විශ්‍රාමික හමුදා සාමාජිකයන්ට වැඩි වැටුප්, ඉඩම් සහ විවිධ වරදාන ලබාදෙන බව පවසා රුසියාවේ යුද බිමට රැගෙන ගිය ජාවාරම්කරුවන් 28 දෙනකු මේ වන විට රහස් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කරගෙන යන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා ‘මව්රට’ට පැවැසීය.
මේ අතර පසුගියදා ආරක්ෂක අමාත්‍යාංශය විසින් හඳුන්වා දන් දුරකතන අංකයට අදාළ විශේෂ ඒකකයට එවැනි අන්දමට ජාවාරම්කරුවන්ට ලක්ෂ ගණනින් මුදල් ලබාදී රුසියාව බලා පිටත්ව ගිය හිටපු හමුදා සාමාජිකයන් පිළිබඳ පැමිණිලි 282ක් මේ වන විට ලැබී ඇතැයි ආරක්ෂක අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක කර්නල් නලින් හේරත් මහතා පැවැසීය.
ඔහු සඳහන් කළේ ඒ සම්බන්ධයෙන් රුසියානු බලධාරීන් හමුවී සාකච්ඡා කිරීම සඳහා ආරක්ෂක ලේකම්වරයා, රුසියාවේ හිටපු තානාපතිවරයකු සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරියකු රුසියාව බලා පිටත්ව යන බවයි.
මේ අතර, එවැනි අන්දමට රුසියාවට රැගෙන ගිය හමුදා සාමාජිකයන් 150කට ආසන්න සංඛ්‍යාවකගේ තොරතුරු රහස් පොලිසියේ සමුද්‍රීය අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින්ද සොයාගෙන ඇත.
මෙය දිවයින පුරා ක්‍රියාත්මක ජාවාරමක් බවද හෙළිව තිබේ.
ප්‍රේමලාල් විජේරත්න