ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට 2013 වසරේදී යානා දහයකින් සමන්විත ගුවන් බලඇණියක් මිලදී ගැනීමේදී යුරෝපීය ගුවන් සමාගමකින් අමෙරිකන් ඩොලර් මිලියන 2ක අල්ලස් මුදලක් ලබා ගත් බවට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ හිටපු විධායක නිලධාරි කපිල චන්ද්‍රසේන මහතාගේ බිරිය වන ප්‍රියන්කා නියොමාලි විජේනායක හා තෙවැනි සැකකාර ශමීන්ද්‍ර රාජපක්ෂ යන අයවළුන් සම්බන්ධයෙන් ජාත්‍යන්තර පොලීසිය හරහා ඉදිරි පියවර ගැනීම සඳහා අල්ලස් කොමිසම සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඔස්ට්‍රේලියාව බලා ඊයේ (20) දිවයිනෙන් පිටත්ව ගොස් තිබේ. Sri Lanka Latest News
අල්ලස් කොමිසම සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එක්ව සිදු කරන විමර්ශන සඳහා මෙලෙස නිලධාරීන් කණ්ඩායමක් පිටත්ව ගොස් තිබේ.
පසුගියදා කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා විසින් විවෘත වරෙන්තුවක් නිකුත් කළ අතර එය ජාත්‍යන්තර පියවර ගැනීමට ඉංග්‍රීසි භාෂාවෙන් නිකුත් කරන ලද අතර හිටපු කථානායක චමල් රාජපක්ෂ මහතාගේ පුත් ශෂීන්ද්‍ර රාජපක්ෂ යන අයටත් ඉංග්‍රීසි භාෂාවෙන් වරෙන්තු නිකුත් කර ඇත.
මෙම අල්ලස් මුදල් ප්‍රේෂණය වූයේ යැයි කියන බැංකු ගිණුමක හිමිකරුවකු බව කියන ඩබ්ලිව්.ඩී. නිමල් පෙරේරා යන අය ඔස්ට්‍රේලියාවේ පදිංචි වී සිටින අතර ඔහුගෙන් ප්‍රකාශ ගැනීමට නියමිත බව අල්ලස් කොමිසම ආරංචිමාර්ග අනාවරණය කළ අතර මුදල් ප්‍රේෂණය වූ බව කියන දෙවැනි සැකකාරියගේ එරට බැංකු ගිණුම් පරීක්ෂා කිරීමට අදාළව අධිකරණ නියෝග ද මේ වනවිට නිකුත් කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
මෙහි පළමු සැකකරු කපිල චන්ද්‍රසේන යන අය පසුගියදා අබිරහස් ලෙස මියගිය අතර ඊට අදාළ මරණ පරීක්ෂණයද කොටුව අධිකරණය හමුවේ විභාග කරනු ලබන අතර දෙවැනි සහ තෙවැනි සැකකරුවන් සම්බන්ධයෙන් කොටුව සහ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණ හමුවේ නඩු ගොනුකර ඇත.










