“අප්‍රිකානු හඬට සහ පාරම්පරික ඥාණයට”සවන් දෙන ලෙසට ඉන්දියාව ජාත්‍යන්තර ප්‍රජාවට දැඩිව අවධාරණය කරයි.
ජගත් ප්‍රගමන සමකාලීන ක්‍රියාවලියේ වැදගත් කොටසක් ආදර්ශමත්ව ජාත්‍යන්තරයට ප්‍රදර්ශණය කරමින් ක්‍රියාත්මක කෙරෙන අප්‍රීකාවේ පිබිදීම ඇගයීමට ලක්කරමින් ඒ ඉල්ලීම ඉදිරිපත් කර ඇත.
අප්‍රිකාවේ සාමය ගොඩනැගීමට අවශ්‍ය සියලු පහසුකම් සැලසිය යුතුය.ඒ අපේක්‍ෂාව ආත්සාත් කර ගැනීම උදෙසා කළ යුත්ත සහ කළ හැක්ක කළ යුතුය යනුවෙනි.
ස්ථාවර සාමය වෙනුවෙන් ශක්‍යතා ගොඩනැගීම”යන තේමාව යටතේ මධ්‍යම දකුණු අප්‍රිකාව වෙනුවෙන් පෙනීසිටින එක්සත්ජාතීන්ගේ රාජ්‍යලේකම් ආර්.රවීන්ද්‍රන් පැවැත්වු මාධ්‍ය හමුවේ දී එ සේ ප්‍රකාශ කෙළේය.
කොවිඩ් වසංගතයෙන් එල්ලවු මාරක අභියෝග නොතකා කිසිදිනෙක නොවු විරූ අන්දමින් සාමයික සිද්ධාන්තයේ පිහිටා කටයුතු කළ බව ද හෙතෙම අවධාරණය කෙළේය.කෙසේ වෙතත් ධනාත්මක ක්‍රියාවලිය හමුවේ “සාහෙල්” සහ “මධ්‍යම අප්‍රිකාවේ”සාමය පවත්නා බවද ලේකම්වරයා කීය.
කාලානුරූප දේශපාලන අස්ථාවරත්වය,දුබල පාලන ව්‍යුහය මෙන්මදුබල ආයතනික පද්ධතිය,ජාතිවාදී ගෝත්‍රවාදී බෙදුම් සහ ත්‍රස්ත මෙන්ම සන්නද්ධ කණ්ඩායම්වල ඉස්මතුවීම ආරාවුල් සහගත තත්ත්වයට මාර්ග එළි පෙහෙළි කරන “උල්පත්”බව ද ලෙකම්වරයා එක්සත් ජාතීන්ගේ සංවිධානයට අවධාරණය කර තිබේ.
“අප්‍රිකානුවන් නගන හඬට සහ ඔවුන්ගේ පාරම්පරික ඥාණයට”ජාත්‍යන්තර ප්‍රජාව සවන් දිය යුතුයි. අප්‍රිකානුවන් විනා ලොව වෙනත් කිසි අයෙක් ඔවුන් පිළිබඳව නොදන්නෝය.
අප්‍රිකාවේ ප්‍රදේශ ගණනාවක ඉස්මතුව පවත්නා ගැටුම්කාරී තත්ත්ව කීපයක් සම්බන්ධව භාරත අගමැති නරේන්ද්‍ර මෝධි ගේ විශ්ලේශණයක් ද හෙතෙම උපහැරණ වශයෙන් දක්වා ඇත.
“අප්‍රිකාව නැවත වරක් ගැටුම්කාරී වේදිකාවක් ලෙසට හරවා ගැනීමට (පිරිසක්) දරන උත්සාහය වළක්වා,අප්‍රිකාව එරට තරුණ ප්‍රජාවගේ අපේක්‍ෂාවේ තවාන විය යුතුයි.ඒ අරමුණින් අප සියල්ලන්ම එකමුතුව කටයුතු කළ යුතුයි” යන අගමැති මොධිගේ ප්‍රකාශය ලේකම්වරයා විසින් උපුටා දක්වනු ලැබ තිබේ.
පශ්චාත් ගැටුම්කාරී වාතාවරණයෙන් මිදීමට නීතිමය පාලනය පාදක කර ගැණුනු රාජ්‍යතාන්ත්‍රික ව්‍යවූහයක් මෙන්ම විශ්වසනීය රාජ්‍ය ආයතනද ඉතාම අවශ්‍ය බව ද පෙන්නා දී ඇත.
චන්ද්‍රසේන මාරසිංහ