නැගී එන අපනයනකරුවන්, අනාගත ව්‍යවසායකයින් සහ ශ්‍රී ලංකාවේ නව නිපැයුම්කරුවන් දිරිගැන්වීම සහ ඔවුන්ගේ ඉදිරිගමනට සහාය දැක්වීම සඳහා NDB බැංකුව “ NDB ජයගමු ශ්‍රී ලංකා” වැඩසටහන හඳුන්වාදී තිබේ. මෙමඟින් ව්‍යවසායකයින්, අපනයනකරුවන් සහ නවෝත්පාදකයින් දිරිගැන්වීම සහ පහසුකම් සැපයීම සඳහා මූල්‍ය හා මූල්‍ය නොවන සේවා ලබා දෙනු ඇත.
ජයගමු ශ්‍රී ලංකා වැඩසටහනට සහභාගි වෙමින්, NDB සභාපති ඒෂන ද සිල්වා මහතා ප්‍රකාශ කළේ “ශ්‍රී ලාංකිකයන්ට උපකාර කිරීම සඳහා මෙන්ම පශ්චාත් රට සහ ආර්ථිකය නංවාලීම සඳහා මෙම වැඩසටහන හඳුන්වා දුන් බවයි. පශ්චාත් කොවිඞ්-19 සමයේදී රටට හිස එසවීමට සෑම ශ්‍රී ලාංකිකයෙකුගේම දායකත්වය අවශ්‍ය වන අතර, මෙම වැඩසටහන ශ්‍රී ලංකාවේ සංවර්ධනය කෙරෙහි මෙන්ම අපගේ අපනයනකරුවන් සහ නවෝත්පාදකයින් සංවර්ධනය කිරීම සඳහා බැංකුව සිදු කරන අප්‍රතිහත කැපවීමේ තවත් ප්‍රතිඵලයක්”
රටේ අපනයනකරුවන්, ව්‍යවසායකයින් සහ නව නිපැයුම්කරුවන්ගේ වර්ධන විභවය NDB බැංකුව හඳුනාගෙන ඇති අතර, ශ්‍රී ලංකාවේ ආර්ථික පුනර්ජීවනයේ යතුර ඔවුන් සතුව ඇති බව වටහා ගෙන තිබේ.











