මෙරටට පැමිණෙන සංචාරකයන් සදහා වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය වී.එෆ්.එස් නමැති සමාගමට පවරා දීම පිටුපස අතයට ගනුදෙනුවක් සිද්ධ වී ඇද්දැයි සොයා බලන ලෙස, “අල්ලස-දූෂණය-නාස්තියට එරෙහි පුරවැසි බලය” නමැති සංවිධානය විසින් ඊයේ දිනයේ දී අල්ලස් කොමිසමට පැමිණිලි කර තිබෙන බව වාර්තා වේ. Sri Lanka Latest News
වී.එෆ්.එස් නමැති සමාගමට වීසා නිකුත් කිරීමේ බලය පැවරීමෙන් පසුව, වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය සදහා අය කරන ගාස්තුවට, ඊට පෙර පැවති ගාස්තුවට වඩා ඩොලර් විසි පහකින් වැඩි වී තිබේ.
මේ මගින් රට තුළට සංචාරකයන් පැමිණීමේ අඩුවක් සිද්ධ විය හැකි බව පවසන පැමිණිලි කරුවෝ, එමෙන්ම, වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය වී.එෆ්.එස් සමාගමට පවරා දීමේ දී, යම් අතයට ගනුදෙනුවක් සිද්ධ විය හැකි බැවින් ඒ පිළිබදව විමර්ශනය කරන ලෙස ද අල්ලස් කොමිසමෙන් ඉල්ලා සිටිති.