හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ 2029 වසරේදී තමන් වුවද ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්විය හැකි බවයි. තමන් ඒ සඳහා අවශ්‍ය සුදුසුකම් සපුරා ඇති බවත්, කෙසේ වෙතත් ඒ පිළිබඳ අවසන් තීරණය ජනතාව විසින් ගත යුත්තක් බවත් ඒ මහතා අවධාරණය කරයි.Sri Lanka Latest News
තමන් එම ධුරයට පත්වුවහොත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) ගිවිසුමින් ඉවත් වී, රුසියාව, චීනය සහ ඉන්දියාව වැනි රටවල් සාමාජිකත්වය දරන BRICS සංවිධානයේ සාමාජිකත්වය ලබාගෙන එම රටවල ආධාරයෙන් ආර්ථික ගැටලුවලට විසඳුම් ලබා දෙන බව ද විමල් වීරවංශ මහතා වැඩිදුරටත් සඳහන් කරයි. මාධ්‍යවේදියෙකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු පැවසුවේ, මීළඟට පත්විය යුත්තේ රනිල් වික්‍රමසිංහ මහතා අනුගමනය කළ මාවතේ ඉදිරියට යන නායකයෙකු නොව, විකල්ප දේශපාලන හා ආර්ථික මාවතකට පිවිසිය හැකි නායකයෙකු බවයි.











