ශ්වසන වෛරසයක් ලෙස මේ දිනවල තදින් පැතිරී යමින් තිබෙන උණ, කැස්ස, වමනය සහිත ඉන්ෆ්ලුවෙන්සා රෝගය ගණන් නොගෙන වෙහෙසවී වැඩකළහොත් හෘද පේශී දුර්වල තත්ත්වයට පත්වීමේ අවදානමක් ඇති බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා ‘මව්රට’ට පැවැසීය. (Sri Lanka Latest News)
මෙම රෝගී අවස්ථාවලදී විවේකීව නොසිටියහොත් මරණය පවා සිදුවිය හැකි බවයි ඔහු පෙන්වා දෙන්නේ.
එම රෝගී තත්ත්වය පහසුවෙන් අන්‍යයන්ට බෝවීමේ අවදානම පවතින හෙයින් මුඛ ආවරණ පැලඳ වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමට කටයුතු කරන ලෙසයි වෛද්‍ය දීපාල් පෙරේරා මහතා මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.
විශේෂයෙන් අවුරුදු 12න් පහළ සහ අවුරුදු 60ට වැඩි වෙනත් රෝගවලින් පෙළෙන පුද්ගලයන් මෙයින් ප්‍රවේශම් වීම වැදගත් බවද වෛද්‍යවරයා සඳහන් කළේය.
එම රෝගී තත්ත්වය නිව්මෝනියාවට හැරීමේ ඉඩකඩ ඇති බවද හෙතෙම පෙන්වා දුන්නේය.
ප්‍රේමලාල් විජේරත්න










