චීනය සහ තායිවානය අතර චීප් Chip තාක්‍ෂණ යුද්ධයක් ඇවිළී තිබේ.
චීන සෙමිකන්ඩක්ටර් සමාගම් විවිධ තාක්‍ෂණික ක්‍රම ඔස්සේ තායිවන සමාගම් ජාලවලට රිංගා තොරතුරු හොරා ගන්නා බව අනාවරණය කරගෙන තිබේ.
මේ නිසා පසුගිය දා තායිවානය චීන ඉංජිනේරු ආයතන එසේ කරන්නේ දැයි විමර්ශනයක් කර තිබේ.
තායිවානයේ අගනුවර වන“තායිපේයිවල”සේ ම සෙමිකන්ඩක්ටර් නිෂ්පාදන සම්බන්ධයෙන් “කප්”ගසා ඇති “හසින්චු”නගරයේ සියලුම චීන සමාගම් මේ අන්දමින් පරීක්‍ෂා කරනු ලැබ ඇත.
ඒ අනුව සමාගම් ගණනාවක් සොයාගෙන ඇතත් ඒවායේ නම් ලැයිස්තුව මේ දක්වා අනාවරණය කර නැත.
තායිවානය මාස තුනක් තුළ මේ කරනලද දෙවැනි සෝදිසි මෙහෙයුමයි.
තායිවාන් චිප් සෙමිකන්ඩක්ටර් නිෂ්පාදනයේ නිවෙස(මධ්‍යස්ථානය) වශයෙන් සැලකෙන Taiwan Semicondutor Manufactuing Ltd සමාගම විසින් චීන සමාගම් අටක්(8)මේ අන්දමේම සැකකටයුතු සිද්ධීන් සම්බන්ධයෙන්ම මාර්තු මාසයේ දී පරීක්‍ෂාවට භාජනය කරනු ලැබ ඇත.
මේ පරීක්‍ෂණවලදී තවත් වැදගත් තොරතුරක් අනාවරණය වී තිබේ.
තායිවානයේ චිප් නිෂ්පාදන තාක්‍ෂණය සහ නෛපුණ්‍යතා සොයා ගැනීමට චීනයඋත්සාහ දරන බවයි.
මේ දක්වා තායිවානයට පමණක් ආවේනික තාක්‍ෂණය චීනය විසින් හොර රහසේ සොරාගනු ලැබීම නිසා තම ජාත්‍යන්තර ව්‍යාපාරික තරගකාරිත්වයට මෙන්ම ජාතික ආරක්‍ෂාවට ද මේ වංචාවෙන් උග්‍ර තර්ජනයක් එල්ලවී ඇති බව තායිවානයේ විමර්ෂණාත්මක කාර්යාංශය නිකුත්කර ඇති නිවේදනයක සඳහන් වේ.
චීනය තායිවානයේ පවත්වාගෙන යන ආයෝජන ව්‍යාපාරික නිෂ්පාදන කර්මාන්තවලදී නිෂ්පාදන සැපයුම් ක්‍ෂේත්‍ර ජාලයෙ ඇතැම් උපාංග නිෂ්පාදනය නීතියෙන්ම තහනම් කර ඇත.
හදිසි පරීක්‍ෂණයෙන් අනාවරණය වූ කරුණු පිළිබව දීර්ඝ වශයන් සැලකිල්ල දක්වා ඇති තායිවානය එ සේ පවත්නා තහනම ක්‍ෂේත්‍ර ගණනනාවකට ව්‍යාප්ත කිරීමට තීරණය කර තිබේ.
චන්ද්‍රසේන මාරසිංහ