• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

සම්පත් බැංකුවේ පාටි එකෙන් චිත්‍රාල් ‌සෝමපාලව එළියට දැම්මේ ජනපතිට බැන්න නිසාද?

December 23, 2019
in News, Politics
Reading Time: 2 mins read
A A
සම්පත් බැංකුවේ පාටි එකෙන් චිත්‍රාල් ‌සෝමපාලව එළියට දැම්මේ ජනපතිට බැන්න නිසාද?
Share on WhatsAppShare on Facebook

චිත්‍රාල් සෝමපාල කියන චරිතය ජනප්‍රිය වෙලා තියෙන්නේ ගායන ශිල්පියෙක් විදියට වුණත්, එක එක කාලවලදී සිදු කරන විවිධ ප්‍රකාශ හින්දත් මේ චරිතය කතා බහට ලක් වෙනවා. මීට කාලෙකට කලින් ජාතික කොඩියේ ඉන්න සිංහයා සම්බන්ධයෙන් චිත්‍රාල් සිදු කරපු ප්‍රකාශයක් රට ඇතුළේ ලොකු ආන්දෝලනයක් ඇති කෙරුවා. පසුගිය සතියේ චිත්‍රාල් සෝමපාල සම්බන්ධයෙන් පැතිර ගිය ආරංචියත් මේ වගේම එකක්. “පාටි එකකදී චිත්‍රාල් ගෝඨාභයට බැනලා. එතැන හිටපු අය චිත්‍රාල්ව එළියට දාලා.” එහෙම තමයි ඒ ආරංචිය සමාජ ජාලා ඔස්සේ පැතිරිලා ගියේ.
ඊට අදාළ වීඩියෝ දර්ශනත් ඒ එක්කම ප්‍රචාරය වෙන්න ගත්තා. “මාව අල්ලන්න එපා. මට යන්න දෙන්න.” බොහොම ආවේගයෙන් චිත්‍රාල් තමන් වටේ ඉන්න පිරිසට කෑ ගහනවා. චිත්‍රාල්ව අල්ලගෙන ඉන්න අය එක එක දේ කියනවා. තත්පර කිහිපයක වීඩියෝ පටයේ පේන්න තිබුණේ එච්චරයි. කොහොම වුණත් මේ පැතිර ගිය ආරංචිය ගැන එක එක අය එක එක දේ කියන්න ගත්තා. සමහර අය කිව්වේ එහෙම වුණු එක හොඳයි කියලා. ඒක අදහස් ප්‍රකාශ කරන්න තියෙන අයිතියි නැති කිරීමක් කියලා තවත් අය කිව්වා.
මේ සිද්ධිය වෙලා තිබුණේ පෞද්ගලික බැංකුවක රාත්‍රී සාදයක් අතරතුරේදී. කොහොම වුණත් සමාජ මාධ්‍යය ඔස්සේ පළ වුණු විදියට චිත්‍රාල් සෝමපාල ජනාධිපතිවරයාට බැන වදින ආකාරයක් වීඩියෝ පටවල සටහන් වෙලා තිබුණේ නැහැ. ඇත්තටම එදා වුණේ මොකක්ද? එදා සිද්ධිය ඒ වෙලාවේ ඒ සාදයේ සංගීතය මෙහෙයවපු සංගීත කණ්ඩායමේ නායකයා වෙන හෙක්ටර් ඩයස් මේ විදියට විස්තර කළා.

“ඇත්තටම මේක එච්චර දුර යන්න ඕනේ දෙයක් නෙවෙයි. චිත්‍රාල් අයියා ප්‍රසංගයට ආවා. ඇවිත් සින්දු කියන වෙලාවේ නරඹන්නන්ගෙන් කෙනෙක් මෙයාට අපහාස වෙන විදියට හැසිරුණා. ඉතින් ඒකට වචනයක් චිත්‍රාල් අයියගේ කටින් පිටවුණා. එච්චරයි එතැන වුණේ. එහෙම නැතිව දේශපාලනයට සම්බන්ධ කිසි දෙයක්වත්, වෙන දේකට සම්බන්ධ දෙයක්වත් එතැන වුණේ නැහැ. මේකත් මම කියන්න ඕනේ. ඒ වෙලාවේ එතැන හිටිය නිවේදකයා තමයි ඒක අනවශ්‍ය විදියට ප්‍රචාරය කළේ. ඊළඟ දවසේ එයා ඒක නිවැරැදි කරලා තිබුණා. ඒත් ඒ වෙද්දී ඒක හැමතැනටම ප්‍රචාරය වෙලා ඉවරයි.” හෙක්ටර් ඩයස් ඒ ගැන අදහස් දැක්වූයේ එහෙමයි. වේදිකාව ඉදිරියේ වෙන්නේ මොකක්ද කියන එක හරියටම පේන්නේ වේදිකාවේ ඉන්න සංගීත කණ්ඩායමට. ඒ හින්දා ඒ සිදුවීම හරියටම දැක්ක පුද්ගලයෙක් විදියට හෙක්ටර්ගේ ප්‍රකාශය ඉතාම වැදගත්.
මේ සිද්ධිය ඉතා වේගයෙන් රට වටේ ප්‍රචාරය වෙද්දී එදා මොකක්ද වුණේ කියන එක ගැන චිත්‍රාල් සෝමපාල මහත්මයත් සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් දැක්වූවා. ඒ මෙන්න මේ විදියට.
“එතැන ඔය කියන කිසිම දෙයක් වුණේ නැහැ. මම සාමාන්‍යයෙන් සින්දු කියද්දී නරඹන්නන් එක්ක සම්බන්ධ වෙනවා. ඒ මගේ හැටි. මගේ සංගීතයේ හැටි. මං එහෙම සින්දු කියද්දී එක්කෙනෙක් ඇවිත් මගේ පිටි පස්ස මිරිකුවා. තව කෙනෙක් මැද ඇඟිල්ල දික් කරලා අසභ්‍ය සංකේතයක් පෙන්නුවා. මං ඒ වෙලාවේ වහාම සින්දු කියන එක නැවැත්තුවා. නවත්තලා මම කිව්වා මේක වැදගත් රටක්. අපි වැදගත් විදියට ජීවත් වෙන්න ඕනේ. ඇත්තටම මට පොඞ්ඩක් තරහත් ගියා. ඒ වගේ දේවල්වලට ගැළපෙන කෙනෙක් හොයා ගන්න කියලා මම සුද්ද සිංහලෙන් ඒ තැනැත්තන්ට කිව්වා. ඒක තමයි වුණේ.”
එම සිදුවීමෙන් පස්සේ තමන්ට තව දුරටත් ගීත ගායනා කිරීමේ පසුබිමක් නොතිබුණු බව කියන චිත්‍රාල් ඒ ගැන වැඩි දුරටත් විස්තර කළේ මෙහෙමයි.
“මට ඒ වෙලාවේ තව දුරටත් සින්දු කියන මූඞ් එකක් තිබුණේ නැහැ. ඒ ගොල්ලෝ මගේ මූඞ් එක කෑවා. මට සල්ලි ඕනෙත් නැහැ. මට යන්න දෙන්න කියලා මම කිව්වා. මොකද මම කැමැති නැහැ කවුරුත් මාව අල්ලනවට. මාව අතඅරින්න කියලා මම කෑ ගැහුවේ ඒකයි. ඒ දර්ශණය තමයි ප්‍රසිද්ධියත් පත් වුණු වීඩියෝ එකේ තියෙන්නේ.” චිත්‍රාල් කියන්නේ එහෙමයි.
කොහොම වුණත් චිත්‍රාල් කියන විදියට ඒක ඒ අවස්ථාවට සහභාගි වුණු කිහිප දෙනෙක් සැලසුම් කරලා කරපු දෙයක්. ඒක සමාජ මාධ්‍ය ඔස්සේ වැරැදි විදියට ප්‍රචාරය වෙන්නෙත් ඒකයි. තමන් ඒ අවස්ථාවේ කිසිම දේශපාලනික කාරණාවක් කතා නොකරපු බව පවසන චිත්‍රාල් හැකිනම් ඒක ඔප්පු කර පෙන්වන ලෙසටත් අභියෝග කරනවා.
“සාමාන්‍යයෙන් මම වමේ ඉන්න මිනිහෙක්. ජාතිවාදය, ආගම්වාදයට මම ප්‍රසිද්ධියේ පහර දෙනවා. මේ දේවල් දරා ගන්න බැරි කිහිප දෙනෙක් මේ වැඬේ සැලසුම් කරන්න ඇති. හැබැයි ඒ වෙලාවේ දේශපාලනය සම්බන්ධ කිසි දෙයක් මම කතා කළේ නැහැ කියන එක මම බොහොම වගකීමෙන් කියනවා. මම මොකටද ජනාධිපතිවරයාට බනින්නේ. එතුමා මට මොනවා කරලද? ඒ හින්දා මම අභියෝග කරනවා. එදා එතැන කැමරා රාශියක් තිබුණා. පුළුවන් නම් කෑලි කෑලි දාන්නෙ නැතුව මම එහෙම කියන ප්‍රකාශයම දාන්න. එහෙම දාන්න කාටවත් බැහැ. මේක සමාජ මාධ්‍යයන්ට දැම්ම පුද්ගලයාම පස්සේ ඒ ගැන සමාව ඉල්ලලා තිබුණා. ඒත් වැරැද්දක් කරලා සමාව ඉල්ලලා වැඩක් නැහැ. අනෙක් එක මාව ඒ අයට හරියන්නේ නැතිනම් විශාල මුදලක් දීල මාව ගෙන්නන්න ඕනේ නැහැ. එහෙම ගෙන්වලා මෙහෙම කරන එක වැරැදියි. ඒ හින්දා මේ වගේ කුහක වැඩ කරන්න එපා. මට කරපු වැඬේ මේ රටේ වෙන ගායන ශිල්පියකුට කරන්න එපා කියලි මම ඉල්ලන්නේ.” චිත්‍රාල් කියන්නේ එහෙමයි.
කොහොම වුණත් මේ සිදුවීමෙන් පස්සේ චිත්‍රාල් සෝමපාල සහභාගි වීමට නියමිතව තිබූ ප්‍රසංග කිහිපයක් අවලංගු කරන්නත් සංවිධාකයන් කටයුතු කරලා තියෙනවා. ප්‍රසංගය අතරතුර සිදුවන සිදුවීම් සම්බන්ධයෙන් වගකීම ගන්න බැරි හින්දා එහෙම කළ බව තමයි සංවිධායකයන් චිත්‍රාල්ට කියලා තියෙන්නේ. රටක කලාකරුවකුට ඒ වගේ තත්ත්වයකට මුහුණ දෙන්න වෙන එක කලාවට ආදරය කරන කිසි කෙනෙක් අනුමත කරන දෙයක් නෙවෙයි. ඒ වගේම සුළු සිදුවීමකට දේශපාලනය පටලවා ගෙන ඒක ලොකු දෙයක් බවට පත් කරන්න හදන එකත් අනුමත කරන්න බැහැ. මෙහෙම දේවල් දිගින් දිගට වෙනව නම් ඒක කොහොමටවත් හොඳ දෙයක් නෙවෙයි.
මේ සිදුවීම සිද්ධ වෙලා තියෙන්නේ සම්පත් බැංකු නිලධාරීන් සහභාගි වුණු සාදයකදී. ඒ හින්දා මේ ගැන ඒ ආයතනය මඟින් කියන දේ ගැන දැන ගන්න අපි කිහිප වරක්ම උත්සාහ කළත්, ඒ උත්සාහය සාර්ථක වුණේ නැහැ.

චන්දන ‌පොන්නම්පෙරුම

SendShareShare
Previous Post

මිහිදු හිමිට-සගමිත් ‌තෙරණියට-කාවන්තිස්ස රජුට යාපනේ තහනම්ද?

Next Post

කලකදි රහ වී කලකදි වහ වූ ‌පෙට් ස්කෑනර් අර්බුදය: ‌මොහොමඩ් කට අරිද්දී ‌දොස්තර කට වහයි

MORE NEWS

ජනතාවට වඩාත් කාර්යක්ෂම සහ ඵලදායී සේවාවක් සැපයීම ගැන කතාකරන්න අනුර දිස්ත්‍රික් ලේකම්වරුන්-අමාත්‍යංශ ලේකම්වරුන්-දෙපාර්තමේන්තු ප්‍රධානීන් කැඳවයි! I Sri Lanka Latest News
Exclusive

ජනාධිපති කෝච්චි බස් ගැන දැඩි තීන්දුවක් ගනී! Sri Lanka Latest News

එහෙන් මෙහෙන් එහෙට මෙහෙට ගණන් හදන… සල්ලිවලට කොළේ වහල ගේම ගහන… අර ලොක්කව මේ ලොක්කව ෆෝම් කරන… ඡන්ද කාලෙ පැටව් ගහන ගණන් හැදුම…
Exclusive

ගෙවල් ඇතුළේ ආර්ථිකය 51.4%කින් කඩාවැටිලා! ජන මතයකින් හෙළිවෙයි! Sri Lanka Latest News

මාලිමාව ඉවරයි! දැන් තියෙන්නේ JVP එක! මෙන්න උදාහරණ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ – මාලිමාව රට පුරා පාරට බහින සූදානමක්! Sri Lanka Latest News

මහා ජන සන්නිපාතය හමුවේ සජබ නායක සජිත්ගෙන් අනුරට විවෘත අභියෝගයක්! පුළුවන්නම් පළාත් සභා ඡන්දය තියන්න!  LIVE VIDEO I Sri Lanka Latest News
Exclusive

23 වැනිදා සජිත් මුළු විපක්ෂයම කොළඹට කැඳවයි! Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

උතුරු නැගෙනහිර වතුකරය එකම පෙරමුණකට! පළාත් සභා ඡන්දය ගන්න ලොකු සටනක් ඇරැඹෙයි! Sri Lanka Latest News

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News
Exclusive

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.