• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home CID

හිරගෙදර කඩපු බොසාගේ පැටිකිරිය CID SPECIAL

December 13, 2020
in CID, Exclusive, Uncategorized
Reading Time: 11 mins read
A A
හිරගෙදර කඩපු බොසාගේ පැටිකිරිය CID SPECIAL
Share on WhatsAppShare on Facebook

මහර බන්ධනාගාරය තුළ සිදුවූ නොසන්සුන් තත්ත්වයට බන්ධනාගාරයේ අධික සිරකරු ඝනත්වය මුල්වූ බව අධිකරණ ඇමති අලි සබි්‍ර විසින් පත්කළ කමිටුව විසින් සිය අතුරු වාර්තාව මගින් අවධාරණය කළත් ඒ සම්බන්ධයෙන් ගැඹුරින් විමර්ශනයක් පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නම් පෙනී ගොස් ඇත්තේ මෙම නොසන්සුන් තත්ත්වය යම් සැලසුම් සහගත ක්‍රියාවලියක් ඔස්සේ සිදුව ඇති බවකි. ඒ සැලසුම ගැන බොහෝ තොරතුරු මේ වන විටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු විමර්ශකයන් විසින් හෙළිකරගෙන හමාරය.

ගැටුමට ඇතුළෙන්ම සපෝට් එකක්

එකී සැලසුම ඔවුන්ට මේ ආකාරයෙන්වත් සාර්ථක කර ගැනීමට හැකියාව ලැබී ඇත්තේ අධිකරණ අමාත්‍යංශය විසින් පත් කළ කමිටුව සිය අතුරු වාර්තාවෙන් පෙන්වා දෙන අධික තදබදයයි. එම සැලසුම පිටිපස බන්ධනාගාරයේම පිරිස් නැතුවාම නොවේ. ඒ අය ගැන බොහෝ ඉඟි මේ වන විටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබෙමින් ඇත. ඔවුන් අතර මෙම නොසන්සුන් තත්ත්වය සම්බන්ධයෙන් කිඹුල් කදුළු හෙළන පසුගිය ආණ්ඩු සමයේ දකුණේ සිටි ප්‍රබල ඇමතිවරයෙකුගේ නිවසේ නිතර දකින්නට ලැබුණු චරිතයක්ද සිටීම විශේෂිතය.
මහර බන්ධනාගාර නොසන්සුන් තත්ත්වය නිර්මාණය කළ එකක් මිස රැඳවූවන් අතර ස්වයංව ඇතිවූවක් නොවන බව මේ වන විටත් පැහැදිලිය. විමර්ශනවලින් පෙනී ගොස් ඇති අකාරයට අනුව නොසන්සුන් තත්ත්වය නිර්මාණය වීමට මූලික පදනම වැටී ඇත්තේ කොවිඞ් 19 වෛරසයෙන් ආරක්ෂා වී තිබුණු මහර බන්ධනාගාරයට ඒ වන විටත් කොවිඞ් 19 වෛරසය ව්‍යාප්ත වෙමින් පැවැති වැලිකඩ බන්ධනාගාරයේ සිට රැඳවූවන් සියයකට වැඩි පිරිසක් මාරුකර එවීමය. එකී රැඳවූවන් එසේ මහර බන්ධනාගාරයට පවා යොමු කරන්නේ පී.සී.ආර්. පරීක්ෂාවකින් තොරවය. ඒ නිසාම ඒ අය අතර කොවිඞ් 19 ආසාදිතයින් නොසිටියා යැයි කිසිවෙකුටත් සහතික කරන්නට බැරිය. ඒ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශකයන්ටද පෙනී ගොස් හමාරය. වැලිකඩ බන්ධනාගාරය පැත්තෙන් මේ ගැන කියැවෙන්නේ එකී රැඳවූවන් වැලිකඩට අයත් වූවන් නොවන බවය. ඒ අය විවිධ රෝගාබාධ සඳහා වැලිකඩ පිහිටි බන්ධනාගාර රෝහලට ප්‍රතිකාර සදහා යොමු කළ අයය. සිදුව ඇත්තේ නැවතත් ඒ අය මහරට මාරුකර යැවීමක් පමණි.

රහස් පොලිසියට සැකයක්

මේ වන විට සැකයට තුඩුදී ඇත්තේ එසේ මහරට අයත් රැඳවූවන් නැවත මහරටම මාරු කර යැවීම නොවේ. ඒ අයව කොවිඞ් 19 පරීක්ෂාවකින් තොරව මහරට රැගෙන යාමය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශකයන්ගේ සැකය තීව්‍ර වී ඇත්තේ එම රැඳවූවන් අඩුම තරමින් දින 14ක්වත් නිරෝධායනයට යොමු නොකර ඒ අයව කණ්ඩායම් 04කට බෙදා සෙසු සිරකරුවන් රඳවා ඇති සිරමැදිරිවලට යොමු කිරීමය. එය සිදුව ඇත්තේ බන්ධනාගාර වෛද්‍යවරයෙකුගේ අධීක්ෂණයෙනි. එම වෛද්‍යවරයාගේ පසුබිම ගැන සොයා බැලීමේදී වැලිකඩ බන්ධනාගාරයේ රැඳවූවන් මහරට රැගෙනවිත් කණ්ඩායම් හතරකට බෙදා සෙසු රැඳවූවන් සමග මිශ්‍ර කිරීම තදබල ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශකයන්ගේ සැකයට මේ වන විටත් ලක්ව හමාරය.

ශානි හිටියනම් මොනවා වෙයිද?

විමර්ශනවලින් පෙනී ගොස් ඇති ආකාරයට අනුව වැලිකඩින් මෙම රැඳවූවන් මහරට රැගෙනවිත් ඇත්තේ නොවැම්බර් මාසයේ මුල් භාගයේදීය. මහර බන්ධනාගාරයෙන් කොවිඞ් 19 වෛරස ආසාදිතයන් හමුවීමට පටන්ගෙන ඇත්තේ නොවැම්බර් අග භාගයේදීය. මුල්ම කොවිඞ් 19 ආසාදිතයන් අතර සුවිශේෂී රැඳවූවෙක් වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකරද විය. සිවිල් සංවිධාන සහ දේශපාලන සංවිධානවල හඬනැගීම හේතුවෙන් ඔහුව ප්‍රතිකාර සදහා වැලිකන්දට යොමු කෙරුණු අතර පසුව අයි.ඩී.එච්. රෝහල වෙත මාරුකර එවා තිබුණි. ඒ සම්බන්ධයෙන්ද බන්ධනාගාරයේ ඇතැම් රැඳවූවන් අතර යම් කථාබහක් සිදුව තිබී ඇත්තේ ශානිට විශේෂ සැළකිල්ලක් දැක්වා ඇති බවටය.
කෙසේ වෙතත් එසේ ශානි අබේසේකර මහරින් මාරුකර යවා තිබීම බන්ධනාගාර නොසන්සුන් තත්වයත් සමග ජාත්‍යන්තරයෙන් ආණ්ඩුවට එල්වීමට තිබුණු විශාල අපවාදයකින් ගැලවීමට මුල්වී ඇත. ඒ එදා මහර බන්ධනාගාර නොසන්සුන් තත්වය හටගන්නා අවස්ථාවේදී ශානි එහි සිටියේ නම් බොහෝ විට ඔහුගේ ජීවිතයට සෙසු රැඳවූවන්ගෙන් හානියක් වීමට ඉඩ තිබුණු බැවිනි. එසේ වී නම් බන්ධනාගාරයේ නොසන්සුන් තත්වය ගැන සමාජයේ මෙන්ම ජාත්‍යන්තරයේද කථාබව සිදුවන්නේ මේ අකාරයට නොවනු ඇත.

ගැටුමට නායකත්වය දුන්නේ තිලංග නොහ‌ොත් බොසා

අපරාධ පරීක්ෂණ දෙපර්තමේන්තුවේ විමර්ශනවලින් මේ වන විට පෙනී ගොස් ඇති ආකාරයට අනුව මෙම නොසන්සුන් තත්වයට නායකත්වය දී ඇත්තේ තිලංග මනෝජ් මධුසංක නොහොත් බොසා නැමැති රිමාන්ඞ් සිරකරුවාය. තවමත් තිස් හය වියේ පසුවන මොහු බියගම ජබරලුවේ පදිංචිකරුවෙකි. පොලිස් වාර්තාවලට අනුව මිනිස් ඝාතන තුනකට වගකිව යුතු පුද්ගලයෙක් වන ඔහු මත්කුඩු ජාවාරමේද නිරතව සිටින්නෙකි. මිනිස් ඝාතන සහ මත්කුඩු ජාවාරම් සම්බන්ධයෙන් විටෙන් විට බන්ධනාගාරගතව ඇති ඔහු අවසානයට බන්ධනාගාරගතව ඇත්තේ මත්කුඩු ළඟ තබා ගැනීමක් සම්බන්ධයෙනි. ඒ පසුගිය මාස කිහිපය තුළ බස්නාහිර පළාත තුළ සිදුවූ මත්කුඩු සහ පාතාල මර්දන මෙහෙයුමේ ප්‍රතිඵලයක් ලෙසිනි. මේ වන විට බස්නාහිර පළාතේ පිහිටි බන්ධනාගාර රැසකම දැඩි තදබදයක් ඇතිවී ඇත්තේ මත්කුඩු ජාවාරම්කරුවන් නීතියේ රැහැනට හසුකර ගැනීමේ එම පොලිස් මොහෙයුම් නිසාය. එම මෙහෙයුමට නායකත්වය දුන්නේ බස්නාහිර පළාත් භාර ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ය. දෙවැනි කොවිඞ් රැල්ලේදී ජනතාව තරමක් හෝ බියෙන් සැකෙන් තොරව සිටියේ මත්කුඩු ලෝලීන් රැසක්ම එම මෙහෙයුමට හසුවී බන්ධනාගාරගතව සිටි බැවිනි.

මෝරු සෙට් එක ඉන්න එෆ් 01 වාට්ටුව

මත්කුඩු ලෝලීන් පමණක් නොව, මත්කුඩු ජාවාරම්වල නිරතවූ නමගිය සැලකිය යුතු පිරිසක් එම මෙහෙයුමට කොටුවිය. බොසා ඒ ගොන්නෙක් එක් අයෙකි. කළුතර එතකමඩලේදී බන්ධනාගර බස් රථයකට එල්ලවූ ප්‍රහාරයෙන් මරුමුවට පත්වූ කඩුවෙල සමයංගේ ගෝලයෙක් ලෙස කුප්‍රකට බොසා රඳවා සිටියේ එෆ් 01 සිරමැදිරි සංකීර්ණයේය. එම සිරමැදිරි සංකීර්ණය සිරකරුවන් සහ බන්ධනාගාර නිලධාරීන් හදුන්වන්නේ එෆ් 01 වාට්ටුව යැයි කියාය. මත්කුඩු ජාවාරමේත් පාතාලයේත් වැඩකරුවන් රැසක්ම රඳවා සිටින්නේ මෙම වාට්ටුවේය. ඒ නිසාම මෙම වාට්ටුවට සෙසු රැදවූවන් කියන්නේ මෝරු සෙට්එක ඉන්න වාට්ටුව යැයි කියාය. මෙම වාට්ටුවේ රඳවා සිටින රැඳවූවන්ට කළ නොහැකිව ඇත්තේ පිටින් කාන්තාවක් ගෙනවිත් එම අවශ්‍යතාව ඉටුකර ගැනීම පමණි.

බඩෝවිට නුවන්, මගුල් පොකුණේ සබීත, එළුවා, චූටියා, රංග, රන්කැටියාත් සෙට් වෙයි

මේ වන විට ඩුබායිහී රැඳී සිටිමින් මත්කුඩු ජාවාරමේ නිරතව සිටින පාතාලයේ ප්‍රබලයෙක් වන කෙසෙල්වත්තේ දිනුකගේ ගෝලයෙක් වන දනා, වෙලේ සුදාගේ මත්කුඩු ජාවාරමේ නිරතව සිටින බඩෝවිට නුවන්, මගුල් පොකුණේ සබීත, එළුවා, චූටියා, රංග, රන්කැටියා, යන අන්වර්ථ නම්වලින් හදුන්වන මත්කුඩු ජාවාරමට සම්බන්ධ වූ බොහෝ දෙනෙක්ම රඳවා සිටියේ බොසා රඳවා සිටි එෆ් 01 වාට්ටුවේමය. මත්කුඩු ජාවාරම, අවි ආයුධ ළඟ තබා ගැනීම් සහ මංකොල්ලකෑම් සම්බන්ධයෙන් සැකකරුවන් ලෙස රක්ෂිත බන්ධනාගාරගත කර සිටි මොවුන් බොසා වටා ඒකරාශි වන්නේ මහර බන්ධනාගාරයේ කැරැල්ලක් නිර්මාණය කිරීමේ කටයුත්තටය.

පළමු වටේදී බොසා පරාදයි

දින කිහිපයක් තිස්සේම බොසා උත්සහ දරන්නේ කොවිඞ් 19 වෛරසය බන්ධනාගරය තුළ පැතිරයාම මුල්කරගෙන සෙසු සිරකරුවන් ඔහුගේ නායකත්වය වටා ගොනුකර නිදහස සොයා යන්නට සටනක් දියත් කරන්නටය. ඒ සඳහා ඔහු ඒ වන විටත් බන්ධනාගාරයේ රැඳවූවන් අසහනයෙන් සිටි ප්‍රධාන කාරණා කිහිපයක් ඉදිරියට ගෙන ආවේය. ප්‍රධාන තර්කය වූයේ බන්ධනාගාරයේ අධික තදබදය කොවිඞ් 19 ව්‍යාප්තයට මුල් වන බවය. අධිකරණයෙන් ඇප නියම වන රැඳවූවන් ඇප නියම වීමෙන් පසුව තවත් දින 14ක් රඳවා තබා ගැනීම තදබදයට එක් හේතුවක් බව ඔහු සෙසු රැඳවූවන්ට පෙන්වා දුන්නේය. එසේම හෙරොයින් ග්‍රෑම් 02කට අඩු රැඳවූවන් ඇප මත නිදහස් කිරීමද ඔහුගේ එක් සටන් පාඨයක් විය. ඒ වන විටත් වැලිකඩ සහ මැගසින් බන්ධනාගාරවල රැඳවූවන්ද එම සටන්පාඨය පෙරටුකර ගනිමින් බන්ධනාගාර වහලවල් මත නැගී උද්ඝෝෂණයක නිරත වෙමින් සිටියේය. වහලවල් මත නැගී සිටි රැඳවූවන්ගේ තවත් ඉල්ලීමක් වූයේ මරණිය දණ්ඩනය නියම වී සිටින රැඳවූවන් ජීවිතාන්තය දක්වා සිරදඬුවම ලිහිල්කර බලපත්‍ර ක්‍රමය යටතේ නිදහසය. එම ඉල්ලීමත් බොසාගේ ඉල්ලීම් අතර විය. ඊට අමතරව සියලුම රැඳවියන් පී.සී.ආර්. කිරීම, කොවිඞ් ආසාදිතයන් මහර බන්ධනාගාරයෙන් ඉවත් කිරීම, ලබාදෙන ආහාර කෑමට ගත හැකි ආකාරයට ලබාදීම යන කාරණා පෙරටු කරගත් මහර බන්ධනාගාරයේ බොසාගේ නායකත්වයෙන් සටනක ආරම්භයට මුල් පියවර තබන්නේ එසේය.
එහෙත් බලාපොරොත්තු වූ ආකාර එම සටන්පාඨවලට රැඳවූවන් ඔහුට අවනත කර ගැනීම එතරම් පහසු කටයුත්තක් නොවීය. ඒ අනුව ඔහු දෙවැනි පියවර තබන්නේ මත්කුඩු නොමිලයේ බෙදා හරිමින් රැඳවූවන් තමාවෙත නම්මා ගැනීමටය. .එසේ මත්කුඩු නොමිලයේ දුන්නද ඔහුගේ නායකත්වය වටා රැඳවූවන් පෙළ ගැසී නොමැති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශකයන්ට මේ වන විටත් පෙනී ගොස් හමාරය.

ලැජ්ජාව වහගන්න බොසා අධිකාරීවරයාගේ කාර්යාලයට කඩා පනී

බොසාට මේ නිසා ඇති වන්නේ ලැජ්ජාවකි. තිලංග , දනා, එළුවා, චූටියා, රංග, ලහිරු, රන්කැටියා, සබීත, ඇතුළු පිරිසක් සමග එදා ඔහු බන්ධනාගාර අධිකාරීවරයාගේ කාර්යාලට කඩා වදින්නේ ලැජ්ජාව වසා ගැනීමට කුමක් හෝ කළ යුතු නිසා වන්නට විය හැකිය. නැති නම් ඔහුව මෙහෙයවූ යම් බලවේගයක අවශ්‍යතාවයට අනුව ද විය හැකිය. අධිකාරී කාර්යාලයට කඩා වැදී ඔහු එහි දේපොළවලට හානි කරමින් අතට ගන්නේ එහි තිබුණු ඉපැරණි කඩු දෙකකි. එක් කඩුවක් ඔහු සියතට ගෙන තවත් කඩුවක් ගෝලයෙක් අත තබා තමාට අවනත නොවන සෙසු රැඳවූවන්ව පහර දෙන්නට පටන්ගෙන ඇත්තේ හිට්ලර් න්‍යාය අනුගමනය කරමිනි. බන්ධනාගාරය තුළ දෙපිරිසක් අතර ගැටුමක් හටගන්නේ ඒ අනුවය. එම ගැටුම අතරතුර රැඳවූවන් පිරිසක් බන්ධනාගාරයේ ප්‍රධාන පිවිසුම් ගේට්ටුව වෙත පිය නගන්නට ගත්තේය.

බන්ධනාගාර නිලධාරීන් හතර අතේ වෙඩි තියයි

එක රොත්තට ඒ අය ගමන් කරන ආකාරයට අනුව ඒ අයගේ සැලසුම කුමක්දැයි හදුනාගත් බන්ධනාගාර නිලධාරීන් ඒ ගමන වළක්වන්නට හතර අතේ වෙඩි තබන්නේ ආරක්ෂාවට ඔවුන් සතුව තිබුණු ගිනි අවිවලිනි. බන්ධනාගාරය පැත්තෙන් කියැවෙන ආකාරයට ඒ තබන වෙඩි රබර් උණ්ඩයොදා කළ බව කියැවුණත් බන්ධනාගාරයේ ප්‍රධාන දොරටුවේ සිට මදක් ඈතින් බන්ධනාගාරය ඇතුතට වන්නට පිහිටි සිරකරුවෝත් මනුෂයෝය යනුවෙන් සදහන්ව සිතුවම් කර ඇති බිතු සිතුවමේ වැදී ඇති වෙඩි පහර සලකුණුවලට අනුව නම් ඒ රබර් උණ්ඩ නොවන බව නම් පැහැදිලිය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශනවලින් අනාවරණය වී ඇති ආකාරයට අනුව නොසන්සුන් තත්ත්වය හටගන්නා විට මහර බන්ධනාගාරයේ රඳවා සිට ඇති රැදවූවන් ගණන 2782 දෙනෙකි. ඒ අයගෙන්ද රැඳවූවන් 2148 දෙනක් රිමාන්ඞ් සිරකරුවන්ය. නොසන්සුන් තත්ත්වයෙන් ඒ අයගෙන් බොහෝ පිරිසකට තුවාල සිදුව ඇතත් රෝහල්ගතව ප්‍රතිකාර ලැබීමට තරම් තුවාල සිදුව ඇත්තේ රැදවූවන් 106 දෙනෙක් පමණි. එසේම රැදවූවන් 11 දෙනෙක් මිය ගියේය. තුවාල ලැබූවන් ඇතුළත් කෙරෙන්නේ රාගම රෝහලටය. ඒ අය අතර සිටින කිසිදු තුවාලකරුවෙකු වෙඩි වැදීමෙන් තුවාල ලැබූ බවට කරුණු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අනාවරණය වී නැත. බන්ධනාගාර භාර අලුත් ඇමති ලොහාන් රත්වත්තේ පාර්ලිමේන්තුවේදී සදහන් කර ඇති ආකාරයට අනුව මිය ගොස් සිටින රැඳවූවන්ද වෙඩි වැදීම්වලට ලක්ව නැත. ඒ අය මියගොස් ඇත්තේ කැපුම් සහ පහරදීම්වලිනි. අපරාධ පරීක්ෂණ දෙපාරත්මේන්තුව මෙන්ම පොලීසියේ නිල ප්‍රකාශයන්වලද එම මරණ සිදුවූ ආකාරයක් ගැන සඳහන් කරන්නේ නැත. ඒ සියල්ලක්ම භාරදී ඇත්තේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරුන්ගෙන් සැදුම්ලත් මණ්ඩලයකටය. මරණයට හේතුව කියන්නේ ඒ අය විසින් පවත්වන පශ්චාත් මරණ පරීක්ෂණයකින් අනතුරුවය. එතෙක් එම මරණ සිදුවූ ආකාරයන් පවතින්නේ ප්‍රශ්නාර්ථයක් බවට පත්කරමිනි.

බොසාගේ අතේ පෙති 5ක නම් ලියපු කොල කෑල්ලක්

මහර බන්ධනාගාරයේ නොසන්සුන් තත්ත්වය සම්බන්ධයෙන් වඩාත් අවධානයට යොමු වූ කරුණක් වන්නේ මහර බන්ධනාගාර රෝහලේ ඖෂධ ගබඩාවේ තිබුණු යම් ඹෟෂධ වර්ගයක් රැඳවූවන් විසින් භාවිතකර තිබුණු බවය. එම ඖෂධ ප්‍රමාණය ඉක්මවා ගබඩාකර තිබී ඇති බවට ඇමති විමල් වීරවංශ ද පාර්ලිමේන්තුවේද යම් හෙළිදරව්වක් කළේය. ඒ සම්බන්ධයෙන්ද මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන කණ්ඩායමේ අවධානය යොමු වී ඇත. විමල් වීරවංශ ඇමතිවරයාගේ ප්‍රකාශයේ සඳහන් වූ ආකාරයට මත්කුඩු භාවිතා කරන්නන් මත්ද්‍රව්‍යක් ලෙස භාවිතාවට ගන්නා යම් ඖෂධ වර්ග කිහිපයක් ප්‍රමාණය ඉක්මවා ගබඩාකර ගැබීම සම්බන්ධයෙන් දැනටමත් විමර්ශන ආරම්භ කර හමාරය. ඒ අනුව පෙනී ගොස් ඇත්තේ එම ඖෂධ තොග වැලිකඩින් මහරට යොමුකර ඇති ඒවා බවය. ඒ අනුව බන්ධනාගාර ප්‍රධාන වෛද්‍යවරයාගෙන්ද ඒ සම්බන්ධයෙන් ඉදිරියේ ප්‍රශ්න කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශකයන් සූදානම්ව සිටින්නේ එම ඖෂධ බන්ධනාගාර වෙත බෙදා හැරීමේ ක්‍රමවේදය ගැන කරුණු දැන ගැනීමටය. එසේ එම ඖෂධ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශකයන්ගේ විශේෂ අවධානයක් යොමු වී ඇත්තේ බොසා විසින් මුලින්ම පහරදෙන්නේ බන්ධනාගාර රෝහලේ ඖෂධ ගබඩාවට වන බැවිනි. එහිදි ඔහු බන්ධනාගාර ඖෂධවේදියාව සිය ග්‍රහණයට ගෙන ඔහුගේ ගෙලට කඩුව තබා විමසා සිට ඇතැයි හෙළිවන්නේ මත්වීමට ගන්නා ඖෂධ වර්ග 05 ක් ගැනය. එම ඖෂධ නාමයන් ඔහු අත වූ කොළ කැබැල්ලක සටහන්වී තිබී ඇති බව කියයි. ඒ අනුව විමර්ශකයන්ගේ සැකයට තුඩුදී ඇත්තේ පිටස්තර පාර්ශවයක් විසින් එම ඖෂධ නාමයන් ඔහු අතට පත්කර තිබී ඇති බවටය. එම ඖෂධ ගබඩාවෙන් පිටතට ගෙන ඔහු වටා රැඳී සිටියවුන්ට පානය කිරීමට දී ඇත්තේ ඔවුන්ව ප්‍රචණ්ඩකාරීන් බවට පත් කරමිනි. එම ඖෂධ සියල්ලක්ම පාහේ මානසික රෝගීන්ගේ මනස සංසුන් කිරීමට නිර්දේශ කරන ඒවාය. මෙවැනි ඖෂධ මානසික රෝගී නොවන පුද්ගලයින් අධි මාත්‍රවෙන් භාවිතා කිරීම තුළින් මනස වියවුල් වන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශකයන් ඒ ගැන වෛද්‍යවරුන් සමග කථා බහ කරමින් කළ සොයා බැලීමේදී මේ වන විටත් තහවුරු වී හමාරය.

උසි ගැන්වීම කළේ කව්ද

ඒ අනුව මහර බන්ධනාගාරයේ නොසන්සුන් තත්වය ඉබේ හටගත් එකක් නොවන බවත්, කොවිඞ් 19 වෛරසය හේතුවෙන් අසහනයට පත්ව සිටි රැඳවූවන්ව සැලසුම් සහගතව උසි ගැන්වීමක් බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශකයන් මේ වන විටත් තහවුරු කරගෙන හමාරය. ඒ පිටුපස සිටින්නේ යැයි කියනු ලබන පුද්ගලයින් කවුරුන්දැයි කියා මේ වන විටත් හඳුනාගෙන හමාරය. ඒ අය සම්බන්ධයෙන් ශක්තිමත් සාක්ෂි මේ වන විටත් විමර්ශකයන් රැස්කරමින් සිටින අතර එම සාක්ෂි රැස්කිරීම්වලින් පසු ඒ සියලු දෙනාම නීතිය හමුවට ඉදිරිපත් කෙරෙනු ඇත.

තොඩුවාවේ ගහපු කුඩු ගේම

තොඩුවාවේ සංචාරක හෝටලයක් තුළ මාර්ග සංවර්ධන ඉංජිනේරුවරුන් ලෙස පෙනී සිටි පිරිසක් මත්කුඩු තොගයක් සමග සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගැනීම ගෙවී ගිය සතියේ වඩාත් අවධානයට යොමුවූවකි. එම මත්කුඩු තොගය සුළු පටු ප්‍රමාණයක් නොව, කිලෝ 200කි. අයිස් නැමැති මත්කුඩු කිලෝ 100ක් සහ හෙරොයින් නැමැති මත්කුඩු කිලෝ 100ක් වශයෙන් එම මත්කුඩු තොගය විය. සුරාබදු දෙපාර්තමේන්තු ඉතිහාසයේ කළ විශාලතම මත්කුඩු වැටලීම වන මෙම වැටලීම සිදුවන්නේ ඉකුත් 05 වෙනිදා මධ්‍යම රාත්‍රීයේදීය. පකිස්තානයේ සිට මුහුදු මාර්ග ඔස්සේ හලාවත තොඩුවාවට බෝට්ටුවලින් රැගෙන පැමිණි මෙම මත්කුඩු තොගයට සුරාබදු නිලධාරීන් ඇස ගසාගෙන සිටියේ සති ගණනාවක් තිස්සේය. ඒ ඩුබායි සිට සුරාබදු නිලධාරියෙකුට ලද තොරතුරකට අනුවය. එදා මැදියම් රෑ තොඩුවාව වෙරළට රැගෙන පැමිණි මත්කුඩු තොගය සුඛෝපභෝගී මෝටර් රථයක පටවා රැගෙන එන්නේ මත්කුඩු ප්‍රවාහනය භාරව සිටි මාර්ග සංවර්ධන ඉංජිනේරු වෙස්ගත් ජාවාරම්කරුවන් රැඳී සිටි සංචාරක හෝටලය වෙතය.

සුරා බදු එකත් හොරෙන් හෝටලයට රිංගලා

සැලසුම් කරන්නේ සංචාරක හෝටල් භූමියට ඔවුන් විසින් කල්තියා රැගෙන පැමිණි බූම් ට්‍රක් රථයක පටවා තිබුණු ජෙනරේටරයක් අස්සේ මෙම මත්කුඩු සඟවා කොළඹට ප්‍රවාහනය කිරීමය. ඒ සදහා සූදානමින් ඉංජිනේරු වෙස්ගත් ජාවාරම්කරුවන් හෝටලයේ කාමර වෙන්කර ගනිමින් එහි රැඳී සිටින්නේ ඉකුත් 30 වෙනිදා සිටය. ඒ ජාත්‍යන්තර මත්කුඩු ජාවාරම්කරුවන් සමග වයිබර් තාක්ෂණය ඔස්සේ අදහස් හුවමාරුකර ගනිමිනි. මේ අය සම්බන්ධයෙන් හෝටල් සේවකයින්ට පවා සැකයක් ඇති නොවන්නේ හෝටලයට යාබද මාර්ගයක් ඒ වන විට පිළිසකර කරමින් පැවැති බැවිනි. එම මාර්ග සංවර්ධන කටයුත්තේ ඇතැම් වාහන හෝටල් භූමියේ ගාල්කර තිබීම හේතුවෙන් බූම් ට්‍රක් රථය ගැනද එතරම් අමුත්තක් හෝටල් සේවකයන්ට නොවීය. එහෙත් සුරාබදු නිලධාරියෙක් මේ සියල්ලක් කෙරෙහිම ඇස ගසාගෙන හෝටල් කාමරයක රැඳී සිටි බව ඒ කිසිවෙකුත් දැන සිටියේ නැත. තොඩුවාවෙන් ගොඩ ගත් මත්කුඩු තොගය කිසිදු බියක් සැකක් නොමැතිව හෝටල් භූමියට රැගෙන විත් රෑජෙනරේටරයේ සඟවන්නට සූදානම් වන්නේ එබැවිනි. එහෙත් ඊට පෙර ඔවුන් මත්කුඩු තොගය සමග සුරාබදු නිලධාරීන්ට කොටුවන්නේ සාර්ථක සැලසුමකට අනුව සුරාබදු නිලධාරීන් විසින් එම වැටලීම දියත් කළ නිසාය.

මත්කුඩු තොගයේ හිමිකරු වූ කව්ද මේ ජූඞ්

සුරාබදු නිලධාරීන්ගේ විමර්ශනයන්ට අනුව හෙළිවී ඇති ආකාරයට අනුව මෙම මත්කුඩු තොගයේ හිමිකරු ජූඞ් ප්‍රියන්ත නැමැති ජාවාරම්කරුවෙකි. ඔහු මේ වන විට සිටින්නේ ඩුබායිහීය. භාරත ලක්ෂ්මන් ඝාතනයට මරණිය දණ්ඩනය නියම වී සිටින දෙමටගොඩ චමින්දගේ ගෝලයෙක් ලෙස මත්කුඩු ජාවාරමට අත තැබූ ඔහු චමින්ද වෙනුවෙන් අපරාධ රැසකට සම්බන්ධ වූවෙකි. 2015 වසරේ ජූලි 31 වෙනිදා එකල පැවැති මහා මැතිවරණ උණුසුම අස්සේ බ්ලූමැන්ඩල්හීදී එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල දේශපාලනඥයෙක් වූ රවී කරුණානායකගේ රැළියකට වෙඩි තබා දෙදෙනක් ඝාතනය කිරීමට පවා ජූඞ් චෝදනා ලැබුවේය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඒ සම්බන්ධයෙන් ජූඞ්ව අත්අඩංගුවටද ගත්තේය. එදා ඒ රැලිය දෙමටගොඩ චමින්දගේ ඉලක්කයක් වන්නේ පාතාලයේ සහ මත්කුඩු ජාවාරමේ ඔහුගේ ප්‍රතිවාදීන් වූ බ්ලූමැන්ඩල් සංඛ සහ ආමි සම්පත් යන දෙදෙනාවය. එහෙත් ඝාතනය වන්නේ රැලියට සහභාගිවූ’අහිංසක දේශපාලන ආධාරකරුවන් දෙදෙනෙකි.

එළියට ඇවිත් චාමරට සෙට් වෙයි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ අත්අඩංගුවට පත්ව බන්ධනාගාරගතවන ජූඞ් ඇප මත එළියට එන්නේ දෙමටගොඩ චමින්දගෙන් කැඩී බටුවත්තේ චාමරට හේත්තුවෙමිනි. බටුවත්තේ චාමර මත්කුඩු ජාවාරමේ නිරතව සිටි ප්‍රධාන පෙලේ ජාවාරම්කරුවෙකි. ඒ වන විට ජූඞ් මත්කුඩු ජාවාරමේ නිරතව සිටියේ ග්‍රෑම් ගණනින්ය. චාමරට සම්බන්ධවීමත් සමග ඔහු මත්කුඩු අලෙවි කරන්නට ගන්නේ කිලෝ ගණනින්ය.
චාමරට පොලිස් සම්බන්ධකම්ද නොඅඩුව පැවතුණි. එක්තරා ඉහළ නිලධාරියෙක් නවාතැන් ගෙන සිටි බව කියන්නේද ටවුන්හෝල් පැත්තේ පිහිටි චාමරගේ නමින් තිබුණු සුවිසල් නිවසකය. චාමර එම නිවස ඒ නිලධාරියාට ලබාදෙන්නේ එකල සිටි තරුණ දේශපාලනඥයෙකුගේ ඉල්ලීමකට අනුවය. පොලීසිය, දේශපාලනය සහ මත්කුඩු ජාවාරමේ බැඳීම පැවැතියේ එසේය. එකල පොලීසිය චාමරට අතවත් තැබුවේ නැත. පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය පවා අසරණව සිටියේය. එහෙත් චාමර දෙස නිරන්තර ඇස පොලිස් මත්ද්‍රව්‍ය කර්යාංශයේ නිලධාරීන් යොමුකර සිටියේය. ඒ බව දැන සිටි චාමර අදාළ නිලධාරියා පොලිස් සේවයෙන් විශ්‍රාම ගැනීමත් සමග ජූඞ්ද සමග පැන ගන්නේ බැංකොක් වෙතය. එහි කාලයක් රැඳී සිටිමින් මත්කුඩු ජාවාරම මෙහෙයවන ඔවුන් දෙදෙනා ඩුබායි වෙත යන්නේ ආරක්ෂාකාරීව නිදහසේ මත්කුඩු ජාවාරම මෙහයවන්නට හොදම තැන එය වන බැවිනි.

බත්තරමුල්ලේ සංජුත් සෙට් වෙයි

මේ කණ්ඩායමට එහිදී තවත් අයෙත් එක්වූයේය. ඔහු බත්තරමුල්ලේ සංජුය. මාකඳුරේ මධුෂ්ගේ දකුණු අත බදු ගෝලයෙක් වන හර්ෂ යසස් නැමැත්තාට 2012 වසරේ නොවැම්බර් 13 වෙනිදා රාජගිරිය ඔබේසේකරපුරදී වෙඩි තබා ඝාතනය කරන්නට ඔහු සම්බන්ධවූවෙකි. මේ කණ්ඩායමට තවත් ප්‍රබල පාතාල අපරාධකරුවෙක් සම්බන්ධ විය. ඔහු ගොනාකෝවිලේ අංජුය. එකල අංජුද සිටියේ ඩුබායි හීය. මාකඳුරේ මධුෂ් ඩුබායි සිට සමයංට ගැසූ ගේමට නොදැවෙනි ගේමක් ගසන්නට මේ කණ්ඩායම ඉව අල්ලමින් සිටියේ ගොනා කෝවිලේ රොහාටය. ඒ අංජු වෙනුවෙනි. ඉකුත් ජූනි 07 වෙනිදා දිවුලපිටිය බල්ලපානේ පාළු නිවසකදී පොලිස් වෙඩි පහරකින් මරුමුවට පත්වූ ගොනා කෝවිලේ රොහාගේ ගෝලයෙක් යැයි කී ගොනා කෝවිලේ රාජාද සිටියේ මෙම කණ්ඩායමේය. ඔහු ජූඞ්ගේ ඥාතියෙකි. රාජා ඩුබායි පනින්නේ අංජුගේ සහ ධර්මෙගේ කීමට ක්‍රිකට් ක්‍රීඩක ධනංජය සිල්වාගේ පියාට වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට පොලීසිය සොයමින් සිටියදීය. ඩුබායිහීදී අංජු සහ රාජා අතර ඇතිවන හිත් අමනාපයක් හේතුවෙන් රාජා ඩුබායි සිට ඉන්දියාවට පැමිණ එහි සිට බෝට්ටුවකින් මෙරටට පැමිණ සැඟවුණු ජීවිතයක් ගතකරන්නට වූයේ පාතාල අපරාධවලින් ඈත්ව පොලිස් ඔත්තුකරුවෙක් බවට පත්වෙමිනි. එහෙත් ඔහුට වැඩි ආයුෂ නොවීය. පොලීසියෙන්ම වෙඩි කා මරුවැළඳ ගත්තේය.
රාජාගේ මරණින් පසු අංජුව ඈත් කළ ජූඞ් මත්කුඩු ජාවාරම මහා පරිමාණයෙන් කරන්නට ගන්නේ බටුවත්තේ චාමර සහ සංජු සමග එක්වය. පෑලියගොඩ, ජා-ඇල සහ කැලණිය පැත්තේ මත්කුඩු ජාලයේ මහ මොළය වන්නේ ජූඞ්ය. ඔහු කිලෝ සිය ගණනින් මත්කුඩු පසුගිය කාලය පුරාවටම පැටවූවත් ඔහුගේ මත්කුඩු තොගයක් හසුවන්නේ පළමු වතාවටය. එසේම ජූඞ් මහා පරිමාණයෙන් මේ වන විට මත්කුඩු ජාවාරමේ නිරතව සිටින බව හෙළිවන්නේද පළමු වරටය. ඒ ඔහු පසුගිය වසර කිහිපය තුළ මත්කුඩු ජාවාරම ඉතා සූක්ෂම ආකාරයට කරගෙන ගිය බැවිනි.

ලොකු කුඩ්ඩන් 4 දෙනෙක් ඩුබායිවලදී මිත්‍ර සන්ධානයක් ගහයි

වැලිගමින්ද පොලිස් විශේෂ කාර්ය බළකාය ඉකුත් 20 වෙනිදා හෙරොයින් කිලෝ 100ක් අල්ලා ගත්තේය. එම මත්කුඩු තොගයයේ හිමිකරු ලෙස හෙළිවී ඇත්තේ රත්ගම විදුරය. මේ වන විට ඔහු මෙම ජාවාරම මෙහෙයවනේ ඉතාලියේ සිටය. දකුණට මත්කුඩු බෙදන ප්‍රධාන පුරුකක් වන්නේ ඔහුය. දේශපාලන හයිහත්තියන්ද ඔහුට අඩුවක් නැත්තේය. යහපාලන ආණ්ඩුවේ හිටපු ප්‍රබල ඇමතිවරයෙක් ඔහුගේ සමීපතයෙකි. එසේම ඔහු මෙරට ප්‍රමුඛතම දේශපාලන පක්ෂ කාර්යාලයක විදුලි බිල පවා ගෙවූ තැනැත්තෙක් බව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ තොරතුරුවලද සඳහන්ය.
විදුර ඩුබායි හී රැඳී සිටියත් ඔහුගේ දුක සැප බලන්නට මෙරට ආරම්භක මත්කුඩු ජාවාරම්කරුවෙක් ලෙස සැලකෙන මේ වන විට එංගලන්තයේ ජීවත්වන කුඩු ලාල් සහ ඩුබායිහී රැඳී සිටිමින් මහා පරිමාණයේ මත්කුඩු ජාවාරම මෙහෙයවන මොරිල් ඉඩ ලැබෙන සෑම අවස්ථාවකදීම යන එන බව සඳහන්ය. ඒ මේ කණ්ඩායම මත්කුඩු ජාවාරමේ තරගකාරීත්වය වෙනුවට සාමූහිකව ජාවාරම මෙහෙයවන්නට පටන්ගෙන ඇති බැවිනි. ඒ වත්මන් රජය පත්වීමත් සමග මත්කුඩු ජාවාරමට එල්ලවී ඇති පහර හේතුවෙනි. මේ ආකාරයට මත්කුඩු ජාවාරම්කරුවන් එකතුකර ඇත්තේ ප්‍රබල ව්‍යාපාරිකයෙක්ද වන මත්කුඩු ජාවාරමේ අංක එක ලෙස සැලකෙන මොහොමඞ් මුජහිඞ් විසිනි. ඔහුත් රැඳී සිටින්නේ ඩුබායිහීය. මෙසේ ප්‍රබල මත්කුඩු ජාවාරම්කරුවන් සිව් දෙනෙක් අත්වැල් බැඳගැනීම අපේ රටේ මත්කුඩු ජාවාරම මැඬලීමට බලපෑම් එල්ලනොකර සිටීවියැයි කියන්නට බැරිය.

පොලිස්පති නිරෝධායනයේ: ගෙදර ඉදන් වැඩ

මේ වන විට පොලීසියේ නිලධාරීන් අතර කොවිඞ් 19 ව්‍යාප්තිය සාර්ථකව පාලනය කර හමාරය. පොලීසිය ගැටෙන්නේ මහජනතාව සමග බැවින් පොලිස් නිලධාරීන්ට කොවිඞ් ආසාදනය නොවන්නේ යැයි කියන්නට බැරිය. බන්ධනාගාරය පොලීසිය ඇතුළු බොහෝ රාජ්‍ය ආයතනවලට කොවිඞ් 19 ඇතුළු වී ඇතත් කොවිඞ් දෙවැනි රැල්ලට අපේ රටේ ත්‍රිවිධ හමුදාව නම් තවමත් හසුවී ඇති බවක් ඇසෙන්නට නැත. ඒ පළමු කොවිඞ් රැල්ලෙන් පාඩම් උගෙන උපක්‍රමශීලීව ත්‍රීවිධ හමුදාපතිවරු තමන්ගේ නිලධාරීන් කොවිඞ් දෙවැනි රැල්ලට මුහුණ දෙන නිසා වන්නට පුළුවනි. කෙසේ වෙතත් පොලීසිය කොතරම් සාර්ථකව කොවිඞ් 19 දෙවැනි රැල්ලට මුහුණ දුන්නද පොලිස් මූලස්ථානය ආරක්ෂා කර ගැනීම එතරම් පහසු කටයුත්තක් වූයේ නැත. පොලිස්පතිවරයාගේ කාර්යාලය පිහිටි පොලිස් මූලස්ථානයටද කොවිඞ් 19 වෛරසය ඇතුළු වී තිබුණේ නිලධාරීන් තිදෙනෙක් හරහාය. කොවිඞ් 19 වෛරස ව්‍යාප්තියට එරෙහිව දැඩි ආරක්ෂක පියවර අනුගමනය කර තිබීම හේතුවෙන් පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න හෝ ඔහුගේ සමීප පොලිස් නිලධාරීන් කිසිවෙකුටත් වෛරසය ආසාදනය වී තිබුණේ නැත. එහෙත් සෞඛ්‍ය උපදෙස්වලට ගරුකරමින් ඔහු මේ වන විට සිටින්නේ ස්වයං නිරෝධායනයේය. ඒ දෛනික රාජකාරි කටයුතු සිය නිවසේ සිට දුරකතන සහ සූම් තාක්ෂණය ඔස්සේ සිදුකරමිනි. එබැවින් පොලිස්පති ස්වයං නිරෝධායනයේ සිටින්නේ යැයි කියා පොලීසියේ පරිපාලනය බිද වැටී නැත. පොලීසියේ කටයුතු සුපුරුදු ලෙස සිදුවන්නේ බාධාවකින් තොරවය.

දෙවන පෙළ හදන සී.ඩී.

සී.ඩී. වික්‍රමරත්න පොලිස්පතිධුරයට පත්වීමෙන් පසු සැලසුම් කරන්නේ ශ්‍රී ලංකා පොලීසිය ඔහුගෙන් පසු භාර ගැනීමට නියමිත තරුණ කණ්ඩායමට වැඩ කරන්නට අවස්ථාවක් ලබා දෙන්නටය. සී.ඩී. හදුනාගෙන සිටින ශ්‍රී ලංකා පොලීසියේ දෙවන පෙළ නායකත්වය වන්නේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් වන නිලන්ත ජයවර්ධන, ලලිත් පතිනායක, දේශබන්දු තෙන්නකෝන් සහ ප්‍රියන්ත වීරසූරිය යන සිව් දෙනාය. මේ අයගෙන් ලලිත් පතිනායක මධ්‍යම පළාත් භාර පොලිස් ප්‍රධානියා ලෙස සේවයේ නිරතව සිටියේය. ඊට පෙර ඔහු නැගෙනහිර පළාතේත් සබගමුව පළාතේත් පොලිස් ප්‍රධානියා ලෙස සේවය කළේය. ඊට පෙර ඔහු නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් ලෙස කොළඹ පොලිස් ලොක්කා ලෙසද සේවය කළේය. පතිනායකට මහජනතාව අතරේ සේවය කර ඇත්තේ මනා පළපුරුද්දකි. ඔහුට තව ඉගෙනීමට ඇත්තේ පොලීසියේ පරිපාලන කටයුතුය. ඒ වෙනුවෙන් ඔහුව මධ්‍යම පළතේ සිට පොලිස් මූලස්ථානයට කැඳවමින් ඔහුට අපරාධ, අපරාධ බුද්ධි, මත්ද්‍රව්‍ය කාර්යාංශය, ළමා හා කාන්තා කාර්යාංශය , කොවිඞ් මර්දන අංශය ආදී පොලීසියේ විශේෂ අංශ රැසක් භාරදීමට පොලිස්පතිවරයා ඉකුත් සතියේ පියවර ගත්තේය. ඒ ඉදිරි වසරේදී පොලීසියේ පරිපාලන ප්‍රධානියා දක්වා ඔහුගේ ගමනට පාර කපමිනි.
ලලිත් පතිනායක පොලිස් මූලස්ථානයට ගන්නා විට උතුරු මැද පළාත්භාර පොලිස් ප්‍රධානියාව සිටින පොලීස්පතිට පසු ජේ්‍යෂ්ඨත්වයෙන් දෙවැනි තැනට සිටින නන්දන මුණසිංහ මධ්‍යම පළාතට මාරුකර යැවුවේය. ඒ මධ්‍යම පළාත යනු බස්නාහිර පළාතට පසුව රටේ ඇති ප්‍රධානතම පොලිස් පරිපාලන පළාත වන බැවිනි. එහෙත් නන්දන මුණසිංහ එම ස්ථාන මාරුවීම ප්‍රතික්ෂේප කළේය. ඒ පොලීස්පතිවරයාගෙන් පසු පොලීසියේ ඉහළම තනතුර වන පරිපාලන අංශ ප්‍රධානී තනතුර සම්බන්ධයෙන් යම් බලාපෙරොත්තුවක් ඔහුට ලබාදී තිබුණු බැවිණි. එහෙත් පොලිස්පති සී.ඩී. ඒ තැනට පත්කරන්නේ පොලිස් සැපයුම් අංශය භාරව සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ජගත් අබේසිරිගුණවර්ධනවය. ඒ ඔහු ජ්‍යෙෂ්ඨත්වයෙන් පොලිස්පතිවරයාගෙන් පසු පළමු තැන සිටි නිලධාරියා වන බැවිනි. පොලිස්පතිවරයාගේ සැලසුම වන්නට ඇත්තේ ලබන වසරේ මුල වයස අවුරුදු 60 සම්පූර්ණව ජගත් අබේසිරිගුණවර්ධන විශ්‍රාම යාමට නියමිත බැවින් ඔහු විශ්‍රාම ගිය පසු ඒ තැනට නන්දන මුණසිංහ පත්කිරීමය. ජගත් අබේසිරිගුණවර්ධනගේ පත්වීම නන්දනට ගැටලුවක් නැත. එය ඒ ආකාරයෙන් සිදුවන්නේ නම් සැපයුම් අංශ ප්‍රධානී තනතුර තමාට හිමිවිය යුතු බව නන්දන සිතන්නට ඇත. මේ ගැටලුව ජනාධිපතිවරයා දක්වා දිව යන්නේ ඒ නිසා විය හැකිය.

ඊළග පොලිස්පති…?

අවසානයේදී සිදුවන්නේ නන්දනට සිටි තැනම සිටින්නටය. එබැවින් නන්දනගේ තැනට යොමු කරන්නට සිටි නිලන්ත ජයවර්ධනට සිදුවන්නේ මධ්‍යම පළාතේ පොලිස් ප්‍රධානියා ලෙස වැඩ භාරගන්නටය. දේශබන්දු තෙන්නකෝන් සිටින්නේ බස්නාහිර පළාත් භාර පොලිස් ප්‍රධානියා ලෙස බැවින් ඔහුගේ තැන ගැන ගැටලුවක් පොලිස්පතිවරයාට නොවීය. සී.ඩී. වැඩ බලන පොලිස්පතිවරයාව සිටි වසර එකහමාරක කාලය තුළ ඔහුට වඩාත් ශක්තියක් වූ නිලධාරින් අතර ප්‍රියන්ත වීරසූරිය සිටියේ ඉහළින්මය. ලලිත් පතිනායකට භාරදෙන්නේ එතෙක් ප්‍රියන්ත කළ වැඩ කොටසය. ප්‍රියන්ත ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධුරයට උසස්වීමෙන් පසු පළාත් භාරව සේවය කරමින් අත්දැකීම් ලබාගෙන තිබුණේ නැත. එබැවින් පොලිස්පති ඔහුව සබරගමුවට යොමු කරන්නේ පොලීසියේ සැපයුම් අංශයේ වැඩ කටයුතුද ඔහුට පවරමිනි. මෙසේ පොලීසියේ දෙවැනි පරම්පරාව සී.ඩී. පොලිස්පතිවරයෙක් ලෙස ශක්තිමත් කරන්නේ මෙරට මෑත ඉතිහාසයේ සිටි වෙනත් කිසිදු පොලිස්පතිවරයෙක් නොකළ ආකාරයටය. ඒ ඔහුට මේ කිසිදු නිලධාරියෙක් අභියෝගයක් නොවන නිසාය. සී.ඩී.ගෙන් පසු බොහෝ විට ඊළග පොලිස්පතිවන්නේද මේ අය අතර සිටින එක් නිලධාරියෙක් බව නම් පැහැදිලිය.

රුවන් වෙඩිවර්ධන

SendShareShare
Previous Post

තවදුරටත් උසස් කළ HUTCH Self Care App දැන් ඔබේ ඇඟිලි තුඩට

Next Post

අලි මැරිල්ලේ ලංකා වාර්තාව ගැන සජිත් කම්පා වෙයි

MORE NEWS

අනවසර කඩ කඩන්න යද්දී හැටන් උණුසුම් වෙයි! මූණු බලලා කඩ කඩන බවට කඩහිමියන්ගෙන් චෝදනා! විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහායත් කඩහිමියන්ට!  PHOTOS I Sri Lanka Latest News
Exclusive

අනවසර කඩ කඩන්න යද්දී හැටන් උණුසුම් වෙයි! මූණු බලලා කඩ කඩන බවට කඩහිමියන්ගෙන් චෝදනා! විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහායත් කඩහිමියන්ට!  PHOTOS I Sri Lanka Latest News

සජිත්ගේ මවගේ වියදම් බලාගන්න බැරිද කියලා ඒ කාලේ ජවිපෙ නායකයෝ ඇහුවා! බලන් යද්දි ජවිපෙ නායක රෝහණ විජේවීරගෙ පවුලම බලාගන්නේ මහජන බදු මුදල්වලින්! මාසෙට වියදම ලක්ෂ එකහමාරක්! බැරිද දැන්වත් ජවිපෙ පක්ෂ මූලස්ථානයෙන් මේ පවුල නඩත්තු කරන්න! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ මවගේ වියදම් බලාගන්න බැරිද කියලා ඒ කාලේ ජවිපෙ නායකයෝ ඇහුවා! බලන් යද්දි ජවිපෙ නායක රෝහණ විජේවීරගෙ පවුලම බලාගන්නේ මහජන බදු මුදල්වලින්! මාසෙට වියදම ලක්ෂ එකහමාරක්! බැරිද දැන්වත් ජවිපෙ පක්ෂ මූලස්ථානයෙන් මේ පවුල නඩත්තු කරන්න! VIDEO I Sri Lanka Latest News

බුදු දහමට-මහා සංඝරත්නයට කරන සංවිධානාත්මක ගැරහුම්වලට එරෙහිව 27දා කොළඹ තියන මහා සඟ සමුළුවට සියල්ල ලෑස්තියි! මුලින්ම අස්ගිරි-මල්වතු මහනාහිමිවරු දැනුවත් කරයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

බුදු දහමට-මහා සංඝරත්නයට කරන සංවිධානාත්මක ගැරහුම්වලට එරෙහිව 27දා කොළඹ තියන මහා සඟ සමුළුවට සියල්ල ලෑස්තියි! මුලින්ම අස්ගිරි-මල්වතු මහනාහිමිවරු දැනුවත් කරයි!  VIDEO I Sri Lanka Latest News

සමගි නීතීඥ සම්මේලනය කොළඹදී රැස්වුණා! සමගි වනිතා බලවේගය බුත්තලදී රැස්වුණා! අධිකරණයට අත නොතබනු..! පෙත්සමටත් විපක්ෂනායක සජිත් අත්සන් කළා! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

සමගි නීතීඥ සම්මේලනය කොළඹදී රැස්වුණා! සමගි වනිතා බලවේගය බුත්තලදී රැස්වුණා! අධිකරණයට අත නොතබනු..! පෙත්සමටත් විපක්ෂනායක සජිත් අත්සන් කළා! PHOTOS & VIDEO I Sri Lanka Latest News

දැන් ඡන්දයක් තිබ්බොත් මාලිමාවට 65%යි! ඉතින් තියන්නකෝ පළාත් සභා ඡන්දේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණගේ විශ්වාසභංගය අද එනවා! I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අනුර කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශයේ වැඩ ගැන හොයලා බලයි! ලබන අවුරුද්දේ කරන්න යන් දේවල් ගැනත් අහයි! PHOTOS I Sri Lanka Latest News

Load More
අනවසර කඩ කඩන්න යද්දී හැටන් උණුසුම් වෙයි! මූණු බලලා කඩ කඩන බවට කඩහිමියන්ගෙන් චෝදනා! විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහායත් කඩහිමියන්ට!  PHOTOS I Sri Lanka Latest News
Exclusive

අනවසර කඩ කඩන්න යද්දී හැටන් උණුසුම් වෙයි! මූණු බලලා කඩ කඩන බවට කඩහිමියන්ගෙන් චෝදනා! විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහායත් කඩහිමියන්ට!  PHOTOS I Sri Lanka Latest News

ආර්.එෆ්.එම්.සුහෙල් - නුවරඑළිය හැටන් දික්ඔය නගර සභාවේ ආදායම් පරිපාලක ඇතුලු නිළධාරින් එම වෙළදුන්ට අනවසර ඉදි කිරිම් ඉවත් කරන ලෙසට දැනුම්...

Read more
සජිත්ගේ මවගේ වියදම් බලාගන්න බැරිද කියලා ඒ කාලේ ජවිපෙ නායකයෝ ඇහුවා! බලන් යද්දි ජවිපෙ නායක රෝහණ විජේවීරගෙ පවුලම බලාගන්නේ මහජන බදු මුදල්වලින්! මාසෙට වියදම ලක්ෂ එකහමාරක්! බැරිද දැන්වත් ජවිපෙ පක්ෂ මූලස්ථානයෙන් මේ පවුල නඩත්තු කරන්න! VIDEO I Sri Lanka Latest News

සජිත්ගේ මවගේ වියදම් බලාගන්න බැරිද කියලා ඒ කාලේ ජවිපෙ නායකයෝ ඇහුවා! බලන් යද්දි ජවිපෙ නායක රෝහණ විජේවීරගෙ පවුලම බලාගන්නේ මහජන බදු මුදල්වලින්! මාසෙට වියදම ලක්ෂ එකහමාරක්! බැරිද දැන්වත් ජවිපෙ පක්ෂ මූලස්ථානයෙන් මේ පවුල නඩත්තු කරන්න! VIDEO I Sri Lanka Latest News

බුදු දහමට-මහා සංඝරත්නයට කරන සංවිධානාත්මක ගැරහුම්වලට එරෙහිව 27දා කොළඹ තියන මහා සඟ සමුළුවට සියල්ල ලෑස්තියි! මුලින්ම අස්ගිරි-මල්වතු මහනාහිමිවරු දැනුවත් කරයි!  VIDEO I Sri Lanka Latest News

බුදු දහමට-මහා සංඝරත්නයට කරන සංවිධානාත්මක ගැරහුම්වලට එරෙහිව 27දා කොළඹ තියන මහා සඟ සමුළුවට සියල්ල ලෑස්තියි! මුලින්ම අස්ගිරි-මල්වතු මහනාහිමිවරු දැනුවත් කරයි!  VIDEO I Sri Lanka Latest News

සමගි නීතීඥ සම්මේලනය කොළඹදී රැස්වුණා! සමගි වනිතා බලවේගය බුත්තලදී රැස්වුණා! අධිකරණයට අත නොතබනු..! පෙත්සමටත් විපක්ෂනායක සජිත් අත්සන් කළා! PHOTOS & VIDEO I Sri Lanka Latest News

සමගි නීතීඥ සම්මේලනය කොළඹදී රැස්වුණා! සමගි වනිතා බලවේගය බුත්තලදී රැස්වුණා! අධිකරණයට අත නොතබනු..! පෙත්සමටත් විපක්ෂනායක සජිත් අත්සන් කළා! PHOTOS & VIDEO I Sri Lanka Latest News

දැන් ඡන්දයක් තිබ්බොත් මාලිමාවට 65%යි! ඉතින් තියන්නකෝ පළාත් සභා ඡන්දේ..! VIDEO I Sri Lanka Latest News

හර්ෂණගේ විශ්වාසභංගය අද එනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.