• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

කලකදි රහ වී කලකදි වහ වූ ‌පෙට් ස්කෑනර් අර්බුදය: ‌මොහොමඩ් කට අරිද්දී ‌දොස්තර කට වහයි

December 23, 2019
in News, Politics, Uncategorized
Reading Time: 2 mins read
A A
කලකදි රහ වී කලකදි වහ වූ ‌පෙට් ස්කෑනර් අර්බුදය: ‌මොහොමඩ් කට අරිද්දී ‌දොස්තර කට වහයි
Share on WhatsAppShare on Facebook

පිළිකාව යනු කිසිවකු කතා කිරීමට හෝ අකැමැති මාතෘකාවකි. එහෙත් කෙතරම් අකැමැති වුවද, පිළිකා රෝගයට බිලිවන ප්‍රමාණයද දිනෙන් දින ඉහළ යන්නේ ඉතා අවාසනාවන්ත අයුරිනි. පිළිකා රෝගයට බිලිවන රෝගීන් බොහෝ දෙනකුට අත්වන ඉරණම ඉතා ඛේදනීයය. රෝගයට බිලිවන අය පමණක් නොව ඔවුන්ගේ පවුලේ උදවිය ඇතුළු නෑදෑ හිත මිත්‍රාදීන්ටද ඒ හරහා ඇතිවන මානසික පීඩනය ඉතා විශාලය. එපමණක් නොව මුළු ජීවිත කාලය පුරා හම්බකළ සියල්ල සුළු කාලයකින් විනාශ කර දැමීමේ කුරිරු හැකියාවක් පිළිකාව සතුව ඇත. ශ්‍රී ලංකාව තුළ මේ තත්ත්වය වඩාත් දරුණු අතට හැරී ඇත්තේ මෙහි පවතින සෞඛ්‍ය සේවාවේ දුර්වල බව නිසාය. පිළිකාව සමඟ තරග කළ හැකි දියුණු සෞඛ්‍ය තාක්ෂණය ශ්‍රී ලංකාවේ විරලය. ඒ හේතුව නිසාම සාමාන්‍ය ජනතාවට දැරිය නොහැකි තරමටම ශ්‍රී ලංකාව තුළ එම පහුසකම් ඉතා අධික මිලකින්ද යුක්තය.
පසුගිය වසර කිහිපය තුළ ශ්‍රී ලංකාව තුළ පිළිකාව යන වචනය සමඟ බැඳී පැවැති තවත් නාමයක් විය. ඒ Fight Cancer යන්නය. අසරණ පිළිකා රෝගීන් බේරා ගැනීම සහ පිළිකාවට එරෙහිව තරග කළ හැකි දියුණු තාක්ෂණය ශ්‍රී ලංකාවට ලබා දීමේ අරමුණෙන් Fight Cancer කණ්ඩායම සංවිධානය වන්නේ 2016 වසරේදීය. එම්. එස්. එච්. මොහොමඞ් මහතාගේ නායකත්වයෙන් යුතුව ඇරඹි Fight Cancer කණ්ඩායම මෙරට පිළිකා රෝගීන් වෙත ඉටු කළ ප්‍රධානම කාර්ය භාරය වූයේ මහරගම අපේක්ෂා රෝහල සඳහා පෙට් ස්කෑනර් යන්ත්‍රයක් ලබා දීමය. දෙස් විදෙස් බොහෝ දෙනකුගේ ආධාර මත සිදුකළ එම පරිත්‍යාගයට මාධ්‍යය ඔස්සේද දැඩි ප්‍රචාරයක් හිමි විය.
ඉන් අනතුරුව අපේක්ෂා රෝහල සඳහා පෙට් ස්කෑනර් යන්ත්‍රයක් ලබා ගැනීම සඳහාවූ ව්‍යාපෘතියක් Fight Cancer කණ්ඩායම ආරම්භ කළ අතර ඒ සඳහාද ඉතා විශාල ප්‍රසාදයක් හිමි වූවා මෙන්ම විශාල ආධාර ප්‍රමාණයක්ද ගලා එන්නට විය.

කෙසේ නමුත් මෙතෙක් කලක් රට පුරා දැඩි ප්‍රසාදයක් හිමිව තිබූ මෙම ව්‍යාපෘතිය නැවත වරක් කතාබහට ලක් වූයේ මහරගම අපේක්ෂා රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය වසන්ත දිසානායක මහතා පසුගියදා සිදුකළ ප්‍රකාශයත් සමඟිනි. විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් දිසානායක මහතා සිදුකළ එම ප්‍රකාශය ඉතා ආන්දෝලනාත්මක් එකක් වූ අතර ඒ හේතුවෙන් පසුගිය දින කිහිපයේ සමාජ මාධ්‍යයන්හි ප්‍රධාන මාතෘකාව වී තිබුණේද ව්‍යාපෘතිය විය. “මහරගම අපේක්ෂා රෝහලට විකිරණ යන්ත්‍ර ලබා දෙන්න කියලා මොහොමඞ් නමැති පුද්ගලයෙක් Fight Cancer කියලා රුපියල් කෝටි සියයක් එකතු කරනවා. නමුත් ඒ ගන්න යන්ත්‍ර කොහෙද තියන්නේ, මොනවද ඒ යන්ත්‍ර කියන දේ ගැන අපි එක්ක කතා කරලා නැහැ. ඔහු හැම වෙලේම භාවිත කරනවා අපේක්ෂා රෝහලේ ගිණුම කියන නම. නමුත් මම බොහොම වගකීමෙන් ප්‍රකාශ කරනව. මේ මුදල අපේක්ෂා රෝහලේ ගිණුමට ලැබෙන්නේ නැහැ. මේක වෙනත් ගිණුමකට තමයි බැර වෙන්නේ. මහරගම අපේක්ෂා රෝගලේ අධ්‍යක්ෂවරයා විදියට මට ඒ ගැන තවත් කටවහගෙන ඉන්න බැහැ. ඒ දුන්නු සල්ලි ගැන මිනිස්සු මගෙන් අහනවා. ඒ මුදල් අපේක්ෂා රෝහලේ ගිණුමට බැර වෙන්නේ නැති බව මම සහතික කරලා කියනවා. මේ ගැන මම මහරගම සහ මිරිහාන පොලිසි දැනුවත් කරලා තියෙනවා. ඒ වගේම මම මේ ගැන හිටපු ජනාධිපතිවරයාවත් දැනුවත් කරලා තියෙනවා. නමුත් කිසිම පියවරක් ගත්තේ නැහැ.” එලෙස පැවසූ දිසානායක මහතා අනතුරුව ගිණුමට ලැබී ඇති මුදල් සම්බන්ධයෙන්ද දැඩි ප්‍රකාශයක් සිදු කළේය. “අප්‍රේල් 21 වැනිදා තමයි සහරාන් බෝම්බ ගැහුවේ. එතකොට අප්‍රේල් 22 මොහොමඞ්ගේ මේ ගිණුමට රුපියල් මිලියන 20ක් බැරවෙලා තියෙනවා. මා ළඟ ඒ වාර්තාව තියෙනවා. අප්‍රේල් 22 මිනිස්සු බැංකුවට ගියාද? ඒ වගේම අප්‍රේල් 23 තවත් මිලියන් 2ක් ලැබිලා තියෙනවා. මේවා කාගෙ සල්ලිද කියලා අපිට හොයන්න වෙනවා. මේවා ත්‍රස්තවාදීන්ගේ කළු සල්ලිද කියන එක හොයන්න වෙනවා. අපේක්ෂා රෝහලට කියලා මුදල් එකතු කරද්දී ඔබ නිහඬව ඉන්නේ ඇයි කියලා විගණකාධිපතිවරයාත් මගෙන් විමසුමක් කරලා තියෙනවා. ඒ වගේ තත්ත්වයක් යටතේ මට කටපියාගෙන ඉන්න බැහැ. මොහු හිටපු ඇමැති රාජිත සේනාරත්න සහ හිටපු නියෝජ්‍ය ඇමැති ෆයිසර් කාසිම් එක්ක එකතු වෙලා මාව රෝහලෙන් යවන්න කටයුතු කළා. ඒ වගේම මගේ කාමරයට ඇවිල්ලා තර්ජනය කළා. නමුත් මාව එහෙම යවන්න බැහැ. මගේ පත්වීම රාජ්‍ය සේවා කොමිසමේ අනුමත පත්වීමක්. මොහොමඞ් නමැත්තා රුපියල් කෝටි 14ක් ඒ කියන්නේ මිලියන 140ක් එකතු කරලා තියෙනවා. දැන් එයා හදනවා ඒක වෙන තැනකට පරිත්‍යාග කරන්න. නමුත් ඔහු සල්ලි එකතු කළේ පිළිකා රෝහලට කියලා. ඒ හින්දා ඒක වෙන තැනකට දෙන්න එයාට බැහැ.” එලෙස පැවසූ දිසානායක මහතා මේ පිළිබඳව අපරාධ අංශයකට පැමිණිලි කළාදැයි නැඟුණු පැනයකට පිළිතුරු දුන්නේ මෙසේය. “පැමිණිලි කළා. එතකොට එස්. එස්. පී. ලියලා එවලා තියෙනවා සී. අයි. ඩී. එක දැනුවත් කළා කියලා. එච්චරයි. ඊට පස්සේ මං හිතන්නේ සී. අයි. ඩී. කාරයා ස්විට්සර්ලන්තෙට ගිහින් ඇති. ඒ ගොල්ලොනේ හිටියේ. සී. අයි. ඩී. ස්වාධීන වෙලා තියෙනවා නම් මේකට වර්තමානයේදී හරි සාධාරණයක් ඉටු වේවි කියලා මම හිතනවා.”
මාධ්‍ය දැනුවත් කිරීමෙන් නතර නොවුණු අපේක්ෂා රෝහල් අධ්‍යක්ෂවරයා කණ්ඩායමේ නායක එම්. එස්. එච්. මොහොමඞ් මහතාට එරෙහිව සමාජ මාධ්‍ය ඔස්සේද දැඩි විරෝධයක් පළ කළේය. ඒ බොහෝ අදහස් ඉතා ආවේගශීලී විය. සමාජ මාධ්‍ය භාවිත කරන බොහෝ දෙනකුගේ මතය වූයේ දිසානායක මහතා පළ කළ බොහෝ දේ විශේෂඥ වෛද්‍යවරයකුට කිසිසේත් නොගැළපෙන බවය. එම පළකිරීම් හරහා මෙම ප්‍රශ්නයට ජාතිවාදී මුහුණුවරක් ලබා දීමට වෛද්‍යවරයා උත්සාහ කළ බවද වැඩි දෙනාගේ මතය විය. ඒ හේතුවෙන් දිසානායක මහතාට සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි විරෝධයක් එල්ල වූ අතර ඒ හේතුවෙන් තම ෆේස්බුක් ගිණුම අක්‍රිය කිරීමට දිසානායක මහතා කටයුතු කිරීමද විශේෂත්වයක් විය.
මහරගම අපේක්ෂා රෝහල් අධ්‍යක්ෂවරයා විසින් එල්ල කරනු ලැබූ මේ විවේචන පිළිබඳ Fight Cancer නිර්මාතෘවරයාගෙන් අදහස් විමසීමට අදහස් කළේ ඒ විවේචන ඉතාම බරපතළ ඒවා වූ නිසාමය. අප ඒ මහතා සමඟ කතාබහ ආරම්භ කළේ වෛද්‍යවරයා එල්ල කළ බරපතළම චෝදනාව වූ ත්‍රස්තවාදීන් සමඟ ඇති සම්බන්ධය ගැන අදහස් විමසමින්මය. අප්‍රේල් 22 වැනිදා සහ 23 වැනිදා මෙච්චර මුදලක් කොහොමද මේ ගිණුමට බැර වුණේ? ඒ පැනයට මොහොමඞ් මහතා පිළිතුරු දුන්නේ මෙසේය.
“එදා මේකට දෙකෝටියක් නෙමේ සල්ලි වැටුණේ. දෙකෝටි නව ලක්ෂ තිස්පන්දහස් හයසිය අනූ හතරයි ශත හැත්තෑපහක මුදලක් එදා මේ ගිණුමට වැටිලා තියෙනවා. ඒ මුදල බැංකුවට දාලා තියෙන්නේ එක්කෙනෙක් නෙවෙයි. මේ ලංකාවේ ආදරණීය මිනිස්සු 8,648 දෙනෙක් තමයි ඒ මුදල බැංකු ගත කරලා තියෙන්නේ. දැන් ඔය කියන්නේ එච්චර ත්‍රස්තවාදීන් මේ රටේ ඉන්නවා කියන එකද? අප්‍රේල් 23 වැනිදා වැටුණු සල්ලිත් එක්කෙනෙක් නෙවෙයි දැම්මේ. හිතන්න. අප්‍රේල් 22, 23 මේ රටේ තිබුණු තත්ත්වය. ඒ වගේ දවසක බැංකු පෝලිමේ ඉඳලා මෙච්චර මුදලක් තැන්පත් කරන්න තරමට මිනිසුන්ගේ හිත් හදන්න අපිට මොන තරම් සංවිධාන ශක්තියක් තියෙන්න ඕනෙද? මිනිසුන්ට අපි ගැන කොච්චර විශ්වාසයක් තියෙන්න ඕනෙද? ඒ තමයි අපි අවුරුදු 3ක් පුරාවට ගොඩ නඟා ගත්ත ශක්තිය. අනෙක් දේ තමයි මේ මුදල වැටෙන්නේ මගේ ගිණුමකට නෙවෙයි. මේ මුදල් වැටිලා තියෙන්නේ ජාතික සෞඛ්‍යය ආරක්ෂණ ගිණුමට. ඒ මගේවත්, අපේක්ෂා රෝහලේවත් ගිණුමක් නෙවෙයි. සෞඛ්‍යය අමාත්‍යාංශයට අයිති විගණකාධිපතිවරයා විසින් අධීක්ෂණය කරන ඉතාම විනිවිද භාවයකින් ක්‍රියාත්මක වෙන ගිණුමකට තමයි ඒ මුදල් වැටිලා තියෙන්නේ. මේක අපේක්ෂා රෝහලේ අනු ගිණුමක් විදියට ක්‍රියාත්මක වෙන්නේ. හැබැයි අපේක්ෂා රෝහල කියන නමින් මේ ගිණුමට මුදල් බැර කරන්න පුළුවන්. ආධාර ලබා දෙන්නන්ගේ පහසුව සඳහා බැංකුව ඒ අවස්ථාව සලසලා තියෙනවා. අඩුම ගානේ මට මේ ගිණුමේ ඉතිරියවත් බලන්න අයිතියක් නැහැ. ඒ හින්දා මේකට කවුරු සල්ලි දැම්මත් ඒ සල්ලි මට ගන්න බැහැ. ඒ හින්දා මේ චෝදනා කිසිම පදනමක් නැහැ කියන එක තමයි මට කියන්න තියෙන්නේ.”
මොහොමඞ් මහතා එලෙස පැවසුවද මේ චෝදනාව එල්ල කරනු ලබන්නේ ඉතාම වගකිව යුතු පුද්ගලයකු විසිනි. එබැවින් එවැනි චෝදනාවක් එල්ල කරන්නේ නම් ඒ සඳහා හේතු කාරණා රාශියක් තිබිය යුතුය. ඒ පිළිබඳව මොහොමඞ් මහතාගේ පිළිතුර දුන්නේ මෙලෙසය.
“මේ රටේ ක්‍රියාත්මක වෙන වෛද්‍ය මාෆියාව ගැන කවුරුත් දන්නවා. මේකත් ඒකේ එක කොටසක් කියලයි මට හිතෙන්නේ. මේ පරීක්ෂාවන් සඳහා රෝගියකු පෞද්ගලික රෝහලකට යොමු කළොත් වෛද්‍යවරයාට කොමිස් මුදලක් ලැබෙනවා. ඒක කවුරුත් දන්නවා. හැබැයි ඒ ලැබෙන මුදල් රෝහලෙන් අරගෙන ආපහු රෝගීන්ට දෙන දෙවිවරු වගේ වෛද්‍යවරුන් අතළොස්සකුත් අපේ රටේ ඉන්නවා. ඒත් බහුතරය ඉන්නේ අනෙක් පැත්තේ. ඒ හින්දා තමයි අපි කරන මේ වැඩ නවත්වන්න හදන්නේ.”
එලෙස පැවසූ මොහොමඞ් මහතා අපේක්ෂා රෝහල් අධ්‍යක්ෂවරයාට අභියෝගයක්ද එල්ල කළේය.
“අපේ සංවිධානය ආරම්භ වුණේ 2016 දී මේ වෙද්දී අපේ සාමාජිකයන් ගණන 1500ක්. රටවල් 6ක අපේ කාර්යාල තියෙනවා. කණ්ඩායමේ නායකයා විදියට මම අභියෝගයක් කරනවා. වෛද්‍යවරයා චෝදනා කරන විදියට මගේ ගිණුමකට මේ සංවිධානයේ රුපියලක හරි මුදලක් වැටිලා තියෙනවා නම් ඒක ඔප්පු කරලා පෙන්වන්න. මොන බැංකුවේ මොන ශාඛාවේ මොන ගිණුමටද ඒක වැටුණේ. ඒක ඔප්පු කරලා පෙන්වන්න. එතුමාගේ චෝදනාවට මම උත්තර දුන්නනේ. අප්‍රේල් 22 වැනිදා ගිණුමට සල්ලි වැටුණු හැටි මම කිව්වනේ. එදා විතරක් නෙවෙයි මේ වෙද්දී ඒ ගිණුමට රුපියල් මිලියන 400කට වැඩිය සල්ලි වැටිලා තියෙනවා. ඒ හින්දා මගේ අභියෝගය භාර අරගෙන එතුමාගේ චෝදනාව ඔප්පු කරලා පෙන්වන්න කියලයි මම කියන්නේ.” එලෙස අභියෝග කළ මොහොමඞ් මහතා මහරගම අපේක්ෂා රෝහලේ වැඩ කටයුතු සම්බන්ධයෙන් මෙලෙස චෝදනාවක්ද එල්ල කළේය.
“මේ දේවල් එළියේ කියන්න නැහැ කියලයි අපි තීරණය කරලා තිබුණේ. ඒත් දැන් මේව හංගගෙන ඉඳලා බැහැ. ඒ හින්දා මේක මම පළමු වතාවටයි මාධ්‍යයට කියන්නේ. අපේ කණ්ඩායම සමඟ එකතු වුණු විශාල පිරිසකගේ උදව්වෙන් අපේක්ෂා රෝහලට පෙට් ස්කෑනර් යන්ත්‍රයක් ලබා දෙන්න අපිට පුළුවන් වුණා. ඒ යන්ත්‍රය භාවිත කිරීම සඳහා පුහුණුව ලබන්න වෛද්‍යවරු 9 දෙනෙක් අපේ සංවිධානයේ වියදමෙන් ඇමෙරිකාවට යැව්වා. ඒත් අදටත් අපේක්ෂා රෝහලේ පෙට් ස්කෑනර් පරීක්ෂණය කරන්නේ සිකුරාදාට විතරයි. ඒ පරීක්ෂණය වෙනුවෙන් අදටත් මාස 3ක බලාපොරොත්තු ලැයිස්තුවක් ඉන්නවා. ඇත්තටම මේක හරිම කනගාටුදායකයි. මගේ පුතාට හැදුණු පිළිකාවෙන් මම අන්ත අසරණ වුණා. බින්දුවට වැටුණා. ඒ දුක වෙන කාටවත් නොදෙන්න තමයි අපි මේ සංවිධානය ආරම්භ කළේ. මේක මගේ පුතාගේ සංකල්පයක්. ඒත් එච්චර අමාරුවෙන් කරපු දෙයකිනුත් නිසි ප්‍රයෝජන ගන්නේ නැහැ. මේක මාධ්‍යයට කිව්වට පස්සේවත් මේ ගැන නිසි පියවර ගනීවි කියලා මම බලාපොරොත්තු වෙනවා.” මොහොමඞ් මහතා අදහස් දැක්වූයේ එසේය.
මොහොමඞ් මහතා එල්ල කරන චෝදනාවද ඉතා බරපතළ එකකි. ඒ හේතුවෙන් එම චෝදනා සම්බන්ධව තොරතුරු දැන ගැනීමට අප අපේක්ෂා රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය වසන්ත දිසානායක මහතා ඇමතුවෙමු. නමුත් එහිදී දිසානායක මහතා සඳහන් කර සිටියේ මාධ්‍යය ඉදිරියේ අදහස් පළ නොකරන ලෙස සෞඛ්‍යය අමාත්‍යාංශය මඟින් තමන්ට ලිඛිතව දන්වා ඇති බවය. ඒ හේතුවෙන් මෙම චෝදනා පිළිබඳව එතුමාගේ අදහස් දැන ගැනීමේ අවස්ථාව අපට අහිමි විය. කෙසේ වෙතත් දෙපාර්ශ්වයෙන්ම එකිනෙකාට එල්ල වන චෝදනා ඉතාමත් බරපතළය. එබැවින් මේ පිළිබඳව කඩිනම් පරීක්ෂණයක් පවත්වා සත්‍යය හෙළි කිරීම බලධාරීන්ගේ වගකීමය.

චන්දන ‌පොන්නම්පෙරුම

SendShareShare
Previous Post

සම්පත් බැංකුවේ පාටි එකෙන් චිත්‍රාල් ‌සෝමපාලව එළියට දැම්මේ ජනපතිට බැන්න නිසාද?

Next Post

ගෝඨා හදිසියේම රජරටට යයි

MORE NEWS

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Uncategorized

හෝමාගම කර්මාන්ත ශාලාවේ ගින්නෙන් 5ක් මරුට! හිරවී සිටින අය සොයා තවදුරටත් මෙහෙයුම්! I Sri Lanka Latest News

කතානායකට බරපතළ චෝදනාවක්! මේ පාර ලොන්ඩරි කේස් එකක්! හෙළිදරව්ව ගම්මන්පිලගෙන්! අල්ලස් කොමිසම ඇක්ෂන් එකක් ගනියිද? VIDEO I Sri Lanka Latest News
Uncategorized

කතානායකට බරපතළ චෝදනාවක්! මේ පාර ලොන්ඩරි කේස් එකක්! හෙළිදරව්ව ගම්මන්පිලගෙන්! අල්ලස් කොමිසම ඇක්ෂන් එකක් ගනියිද? VIDEO I Sri Lanka Latest News

ජනතාවට වඩාත් කාර්යක්ෂම සහ ඵලදායී සේවාවක් සැපයීම ගැන කතාකරන්න අනුර දිස්ත්‍රික් ලේකම්වරුන්-අමාත්‍යංශ ලේකම්වරුන්-දෙපාර්තමේන්තු ප්‍රධානීන් කැඳවයි! I Sri Lanka Latest News
Exclusive

ජනාධිපති කෝච්චි බස් ගැන දැඩි තීන්දුවක් ගනී! Sri Lanka Latest News

එහෙන් මෙහෙන් එහෙට මෙහෙට ගණන් හදන… සල්ලිවලට කොළේ වහල ගේම ගහන… අර ලොක්කව මේ ලොක්කව ෆෝම් කරන… ඡන්ද කාලෙ පැටව් ගහන ගණන් හැදුම…
Exclusive

ගෙවල් ඇතුළේ ආර්ථිකය 51.4%කින් කඩාවැටිලා! ජන මතයකින් හෙළිවෙයි! Sri Lanka Latest News

මාලිමාව ඉවරයි! දැන් තියෙන්නේ JVP එක! මෙන්න උදාහරණ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ – මාලිමාව රට පුරා පාරට බහින සූදානමක්! Sri Lanka Latest News

මහා ජන සන්නිපාතය හමුවේ සජබ නායක සජිත්ගෙන් අනුරට විවෘත අභියෝගයක්! පුළුවන්නම් පළාත් සභා ඡන්දය තියන්න!  LIVE VIDEO I Sri Lanka Latest News
Exclusive

23 වැනිදා සජිත් මුළු විපක්ෂයම කොළඹට කැඳවයි! Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

රටේ ජනතාව මුහුණ දෙන ප්‍රශ්නවලට විධිමත් ලෙස විසඳුම් දෙන්න වත්මන් රජයට නොහැකි වී ඇති බවත් අදටත් ගොවි ජනතාව අන්ත අසරණ...

Read more
ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.