භාරතය සහ මියන්මාරය අතර මිත්‍රත්වය ඉතා දිීර්ඝ කාලයක් තිස්සේ පවත්නා එකකි.ඒ හා බැඳුණු හේතූන් ගණනාවක් තිබේ .ඓතිහාසික,සාංස්කෘතික,ආගමික සහ වාණිජ බන්ඳනය පළමු වැන්නය.දෙ රටේම පොදු ඇදහිලි,මතිමතාන්තර ආකල්ප විකල්ප බොහෝ දුරට සමගාමිවීම දෙවැන්නය.මේහේතූන් නිසා දෙරට අතර විශ්වාසය අඛණ්ඩව අචින්නව ආයාසයකින් තොරව ආරක්‍ෂා කෙරී තිබේ.
බෙංගාල බොක්ක ආශ්‍රිත වැ කිලෝමීටර 1,600 ක වපසරිය ඇති ගොඩ බිම සහ සමුද්‍ර සීමා ප්‍රදේශයක මේ රටවල් දෙක එකාවන්ව සබැඳියාවෙන් සිටියා මිස කිසිම දිනෙක කිසිම අන්දමක හිත් අමනාපකමක් ඇති කරගත්තේ ද නැත.
මියන්මාරය මේ අවස්ථාවේ දැඩිව පීඩා විඳින කොවිඩ් වසංගතය මර්ධනය කිරීමට ඉන්දියාව සෑම උපකාරයක්ම සපයන්නේය.අවශ්‍ය තරම් වෛදා්‍ය උපකරණ සහ ඖෂධ සැපයීමට පැකිළෙන්නේ ද නැත.“රෙමිඩිවිසර්.”කුප්පි තුන්දහසක්(3000)සහකොවිඩ් එන්නත් පහළොස් ලක්‍ෂයක්(15,00,000)පසුගිය දා පරිත්‍යාග කෙළේය.
භාරතය ක්‍රියාත්මක කරන“මෛත්‍රී එන්නත්”(කොවිඩ් එන්නත්)පරිත්‍යාග කිරීමේ ව්‍යාපෘතිය යටතේ එ සේ පිරිනැමු තොගයට අමතරව තවත් කෝටි තුනක්(3,00,00,000)පරිත්‍යාග කිරීමට ද නියමිතය.
එ පමණක් නොව රටේ යටිතල පහසුකම් සංවර්ධනය කර ගැනීම උදෙසා මා හැඟි මූල්‍යාධාර ද පිරිනමන්නේය.“දෙරට අතර පවතින්නේ මහා සංස්කෘතික බැඳීමක්.මිනිහෙකුට මිනිහෙක්ම උදව් කළ යුතුයි.පළමුව අසල් වැසියා” ඉන්දියාව කියයි..“ සුවතා අභියෝග” සහ ආර්ථික දුෂ්කරතා මහහැර ගැනීමට අවශ්‍ය සියලුම සහාය මියන්මාරයට දෙන බවට ද භාරතය ප්‍රතිඥා දී තිබේ.
“ඉන්දියා සහ මියන්මාර දේශ සීමා ආශ්‍රීත ප්‍රදේශ ප්‍රදේශ සංවර්ධන වැඩසටහන”යටතේ ඉන්දියාව මියන්මාරයේ යටිතල පහසුකම් සංවර්ධනය නැංවීමට පාලම්,පාසල් සහ සුවතා මධ්‍යස්ථාන ඉදි කරයි.
භාරතය වාර්ෂිකව සිය අසල්වැසි මිත්‍රයාට පිරිනමන ඇමරිකානු ඩොලර් පනස් ලක්‍ෂයෙන් (50,00,000)මියන්මාරයේ ගම්මාන අසූ දෙකක(82) වෙසෙන ප්‍රජාවගේ ජනජීවිතය ප්‍රවර්ධනය වේ.
ඉන්දියාවේ“කලදාන් ජාත්‍යන්තර ගුවන් තොටුපොළ සහ මියන්මාරයේ“සිට්වේ ගුවන් තොටුපොළ”සම්බන්ධ කෙරෙන කලදාන් ගුවන් මගී හුවමාරු මධ්‍යස්ථානය ඩොලර් හතළිස් අටකෝටි හතළිස් ලක්‍ෂයක(48,40,00,000) ඇස්තමේන්තුවකට ඉන්දියාව විසින් ඉදිකරනු ලබයි.
චීනය නිරන්තරයෙන් ගැටුම් ඇතිකරන මියන්මාරයේ “රක්හෛන්”ප්‍රාන්තයේ සහ එරට විශාල පිරිසකට මෙමගින් රෑකියා අවස්ථා සැපයේ.
චන්ද්‍රසේන මාරසිංහ





