• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

මඩ ‌හෝදලා රජ වුණු ‌ෆේස්බුක් ‌ගොවියෝ

November 30, 2019
in News, Politics
Reading Time: 3 mins read
A A
මඩ ‌හෝදලා රජ වුණු ‌ෆේස්බුක් ‌ගොවියෝ
Share on WhatsAppShare on Facebook

ලංකාවෙ විතරක් නෙවෙයි මුළු ලෝකයේම තරුණ පරපුර වර්තමානයේදී සමාජ ජාලා පරිශීලනයට ඇබ්බැහි වෙලා. සමහර වෙලාවට ඒකෙන් මිදෙන්න බැරි තරමටම ඒ ඇබ්බැහි වීම දුර දිග ගිහින්. ලෝකයේ වෙනත් රටවල කොහොම වුණත්, ලංකාවේ නම් සමාජ ජාල අතර ඉදිරියෙන්ම ඉන්නේ ෆේස්බුක්. ෆේස්බුක් හින්දා අපේ රටේ සිද්ධ වුණු අමුතු අමුතු දේවල් ගොඩක් ගැන පසුගිය කාලේ දිගින් දිගටම අහන්න ලැබුණා.
එකම දෙයක් හැමෝම අනුකරණය කරන්න ගන්න එක මේ සමාජ ජාලා හින්ද සිද්ධ වෙන විශේෂ දෙයක්. අපි ඒවට කතාවට කියන්නේ රැලි කියලා. මෙන්න මේ විදියේ ෆේස්බුක් රැලි ගොඩක් පසුගිය කාලෙ පුරාවට අපේ සමාජය පුරාමත් පැතිර ගියා. අවාසනාවට ඒ හුඟක් රැලි සමාජය අහිතකර ඒවා. එහෙම නැත්නම් කාටවත් ප්‍රයෝජනයක් නැති, කිසිම වැඩකට නැති ඒවා. ඒ රැලිවල බලපෑම කොච්චරද කියනවනම් ෆේස්බුක් කියන්නේ මහා භයානක දෙයක් කියන මතයක් මේ වෙද්දී සමාජය පුරා පැතිරිලා. හැබැයි ඒ අතර සමාජයට බොහොම හිතකර අනාගතයට ඵලදායී, රට පුරා පැතිර යන එක හොඳයි කියලා හිතෙන ෆේස් බුක් රැලි ගැනත් අපිට ඉඳලා හිටලා අහන්න ලැබෙනවා. අන්න ඒ වගේ රැල්ලක් ගැන තමයි මේ කියන්නේ. මේ රැල්ල යන්නේ තනිකරම මඩෙන්. ෆේස්බුක් ජාලය හරහා දියත් වුණු මඩ රැලි ගොඩක්ම පහුගිය ටිකේ අපි දැක්කනේ. ඒත් මේක ඒ වගේ මඩ රැල්ලක් නෙවෙයි. මේක ඇත්තටම මඩත් එක්ක කරන වැඩක්.
ශ්‍රී ලංකාව කියන්නේ කෘෂි කර්මාන්තය තම ජීවිකාව කරගත් ජනතාවක් ජීවත් වෙන රටක් විදියට තමයි සැලකෙන්නේ. ඒත් ඒ කතාව අදට කොච්චර ගැළපෙනවද කියන එක ප්‍රශ්නයක්. අතීතයේදී නිලට නිලේ දිස්න දුන්න කෙත් වතු බොහොමයක් අද වෙද්දී අතහැරලා. ඒවා වල් බිහි වෙලා. මෙන්න මේ විදියට පුරන් වෙලා තියෙන අපේ ජීවනාලිය බඳු කුඹුරු ගොවිතැනත් එක්ක තමයි මේ මඩ වැඬේ පටන් ගන්නේ. අද වෙද්දී වේගයෙන් රටපුරා පැතිර යන මේ රැල්ල ආරම්භ කිරීමේ එක පුරෝගාමියෙක් තමයි යුරේෂ් එරංග. ෆේස්බුක් මුල් කරගෙන ඒත් මහපොළොවට බැහැලා මඩත් එක්ක යන මේ වැඬේ ගැන යුරේෂ්ගෙන්ම දැන ගන්න එක හොඳයි කියලා අපිට හිතුණා.

“ලංකාවේ පුරන් වෙලා තියෙන කුඹුරු අස්වද්දලා අපේ ආර්ථිකයට ශක්තියක් වෙන්න වගේම කෘෂි රසායන යොදාගෙන කරන ආහාර භාවිත කරලා ලෙඩ රෝගවලට ගොදුරු වෙන ජනතාව ඉන් මුදා ගන්න මගෙ හිතේ කාලෙක ඉඳන් ලොකු ආසාවක් තිබුණා. ඒත් ඔය වැඬේ කරන්න අවශ්‍ය මූල්‍යමය ශක්තිය තිබුණේ නැති හින්දා මම අවුරුදු 3ක් තිස්සේ වෙන ජොබ් එකක් කළා. හැබැයි ඒ කාලෙ පුරාම මගෙ ඔළුවේ තිබුණේ ඒ අදහස. අන්තිමට මම කරපු ජොබ් එකෙන් අයින් වෙලා සැප්තැම්බර් 27 වැනිදා මේ වැඬේ පටන් ගත්තා.”
අවුරුදු 3ක් තිස්සේ හිතේ තිබුණු ආෂාව ඉෂ්ට කර ගත්ත හැටි යුරේෂ් තව දුරටත් විස්තර කළේ මෙහෙමයි.
“රත්නපුර කලවාන ප්‍රදේශය අවුරුදු 10කට වැඩි කාලයක් අත් හැරලා පුරන් වෙලා තිබුණු අක්කර දෙකක කුඹුරක් තමයි අපි මේ වැඬේට යොදා ගත්තේ. මම මේ වැඬේ තනියෙන් පටන් ගන්න හිතුවත්, අකිලයි, මොහානුයි කියන මගේ යාළුවෝ දෙන්නා වැඩෙත් එක්ක මුලදීම එකතු වුණා. ඇත්තටම අපි මේ වැඬේ මුල ඉඳලම ෆේස් බුක් දැම්මා. ඒ හරහා ගොඩක් හොඳ ප්‍රතිචාර අපිට ලැබුණා. කලවාන පැත්තේ තරුණයෝ නිවාඩු දවස්වලට අපිට උදවු කරන්න ආවා.”
අවුරුදු 10ක් පුරන් වෙලා තිබුණු කුඹුරු යායක් එක පාරට අස්වද්දවන එක ලේසි පහසු දෙයක් නෙවෙයි. ඒ හින්දා ඒ වැඬේ කෙරුව විදිය අපි මුල ඉඳන් අගටම යුරේෂගෙන් ඇහුවා. ඒ කතාව මෙහෙමයි.
“අපි මේ කුඹුරට බහිද්දී අපේ ඇඟේ තරමට උසට තණකොළ වැවිලා තිබුණා. අපි මුලින්ම කළේ තණකොළ කපන මැෂින් එකක් අරගෙන තණකොළ කපන එක. ඊට පස්සේ නියරවල් බැන්දා. කපපු තණකොළ ටික යට කරලා හරක් දාලා පොළොව මැඩෙව්වා. හරක් දාලා කරන්න බැරි ටිකක් ඝන පොළොවක් තිබුණු හරියට අපි මැෂින් එකක් යොදා ගත්තා. ඒ වගේම හරක් දාන්නත්, මැෂින් දාන්නත් බැරි හොඳටම එරෙන ප්‍රදේශයකුත් මේ කුඹුරේ තිබුණා. ඒ හරිය අපි කට්ටිය බැහැලා උදලුවලින්ම සකස් කෙරුවා. කොහොම හරි නොවැම්බර් 10 වැනිදා වන විට කුඹුර වපුරන තැනට ගේන්න අපිට පුළුවන් වුණා.”

මේ කතාව කියවගෙන යද්දී හරිම ලස්සන වුණත් කුඹුරට බැහැලා වැඬේ කරද්දී නම් ඒක එච්චරම සුන්දර දෙයක් වෙන්න නැතුව ඇති. මොනවද මේ අතරේ මතු වුණු බාධා. අපි ඒ ගැනත් යුරේෂ්ගෙන් ඇහුවා.
“අපිට තිබුණු ලොකුම ප්‍රශ්නය තමයි වතුර. මේ කුඹුරු යායට මීටර් 400ක් විතර දුරින් සොරොව්වක් තියෙනවා. ඒත් අවුරුදු ගානක් තිස්සේ භාවිත නොකරපු නිසා ඒ වෙද්දී සොරොව්ව වගේම කුඹුරට වතුර එන ඇළ පාර සම්පූර්ණයෙන්ම විනාශ වෙලයි තිබුණේ. මුලින්ම අපි කිතුල් කොට යොදා ගෙන සොරොව්ව ප්‍රතිසංස්කරණය කෙරුවා. ඊට පස්සේ ඇළපාර සුද්ද කළා. ඒත් ඒ වෙලාවේ ඇළ පාර ප්‍රතිසංස්කරණය කරන්න අවශ්‍ය මුදල් නොමැති වීම අපිට ප්‍රශ්නයක් වුණා. අපි ඒ ගැන ෆේස්බුක් දැම්මට පස්සේ ඉතාලියේ රැකියාව කරන සහෝදරයෝ දෙන්නෙක් අපිට මුදල් ලබා දෙන්න කැමැති වුණා. ඒ මුදල් යොදා ගෙන හැමෝගෙම මහන්සියත් එක්ක කුඹුරු අක්කර 89කට වතුර ලබා දෙන්න පුළුවන් වෙන විදියට සොරොව්ව සහ ඇළ පාර ප්‍රතිසංස්කරණය කරන්න අපිට පුළුවන් වුණා.”
මහා භයානක දෙයක් විදියට සමහරක් දෙනා හිතාගෙන ඉන්න ෆේස්බුක් ජාලයෙන් මොන තරම් දෙයක් කරන්න පුළුවන්ද. යුරේෂ්ගේ කතාවේ ඉතුරු ටිකත් ඇහුවම ඒක තවත් පැහැදිලි වෙනවා.
“අපේ මේ වැඬේ මුල ඉඳන්ම ෆේස්බුක් දැම්ම හින්දා ඒ වෙද්දී අපිට ආශීර්වාද කරන ලොකු පිරිසක් රට වටේ හිටියා. නොවැම්බර් 10 වැනිදා මේ කුඹුර වපුරන බව අපි දැනුම් දීමත් එක්ක ඒ වැඬේට ලොකු පිරිසක් එකතු වුණා. ෆේස්බුක් හරහා අඳුන ගත්ත 50 දෙනෙක් ඇවිත් වපුරන දවසේ අපි එක්ක ස්වේච්ඡාවෙන් වැඩ කෙරුවා. ඇත්තටම ඒක ඒ අයට වගේම අපිටත් හරිම සුන්දර අත්දැකීමක්. මොකද ඒ ගොඩ දෙනෙක් ජීවිතේ පළමු සැරේට එදා තමයි කුඹුරකට බැස්සේ.”
එදා වපුරන්න ආව අනෙත් අයට කුඹුරු වැඩ හුරු නැහැ කියලා යුරේෂ් කියනවා. එතකොට යුරේෂ් කුඹුරු වැඩට හොඳට දන්න කෙනෙක්ද? මේ ප්‍රශ්නය ඔබට වගේම මගේ හිතටත් නැඟුණා. ඒ ප්‍රශ්නෙට යුරේෂ් උත්තර දුන්නේ මෙහෙමයි.

“මට අවුරුදු 10දී විතර කාලෙදී මම කුඹුරකට බැහැලා තියෙනවා මට යන්තම් වගේ මතකයි. ඒත් මේ වැඬේ කරන්න පටන් ගන්න කොට නම් මට වී ගොවිතැන ගැන කිසිම අවබෝධයක් තිබුණේ නැහැ. මම කලින්ම කිව්වනේ අවුරුදු 3ක් මේ වැඬේ සැලසුම් කළා කියලා. ඒ කාලෙදී මම වී ගොවිතැන සම්බන්ධ පොත් පත් ගොඩක් කියෙව්වා. ඒ හරහා ඒ ගැන මූලික දැනුම ලබා ගත්තා. ඊට පස්සේ ප්‍රදේශයේ කුඹුරු ගොවිතැන් කරපු පැරනන්ගෙන් උපදෙස් ලබා ගත්තා. ඇත්තටම ඒ අයගෙන් ලැබුණු ප්‍රායෝගික දැනුම අපිට ගොඩක් ප්‍රයෝජනවත් වුණා. ඒ අය ඇවිත් බොහොම කැමැත්තෙන් අපිට උපදෙස් දුන්නා. ඒ විදියට තමයි මේ වැඬේ සාර්ථක වුණේ.”
පොත පතින් ඉගෙන ගෙන කුඹුරට බැස්ස යුරේෂ් ඇතුළු කණ්ඩායම මේ වෙද්දී ඒ අසල තිබුණු මඩ ගොවිතැන සඳහා යොදා ගන්න බැරි ඉඩමක එළවළු වගාවකුත් ආරම්භ කරලයි තියෙන්නේ. හැබැයි මඩ ගොවිතැනට විතරක් නෙවෙයි එළවළු වගාව සඳහාත් කිසිම රසායන පොහොරක් හෝ කෘමි නාශක වර්ගයක් භාවිත කරන්නේ නැහැ. ඒ විදියට වගා කරන්න පුළුවන්ද? එහෙම බැරි නැහැ කියලයි යුරේෂ් අත්දැකීමෙන් කියන්නේ.
“රසායන ද්‍රව්‍ය යොදා ගෙන කරන වගාව හින්දා ලෙඩ රෝගවලට ගොදුරු වන ජනතාව ඉන් මුදා ගැනීම මගේ එක අරමුණක් වුණා කියලා මම මුලදීම කිව්වනේ. ඒ හින්දා වගාවන් කාබනික පොහොර සහ ස්වාභාවික කෘමි නාශක ක්‍රම භාවිත කරගෙන කරන්න තමයි අපි තීරණය කළේ. අවුරුදු 10 වගා නොකළ හින්දා මේ අවුරුද්දේ කුඹුරු වගාව සඳහා අපිට පොහොර යොදන්න අවශ්‍ය වෙන එකක් නැහැ. ඒත් වගාව සඳහා අවශ්‍ය කාබනික පොහොර නිෂ්පාදනය අපි දැනටමත් ආරම්භ කරලයි තියෙන්නේ. ඊට අමතරව කෘමි උවදුරුවලින් වගාව බේර ගන්න අපි අනුගමනය කරන්නේ කෙම් ක්‍රම. අද සමාජයෙන් ඈත් වෙලා තිබුණත්, වසර දහස් ගණනක් අපේ ගොවියන් භාවිත කරපු ඒ කෙම් ක්‍රම ඉතාම සාර්ථක බව අපිට දැනටම තේරිලයි තියෙන්නේ.”
ඒ තමයි යුරේෂ්ලගේ කුඹුරු කෙරුවාව. ඒත් මේ තරුණයන්ට කුඹුරු කොටලා අනාගතයක් තියේවිද? මේ අය මෙහෙම දිගටම කුඹුරු කොටයිද? නැත්තං ෆේස්බුක් එකේ දාන්න මේ වැඬේ කරලා පස්සේ අතඇරලා දායිද? මේ වගේ එක එක අයගේ හිතට මේ වගේ ප්‍රශ්න එන්න පුළුවන්. ඒ හින්දා කතාබහ ඉවර කරන්න කලින් අපි ඒ ගැනත් යුරේෂ්ගෙන්ම ඇහුවා.
“ඇත්තටම මම මගේ සම්පූර්ණ කාලයම මේ සඳහා යොදවලයි තියෙන්නේ. මගේ අනාගත ජීවිත වෘත්තිය විදියට මම ගොවිතැන තෝර ගෙන ඉවරයි. කාබනික වගාව කියන්නේ වර්තමාන වෙළෙඳපොළේ විශාල ඉල්ලුමක් තියෙන ක්ෂේත්‍රයක්. අවශ්‍ය ඉල්ලුමට භාණ්ඩ සපයන්න බැරි තත්ත්වයකුයි එතැන තියෙන්නේ. ඒ හින්දා මගේ තෝරා ගැනීම 100%ක් නිවැරදි වේවි කියලා මට විශ්වාසයි. අපේ වෙළෙඳපොළ තියෙන්නේ ගොවිපළේමයි. අස්වැන්න අරගෙන වෙළෙඳපොළට යන්නේ නැතුව, වෙළෙන්දා ගොවිපොළට ඇවිත් අස්වැන්න අරන් යන ක්‍රමයක් තමයි අපි හදන්නේ. ඒ හින්දා මගේ අනාගතය ගැන මට බය නැහැ.”
දැඩි අධිෂ්ඨානයකින් සහ විශ්වාසයකින් යුතුව යුරේෂ් උත්තර දුන්නේ එහෙමයි. ආසියාවේ ධාන්‍යාගාරය විදියට අපේ මුතුන් මිත්තන් දියුණු කරපු මේ රටට අද අත්වෙලා තියෙන ඉරණම වෙනස් කරන්න නම් මේ විදියේ තරුණයන් අත්‍යවශ්‍යයි. යුරේෂ් වගේ තරුණයෝ ගැන ආඩම්බරයෙන් කතා කරන්න ජාතික පුවත්පතක ඉඩ වෙන් කරන්න අපි තීරණය කළෙත් ඒකයි. යුරේෂ්ල පටන් ගත්ත වැඬේ ෆේස්බුක් හරහා දැන් රැල්ලක් බවට පත් වෙලා හමාරයි. දකුණු පළාත ඇතුළු ලංකාවේ තවත් ප්‍රදේශ කිහිපයකම තරුණයෝ දැන් මේ වැඬේ පටන් අරන්. තව මාස කිහිපයකින් මේ හැමෝගෙම උත්සාහය මල් ඵල දරමින් ආයෙමත් ලංකාව වටේ කුඹුරු යායවල් නිලට නිලේ බැබළේවි. ඒ ලැබෙන අස්වැන්න අපේ ආර්ථිකයට මහා ශක්තියක් වේවි. මේ වැඬේට මේ විදියට හරි දායක වෙන්න ලැබුණු එක ගැන එදාට අපේ හිතටත් ලොකු සතුටක් දැනේවි.

චන්දන ‌පොන්නම්පෙරුම

SendShareShare
Previous Post

MISSION IMPOSSIBLE එකේ INSIDE JOB එක කරපු TEAM එක ‌

Next Post

කුණු සුද්ද කරන-ට්‍රැෆික් අඩු කරන ‌පොලිස් ‌මෙහෙයුම

MORE NEWS

ජනතාවට වඩාත් කාර්යක්ෂම සහ ඵලදායී සේවාවක් සැපයීම ගැන කතාකරන්න අනුර දිස්ත්‍රික් ලේකම්වරුන්-අමාත්‍යංශ ලේකම්වරුන්-දෙපාර්තමේන්තු ප්‍රධානීන් කැඳවයි! I Sri Lanka Latest News
Exclusive

ජනාධිපති කෝච්චි බස් ගැන දැඩි තීන්දුවක් ගනී! Sri Lanka Latest News

එහෙන් මෙහෙන් එහෙට මෙහෙට ගණන් හදන… සල්ලිවලට කොළේ වහල ගේම ගහන… අර ලොක්කව මේ ලොක්කව ෆෝම් කරන… ඡන්ද කාලෙ පැටව් ගහන ගණන් හැදුම…
Exclusive

ගෙවල් ඇතුළේ ආර්ථිකය 51.4%කින් කඩාවැටිලා! ජන මතයකින් හෙළිවෙයි! Sri Lanka Latest News

මාලිමාව ඉවරයි! දැන් තියෙන්නේ JVP එක! මෙන්න උදාහරණ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ – මාලිමාව රට පුරා පාරට බහින සූදානමක්! Sri Lanka Latest News

මහා ජන සන්නිපාතය හමුවේ සජබ නායක සජිත්ගෙන් අනුරට විවෘත අභියෝගයක්! පුළුවන්නම් පළාත් සභා ඡන්දය තියන්න!  LIVE VIDEO I Sri Lanka Latest News
Exclusive

23 වැනිදා සජිත් මුළු විපක්ෂයම කොළඹට කැඳවයි! Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

උතුරු නැගෙනහිර වතුකරය එකම පෙරමුණකට! පළාත් සභා ඡන්දය ගන්න ලොකු සටනක් ඇරැඹෙයි! Sri Lanka Latest News

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News
Exclusive

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.