මෙවර ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා ලත් අති විශාල ජයග්‍රහණයට හේතු වූ ප්‍රධාන සාධකයක් වූයේ එතුමාගේ මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරයය. ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටි අනෙක් අපේක්ෂකයන්ට සාපේක්ෂව ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරය ඉතා කාර්යක්ෂමව කළ සැලසුම් සහගත එකක් විය. එමෙන්ම ඒ වැඩපිළිවෙළ තුළ වූ බොහෝ ක්‍රමවේදයන් ශ්‍රී ලාංකිකයන්ට නැවුම් අත්දැකීම් බවට පත් විය. මෙවර ජනාධිපතිවරණයේදී තරුණ ඡන්ද පදනම ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත නැඹුරු වීමේ රහස එය බව දේශපාලන විශ්ලේෂකයන්ගේ අදහසය.
ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරය මෙහෙයවීම භාරව කණ්ඩායම් කිහිපයක් කටයුතු කළ අතර එම කණ්ඩායම් ප්‍රධාන වශයෙන් මෙහෙයවූයේ බැසිල් රාජපක්ෂ මහතා සහ රෝහිත රාජපක්ෂ මහතාය.
බැසිල් රාජපක්ෂ මහතාගේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වූ මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරය මෙහෙයවූයේ සංජීව එදිරිමාන්න මහතා විසිනි. බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රමුඛත්වයෙන් යුතු එම කණ්ඩායම ජනාධිපතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරය ආරම්භ කර ඇත්තේ දිවයින පුරා ඡන්ද දායකයන් ඇසුරින් සිදු කළ සමීක්ෂණයකින් පසුවය. ඒ යටතේ මෙරට ඡන්ද දායකයන් වර්ග 4ක් යටතේ වෙන් කර ගැනීමට සමීක්ෂකයින් සමත් වී ඇත. දේශපාලන පක්ෂ මත පදනම්ව ඡන්දය භාවිත කරන්නන්, ජාතිය සහ ආගම මත පදනම්ව ඡන්දය භාවිත කරන්නන්, වෘත්තීය සහ සමාජ තත්ත්වය මත පදනම්ව ඡන්දය භාවිත කරන්නන් සහ නැවුම් සමාජ මාතෘකා මත පදනම්ව ඡන්දය භාවිත කරන්නන් ලෙසට එම වර්ගීකරණය සිදු කර ඇත.
අවසන් වරට පැවැති පළාත් පාලන මැතිවරණයේදී අත්කර ගත් ඡන්ද සංඛ්‍යාව නිගමනය කරමින් එක් එක් පක්ෂ සතු ඡන්ද සංඛ්‍යාව නිශ්චය කර ගෙන ඇති අතර ජනාධිපතිවරණයේදී සුළු පක්ෂ ඇතුළු පක්ෂ 40ක් සමඟ පොදු සන්ධානයකට එළඹීමට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ තීරණය කරන්නේ ඉහත සඳහන් පළමු වර්ගීකරණයට අයත් ඡන්දදායකයන් නැඹුරු කර ගැනීම සඳහාය. සිංහල බෞද්ධ ඡන්ද පදනම පොදු ජන පෙරමුණ වෙත ආකර්ෂණය වී තිබූ පසුබිමක උතුරු, නැඟෙනහිර ජනතාව සමඟ සෘජු සංවාදයක යෙදීමට පක්ෂ නායකයන් කටයුතු කරන්නේ දෙවැනි වර්ගීකරණයට අයත් ජනතාව දින ගැනීම සඳහාය. ජනාධිපතිවරණ ප්‍රචාරණ කාලය තුළ බැසිල් රාජපක්ෂ මහතා නැඟෙනහිර ප්‍රදේශයේ වැඩි කාලයක් ගත කළේද ඒ සඳහාය.
වෘත්තීය තත්ත්වය සහ සමාජ තත්ත්වය මත පදනම්ව ඡන්දය භාවිත කරන ජනතාව දිනා ගැනීම සඳහා පොදු ජන පෙරමුණ දියත් කළ වැඩසටහන් මාලාව ඉතා ආකර්ෂණීය විය. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පක්ෂ සම්මේලනයෙන් අනතුරුව මෙරට සියලුම ක්ෂේත්‍ර නියෝජනය කරන වෘත්තීයවේදීන් සඳහා සතියක් පුරා වෙන වෙනම සම්මේලන පැවැත්වීමට ඔවුහු කටයුතු කළෝය. රණ විරුවන්, වෛද්‍යවරුන්, ඉංජිනේරුවන්, ගුරුවරුන් මෙන්ම රූපලාවණ්‍ය ශිල්පීන් ඇතුළු මෙරට සියලුම වෘත්තීයවේදීන්ට ඒ යටතේ ඇමැතීමට ලැබීම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ලද විශාල ජයග්‍රහණයක් විය. ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සංකල්පයක් යටතේ ඇරඹුණු වියත්මඟ සංවිධානය හරහා ඒ සඳහා ලැබුණු දායකත්වයද සුළු පටු නැත.
සමීක්ෂණයේදී හඳුනා ගත් සිවුවැනි පාර්ශ්වය වූ නව සමාජ මාතෘකා මත පදනම්ව ඡන්දය භාවිත කරන ජනතාව දිනා ගැනීම සඳහා වූ වැඩපිළිවෙළ ප්‍රධාන වශයෙන් දියත් වූයේ සමාජ ජාල හරහාය. කෙළින් තීරණ ගන්නා, පිරිසුදු, නව දැක්මක් සහිත නායකයකු ලෙසින් ගෝඨාභය රාජපක්ෂ මහතාට හිමිව තිබූ සමාජ තත්ත්වය, එම ඡන්ද දායකයන් ආකර්ෂණය කර ගැනීමට විශාල පහසුවක් විය.
මේ සියලු කරුණු කාරණා මත පදනම්ව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ප්‍රචාරක ව්‍යාපාරය නිල වශයෙන් දියත් වූයේ ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමටත් පෙරය. එම වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවේ සෑම නිවෙසකටම ගමන් කිරීම ඔවුන්ගේ අභිප්‍රාය විය. ඒ යටතේ හිටපු ආණ්ඩුව සිදු කළ වැරැදි සම්බන්ධයෙන් ජනතාවට පුළුල් අවබෝධයක් ලබා දීමට පොදු ජන පෙරමුණට හැකි විය. ඒ වැඩසටහන් දියත් වූයේ පොදු ජන පෙරමුණේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් හරහාය. ජනාධිපතිවරණයට දින නියම වීමට මත්තෙන් මැතිවරණ ප්‍රචාරණ කටයුතු සඳහා ගෙයින් ගෙට ගමන් කළ පළමු අවස්ථාව ලෙසද එය ඉතිහාසයේ සටහන් විය.
රූපවාහිනී, ගුවන් විදුලි, පුවත්පත් දැන්වීම් හරහා ප්‍රචාරණ කටයුතු දියත් කළද මෙවර ජනාධිපතිවරණයේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මැතිවරණ ප්‍රචාරණ වැඩපිළිවෙළේ ප්‍රධාන අංගය වූයේ ගෙයින් ගෙට ගමන් කිරීමය. ඒ හරහා මැතිවරණ ප්‍රචාරණය සඳහා නීත්‍යානුකූල අවසරය හිමිව ඇති අත් පත්‍රිකා බෙදමින් ජනතාව දැනුවත් කිරීම ඒ වැඩපිළිවෙළේ අරමුණ විය. ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව දියත් කළ ගෙයින් ගෙට යෑමේ වැඩපිළිවෙළද අදියර තුනකින් යුක්ත විය. පළමු අදියර යටතේ ගෝඨාභය රාජපක්ෂ මහතා යනු කවරෙක්ද යන්න සහ ඔහු සිදු කර ඇති කාර්ය භාරය සඳහන් අත් පත්‍රිකා ජනතාව අතර බෙදා දුන් අතර දෙවැනි අදියරේදී බෙදා දුන් අත් පත්‍රිකාවන්හි සඳහන් වූයේ මහින්ද රාජපක්ෂ මහතාගේ පාලනය තුළ මෙරට ලද ජයග්‍රහණ සහ එම යුගයේදී සිදුවූ සංවර්ධන කටයුතු පිළිබඳව තොරතුරුය. අනතුරුව දියත් වූ තෙවැනි අදියරේදී ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ඇසුරින් සකස් කළ අත්පත්‍රිකා ජනතාව අතර බෙදා දීම සිදු විය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා නම් කිරීමෙන් අනතුරුව ඒ මහතා ජනතාව සමඟ කතා බහ කරමින් රට පුරා කළ සංචාරයද ජනතාවගේ ඉමහත් ප්‍රසාදයට පත් විය. ඉතා සැලසුම් සහගතව සිදු කළ එම සංචාරයේදී සෑම ජාතියකම, සෑම ආගමකම මෙන්ම සෑම සංස්කෘතියකටම අයත් ජනතාව හමුවීමට ගෝඨාභය රාජපක්ෂ මහතා කටයුතු කළේය. නීත්‍යානුකූලව අවසරය ලැබී ඇති පරිදි රටපුරා උපරිම මැතිවරණ කාර්යාල පිහිටුවීමට පොදු ජන පෙරමුණ කටයුතු කළ අතර ඒවා බොහොමයක් නිර්මාණය කර තිබුණේ ඉතා ආකර්ෂණීය ලෙසටය.
ඕනෑම මැතිවරණයක ප්‍රධාන අංගය වන්නේ මැතිවරණ ප්‍රචාරණ රැලිය. එබැවින් ශ්‍රී ලංකාවේ සෑම ආසනයක්ම නියෝජනය වන පරිදි මහින්ද රාජපක්ෂ මහතා සහ ගෝඨාභය රාජපක්ෂ මහතා සහභාගි වූ ප්‍රචාරණ රැලි සංවිධානය කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සංවිධායකයෝ කටයුතු කළහ. ඊට අමතරව දෙවැනි පෙළ රැස්වීම් මාලාවක්ද දිවයින පුරා ක්‍රියාත්මක වූ අතර සෑම ගමක්ම ආවරණය කරමින් පැවැත්වූ ග්‍රාමීය රැස්වීම් මාලාවද මේ ජයග්‍රහණයට පාදක වූ ප්‍රධාන කාරණයක් විය.
මේ ආකාරයෙන් දියත් වූ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මැතිවරණ ප්‍රචාරණ වැඩපිළිවෙළේ දක්නට ලැබුණු කැපී පෙනෙන ලක්ෂණය වූයේ එය මඩ ප්‍රචාරයන්ගෙන් තොර වීමය. ඉතා නිර්මාණාත්මක ලෙස එම ප්‍රචාරණ ව්‍යාපාරය සැලසුම් කිරීමේ ප්‍රමුඛයන් ලෙස කටයුතු කළේ ජගන ක්‍රිෂ්ණකුමාර් සහ මෙවන් ලියනගේ ඇතුළු පිරිසය. එය අධීක්ෂණය කරනු ලැබූයේ රෝහිත රාජපක්ෂ මහතාය. “සාර්ථක දැක්මක්- වැඩ කරන රටක්” යන තේමාව මුල් කර ගනිමින් දියත් වූ එම වැඩපිළිවෙළ සකස් කර තිබුණේ මූලෝපායිකරණය, සංකල්පීකරණය, නිර්මාණකරණය සහ නිෂ්පාදනය යන අංශ හතර ඔස්සේය. ඒ යටතේ සැකසුණු “වැඩ කරන අපේ විරුවා” යන තේමා ගීතය ජනතාව ඉතාම ආදරයෙන් වැලඳගන්නා අයුරු දක්නට හැකි විය. සමාජ ජාල අතරද එම ගීතය ඉහළ ස්ථානයක් අත් කර ගත්තේය. මැතිවරණ ප්‍රචාරණ කටයුතුවලට අමතරව පෞද්ගලික විනෝද සාදවලදී පවා එම ගීතය වාදනය විය. එම අපූරු තේමා ගීතය නිර්මාණකරුවා වන්නේ පසන් ලියනගේ නමැති සංගීතවේදියා වන අතර එය රචනා කර ඇත්තේ මාලනී ලියනගේ විසින්ය. ජනතාවගේ සිත් තුළට කා වදින ස්වරයෙන් එම ගීතය ගායනා කරන්නේ චතුල ලියනගේ සහ ටෙහානි ඉමාරාය.
අන්තර්ජාලය හරහා ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ සෘජු සංවාදයට අවස්ථාව ලබා දීම සහ ඒ මහතාගේ රැස්වීම සජීවීව ප්‍රචාරය කිරීම මෙම ප්‍රචාරණයේදී දක්නට ලැබුණු ආකර්ෂණීය කරුණු විය. ඒ වෙනුවෙන්ම නිර්මිත ඨඍ දෙර ්ජඑසදබ ඇප් එක ශ්‍රී ලාංකිකයන්ට නවමු අත්දැකීමක් විය. තාක්ෂණය සමඟ ගැටෙන තරුණ පරපුර එය ඉතාම ඕනෑකමින් භාවිත කරන ආකාරය දක්නට හැකි විය. ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ජනගත කිරීම සඳහා එය මහත් රුකුලක් විය.
මෙවර ජනාධිපතිවරණ ප්‍රතිඵලය දෙස බැලීමේදී දක්නට ලැබුණු විශේෂිත කරුණක් වූයේ රාජ්‍ය සේවයකයන් ඡන්දය භාවිත කර ඇති අන්දමය. ඔවුන්ගෙන් කැපී පෙනෙන බහුතරයක් ඡන්දය භාවිත කර තිබුණේ ගෝඨාභය රාජපක්ෂ මහතාටය. රාජ්‍ය සේවකයන්ගේ කැමැත්ත දිනා ගැනීම සඳහාම වූ විශේෂිත වැඩපිළිවෙළක්ද පොදුජන පෙරමුණේ මැතිවරණ ව්‍යාපාරය තුළ විය. මෙරට සිටින සියලුම තැපැල් ඡන්ද දායකයන් සඳහා ලිපියක් යැවීමට ඔවුන් කටයුතු කළේ ඒ අනුවය. ඒ වැඩපිළිවෙළ ඉතා සාර්ථක වූ බව ජනාධිපතිවරණ ප්‍රතිඵල නිරීක්ෂණය කිරීමේදී මොනවට පැහැදිලි වී ඇත.
ගෝඨාභය රාජපක්ෂ මහතාට අති විශාල ජයග්‍රහණයක් ලැබීමට හේතු වූ මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරය ඒ ආකාර විය. ගමක් ගානේ ගෙයින් ගෙට යමින්, ජනතාව සමඟ එකට ගැටෙමින් සිදු කළ ප්‍රචාරණය මෙන්ම ශ්‍රී ලාංකිකයන්ට අලුත් අත්දැකීම් එකතු කරමින් නව තාක්ෂණය සමඟ මුසුව සිදු කළ ප්‍රචාරණයද සම්මිශ්‍රණව පැවතීම එම ප්‍රචාරණය අත්කර ගත් සාර්ථකත්වයේ රහස විය.
චන්දන පොන්නම්පෙරුම