• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Politics

මිනීමැරුම් කතා-දූෂණ කතා වදහිංසා කතා මැද ‘ජීවන පහන් තිලිණ’ රුහුණු සරසවිය ඇතුළට ගිය කතාව

September 22, 2019
in Politics, Uncategorized
Reading Time: 2 mins read
A A
මිනීමැරුම් කතා-දූෂණ කතා වදහිංසා කතා මැද ‘ජීවන පහන් තිලිණ’ රුහුණු සරසවිය ඇතුළට ගිය කතාව
Share on WhatsAppShare on Facebook

මුහුදු හුළඟ කියනා ගීය අසමින් අප යමින් ඉන්නවා. ගාලු කොටුපවුර නිහඬයි. යෝධ ඔරලෝසුවේ තත්පර කට්ට හැල්මේ දුවනවා. පැය කටුව හත්හරිනවා. අපි ගාල්ලෙන් මාතර පැත්තට හැරෙනවා. තාරකා කොටුව අපි එනකල් බලාගෙන ඉන්නවා. එහෙං මෙහෙං කඩාපනින වැහි පොදක බාධාව නොසලකා අපි එනවා. මේ යන්නෙ කොහෙද දන්නවද?
“රුහුණ සරසවිය”
මේක තමයි අපි නැවතුණ තැන. හැම තැනම රුහුණෙ නම කියැවුණේ පහුගිය ටිකේ හොඳ පැත්තෙන් නෙවෙයි. රුහුණට දිගටම එල්ලවුණේ චෝදනා. ඒවා එකින් එක කියන්න අවශ්‍ය නෑ. හැබැයි එහෙම වුණාය කියලා ඒ පුංචි පුංචි දේවල්වලින් මේ විශාල සරසවියට අපහාසයක් වෙන්නෙ නෑ. එහෙම නැත්තෙත් නෑ.
අපි රුහුණට යනකොට රුහුණ වහලා. සරසවි සිසුන්ට ඇතුළු වීම තහනම් ඇයි කියන එකට එක එක උත්තර ලැබුණා. හැබැයි පරිපාලනය පැත්තෙන් හම්බවුණු උත්තරය වෙන්නෙ අන්තර් සරසවි ක්‍රීඩා උළෙලට සරසවිය වහලා කියන එක. එහෙම සරසවි වහන සිරිතක් නන් අපි සාමාන්‍යයෙන් අහලා නෑ. හබැයි රුහුණ වහලා මේ උත්සවේ තියන්නෙ කාගෙ උවමනාවකටද කියන එක අපැහැදිළියි. ඒ නිසා මේවා බලධාරීන්ට පෙනේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා.
ඒ අතර අපි හෙව්වා අර “වැට මාර පොලු කතාව” ගැන. මොකද අසරසවියට ඇතුළු වෙන්න ඉඩ නොදුන්නට කැම්පස් කෙල්ලො කොල්ලො බාගෙට බාගයක් අහල පහළ තැන් තැන්වල ඉන්නවා. ඒ නිසා වැඬේට අවශ්‍ය කරන කොල්ලො කෙල්ලො හොයාගන්න අමාරු වුණේ නෑ. හැබැයි ඒ නවක වදයට මුහුණ දුන්නාය කියන කෙනා හිටියෙ නෑ. එහෙම නොහිටියට ඔහුගේය කියන හඬපට කීපයක් අපට අහන්න ලැබුණා. ඒවායෙ කියවෙන්නෙ ඔහු කාගෙ හරි වුවමනාවකට වැඩ කරනවා වගේ කතාවක්. මේ ආයතනයේ ඉන්න කවුරු හෝ බලධාරියෙක් මේ ශිෂ්‍යයව තමන්ගෙ ඉත්තෙක් කරගෙන කියලයි අප පේන්නෙ. ඒක එහෙම වෙනවා නම් බරපතළ වරදක්. මොකද අපි මේ සරසවියට ගිහිල්ලා හොයාගන්න කාරණා සහ සරසවියෙ ඇහෙන පේන දේවල් එක්ක අර සිදුවීම ගළපන්න ගියාම පරස්පරයි. මොකද මේ ශිෂ්‍යයාගෙ සමහර හැසිරීම්වල සැක සහිත බවක් තියෙන බව අපි මීට කලිනුත් කව්වා. ඔහු කියන හොස්ටල් කතාවලත් අවුලක් තියෙනවා. ඒවා රුහුණෙ නොවන අපට අපැහැදිලි වුණාට ඔබ රුහුණේ නම් ඔබට පැහැදිළි ඇති. මොකද ඔහු කියනවා ඔබට ඇහුණා නම්, මේ සියක්ක වෙන්නෙ මැදවත්ත හොස්ටල් එකේදි කියලා. ඔහු මැදවත්ත හොස්ටල් එකේ රෙජිස්ටර් වුණු කෙනෙක් නෙවෙයි. ඔහු ඉන්නෙ පඹුරන හොස්ටල් එකේ. ඔහු මැදවත්තෙ හොරෙන්වත් ඉඳලා නෑ. මොකද මැදවත්තෙ හොරෙන් හිටපු අය සියලුම දෙනාට එරෙහිව විශ්වවිද්‍යාල පරිපාලනය පියවර ගන්නවා.
ඒ පිරිස අතරත් මේ ශිෂ්‍යයා නෑ. එහෙම නම් කොහොම ද ඔහුට මෙහෙම දෙයක් මැදවත්තෙ දි වෙන්නෙ? ඊළඟට මැදවත්තෙ ඔහු හොරෙන් හිටියා නම් ඇයි ඔහුට එරෙහිව විශ්වවිද්‍යාල පරිපාලනය පියවර නොගන්නෙ. මේවා අපැහැදිලි කාරණා. මේ දේවල් පිටිපස්සෙ විශ්වවිද්‍යාල පරිපාලනය ඉන්නවා නම් ඒක රුහුණ සරසවියට සහ ඒ ඉතිහාසයටම කරන අගෞරවයක්.
මේ සරසවියට තියෙන බරපතළම චෝදනාවක් වෙන්නෙ අලුත් කුලපතිතුමා සියලු නාලිකා ඔස්සේ ලෝකෙටම කියපු කොණ්ඩම් කතාව. ඒකෙන් කියවුණේ කොන්ඩම් බාල්දියක් හම්බවුණා කියලා. මේ කොන්ඩම් කතාව රුහුණෙ හැම සිදුවීමකටම ඈඳන්නත් කවුරු හරි උත්සාහ කරනවා වගේ ගතියකුත් පෙනුණා. හැබැයි සාමාන්‍යයෙන් මොනම හරි ආයතනයකට පරිපාලකයෙක්, ප්‍රධානියෙක්, නායකයෙක්, ලොක්කෙක් පත්වුණාම ඔහු පෙනීඉන්නෙ ආයතනය වෙනුවෙන්. ආයතනය ඇතුළෙ තියෙන ප්‍රශ්න විසඳගන්නෙ ඒවා ඇතුළෙ. ආයතනයට අපහාසයක් වෙන තැනකදි ඔවුන් ආයතනය බේරගන්නවා. ඒක ආයතනය පැත්තෙන් වෙන්න ඕනෙ දෙයක්. නමුත් මේ ප්‍රධානියා පත්වීමත් එක්ක වෙන්නෙ රුහුණට බරපතළ මඩක් වැදුණ එක. ඇත්ත වුණත් බොරු වුණත් ඒක එහෙම කියන තැනම අවුලක් තියෙනවා.
හැබැයි ඒ සියල්ල පැත්තකින් තියලා අපි මේ ගැන හෙව්වා. මේ කියන කාමරය සිසුන් පාවිච්චි කරපු එකක්. ඒක පාවිච්චි කළේ වෙන මොනවටවත් නෙවෙයි. ඒ කාමරේ අස්සෙ තියෙන්නෙ දේශපාලනය. ලිංගික කටයුතු වුණාද නැද්ද කියන එකට සාක්ෂි නෑ. හැබැයි මේ කොල්ලො කෙල්ලො මේක අස්සෙ ඕක කරන්න ඕනෙද කියලා ප්‍රශ්නයක් අපට තියෙනවා. ඒ වගේම විශ්වවිද්‍යාලයක් විශ්වවිද්‍යාලයක් විදියට තියාගන්න බැරි පිරිසක් ගැන අප්පිරියාවකුත් හිතෙනවා. ඒ වගේම තව මරු කතාවක් මේක අස්සෙ කරක්ගහන කොට අපට ඇහුණා.
“සරසවි සිසුන් කියන්නෙ සියලුම දෙනා වයස අවුරුදු විස්සට වැඩි අය. සමහර විට මෙහෙ ඉන්නවා අවුරුදු විසිපහ, විසිහය, විසිහත වගේ වයස්වල අය. සාමාන්‍ය සමාජෙ ඉන්න ඒ වයස්වල අය ලිංගිකව හැසිරෙන්නෙ නැද්ද?”
“එහෙමනම් ඇයි මේ කැම්පස් එකට චෝදනා කරන්නෙ..”
ඒක ඇත්ත, හැබැයි ප්‍රශ්නෙ තියෙන්නෙ වැඬේ නෙවෙයි තැන. එහෙම වුණා නම් වරදක් තියෙනවා. හැබැයි මේ ප්‍රශ්නය අනවශ්‍ය විදියට ඇතිකරගන්න එකක් කියලා පැහැදිලියි. මොකද විශ්වවිද්‍යාලයේ සුබසිද්ධිය උදෙසා වැඩ කරන පරිපාලනයක් නම් මොනම කාමරයක හරි එල්ලලා තියෙන පින්තූර ටිකක් කඩලා බිඳලා දාන්නෙ නෑ කියලා අපි විශ්වාස කරනවා. එහෙම ඒවා මෙහෙ වෙලා තියෙනවා. ශිෂ්‍යයන්ගෙ අයිතිය යටතේ තිබුණු ලොකර් කඩලා දැම්ම කවුරු හරි කෙනෙක් ගැන රුහුණ ඇතුළෙ කියවෙනවා.
ඒ වගේම රුහුණෙ ශිෂ්‍ය අත්තඩංගුවට ගැනීම් නිල වශයෙන් සහ නිලනොවන වශයෙනුත් වෙලා තියෙනවා කියලා රුහුණ විශ්වවිද්‍යාලයෙ ළමයි කියනවා. ඒ පිළිබඳ පැහැදිලි සඳහන් කිරීමක් කිසිම මාධ්‍යයක වුණේ නෑ කියලත් කියනවා. හැබැයි එක්තරා ආරක්ෂක අංශයකින් ශිෂ්‍ය සංගමයක ප්‍රධානීන් දෙන්නෙක්ව නිල නොවන වශයෙන් උස්සපු එක ගැන කතාවක් කියවෙනවා. ඒ විදියට ආරක්ෂක අංශ එක්ක සම්බන්ධයක් තියෙන කෙරුමා කවුද කියලා දන්න අය දන්නවාලු.
ඒත් පුදුමය කියන්නෙ රුහුණ සරසවියෙ පළමු වසරේ සිටම සිසුන් අත්තඩංගුවට පත්වෙලා ඉන්නවා. ඒ නවක වධයට පක්ෂ අය විදියට. හැබැයි නවක වධය ලබන්නෙත් මේ ශිෂ්‍යයෝමයි. එහෙම නම් නවක වධය දෙන්නෙ කවුද? කාටද? කියන එක පවා අපැහැදිළියි. මේ විදියෙ අත්තනෝමතික විදියට ශිෂ්‍යයො හිරකරන පරිපාලනයක් ගැනයි රුහුණ කියන්නෙ. අපි මේ ලියන දවස වෙනකොට ශිෂ්‍යයො විස්සකට ආසන්න ප්‍රමාණයක් රිමාන්ඞ් කරලා. මේ විදියට දඬුවම් කරන අතරෙ, අර නවකවධ සිද්දියට අදාළ ශිෂ්‍යයා සමහර සිසුන්ට ඇමතුම් දීලා කියනවා,
“ඊළඟට උඹ…”
කියලා. මේක අප්‍රසන්න තත්ත්වයක්. හැබැයි රුහුණ කියන්නෙ සුන්දර සරසවියක් රුහුණෙ සමහර ඉසව්වකට ඈත මුහුදෙ පිපෙන පෙණ කිණිති පේනවා. ඈත පේන දෙවුන්දර දේවාලෙ දිහා බලාගෙන කොල්ලො කෙල්ලො හීන ඇහිඳිනවා. උන් සමනල පාළම දිහා බලාන ආදර කතා කියනවා. ඈත ඈත තැන් පහක රුහුණෙ පීඨ පහක් තියෙනවා. මේ හැම තැනකම මිනිස්සු මිනිස්සු කරන්න වෙහෙසෙන ගුරුවරු ඉන්නවා. හෙටක් ගැන හීන දකින කොල්ලො කෙල්ලො ඉන්නවා. හැබැයි මේ හැම ලස්සනක්ම අතරෙ “ළමයෙක් මරලා හරි මගෙ වැඬේ කරගන්නවා” කියලා කියන අයත් ඉන්නවලු. එහෙම අය ඉන්නවා නම් ඒක භයානකයි. හැබැයි සරසවියට දේව බැල්ම තියෙනවා කියන අයම යක්කු වෙලා සරසවිය විනාශ කරනවා නම් ඇත්ත යක්කුයි දෙයියොයි ඔය පරණ ගොඩනැගිලි අතරින් මතු වේවි කියලා අපට හිතුණා. වැරැදි නම් ඒ අයට දඬුවම් කිරීමත්, යහමගට ගැනීමත් වගේම තම තමන්ගෙ අවශ්‍යතා වුවමනාවලට මේ ආයතන භාවිත කිරීමත් වෙන වෙන විදියෙ වැඩකියලා රටේ බලධාරීන්ටත් පෙනේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. හැබැයි මේ හදන්නෙ කොල්ලො කෙල්ලො හොඳ කරන්න නෙවෙයි. ඒත් හරිය වැරද්ද තේරුම් ගන්න. අපට රුහුණෙ තුරුපත් අතරෙ, හුළඟ මුණු මුණුවෙ ඇහුණෙ අන්න ඒ කතාව.

ජීවන පහන් තිලිණ

SendShareShare
Previous Post

විධායකය අහෝසි කරන ‌වැඩේ හදිසි කැබිනට්ටුවට ගේන්න මෛත්‍රි කළ ‌රහස් ‌මෙහෙයුමේ කවුරුත් ‌නොදත් කතාව ‌මෙන්න

Next Post

දැක්ක වීඩියෝවේ ‌නොදැක්ක පැත්ත

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Uncategorized

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Uncategorized

හෝමාගම කර්මාන්ත ශාලාවේ ගින්නෙන් 5ක් මරුට! හිරවී සිටින අය සොයා තවදුරටත් මෙහෙයුම්! I Sri Lanka Latest News

කතානායකට බරපතළ චෝදනාවක්! මේ පාර ලොන්ඩරි කේස් එකක්! හෙළිදරව්ව ගම්මන්පිලගෙන්! අල්ලස් කොමිසම ඇක්ෂන් එකක් ගනියිද? VIDEO I Sri Lanka Latest News
Uncategorized

කතානායකට බරපතළ චෝදනාවක්! මේ පාර ලොන්ඩරි කේස් එකක්! හෙළිදරව්ව ගම්මන්පිලගෙන්! අල්ලස් කොමිසම ඇක්ෂන් එකක් ගනියිද? VIDEO I Sri Lanka Latest News

Uncategorized

දුප්පත් මිනිස්සුන්ට දෙන අස්වැසුමෙනුත් ගැහිල්ලක් ගහලා! මේක පුදුම රටක්! VIDEO I Sri Lanka Latest News

කරනවා කියපු කිසිම දෙයක් ජනතාවට කරන්නේ නැතිව ආණ්ඩුව දයාසිරිව දඩයම් කරන්නයි යන්නේ..! ලැජ්ජයි! දයාසිරි වෙනුවෙන් සජබය සහ සජිත් පෙරට එයි! VIDEO I Sri Lanka Latest News
Uncategorized

කරනවා කියපු කිසිම දෙයක් ජනතාවට කරන්නේ නැතිව ආණ්ඩුව දයාසිරිව දඩයම් කරන්නයි යන්නේ..! ලැජ්ජයි! දයාසිරි වෙනුවෙන් සජබය සහ සජිත් පෙරට එයි! VIDEO I Sri Lanka Latest News

‘සමාජ මාධ්‍ය රටට අහිතකරයි! අධිකාරියක් මගින් පාලනය කළ යුතුයි!’ රනිල් මෑතකදී පත්කළ වයඹ ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා මුට්ටිය දාලා බලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ව්‍යාපාරිකයෙක්ගෙන් මිලියනයක අල්ලසක් අරන්! හිටපු ඇමැති ලක්ෂ්මන් යාපාට මහාධිකරණයේ නඩු පවරයි!  I Sri Lanka Latest News

Load More
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

අග්‍රාමාත්‍ය හරිනි අමරසුරිය කොළඹ ප්‍රධාන පෙළේ හෝටලයකට පැමිණෙමින් සිටියදී දුරදක්නයකින් නිරීක්ෂණය කළ බව කියන පුද්ගලයින් තිදෙනෙක් සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.Sri...

Read more
ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

කෝප් එකයි කෝපා එකයි සජිත් විපක්ෂයට ගනී! රැස්වීම් 3කට ආවෙ නැත්නම් මන්ත්‍රීවරු එළියට දාන්නත් තීරණයක්!

කෝප්-කෝපා කමිටුවලට තටු ලැබෙයි! ආන්දෝලනාත්මක වාර්තා රැසක් කෙළින්ම නීතිපතිට සහ අල්ලස් කොමිසමට! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.