• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

දිවුලපිටි‌යෙන් ඇමැති පුටුවට ආ කවුද ‌මේ අනුරුද්ධ?

December 15, 2019
in News, Politics, Uncategorized
Reading Time: 7 mins read
A A
දිවුලපිටි‌යෙන් ඇමැති පුටුවට ආ කවුද ‌මේ අනුරුද්ධ?
Share on WhatsAppShare on Facebook

“කොහොම මන්ත්‍රිතුමා?”
කියන එකයි,
“කොහොමද ඇමැතිතුමා?”
කියන එකයි අතර තියෙන පරතරය කොච්චරද? ඒක සාමාන්‍ය මිනිස්සු වෙච්ච අපිට තේරෙන්නෙ නෑ. හැබැයි ඒක දේශපාලකයකුගෙ ජීවිතේ දැවැන්ත වෙනසක්. ඒ වෙනස ජීවිතේට එකතු වුණ දේශපාලකයො කීප දෙනෙක්ගෙ නම් අපිට අලුතෙන් ලැබුණා. ඒ වර්තමාන ජනාධිපති පත් වීමත් එක්ක. මේ අලුත් ඇමැතිවරු රාජ්‍ය ඇමැතිවරු විදියට පහුගියදා දිවුරුම් දුන්නා. එදා ඉඳලා තමයි මේ අයට මුලින්ම “ඇමැතිතුමා” කියන නම ලැබෙන්නෙ. ලංකාවෙ එතැනින් උඩ දේශපාලන ආමන්ත්‍රණයන් කීපයක් විතරයි තියෙන්නෙ. “අගමැතිතුමා…”
“ජනාධිපතිතුමා…”
ඒ විදියට. ඒ නිසා හා හා පුරා කියලා ඇමැතිවරු වෙච්ච රාජ්‍ය අමාත්‍යවරුන්ගෙ ගමන් මඟ ගැන හොයන්න අපි උනන්දු වුණා. මේ ලිපි පෙළ අදින් පස්සෙ දිග ඇරෙන්නෙ ඒ වෙනුවෙන්.
අපි මුලින්ම මේ ගැන හොයන්න ගොඩවුණේ සෙත්සිරිපායට. සෙත්සිරිපායෙ දෙවැනි තට්ටුවෙ නිවාස රාජ්‍ය අමාත්‍යතුමන්ගෙ කාර්යාලය. නිවාස රාජ්‍ය ඇමතිතුමන් විදියට පහුගිය දවසක දිවුරුම් දුන්නෙ ඉන්දික අනුරුද්ධ මහත්තයා. ඒ තමයි ඉන්දික අනුරුද්ධ මහත්තයා මන්ත්‍රි පුටුවෙන් ඇමැති පුටුවට මාරු වුණ පළමුවැනි වතාව.
අපි ඇමැතිතුමාව මුණ ගැහෙන්න යනකොටත් හොඳටෝම වැඩ.

“ඇමැතිතුමා රැස්වීමක…”
ඇමැතිකෙනෙක්ගෙ ජීවිතේ රටාව වෙනස්. සාමාන්‍ය මනුස්සයෙක් මිනිස්සු කෝටි දෙකක වුවමනාවන් වෙනුවෙන් වැඩ කරනවා. වර්ග කිලෝමීටර් හැට පන්දහස් හයසිය දහයක් ඔහුගෙ ඇහැට පේන්න ඕන. පේදුරුතුඩුවෙ ඉඳලා දෙවුන්දර තුඩුවට වගේම සංගමන් කන්ද තුඩුවෙ ඉඳලා කොළඹ තුඩුවටත් ලංකාවෙ එපිට තියෙන දූපත්වලටත් ඔහු වගකියනවා. මේ හැම කෙනෙක්ගෙම ප්‍රශ්නවලට උත්තර හොයන එකේ වගකීම තියෙන්නෙ ඔහුට. විශේෂයෙන්ම නිවාස කියන්නෙ බරපතළ වුවමනාවක්.
ගෙයක් කියන්නෙ මිනිහෙක්ගෙ හීනයක්. ඒ වගේම හීන නොදකින මිනිසුන්ටත් ඉහට වහලක් ඕනැ. සීමාවක් මායිමක් නෑ. හැමෝටම ඒක එහෙමයි. ඒ නිසා නිවාස ඇමැතිකම කියන්නෙ පණ තියෙන අමාත්‍යාංශයක්. මිනිස්සු හුස්ම ගන්න තාක් මේ අමාත්‍යාංශයට වැඩ තියෙනවා. ඒත් අපි තත්පරගානක ඉඩක් හොයා ගත්තා. මේ කතා බහට.
“මම ඉපදුණේ මාඔය මිටියාවතේ. සාමාන්‍ය පවුලක. සාමාන්‍ය ළමයෙක් විදියට. මගෙ තාත්තා කළේ ගඩොල් පෝරනයක්. මගෙ අහල පහළ ගෙවල්වලත් ගඩොල් පෝරනු තිබුණා..”

ඔහු කතාව පටන් ගත්තෙ එහෙම. මේක මේ කතාව ලංකාවෙ මාධ්‍යයක ලියවෙන පළමුවැනි වතාව. ඇත්තටම මාඔය මිටියාවතේ මිනිසුන්ගෙ ජීවිත අදත් ගතවෙන්නෙ මා ඔයත් එක්ක. ගඩොල්, වැලි, මැටි කර්මාන්තය තමයි ඒ මිනිසුන්ගෙ ජීවිකාව හොයාගන්න ක්‍රමය. මේ ගඩොල් කර්මාන්තයේ මිලගණන් ගැන කාටවත්ම කලින් තීන්දු ගන්න බෑ. සමහර විට මිල ගණන් හිතාගන්න බැරි තරමට ඉහළ යනවා. ආයෙත් කඩාගෙන වැටෙනවා. ඒ කඩාගෙන වැටෙන්නෙ මිනිසුන්ගෙ ජීවිතත් එක්ක.

“අපිට සමහර කාලවල ආදායමක් නෑ. සමහර කාලවල හොඳයි. මම මුලින්ම ගියෙ ආඬිමුල්ල ප්‍රාථමික ඉස්කෝලෙට. ඊළඟට මීගමුව ශාන්ත මරියා එක. හැබැයි සාමාන්‍ය පෙළින් එහාට ඉගෙන ගන්න සිරිතක් අපිට තිබුණෙ නෑ. ආර්ථික අපහසුතා අරහෙ මෙහෙ එක්ක මමත් මා ඔය මිටියාවතේ පුරුදු රස්සාවටම බහිනවා…”
“හැබැයි ඒ වෙනකොට අපේ තාත්තලා ටිකක් දියුණුයි. ගඩොල් පෝරනුවෙන් ටිකක් එහාට ගිහිල්ලා තිබුණෙ. තාත්තා ඒ වෙනකොට ඉදිකිරීම් ද්‍රව්‍ය සැපයුම්කරුවෙක් බවට පත්වෙලා තිබුණා. ඇත්තටම මා ඔය මිටියාවතේ ඉපදුණ මිනිසුන්ට වෙන කරන්න දෙයක් නෑ…”
ඔහු කිව්වා. මා ඔය මිටියාවතේ මිනිස්සු තමන්ගෙ ජීවිත මා ඔය මිටියාවතෙන් එපිටට ගෙන ගිය දවසක අන්තිම මනුස්සයත් වැලි ගොඩදාන එක නවත්තපු දවසක මිනිසුන්ට ගේ දොර හදාගන්න වැලි ගඩොල්වලට ගෙවන්න වෙන මිල කීයක් වෙයිද? ඒක දිග කතාවක්. හැබැයි මේ ඒ වෙනුවෙන් ඉඩ නෙවෙයි.
“සමහර වැස්ස දවසට මාඔයේ වතුර වැඩි වෙනවා. එහෙම දාට මිනිසුන්ට වැඩ කරන්න බෑ. මම තාත්තට හොරෙන් එයාලට කීයක් හරි දෙනවා. එහෙම නැත්නම් එයාලට එදාට කන්නවත් නෑ. එයාලා වැඩ වැඩි දවසට ඒක බැලන්ස් කරලා දෙනවා. ඒ අය මට එදා ඉඳලම හිතවත් වුණා…”
“කොහොම හරි මමත් මේ ව්‍යාපාරවලට බැස්සා. මට ඕන වුණා තාත්තට වඩා වෙනස් විදියට වැඩ කරන්න. හැබැයි මටත් ඒ වෙනකොට වෙන කරන්න දෙයක් තිබ්බෙ නෑ. මමත් මා ඔය මිටියාවතේ සාමාන්‍ය මිනිස්සු එක්ක වැඩ කරන්න පටන් ගත්තා…”
ඉන්දික අනුරුද්ධ කියන තරුණයා තමන්ගෙ පාසල් ජීවිතේට එහෙම සමුදීලා ජීවිතේ පටන් උත්සාහ කරනවා. මිනිසුන්ගෙ ජීවිතවලට කලින් ඇඳපු රටාවක් තියෙනවා. මුලින්ම වෙන්නෙ හැමෝටම ඒ චිත්‍රෙට පාට පුරවන්න. හැබැයි ඒ රටාවෙන් පිටට පැනලා අලුත් රටාවක් තමන්ටම කියලා ඇඳගන්න එක හැමෝටම කරන්න බෑ. හැබැයි ඔහු ඒ රටාව අඳින්න පටන්න ගන්නවා.
“මම එතැනින් එළිය එන්න උත්සාහ කරනවා. හැබැයි ඒක ලේසි නෑ. ඒත් මම උත්සාහය අතාරින්නෙත් නෑ. මේ මහන්සියෙ ප්‍රතිඵලයක් විදියට මට හම්බන්තොට වරායෙ ප්‍රොජෙක්ට් එකේ වැඩ හම්බවෙනවා. ඒ පස් සැපයුම්කාරයෙක් විදියට. ඔය අද වෙනකල් මට ඇදි ඇදී යන මඩ ප්‍රචාර පටන් ගන්නෙ එතැනින්.
මම එදා පස් එක්ක සම්බන්ධ ව්‍යාපාරයකට අත ගහනවා. හැබැයි මම පස් කැපුවෙ නෑ. මගෙ නමට කොහෙවත් කොතැනවත් පස් කැපීමේ බලපත්‍ර නෑ. ඒත් මම පස් කපන තැන්වලින් පස් ගන්නවා. එහෙම අරගෙන පස් ගෙනයනවා හම්බන්තොටට. ඒ කාලෙ මම නතර වෙලා හිටියෙ රුපියල් පන්දාහකට කුලියට ගත්ත ගෙදරක. ඒ ගෙදර ටොයිලට් එකක්වත් තිබ්බෙ නෑ. හැබැයි මම උත්සාහය අතඇරියෙ නෑ. මොකද ඔය වෙන කොට අපේ ව්‍යාපාර ඔක්කොම දෙදහෙ මුල්කාලෙ ආපු එජාප ආණ්ඩුව උදුර ගත්තා. එහෙම උදුරගෙන එයාලගෙ හිතවතුන්ට දුන්නා. ඒ නිසා අපි හොඳටම වැටිලා හිටියෙ.

මේ ප්‍රශ්න නිසාම අපි වැලි, මැටි ව්‍යාපාරිකයන්ගේ සංවිධානයක් පිහිටුවාගෙන තිබුණා. ඒ ඔක්කොම හිටියෙ අහිංසක මිනිස්සු. කවුරුවත් ලොකු දේශපාලකයො නෙවෙයි. හැබැයි ඔය අස්සෙ අපිට යූ ඇන් පී දේශපාලකයො ගැහුවා. ඕලිත ප්‍රේමරත්න මගෙ ගෙදරට බෝම්බ ගැහුවා. මම ඒ කාලෙ දේශපාලනයට ඇති සම්බන්ධයක් නෑ. ඒ වෙලාවෙ මාව බේරගත්තෙ එඞ්වඞ් ගුණසේකර හිටපු ඇමැතිතුමා…”
“මම හැම වෙලාවකම වැඩ කළේ මගෙ කැපවීමෙන්. සමහර දවසක මම නැඟිට්ටෙ උදේ පාන්දර තුනට. මම හතර වෙනකොට වැඩ කරන තැනට යනවා. සමහර ඔෆිස් එකකට මම එක ලියවිල්ලක් ගන්න පහළොස්වතාව ගිහිල්ලා තියෙනවා. අද ගියාම හෙට කියනවා. උදේ කියනවා හවසට කියලා. හවසට කියනවා හෙට කියලා. අද ඒ කාර්යාලය තියෙන්නෙ මගෙ අමාත්‍යාංශයේ මගෙ යටතේ. සමහර දාට දවල්ට කන්නෙ නෑ. උදේට කන්නත් බැරි වෙනවා. ඒ කැපවීමෙන් මම මුදල් හම්බ කළා. රටේ ඉහළම ආයතනවලට වඩා මම ඉහළ ආවා. මම කවදාවත් ඒ.සී. කාමරවල ඉඳලා නෑ. මම මාර්ග කාපට් කරනවා. පහත් බිම් ගොඩ කිරීම මම නීත්‍යානුකූලව කරන්නෙ. ඒවා රජයෙ වැඩ. වරකපොළ බස් නැවතුම් ස්ථානය එහෙම හදපු තැනක්.
පන්දහට ගත්ත ගෙදර වෙනුවට මම තිස්පන්දහකට ගෙයක් ගත්තා. මේ ගෙවල් අයිති අය අදත් මගෙත් එක්ක හිතවත්. මම මෙහෙම මුදල් හම්බ කළා. ඔහොම ඉන්න කොට දවසක් මම වෙන වැඩකට කොළඹ එනවා. එදා මගෙත් එක්ක මගෙ හිතවතෙක් ආවා. මම දකිනවා ඔය ඩාලිපාරෙ මොකක්ද මන්දා පෝලිමක්. මම ඒ මොකක්ද කියලවත් දන්නෙ නෑ. මම එදා තමයි දන්නෙ එතැන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන කාර්යාලය තියෙන්නෙ කියලා. මම එතැන හිටපු කෙනෙක්ගෙන් අහනවා,
“මෙතැන මොකක්ද මේ වෙන්නෙ කියලා”
එතකොට ඒ කට්ටිය කියනවා,
“ප්‍රාදේශීය සභා ඡන්දෙට නොමිනේෂන් ගන්න”
කියලා. මම ඉතිං එතැනින් යනවා. ඒ ගිහිල්ලා එනකොටත් අර පෝලිමම තියෙනවා. ටිකක් අඩුයි හැබැයි. මේ වෙලාවෙ මගෙත් එක්ක හිටපු කෙනා මට කියනවා,
“ඉන්දික ඔයත් ඉල්ලන්නකො…”
කියලා. මම බෑ කියනවා. හැබැයි එයාගෙ පෙරැත්ත කිරිල්ලටම මම අර පෝලිමේ ඉන්නවා. එයා ඒක කියන්නෙ හිතවත්කමට. එයා මට අදත් කතා කරන්නෙ ඉන්දික කියලා.
මම පෝලිමේ ඉන්නෙ හවස තුනට. තට්ටු තුනක් උඩට යනවා. එක තැන විනාඩි තුනක් විතර. නොමිනේෂන් එක ගන්නෙ රෑ නවයට. මම දේශපාලනයට එන්නෙ එහෙම. ඔය කියන්නෙ 2011”

මේ තමයි ඉන්දික අනුරුද්ධ රාජ්‍ය අමාත්‍යතුමන් දේශපාලනයට පැමිණීම දක්වා කතාව. ඒ ගමන ලස්සන මල් වැටුණ පාරක විල්ලුද පලසක ආපු සුන්දර ගමනක් නෙවෙයි. ඒක බාධක කම්කටොලු මැද ආපු කටුක ගමනක්. වැටුණ තැළුණ අතරමඟ රිදුම් බහුල ගමනක්. ඒත් ඔහුත් එක්ක එකතුවෙලා ආපහු හැරිලා බලන කොට අපිට පේන්නෙ දියඇල්ලක් ලස්සනට ගල් කුළුවලින් බේරිලා පහළට වැටෙනවා වගේ. ඒත් රිදෙන රිදුම් ගැන ඒ දිය ඇල්ලම විතරයි.
“මම තනියමම සැලසුමක් හදනවා. දිවුලපිටියෙ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 122කම අරගෙන ඒ ඔක්කොම ආවරණය වෙන විදියට. මට උපදේශකයො කවුරුවත් නෑ. මට උදව් කරන්න අය ඉන්නවා. අදටත් ඉන්නවා. ඒ අය මට උදව් කරන්නෙ පඩියකට නෙවෙයි. අදත් අනිල් ඉන්නෙ එතැන.
“මම ප්‍රාදේශීය සභා ඡන්දෙට එනවා කිව්වම සමහරු ඒ තරම්ම කැමැති වුණේ නෑ. සමහර අය මට උදව් කළා. රන්ජිත් මුණසිංහ මහත්තයා මට අත්සන් කරලම දෙනවා මම ආවට කමක් නෑ කියලා. අටදෙනෙක් විතර මට උදව් කරනවා. අද ඉන්න උප සභාපතිතුමත් මම එනවට කැමැති වෙනවා. කොහොම හරි මම ඡන්දෙට එනවා…”
එහෙම ප්‍රාදේශීය සභා ඡන්දෙට එන ඉන්දික අනුරුද්ධ මහත්තයා දිවුලපිටියම මවිත කරමින් ඡන්ද දහතුන් දහසකට කීපයක් අඩු ගාණක් අරගෙන ජයගන්නවා. ඊළඟට සභාපති වීමේ සටන ඇරඹෙනවා. අලුත් පරණ වාද බේද මැද සභාපතිකම ලැබෙන නොලැබෙන ගානට එනවා. හැබැයි අන්තිමේ මුළු රටේම වැඩි මනාප ගත්ත කෙනාට සභාපති වෙන්න ලැබෙන පිළිවෙළටම දිවුලපිටියටත් සභාපති කෙනෙක් ලැබෙනවා. ඒ තමයි ඉන්දික අනුරුද්ධ මහත්තයා.
“මම තේරුම් ගත්තා මගෙන් මොනවද මිනිස්සු බලාපොරොත්තු වෙන්නෙ කියන එක. මිනිසුන්ට හැම වෙලාවෙම ඕනැ වුණා වැඩක් ඉක්මනින් පහසුවෙන් කරගන්න. ඒකට දේශපාලකයගෙන් උදව්වක් ගන්නවුණා. මම කළේ ඒ වැඩ හැමෝටම පහසුවෙන් කරගන්න පුළුවන් විදියෙ ක්‍රමවේදයක් හදපු එක.
බොහෝ දෙනෙක් මාව හොයාගෙන ආවා. මම පාට පක්ෂ බේද නැතිව හැමෝටම මට පුළුවන් විදියට උදව් කළා…”
ඉන්දික අනුරුද්ධ මහත්තයා දිවුලපිටියෙ සභාපති බවට පත්වෙලා ටික දවසකින්ම දිවුලපිටියෙ වැඩ පෙන්නන්න ගන්නවා. ප්‍රාදේශීය සභාවට ලැබෙන්න ඕනැ වරප්‍රසාද හැම එකක්ම ලබා දෙන අතරෙ ඔහු ප්‍රාදේශීය සභාවෙන් හම්බවෙන නිල වාහනය වෙනුවට තමන්ගෙ පුද්ගලික වාහනයක් පාවිච්චි කරන්න කටයුතු කරනවා. පිටස්තරව දුන්න බොහෝ කොන්ත්‍රාත් ප්‍රාදේශීය සභාවටම ලාභ ලැබෙන විදියට කෙරෙනවා.
හැබැයි මේ තරම්ම සාර්ථක වෙන දිවුලපිටියේ සභාපතිතුමාගෙ නම ඊළඟ පළාත් සභා අපේක්ෂක නාම ලේඛනයෙන් කැපිලා යනවා.

“මට පළාත් සභාවට ඉල්ලන්න වුවමනාව තියෙනවා. හැබැයි මට නොමිනේෂන් ලැබෙන්නෙ නෑ. ඒ වෙලාවෙ බැසිල් රාජපක්ෂ මහත්තයා මට කියනවා ඔයාට ඔයිට වඩා දෙයක් ලැබේවි කියලා. හැබැයි මම ඒ වෙලාවෙ හිතන්නෙ නෑ එහෙම එකක් ගැන..”
“මම මහින්ද මහත්තයගෙ ආණ්ඩුව යටතේ දිවුලපිටියට වැඩ කළා. පුළුවන් උපරිමයෙන්ම.”
ඔන්න ඔය අතරෙයි අලුත් පුටුවක ඉඩ හැදෙන්නෙ.
“මම පාර්ලිමේන්තුවට ආවෙ ඡන්ද හැත්තෑ අටදාස් ගානක් අරගෙන. මට හුඟාක් අය උදව් කළා. චන්දන ජයකොඩි මහත්තයත් ඒ අය අතරින් කෙනෙක්. විශේෂයෙන් දිවුලපිටියෙ මහා සංඝරත්නය මට හුඟාක් උදව් කළා. මම ගම්පහින් පස්වැනියා වුණා. දිවුලපිටියට ලැබුණ ඡන්ද තිස්තුන්දාහෙන් තිස් දෙදහක්ම මට ලැබුණා.”
“පාර්ලිමේන්තුවට මුලින්ම ගිය වෙලාවෙ රනිල් වික්‍රමසිංහ මහත්තයා කිව්වා,
“හැමදාම පාර්ලිමේන්තු එන්න. ප්‍රශ්න යොමුකරන්න, යෝජනා ගෙන්න” කියලා.
මම ඒක හරියටම කළා. සමහර විට රනිල් වික්‍රමසිංහ මහත්තයටත් වඩා මම පාර්ලිමේන්තු ආවා…”
මිනිස්සු තමන් වෙනුවෙන් තවත් මනුස්සයෙක්ව පාර්ලිමේන්තු යවන්නෙ ඔහුගෙන් හෝ ඇයගෙන් තමන්ව නියෝජනය වේවි කියලා හිතාගෙන. එහෙම නොවෙන අයව තෝරලා අයින් කරන්න ඒ මිනිසුන්ට දවසක් එනවා. ඒක දැන ගෙන වැඩ කරන එක හැමෝටම වැදගත්. ඉන්දික අනුරුද්ධ මන්ත්‍රීතුමාට ඇමැති පුටුවට එන්න පාර කියන්න අන්න ඒ කාරණාව වෙන්න ඇති කියලා අපිට නිකමට වගේ හිතුණා.
“මේ වතාවෙ ඇමැතිවරු පත් කරන කොට මටත් නියෝජ්‍ය ඇමැතිකමක් ලැබුණා. මට ඒක ඉහටත් උඩින්. රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන නියෝජ්‍ය ඇමැති. මම දිවුලපිටියයෙන් භික්ෂූන් වහන්සේලා වඩම්මලා වැඩ බාරගන්න එක ලෑස්ති කරලා තිබුණෙ. මම එවේලෙම මගෙ වැඩ සටහනත් හැදුවා. හදලා ඒකෙ සංශෝධනත් ගත්තා.
ඉන්දික අනුරුද්ධ මහත්තයත් අඩුම කාලයක් නියෝජ්‍ය ඇමැතිකම දරපු අය අතර ඉන්නවා. මොකද එදා හවස් වෙනකොට නියෝජ්‍ය ඇමැතිතුමන්ගෙ නියෝජ්‍ය ඇමැතිකම අවසන් කරන ඇමතුම එනවා.
“මට හිටපු ජනාධිපති ලේකම්තුමා කතා කරලා කිව්වා, ඔයාව රාජ්‍ය අමාත්‍යවරයෙක් කරන්න යන්නෙ. ඇවිල්ලා දිවුරුම් දෙන්න කියලා. ඒවෙලාවෙ මට නිවාස රාජ්‍ය අමාත්‍ය ධුරයක් ලැබුණා. කලින් තිබුණ වැඩ පිළිවෙළ ජනතාව අනුමත නොකරන නිසයි ඒ ජනාධිපතිවරයා පැරදුණේ කියලා කිව්වා. මම එතැන ඉඳලා වැඩ පටන් ගත්තා…”
මේ විදියට ඉන්දික අනුරුද්ධ ප්‍රාදේශීය සභා සභාපතිතුමා රාජ්‍ය අමාත්‍ය ධුරයෙ දිවුරුම් දෙනවා. මේ අලුත් ගමනක ඇරඹුම. අපි හැමදාම මාධ්‍ය එක්ක හිටපු රාජ්‍ය ඇමැතිතුමාට සුබ පතනවා. හැමෝගෙම හිසට වහලක් ලැබෙන හෙට දවසක සුබ සිහිනයක් වෙනුවෙන් මේ අය වෙහෙසෙනවා. ඒ වෙහෙසේ මල් පල ගන්න දවසක් වෙනකල් අපි බලාගෙන ඉඳිමු.
ඉන්දික අනුරුද්ධ රාජ්‍ය අමාත්‍යතුමනි. “මව්රට” අපෙන් සුබ පැතුම්.

ජීවන පහන් තිලිණ

SendShareShare
Previous Post

ජාතික ඇදුමද-යුරෝපීය ඇදුමද-මන්ත්‍රී සූට් එකද? ‌ගෝඨා 3 දා අදින්නේ ‌මොකක්ද?

Next Post

උතුරෙන් මහජන්දෙට අලුත් පක්ෂයක්

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Uncategorized

ගල්කිස්සේත් වෙඩි තිබ්බා..! වෙලාවට පත්තු වෙලා නෑ! I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Uncategorized

ලබන අවුරුද්දේවත් අඩුවට මාළු කෑල්ලක් කන්න පුළුවන් වෙයිද? අනුර ධීවර අමාත්‍යංශයේ නිලධාරීන් ජනාධිපති ලේකම් කාර්යාලයට කැඳවයි! PHOTOS I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Uncategorized

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Uncategorized

හෝමාගම කර්මාන්ත ශාලාවේ ගින්නෙන් 5ක් මරුට! හිරවී සිටින අය සොයා තවදුරටත් මෙහෙයුම්! I Sri Lanka Latest News

කතානායකට බරපතළ චෝදනාවක්! මේ පාර ලොන්ඩරි කේස් එකක්! හෙළිදරව්ව ගම්මන්පිලගෙන්! අල්ලස් කොමිසම ඇක්ෂන් එකක් ගනියිද? VIDEO I Sri Lanka Latest News
Uncategorized

කතානායකට බරපතළ චෝදනාවක්! මේ පාර ලොන්ඩරි කේස් එකක්! හෙළිදරව්ව ගම්මන්පිලගෙන්! අල්ලස් කොමිසම ඇක්ෂන් එකක් ගනියිද? VIDEO I Sri Lanka Latest News

ජනතාවට වඩාත් කාර්යක්ෂම සහ ඵලදායී සේවාවක් සැපයීම ගැන කතාකරන්න අනුර දිස්ත්‍රික් ලේකම්වරුන්-අමාත්‍යංශ ලේකම්වරුන්-දෙපාර්තමේන්තු ප්‍රධානීන් කැඳවයි! I Sri Lanka Latest News
Exclusive

ජනාධිපති කෝච්චි බස් ගැන දැඩි තීන්දුවක් ගනී! Sri Lanka Latest News

Load More
අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

පසුගිය පක්ෂ නායක රැස්වීමේ දී ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය යන රාජ්‍ය පාලනයේ ප්‍රධාන කුළුණු තුන (Tripartite System of Government) හා...

Read more
දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

ගල්කිස්සේත් වෙඩි තිබ්බා..! වෙලාවට පත්තු වෙලා නෑ! I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.