත්නම් මන්ත්‍රීවරු එළියට දාන්නත් තීරණයක්!
Exclusive

කෝප්-කෝපා කමිටුවලට තටු ලැබෙයි! ආන්දෝලනාත්මක වාර්තා රැසක් කෙළින්ම නීතිපතිට සහ අල්ලස් කොමිසමට! VIDEO I Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.