ජාත්‍යන්තර කූට ණය මෙහෙයුම් මගින් බොහෝ රටවල් තම ණය ගැතියන් බවට කොටුකරගනිමින් ආර්ථික අර්බුදයකට දක්කන චීනය ඉතා තුච්ච අන්දමින් තමන්ගේ බඩ වඩා ගන්නා බව සැම්බියාව ප්‍රත්‍යක්‍ෂකරගෙන තිබේ.
ඒ ප්‍රත්‍යක්‍ෂකර ගැනීමේ ප්‍රතිපලය චීනයට ගෙවිය යුතු ඇමරිකන් ඩොලර් බිලියන එකයි දශම හයක(1.6)මුදල සැම්බියාව විසින් නොගෙවා පැහැර හරිනු ලැබීමයි.
ශ්‍රී ලංකාවට සහ පාකිස්ථානයට පරම්පරා ගණනාවකින් යළි ගොඩ ඒමට නොහැකි අයුරින්ම ණය පාතාලයකට පෙරළා දැමූ චීනය එ පරිද්දෙන්ම සැම්බියාවට ද වින කැට තිබේ.ඒ නිසා මේ වන විට සැම්බියාව චීනය සමග සියලුම ගනුදෙනු අත්හැර දමා තිබේ.
සැම්බියා රජයට බරක්වී ඇති ඩොලර් බිලියන දාහතක්(17) වූදේශීය ණය මුදල ප්‍රතිව්‍යුහගත කර ගැනීම උදෙසා කටයුතු කරමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඩොලර් බිලියන එකයි දශම හතරක(1.4)ණය පහසුකමක් සපයා ගැනීමට ගනු දෙනු කෙරේ.චීන සැම්බියා පර්යේෂනායතනය අඳුනාගෙන ඇති අන්දමට සැම්බියාව චීනයට ගෙවිය යුතුව ඇති ණය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් හයයි දශම හයකි(6.6)
චන්ද්‍රසේන මාරසිංහ