• About us
  • Contact us
Monday, July 20, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home CID

ගෝඨා ඝාතන මාධ්‍ය කුමන්ත්‍රණ අතේ පත්තු ‌වෙයි

August 31, 2019
in CID
Reading Time: 2 mins read
A A
ගෝඨා ඝාතන මාධ්‍ය කුමන්ත්‍රණ අතේ පත්තු ‌වෙයි
Share on WhatsAppShare on Facebook

පලෙයි රෝහලේ අධිකරණ වෛද්‍යවරයා අත්අඩංගුවට ගන්නේ යුද හමුදාව විසිනි. ඒ ඉකුත් 28 වැනිදාය. පැය කිහිපයක් තුළ ඔහුව භාරදෙන්නේ යාපනයේ පිහිටි ත්‍රස්ත විමර්ශන කොට්ඨාස ඒකකයටය. ඒත් එක්කම හමුදාවේ බුද්ධි අංශයේ නිලධාරියෙක් තමන්ට හිතවත් මාධ්‍ය ආයතන කිහිපයක මාධ්‍යෙව්දීන් කිහිප දෙනෙක් අමතමින් සඳහන් කරන්නේ ගෝඨාභය රාජපක්ෂ ඝාතන සැලසුමකට සම්බන්ධව සිටි පලෙයි රෝහලේ අධිකරණ වෛද්‍යවරයාව අත්අඩංගුවට ගත් බවය. ඒ කතාව ගැන කිසිදු සෙවිල්ලක් බැලිල්ලක් නොමැතිව කියවන විට ලියන්නෝ කිහිප දෙනෙක්ම සිය මාධ්‍ය ආයතනවල ප්‍රධාන පුවත බවට පත්කර ගත්තේ ඔවුන්ගේ තොරතර පොලිසිය මූලාශ්‍රය බව සදහන් කරමිනි. සැබෑ ලෙසම ඒ ව්‍යාජ තොරතුර මාධ්‍යයට ලබාදෙන්නේ පොලිසිය නොව, වෙනත් පාර්ශ්වයකි. එම පාර්ශ්වය වසා පොලිසිය පිටින් දමා එම ප්‍රවෘත්තිය පළකරනු ලබන්නේ එය සැබෑවක් බව රටට ඒත්තු ගන්වන්නටය.
ගෝඨාභය ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවකී අවස්ථාව් සිටම ගෝඨාභයට මරණ තර්ජන ඇතැයි නිර්මාණ රැසක්ම එළිදැක්වූයේ සංවිධානාත්මකවය. ගෝඨාභයගේ මැතිවරණ වේදිකාවේ බොම්බ පුපුරුවා හරින්නට සැලසුම් ඇතැයි ව්‍යාජ පුවත් පවා මැව්වෝය. පලෙයි වෛද්‍යවරයා අත්අඩංගුවට ගැනීම පිටුපස ඇත්තේද එම ව්‍යාජ පුවත් මවන්නන්ගේ සැලසුමකි.
මෙම වෛද්‍යවරයා වෛද්‍ය උපාධිය දක්වා අධ්‍යාපනය ලබන්නේ එල්.ටී.ටී.ඊ.යේ සහාය ඇතිවය. ඔහුට එකල උදව් උපකාර කරන්නේ කරුණා අම්මාන්ය. රාජ්‍ය බුද්ධි සේවය සඳහන් කරන ආකාරයට ඔහු කරුණා අම්මාන්ගේ මිනිහෙකි. කරුණා අම්මාන් දැන් සිටින්නේ මහින්ද රාජපක්ෂගේ කඳවුරේය. ගෝඨාභය ජනාධිපති කරන්නට නැඟෙනහිර සංවිධාන කටයුතු සිදුකරන්නේ ඔහුය. ගෝඨාභය ඝාතන කතාවක් එළියට එන්නේ කරුණාගේම මිනිහකු වන පලෙයි රෝහලේ අධ්‍යක්ෂවරයා හරහාය.


මෙසේ ගෝඨාභාය ඝාතන කතා සමාජගත කිරීමට මාධ්‍ය ආයතන කිහිපයක් යම් දේශපාලන සැලසුමකට අනුව ක්‍රියාත්මක වෙමින් සිටියදී වෛද්‍යවරයාගේ තොරතුරු මත පුපුරණ ද්‍රව්‍ය සහ ඒ.කේ. 47 වර්ගයේ ගිනි අවියක් මෙන්ම අත්බෝම්බ 11ක්ද ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් සොයාගත්තේ පලෙයිහි පොල් වත්තක සගවා තිබියදීය. එම අවි වෛද්‍යවරයා අතට පත්කර තිබුණේ හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් කිහිප දෙනෙකි. ඔවුන්වද ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් අත්අඩංගුවට ගත්තේය. ඒ අය අතර සිටින සිව් දෙනෙක්ම ආරක්ෂක අංශවල ඔත්තුකරුවන් ලෙස සිටින්නන්ය. ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට පෙනීගොස් ඇත්තේ වෛද්‍ය සිවරූබන්ව අන්දවමින් කිසියම් පිරිසක් සංවිධානාත්මකව ගේමක් ගසා ඇති බවකි. මෙම වෛද්‍යවරයාට ඊ.පී.ඩී.පී.ය සමග පුද්ගලික ගැටුමක් තිබී ඇති බව සඳහන්ය. ඒ බව දැන සිටි ආරක්ෂක අංශවල ඔත්තුකරුවන් ලෙස කටයුතු කරන හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයින් සිවරූබන්ට කිට්ටුවෙමින් ඔහුව වරදට පොළඹවා ඇතැයි මේ වන විටත් පෙනීගොස් හමාරය. අවි ආයුධ රැස්කර ඇතැයි හෙළිවී ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ හෝ මහින්ද රාජපක්ෂ ඝාතනය කරන්නට නොව, ඩග්ලස් දේවානන්දා වැන්නන් ඝාතනය කරන්නටය. ඒ සඳහා අවශ්‍ය ආයුධ වෛද්‍යවරයාට ලැබී ඇත්තේ ආරක්ෂක අංශ ඔත්තුකරුවන් ලෙස ක්‍රියාකරන හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයින්ගෙනි. පෙනී ගොස් ඇති ආකාරයට සිදුව ඇත්තේ වෛද්‍ය සිවරූබන්ව උගුලකට කොටුකර ගැනීමකි. ඒ බව වඩාත් පැහැදිලි වන්නේ සිවරූබන් සඟවා තිබී සොයාගත් ඒ.කේ. 47 වර්ගයේ අවියේ අනුක්‍රමික අංකය මකාදමා තිබීමෙනි. එපමණක් නොව, සොයාගත් අත්බෝම්බවලද කාණ්ඩ අංක මකාදමා ඇත්තේය. ඒ තුළින් සිදුව ඇත්තේ කුමක්දැයි ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන්ට නම් රහසක් නොවේ.
මේ ආරම්භයක් පමණි. ඉදිරියේදී තවත් බොහෝ නිර්මාණ එළියට එන්නට පුළුවන. ඒ ජනතාවගේ අවධානය සහ අනුකම්පාව දිනාගැනීම ඉලක්කර ගනිමිනි. හමුදාවේ බුද්ධි අංශයේ ඉහළම පුටුව පවා නව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා වෙනසකට ලක්කරන්නේ ඒත් එක්කමය. එම වෙනස සිදුවන බව කල්තියාම ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය නම් දැන සිටියේය. මේ ආකාරයට ගෝඨා ඝාතන කතාව ව්‍යාර්ථ වන විට ඊට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ නමත් ඈඳෙන්නට පුළුවන. ඒ නාමල් කුමාර විසින් ගෝඨාභය ඝාතන කතාවක් ගොඩනැඟුවේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ නමත් ඈඳමින් වන බැවිනි. නාමල් කුමාරගේ ඒ කතාව මේ තරමටවත් ඇදී ගියේ මෛත්‍රීපාල ජනාධිපතිගේ නම එකී ඝාතන කතාව හා බැඳී තිබුණු බැවිනි. එසේ නොවන්නට එම ඝාතන කතාවට නැවැතීමේ තිත තැබෙන්නේ එම කතාව නාමල් කුමාර මාධ්‍ය හමුවක් පවත්වමින් එළියට දැමූ මොහොත්මය. දැන් හෙළිවී ඇත්තේ නාමල් කුමාරගේ එම කතාව පිටුපසද සිටින්නේ වෛද්‍ය සිවරූබන්ගේ කතාවේ නිර්මාණකරුවන්ම බවකි.
දින 52 මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සමයේදී නාමල් කුමාර සැලසුම් කරනු ලැබුවේ පොහොට්ටුවෙන් මහ මැතිවරණයට ඉදිරිපත් වන්නටය. ඔහු අම්පාරේ දැවැන්ත රැස්වීමක්ද පවත්වමින් පොහොට්ටුවෙන් මැතිවරණයට එන බව කීවේය. බළලා එළියට පනින්නේ එදිනමය. ඒ නිසාම දැන් ඔහු නියෝජනය කරන්නේ පොහොට්ටුවට ආවඩන වෙනත් දේශපාලන පක්ෂයකි. එම පක්ෂය ‘රෝයල් බීච් සමන්’ නමැති පාතාලයට සම්බන්ධ දකුණේ හෝටල් හිමියෙක් විසින් මිලදී ගත්තකි. භික්ෂුන් වහන්සේ ප්‍රමුඛ ජාතිවාදී සංවිධාන කිහිපයක ක්‍රියාකාරිකයන් රැසක් පසුගිය දිනවල වෛද්‍ය සාෆිට එරෙහිව කුරුණැගලදී උද්ඝෝෂණයේ නිරතව සිටියේද එම පක්ෂය නියෝජනය කරමිනි. මෙවර ජනාධිපතිවරණයට පවා රෝයල් බීච් සමන් තරග කිරීමේ සූදානමක්ද ඇති බව සඳහන්ය. ඒ පොහොට්ටුවට සහාය දක්වන්නටය.
පන්නල පරගම්මල ප්‍රදේශයේ උඩත්තාව රක්ෂිතයේ තිබී ක්ලේමෝ බෝම්බ තුනක් සහ පීඩන බොම්බයක් පොලිසියට හමුවන්නේ මේ අතරතුරදීය. ඒ ඉකුත් 28 වැනිදාය. කුලියාපිටිය කොට්ඨාස දූෂණ මර්දන අංශයේ නිලධාරීන් එදා රක්ෂිතයට ඇතුළු වන්නේ නීති විරෝධි මත්පැන් පෙරණ ස්ථානයක් වටලන්නටය. පොලිසිය පවසන්නේ ප්‍රධාන මාර්ගයේ සිට මීටර් 20ක් යන තැන ඇති විශාල ගසක් පාමුල මෙම බොම්බ තිබුණු බවය. මළ කා හානිවී තිබුණු මෙම බෝම්බ වැටලීමකට ගිය පොලිස් නිලධාරීන් පිරිසකට හමුවුවත් පොලිස් මාධ්‍ය ඒකකය එදින රාත්‍රියේ නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ ඒ බවක් සඳහන් නොකරමින් පොලිසියට ලද තොරතුරකට අනුව පැති බොම්බ හමුවූ බව සඳහන් කරනු ලැබුවේ රටම අවුස්සමිනි. කෙසේ වෙතත් මේ වන විට පෙනීගොස් ඇත්තේ එම බෝම්බ වසර ගණනාවක් පැරැණි ඒවා බවකි. කිසිදු ලෙසකින් එම බෝම්බ ප්‍රහාරයක් සඳහා යොදාගැනීමට නොහැකි තත්ත්වයක ඇති බව විශේෂ කාර්ය බළකායේ පුපුරණ ද්‍රව්‍ය විශේෂඥයන්ද තහවුරු කර ඇත්තේය. ඒ අනුව ක්ලේමෝ බෝම්බ හමුවීමත් සමග මවන්නට ගිය බිල්ලාද මවා ගන්නට නොහැකි විය.
හංවැල්ලේ පහත්ගමදී පස් ව්‍යාපාරිකයෙක් සහ ඔහුගේ රියැදුරා ඝාතනය ඉන්දියාවේ සිටින අංගොඩ ලොක්කාගේ වැඩක් බව හෙළිවන්නේද මේ අතරතුරදීය. සුමේධ නමැති එම පස් ව්‍යපාරිකයාගේ ඝාතනයේ සැකය මුලින්ම එල්ලවන්නේ ඔහුගේ පළමු බිරිය වෙතය. ඇය 2014 වසරේදී සුමේධ ළඟ සේවයේ නිරතව සිටි රියැදුරෙක් සමග පැනයන්නේ සුමේධ අතහැර දමාය. ඊට කෝපවන සුමේධ එම රියැදුරාව කඩුවකින් කොටා මරාදමා ඇති බව පැවැසේ. එම ඝාතනයට මාස හයක් බන්ධනාගාරගතව සිට ඇප මත නිදහස ලබන ඔහු නැවතත් සිය පස් ව්‍යාපාරයට අත තබන්නේ දෙවැනි බිරිය සමගිනි.
සුමේධට ලියන්නට කියන්නට බැරිය. ඔහු කරාටේ ධම්මික නමැති පාතාල අපරාධකරු සමීපයේ සිටියෙකි. පස් ව්‍යාපාරයට ඔහු අත තබන්නේ එකලය. කරාටේ ධම්මිකට එකල රැකවරණය ලැබුණේ දුමින්ද සිල්වාගෙනි. දුමින්ද සිල්වා වෙඩිවැදීමකට ලක්ව ප්‍රතිකාර ගැනීමට සිංගප්පූරුවට රැගෙන යෑමත් සමග මාවනැල්ල පැත්තේ සැඟවී සිටි කරාටේ ධම්මික පැහැරගෙන අතුරුදන් කරන්නේ සුදු වෑන් රථ කල්ලි විසිනි.
කරාටේ ධම්මිකගේ අතුරුදන්වීමෙන් පසුව පස් ව්‍යාපාරයෙන් පමණක් ජීවිතය ගොඩනඟාගත් සුමේධගේ ඝාතනයට දෙවැනි සැකය එල්ලවන්නේ දෙවැනි බිරියගේ පැත්තටය. ඒ සුමේධ සොයා පැමිණි ඝාතකයන්ගේ කීමට නිවෙසින් පිටත සිටි සුමේධව දරුවාට අසනීප යැයි කියා ගෙන්වාගන්නේ ඇය දුරකතන ඇමතුමක් දෙමින් වූ බැවිණි. ඇය කෙරෙහි එම සැකය එල්ලවන්නට තුඩුදෙන්නේ එම ඇමතුම පමණක් නොව, සුමේධ සිය පළමු විවාහක බිරියගේ දරුවාට දේපොළ ලිවීමට සූදානමින් සිටි බැවිනි.
අවසානයට එම සැකයන් සියල්ල ශුන්‍ය කරමින් මිරිහානේ පිහිටි බස්නාහිර පළාත් දකුණු දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් සැබෑ ඝාතකයා අංගොඩ ලොක්කා යැයි හෙළිකර ගත්තේය. එදා වෙඩික්කරුවන් සුමේධව සොයා ඔහුගේ නිවෙසට කඩාවැදී ඉලක්කය හඳුනාගැනීමට වීඩියෝ දුරකතන ඇමතුමක් ගන්නේ අංගොඩ ලොක්කාටය. ඉන්දියාවේ සිටි අංගොඩ ලොක්කා එසේ සුමේධව ඝාතනය කරවන්නේ කුලි ඝාතකයින් දෙදෙනෙක් යොදාගෙනය. එම ඝාතකයන් කැලණිය පැත්තේය. ඔවුන් වෘත්තියෙන් ඝාතකයන්ය. කලබලයකින් තොරව ඔවුන් දෙදෙනා සුමේධ පැමිණෙන තුරු රැදී සිටිමින් ඔහුව මරාදමන්නේ වෘත්තීය මට්ටමේ අය නිසාද වන්නට පුළුවන.
විමර්ශනවලින් හෙළිවී ඇති ආකාරයට සුමේධ ඝාතනය හා බැඳී ඇත්තේ කොළඹ – කටුනායක අධිවේගී මාර්ගයේ මේ දිනවල පෑලියගොඩ පැත්තේ සිදුකෙරෙන ඉදිරිකිරීමක පස් කොන්ත්‍රාත්තුවකි. ඊට අංගොඩ ලොක්කාගේ ගෝලයෙක්ද ඇස ගසාගෙන සිටියේය. ගෝලයාට එම කොන්ත්‍රාත්තුව අහිමි වන විට සුමේධ සමග උරණ වන්නේ අංගොඩ ලොක්කාය. ඒ, එම පස් කොන්ත්‍රාත්තුවට අත නොතබන ලෙසට අංගොඩ ලොක්කාගෙන් සුමේධට දැනුම්දීම් කිහිපයක්ම ලැබී තිබියදීත් ඒ ගැන තැකීමක් නොකර කොන්ත්‍රාත්තුව ඔහු ලබාගෙන තිබුණු බැවිනි. ඒත් එක්කම සුමේධට එල්ලවන්නේ අංගොඩ ලොක්කාගෙන් තර්ජනයන්ය. ඒ පෑලියගොඩට පස් රැගෙන නොයන ලෙසටය. එහෙත් ඔහු ඒ ගැන තැකීමක් නොකර පස් ගොඩදැම්මේය. සුමේධගේ ඉරණම උණ්ඩයකින් තීරණය වන්නේ ඒත් එක්කමය.
මේ සියල්ල හෙළිකරගත් බස්නාහිර පළාත් දකුණු දිසා අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති ජයන්ත පෙරේරා ඇතුළු නිලධාරීන් අංගොඩ ලොක්කාගේ ගෝලයන් තිදෙනෙක් අත්අඩංගුවට ගන්නේ සුමේධ ඝාතනයට ආධාර හා අනුබල දීමේ වරදටය. ඒ, සුමේධ ඝාතනයට අවශ්‍ය තොරතුරු අංගොඩ ලොක්කාට ලබාදීඇත්තේ ඔවුන් වන බැවිනි. ඒ තිදෙනාම අංගොඩ සහ මුල්ලේරියාවේ පදිංචිකරුවන්ය.

SendShareShare
Previous Post

ළඟ ළඟම එන සරස්වතී යෝගය සහ පූජාව

Next Post

ලොන්තපෝල්ගේ නන්නපෝල් ඔට්ටුව

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

අදත් උදේම දික්වැල්ලේ වෙඩි පත්තු වෙයි! එක්කෙනෙක් මාතර රෝහලට අරන් එයි! I Sri Lanka Latest News

ෆර්ඩිනැන්ඩොගේ කතාවට අදානිත් කලකිරෙයි! අකුලගෙන යන්න යයිද?
Exclusive

ෆර්ඩිනැන්ඩොගේ කතාවට අදානිත් කලකිරෙයි! අකුලගෙන යන්න යයිද?

සමයංවත් මරලා – පාතාල ගුරා වෙච්ච අංගොඩ ලොක්කාටත් ගේමක් ගහලා දැන් ඉන්දියාවේ හිරබත් කන කව්ද මේ අතුරුගිරියේ ලඩියා!
Exclusive

සමයංවත් මරලා – පාතාල ගුරා වෙච්ච අංගොඩ ලොක්කාටත් ගේමක් ගහලා දැන් ඉන්දියාවේ හිරබත් කන කව්ද මේ අතුරුගිරියේ ලඩියා!

News

කෝටි 800ක වාහන ගන්න – හතර වටේටම වාහන බෙදන්න දෙමටගොඩ රුවන්ලාට සල්ලි උනන හැටි! CID SPECIAL

අවුරුදු 30ක කොල්ලෙක්! ලොක්කාගෙන් පසු මිනී මරමින් පාතාලයට එන්ටර් වුණු කව්ද මේ ‘ජිලේ’!
News

අවුරුදු 30ක කොල්ලෙක්! ලොක්කාගෙන් පසු මිනී මරමින් පාතාලයට එන්ටර් වුණු කව්ද මේ ‘ජිලේ’!

පාතාලය බලවත් වෙයි! කුඩු සලිදු අල්ලන්න ගිය පොලිස් ප්‍රධානියාට මාරුවක්!!
Exclusive

හාරසීයේ කුඩු පැකට්ටුව 2500ට නගී! කුඩු සලිදුගේ බණ්ඩාරගම රාජ්‍යය දෙදරයි! කෝටි 40ක කුඩු ඔත්තුව ගියේ පොලිසිය ඇතුළෙන්මද?

Load More
කායික සබධතා පැවැත්වුවේ නැතත් නිසි සීමා පවත්වා ගත්තේ නෑ! කාන්තාවක් එක්ක යාළු වෙච්ච සිංගප්පූරු ඇමැති තනතුරෙන් විතරක් නෙමෙයි පක්ෂයෙනුත් ඉල්ලා අස්වෙයි!  I Sri Lanka Latest News
Exclusive

කායික සබධතා පැවැත්වුවේ නැතත් නිසි සීමා පවත්වා ගත්තේ නෑ! කාන්තාවක් එක්ක යාළු වෙච්ච සිංගප්පූරු ඇමැති තනතුරෙන් විතරක් නෙමෙයි පක්ෂයෙනුත් ඉල්ලා අස්වෙයි!  I Sri Lanka Latest News

කාන්තාවක සමග පැවැත්වූ සබඳතාවක් සහ ඇති වූ මතභේදාත්මක සිදුවීමක් මුල් කරගනිමින්, සිංගප්පූරුවේ ඉස්ලාම් කටයුතු පිළිබඳ වැඩබලන අමාත්‍ය ෆයිසාල් ඉබ්‍රාහිම් (Faishal...

Read more
මුලින්ම අධිකරණ ඇමැතිට ලියපු ලියුමට උත්තරයක් ආවේ නෑ! ඊට පස්සේ ජනාධිපතිතුමාටත් ලිව්වා! දැන් ආණ්ඩුව ගේන්න යන විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට විරෝධය පළ කරලා නීතීඥ සංගමය ආපහු ලියුමක් අධිකරණ ඇමැතිට ලියලා! වහාම කමිටුවක් පත්කරන්න! I Sri Lanka Latest News

මුලින්ම අධිකරණ ඇමැතිට ලියපු ලියුමට උත්තරයක් ආවේ නෑ! ඊට පස්සේ ජනාධිපතිතුමාටත් ලිව්වා! දැන් ආණ්ඩුව ගේන්න යන විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට විරෝධය පළ කරලා නීතීඥ සංගමය ආපහු ලියුමක් අධිකරණ ඇමැතිට ලියලා! වහාම කමිටුවක් පත්කරන්න! I Sri Lanka Latest News

ගෙදර හදපු බල්ලා ගෙදර හිටපු ආච්චිව මැරෙනකම්ම හපලා! Sri Lanka Latest News

මදුරුවො මදිවට බල්ලොත්..! I Sri Lanka Latest News

වෙළෙඳ ඇමැතිගේ හාල්-ළූණු-අල ගේම් එක චාමර ප්‍රසිද්ධියේ කියයි! පාර්ලිමේන්තුවේ නෙමෙයි මිනිහා එළියේ කියන්නේ..! VIDEO I Sri Lanka Latest News

වෙළෙඳ ඇමැතිගේ හාල්-ළූණු-අල ගේම් එක චාමර ප්‍රසිද්ධියේ කියයි! පාර්ලිමේන්තුවේ නෙමෙයි මිනිහා එළියේ කියන්නේ..! VIDEO I Sri Lanka Latest News

තලෙයිමන්නාරමේ ආදම්ගේ පාදය වටකරලා කිලෝමීටර් ගාණක් දිග දැවැන්ත තාප්පයක් ගහලා! ඇතුළේ වෙන්නෙ මොනවද කියලා කවුරුත් දන්නෙ නෑ! කාටවත් යන්න එන්නත් බෑ! කැමරාත් හයිකරලා! කව්ද මේකෙ අයිතිකාරයා? කව්ද මේ වගේ දෙයක් කරන්න අවසර දුන්නේ..? VIDEO I Sri Lanka Latest News

තලෙයිමන්නාරමේ ආදම්ගේ පාදය වටකරලා කිලෝමීටර් ගාණක් දිග දැවැන්ත තාප්පයක් ගහලා! ඇතුළේ වෙන්නෙ මොනවද කියලා කවුරුත් දන්නෙ නෑ! කාටවත් යන්න එන්නත් බෑ! කැමරාත් හයිකරලා! කව්ද මේකෙ අයිතිකාරයා? කව්ද මේ වගේ දෙයක් කරන්න අවසර දුන්නේ..? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.