ශ්‍රී ලංකා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාකච්ඡා තවත් දිනයක් සඳහා දීර්ඝ කර ඇති අතර එය තවමත් සිදුවෙමින් පවතින බව දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲර් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.
බලධාරීන් සමඟ සාකච්ඡා තවමත් සිදුවෙමින් පවතින නිසා සාකච්ජා එක් දිනකින් දීර්ඝ කර ඇත.
‘අපි මෙහෙයුම අවසන් කර සැප්තැම්බර් 1 වන දා බ්‍රහස්පතින්දා මාධ්‍ය නිවේදනයක් නිකුත් කිරීමට සැලසුම් කරමු” එම නිවේදනයේ දැක්වේ.
මේ අතර ණය හිමියන් සමඟ සාකච්ඡා කිරීම සඳහා IMF සමඟ කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුමකට එළඹීමට ශ්‍රී ලංකාව උත්සාහ කරමින් සිටින බව economynext සදහන් කරයි.
මේ අතර රොයිටර් පුවත් සේවය වාර්තා කරන්නේ හදිසි ණය සහනයක් සඳහා ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර මූලික එකඟතාවයක් ඇතිවී තිබෙන බවය.
ශ්‍රී ලංකාව සහ ජාත්‍යාන්තර මූල්‍ය අරමුදල අතර යම් එකඟතාවයක් ඇතිවී තිබෙන බව වරාය හා ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා අද පාර්ලිමේන්තුවේ දී කියා සිටියේය.