”චීනයේ දිනෙන් දින ඉස්මතුවන උද්ඝෝෂණ ආණ්ඩු විරෝධී ප්‍රචණ්කාරී කළහකාරී ක්‍රියාවලිය නිරන්තර ගැටුම්වලට අවතීර්ණ විය හැකි යැයි හොංකොං මාධ්‍ය කියයි.
ෂැංහායි,බෙයිජිං,හොංකොං සහ ඇන් හායි යන ප්‍රදේශවල පමණක් මේ වර්ෂය (2022)ආම්භයේ සිට මේ දක්වා සමාන්‍ය ජනතාව විසින් පවත්වන ලද උද්ඝෝෂණ ප්‍රමාණය හාරසිය විස්සකි(420)
මේ සඳහා රාජ්‍ය ආයතන එකසිය විස්සකින්(120)සහාය ලැබී තිබේ.
යථෝක්ත ප්‍රදේශවල ගිනියම් වෙමින් පවත්නා පාලක විරෝධී රෑල්ල ගිනිජාලාවක ආරම්භය බව මාධ්‍ය කියයි.පාලකයින් විසින් මහජන විරෝධතා මර්ධනය කිරීමට ගනු ලබන දෘඩතර පියවර(ක්‍රියා මාර්ග)ඇවිලෙන ගින්නට පිදුරු නොව“පැට්ට්‍රෝල්”වැක්කිරීමක් වී තිබේ. ඒ හොංකොං මාධ්‍ය පෙන්නා දෙන ආකාරයයි.
චන්ද්‍රසේන මාරසිංහ