දකුණු කොරියාව සහ ඉන්දියාව අතර ආර්ථික බැඳීම් ගණනාවක් පසුගිය දා ඇතිවී තිබේ.
භාරත අගමැති නරේන්ද්‍ර මෝධි විසින් සපයන ලද සහ සපයන්නට යෝජිත මහා පරිමාණයේ උපකාර නිසා දෙරට අතර විශාල වාණිජ බන්ධනයක් ඇතිවී පවත්නා බව ඉන්දියාවේ දකුණු කොරියානු තානාපති “චෑං ජේ බොක් ”කියයි.
දෙරට අතර පැවති වාණිජ ගනුදෙනු ප්‍රමාණය කොවිඩි වසංගතය නිසා සෑහෙන පසුබෑමකට ලක්වී ඇතත් එය යථාතත්ත්වයටම පත් කර ගැනීමට දෙරටම දැඩි උත්සාහයක් ගන්නා බවද තාතාපතිවරයා කියයි.
වසංගතයට පෙර එනම් 2020 තරමේ දී දෙරට අතර පැවති වෙළෙඳ ගනු දෙනු ප්‍රමාණය මහත් ඉහළ තලයක පැවතිණි.දරුණු කොරෝනා වස්ංගතය ඒ ප්‍රවේගය අඩපණ කළත් දැඩි උත්සාහය නිසා පසුගිය වර්ෂයේ දී ඒතත්ත්වය යාවත්කාලීන කරගෙන තිබේ.
දැන් දෙරටෙහිම අපේක්‍ෂාව 2030 වනවිට ඉලක්කය ඇමරිකානු ඩොලර් බිලියන පන්සියයක්(500,000,000,000)දක්වා වර්ධනය කර ගැනීමය.
චන්ද්‍රසේන මාරසිංහ