ඉන්දියාවේ ප්‍රාන්ත කීපයක සංවර්ධන කටයුතු ප්‍රවර්ධනය කිරීම උදෙසා ලෝක බැංකුව ඩොලර් මිලියන පන්සිය හැට දෙකක(562) ණය පහසුකම් අනුමත කර තිබේ.
ගුජරාට් ප්‍රාන්තයේ අධ්‍යාපන ව්‍යාපෘතියකට ද,තමිල්නාඩුවේ සමාජ ආරක්‍ෂණ වැඩ සටහනකට ද,කොවිඩ් වසංගතයෙන් පසුව අඩපණවී ඇති ධීවර කර්මාන්තය පුනරුත්ථාපනය කිරීමටද එ සේ මුදල් වෙන්කර තිබේ.
මේ අනුමත ප්‍රමාණයට වඩා අතිරේක ඩොලර් මිලියන දෙසිය පනහක්(250)ගුජරාට් ප්‍රාන්තයේ අධ්‍යාපන ප්‍රතිපල වර්ධනය උදෙසා සැපයෙන බව අධ්‍යාපන ප්‍රවර්ධන වැඩසටන නමැති අධ්‍යාපන අංශයෙන් නිකුත් කර ඇති නිවේදනයක දැක්වේ.
අතිරේක ඩොලර් මිලියන 250ක ප්‍රතිපාදන ගුජරාට් ප්‍රාන්තයේ කොවිඩ් 19 වසංගතයෙන් සම්පූර්ණයෙන්ම පාහේ බිඳවැටුණු පාසල් තුන්දහසකට(3,000)අවශ්‍ය පහසුකම් සපයාගැනීමට වෙන් කර ඇත.
මේ හැරෙන්නට ඉන්දියාවේ බිඳ වැටුණු ධීවර කර්මාන්තය යළි ස්ථම්භනය කිරීම උදෙසා සහ තමිල්නාඩුවේ විශේෂ අවශ්‍යතා අවශ්‍ය පුද්ගල සංවර්ධනය උදෙසා පිළිවෙළින් ඩොලර් මිලියන එකසිය පනහක්(150)සහ එකසිය හැට දෙකක්(162)යන පරිදි ලෝක බැංකුවෙන් වෙන් කර දීි තිබේ.
චන්ද්‍රසේන මාරසිංහ





