පාකිස්ථානය සිය රටේ වෙසෙන සුළුතර ප්‍රජාව ඉලක්ක කර ක්‍රියාත්මක කරන වධහිංසා“සම්බන්ධයෙන් දීර්ඝ ලෙස කරුණු දැක්වූ රාමි රේන්ජර් සාමිවරයා බ්‍රතාන්‍ය පාර්ලිමේන්තුවේ දී පාකිස්ථානය ඉතුරු නැතුවම පතුරු ගැසුවේය.
පෙෂාවෝ පළාතේ “බාටා තල් බසාර්”නගරයේ දී සික් ජාතික ව්‍යාපාරිකයින් දෙදෙනකු හදුනා නොගත් ගිනි අවිකරුවන් දෙදෙනකු විසින් ඝාතනය කරනු ලැබීමේ සිද්දිය පිළිබඳව මහජන මතයක් ගොඩනැගිය යුතු බව කියමින් සාමිවරයා පාකිස්ථානයට එ සේ වාග් ප්‍රහාර එල්ල කෙළේය.
බ්‍රතාන්‍ය පාර්ලිමේන්තුවේ ප්‍රශ්ණවලට පිළිතුරු සැපයෙන සැසියේදී “කර්බන් හුසේන්”සාමිවරයා ප්‍රශ්ණයක් මතු කළ අවස්ථාවේ දී රාම් රේන්ජර් සාමි වරයා එ සේ ආවේගශීලීව කතා කෙළේය.
“කර්බන් හුසේන්”සාමිවරයා ඝාතනයට ලක් වූ ව්‍යාපාරිකයින් දෙදෙනා ගැන දැනගෙන සිටිය යුතුයැය” ඔහු කීවේය.
“පාකිස්ථානයේ ජීවත්වෙනන අහමදියා,සික්,ක්‍රිස්තියානි සහ හින්දු ලබ්දිකයින් නිරන්තරයන්ම වධ හිංසාවලට ලක් වෙනවා. බලහත්කාරයෙන් ආගමට හරවා ගන්නවා.ෂියා දෙවස්ථානවලට ප්‍රහාර එල්ලවෙනවා.මම අහන්න කැමතියි කාශ්මීර ත්‍රස්තවාදීන්ට කවුරුද අවි ආයුධ දෙන්නෙ කියලා.ඒ වගේම ත්‍රස්තවාදීන් පුහුණු කරවන්නෙ කවුරුද කියලා” රාමි රේන්ජර් සාමිවරයා ප්‍රශ්ණ කෙළේය.
චන්ද්‍රසේන මාරසිංහ





