ජංගම දුරකතන සන්නිවේදන සේවා සඳහා ශ්‍රී ලංකාවේ වඩාත් ප්‍රියතම තේරීම වන හච්, ස්වකීය පාරිභෝගිකයින් හට වැඩි දියුණු කළ වඩාත් උසස් යෙදවුම් අත්දැකීමක් පිරිනැමීම සඳහා, ජනප්‍රිය HUTCH Self Care යෙදවුමෙහි නවතම අනුවාදය දැන් එළිදක්වා තිබේ.
මෙම යෙදවුම ඔස්සේ සේවාවන් රාශියක් පිරි නැමීම හේතුවෙන්, හච් පරිශීලකයින් හට දැන් බාහිරව මුදල් ගෙවීම ගැන හෝ රීලෝඞ් කිරීම පිළිබඳව කරදර විය යුතු නැත. නවතම අංගයක් වශයෙන් මුදල් ගෙවීමේ/රීලෝඞ් කිරීමේ අභ්‍යන්තර පහසුකම, යෙදවුමට එක් කර තිබීම විශේෂත්වයකි. එමෙන්ම, මෙම නවතම යෙදවුමත් සමග, USSD සක්‍රිය කිරීමේ කේත මතක තබා ගැනීමේ කරදරයෙන්ද පරිශීලකයින් නිදහස් කෙරෙන අතර, එහි පවතින සම්පූර්ණ සේවා ලැයිස්තුව ක්‍රියාත්මක කිරීම මගින් ඕනෑම සේවාවක් කිසිදු බාධාවකින් තොරව සක්‍රිය කිරීමට පරිශීලකයින්ට හැකියාව පවතී.
මෙම යෙදවුම භාවිතා කරන්නන් ඒ සමගින් පිරිනැමෙන නවතම “My Plan” විශේෂාංගය මගින්ද බල ගැන්වෙන අතර, එමගින් සිය දත්ත සැලසුම් තමන්ට අවශ්‍ය පරිදි ලබා ගැනීමටත්, ඇමතුම් හා කෙටි පණිවුඩ, ස්වකීය කැමැත්ත පරිදි එක් කර ගැනීමටත් හැකියාව සලසා තිබේ.
මෙහි ඇති විශේෂත්වය නම්, යෙදවුම භාවිත කිරීම සඳහා කිසිදු ගාස්තුවක් අය නොකිරීමයි. එමෙන්ම, දවසේ ඕනෑම වේලාවක යෙදවුමට පිවිසීම මගින් ඒ මොහොතෙහි පවතින ශේෂය දැන ගත හැකි වේ.