ලන්ඩනයේ සිට කොළඹ බලා පියාසර කරමින් තිබූ ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් UL 504 ගුවන් යානය සහ බ්‍රිටිෂ් එයාර්වේස් ගුවන් සේවයට අයත් යානාවක් උඩු ගුවනේදී එකිනෙක ගැටී සිදුවීමට ගිය විශාල අනතුරක් UL 504 ගුවන් නියමුවාගේ සුපරීක්ෂාකාරී බව හේතුවෙන් වැළකී ගොස් ඇති බව වාර්තා වේ.
දැනගන්නට ඇති ආකාරයට ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් UL 504 ගුවන් යානය ලන්ඩනයේ හීත්‍රෝ ගුවන්තොටපොළින් නික්මුණ පසු තුර්කි ගුවන්සීමාවේදී අන්කාරා ගුවන් ගමන් පාලක මණ්ඩලය විසින් අඩි 35,000ක් ඉහළට ගන්නා ලෙස දැනුම්දීමක් කර ඇත.
ඒ වනවිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් UL 504 ගුවන් යානය පියාසර කරමින් සිට ඇත්තේ අඩි 32,000ක් ඉහළිනි.
නමුත් ඒ වනවිටත් බ්‍රිටිෂ් එයාර්වේස් ගුවන් සමාගමට අයත් යානයක් හීත්‍රෝ ගුවන් තොටුපොළින් පිටත්ව එම මාර්ගයේම ඩුබායි හරහා සිංගප්පූරුවට අඩි 35,000ක් ඉහළින් පියාසර කරමින් සිට තිබේ.
කෙසේවෙතත් ඒ වන විට බ්‍රිටිෂ් එයාර්වේස් යානය ගුවන් යානයේ ගමන් මග සිය රේඩාර් පද්ධතියෙන් හඳුනා ගත් ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් UL 504 ගුවන් නියමුවා ඒ බව අන්කාරා ගුවන් ගමන් පාලකට දන්වා ඇත.
අන්කාරා ගුවන් ගුවන්ගමන් පාලක මණ්ඩලය ඒ බව දැක ඇත්තේ ඊට පසුවය. පසුව ඔවුන්ද තම වරද වහා නිවැරදි කිරීමට පියවර ගෙන ඇති බව දැනගන්නට ඇත.
නමුත් යම් හෙයකින් කළ දැනුම් දීමට අනුව ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් UL 504 ගුවන් යානය පැදවූ නියමුවා එය ඉහළට ගත්තේ නම් වේගය අනුව ගුවන් යානා දෙක උඩු ගුවනේදී ගැටීමකට ඉඩ තිබිණ.
මෙම නියමුවාගේ පරීක්ෂාකාරී බව හේතුවෙන් UL 504 ගුවන් යානයේ සිටි මගීන් 275 දෙනෙකුගේ ජීවිත, එහි කාර්ය මණ්ඩල සාමාජිකයින් සහ බ්‍රිටිෂ් එයාර්වේස් ගුවන් යානයේ සිටි මගීන්ගේ සහ එහි කාර්ය මණ්ඩල සාමාජිකයින්ගේ ජීවිත ආරක්ෂා වූ බව බොහෝ දෙනාගේ විශ්වාසය වී තිබේ.