මාලදිවයින් ජනාධිපති ඉබ්‍රාහිම් මොහමඩ් සොලී නිල සංචාරයකට පසුව නික්ම යාමේ උත්වයේදී ඉන්දියාවෙන් විශේෂ ගෞරව ස්තුතියක් පිරිනමනු ලැබිණි.
මාලදිවයින් ජනාධිපතිවරයා නිලසංචාරය සඳහා පසුගිය දාපැමිණි අවස්ථාවේ රාජ්‍ය අමාත්‍ය සංජීව් බාලයන් විසින් පිළිගනු ලැබිණි.
ඔහුට විශේෂ ගෞරවක් වශයෙන් පිළිගැනීමේ උත්සවයට සංස්කෘතික අංග රැසක්ද එක් කෙරී තිබේ.
අනතුරුව මාලදිවයින් ජනාධිපති ඉබ්‍රාහිම් මොහමඩ් සොලී සාස්ත්‍රපති භවනේ දී නව භාරත ජනාධිපතිනි ද්‍රෞපධී මර්මු හමුවී ඇත්තේය.
භාරත නව ජනාධිපතිනිය පත් වීමෙන් පසුව ඇය හමුවට පැමිණි පළමු විදේශ රාජ්‍ය නායකයා මාලදිවයින් ජනාධිපති බව මාධ්‍ය කියයි.
භාරතයට ඉතා සමීපව පිහිටි රාජ්‍යයක නායඛයකු මේ අන්දමින් පැමිණීම ගැන තමා අතිශයින් සතුටුවන බව පමණක් නොව ජනාධිපති ඉබ්‍රාහිම් මොහමඩ් සොලී මාලදිවයින ඉතාම සෞභාග්‍යමත් තත්ත්වයකට සහ ස්ථාවර තත්ත්වයට නැංවූ නායකයකු බව ද ඇය විසින් ප්‍රකාශ කරන ලදැයි විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයේ සඳහන් වේ.මාලදිවයින ඉන්දියානු සාගර කලාපයේ ප්‍රධාන සහායකයකු සේම ඉතාම හොඳ හිතෛෂීවන්තයෙකි.
දෙරට ප්‍රජාව දීර්ඝ කාලයක් තිස්සේ සංස්කෘතික ආර්ථික සහ වාණිජ බැඳීම්වලින් සුහදශීලීව වෙලී පවත්නෝය.භාරතය මාලදිවයිනේ සංවර්ධන ව්‍යාපෘති උදෙසා මූල්‍ය සහනාධාර සැපයීමට භාරතය ඉත සිතින් සිටින බවද ජනාධිපතිනිය ප්‍රකාශ කළාය.
භාරත මාලදිවයින් සංවර්ධන සහයෝගිතා වේගවත් ප්‍රවර්ධනය,ආරක්‍ෂක සුරක්‍ෂකතාවය පිළිබඳ ආරම්භක ශක්තීන්,ආර්ථික සම්බන්ධතා ප්‍රජාවන් අතර සුහදත්වය දෙරටේ සෞභාග්‍යය පිළිබඳ පෙරනිමිති බව ද ඕ ප්‍රකාශ කළාය.
චන්ද්‍රසේන මාරසිංහ