අප රට සෑම අතකින්ම දැඩි අවදානමකට ලක්ව ඇති බවත් ආර්ථික, සමාජීය පාර්ශ්වයෙන් මෙන්ම ජනතාවගේ ජන ජීවිත ආදිය විවිධ හේතූන් මත අවදානමට ලක්ව කඩා වැටී දුප්පත්කම පවා වර්ධනය වී ඇති බවත් බඩුමිල උද්ධමනය ඉහළ යමින් පවතින බවත් මේ නිසා එදිනෙදා වේල් 3 පිරිමහ ගන්න නොහැකි වි ඇති අවස්ථාවේ රට ගැන සිතා, පුරවැසියන් ලක්ෂ 220 ගැන සිතා රට ගොඩගන්නා ආකාරය ගැන සිතිය යුතු බවත් මේ සඳහා මැදිහත්විය යුතු ආකාරය ගැන ඒ චින්තනය තුළ රටේ ලක්ෂ 220ක් ජනතාවම කැපවිය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News
රටේ නිර්මාණය වී තිබෙන මේ අවදානම් තත්ත්වය තුළ බොහෝ බලවේග අප රට ඒ අයගේ විවිධ ක්‍රියාකාරකම්වල ගොදුරක් බවට පත් කරන්න බලාගෙන සිටින බවත් අවස්ථාවාදී පාර්ශ්ව මේ අවදානම උපයෝගී කර ගෙන රටේ සෛරීත්වය පහළ දමන්න උත්සාහ කරන නිසා එවැනි දෙයක් සිදු කරන්න ඉඩ නොතැබිය යුතු බවත් රටක් ලෙස මේ ලක්ෂ 220 ජනතාවගේ එක්සත්භාවය එකමුතුභාවය සමගිය සමාදාමය සහෝදරත්වය තුළින් මේ විවිධ බලවේග අප රටට එල්ල කරන තර්ජන අභියෝග පරාජය කරන්න ඉවහල් වන බවත් මේ අවස්ථාවේ අප රටට විවිධ බලපෑම් කර සම්පත් ඩැහැගන්න සිතා සිටියත් අප රට ප්‍රජාතන්ත්‍රවාදී රටක් ලෙස විවිධ මතිමතාන්තර තිබුණත් රට ආරක්ෂා කරන්න රට වෙනුවෙන් අත්වැල් බැදගන්න සූදානම් ජනතාවක් අප රටේ සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ 2026 හම්බන්තොට වෙසක් මහා පෙරහැර පිංකම සදහා සහභාගි වීමට හම්බන්තොට නිබ්බාරාම විහාරස්ථාවයට පැමිණි අවස්ථාවේදී පැමිණ සිටි පිරිස අමතමිනි. හම්බන්තොට දිස්ත්‍රික් තරුණ බෞද්ධ සංගමය, හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, හම්බන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, හම්බන්තොට වෙළෙද සංගමය සහ වෙළෙද ප්‍රජා එක්ව මෙම පෙරහැර මංගල්‍ය සංවිධානය කරනු ලැබීය. මෙහි සදාතුක කරඩුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් මංගල හස්ථිරාජයා කරපිට තැන්පත් කරන ලදී.
අද වන විට රටේ ජනතාව මෙන්ම රටත් දැවැන්ත අභියෝග රැසක මුහුණ දෙන බවත් මේ සෑම අභියෝගයක් තුළින් ජනතාව දුකට පත්වන බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.
අප රටේ සම්බුද්ධ ශාසනයට සුවිශේෂ ස්ථාවරයක් ලැබෙන බවත් බුද්ධශාසනයට මුල්තැන ලබා දෙමින් බුද්ධශාසනය ශක්තිමත් කර ප්‍රවර්ධනය කිරීම අප සියලු දෙනාගේම වගකීම බවත් ඊට අමතරව සෙසු ආගම් හා සංස්කෘතීන්ට ලබා දිය යුතු රැකවරණය හා ආරක්ෂාව උත්තරීතර නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පැහැදිලිව සඳහන් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
තවද සෑම ජන කොට්ඨාසයක්ම කුමන හෝ ජාතියක් ආගමක් සංස්කෘතියක් වේවා මේ පෙරහැර මංගල්‍ය සියලු ජාති ආගම් අතර සංහිදියාවෙන් ක්‍රියාත්මක වන බවත් මේ සංහිදියාව සහෝදරත්වය හා එකතුමුභාවය අප රටේ ඒකීයභාවය සෛරීත්වය භෞමික අඛණ්ඩතාව දේශපාලන නිදහස සුරක්ෂා කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
















Sri Lanka Latest News










