රුසියන් හමුදාව සහ ආරක්‍ෂක අංශය සමග සහයෝගීව කටයුතු කළ බව කියන චීනයේ වෙළෙඳ ආයතන පහකට (5)ඇමරිකානු ජනාධිපති ජෝබයිඩන් විසින් සම්බාදක පනවනු ලැබ තිබේ.
රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීමට එරෙහිව ඇමරිකාව ගෙනයන විරෝධතාවලියේ එක් අංගයක් සම්බාදක පැනවීම වේ.
රුසියාව පසුගිය පෙබරවාරි 24 දා යුක්රේනය ආක්‍රමණය කිරීමටත් පෙර සිටම යථෝක්ත ව්‍යාපාරික ආයතන රුසියානු හමුදාව සහ ආරක්‍ෂක අංශ සමග ගනුදෙනු කර තිබේ. එහෙත් ආක්‍රමණයට එරෙහිව ඇමරිකාව ගත් සම්බාදක පැනවීමේ නියෝගයෙන් පසුවත් මේ සමාගම් ගනුදෙනු අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම නිසා මෙසේ සම්බාදක පනවා “අසාදු ලේකන”ගත කළ බව ඇමරිකානු වෙළෙඳ දෙපාර්තමේන්තුව කියයි.
මේ අන්දමට ගනු දෙනු කරන රුසියාවේ,ලිතුවේනියාවෙ,පාකිස්ථානයේ,සිංගප්පූරුවේ,එක්සක් රාජධානියේ උස්බෙකිස්තානයේ සහ වියට්නාමයේ ආයතන 36කට මෙසේ සම්බාදක පනවා ඇතැයි දක්වන ඇමරිකාවේ වෙළෙඳ දෙපාර්තමේන්තුව මේ ආයතනවලින් 25ක්ම චීනය මුල්කොටගත් ඒවා බව ද කියයි.
සම්බාධක පැනවීමේ පණිවිඩය රුසියාව සමග සම්බන්ධතා පවත්වන සමස්ත ගෝලීය සමූහ ආයතනවලට මෙන්ම ඒක පුද්ගල ආයතනවලට ද කෙරෙන අනතුරු ඇඟවීමකි.එ සේ ක්‍රියා කරන සමූහ මෙන්ම ඒකපුද්ගල ආයතන සමග පවත්නා සෑම සියලු සම්බන්ධතාවක්ම අත්හිටවන බව ද ඇමරිකාවේ ආරක්‍ෂක සහ කර්මාන්ත පිළිබඳ වෙළෙඳ දෙපාර්තමේන්තුවේ ලේකම් ඇලන් එස්ටෙවේස් විසින් නිකුත් කරන ලද නිවේදනයක සඳහන්වේ.
චන්ද්‍රසේන මාරසිංහ





