• About us
  • Contact us
Monday, July 20, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Politics

ඇමේසන් ගින්නෙන් ලංකාවේ හුස්ම ටිකත් හිරවෙයිද?

August 31, 2019
in Politics
Reading Time: 3 mins read
A A
ඇමේසන් ගින්නෙන් ලංකාවේ හුස්ම ටිකත් හිරවෙයිද?
Share on WhatsAppShare on Facebook

දෙවියනේ, හැම පැත්තකින්ම පේන්නේ මරණය, මරණය, මරණය. මෙන්න පෘථිවියේ පෙණහැලි ගිනිගන්නවා. කුරිරු ගිනි ජාලා මේ පෙණහැලි වසාගෙන ඉවරයි. ඒ මහා රක්ත වර්ණ ගිනි දලු බුර බුරා අහසට නඟිනවා. මේ සිදුවන්නේ කුමන විනාශයක්ද? දෙනෙත් අදහාගන්නට පුළුවන්ද? අහස් කුසේ ඉඳන් දෙස බැලුවම මේ සිදුවන විනාශය කෙසේ විශ්වාස කරන්නට පුළුන්ද? මේ ගිනි දලුවලට දැවී අළු වී යන ප්‍රාණය කෙතරම්දැයි සිතාගැනීමටවත් නොහැකිය. තුරුලතා, සත්ව ප්‍රාණය ඒ අතර අපමණය. අතොරක් නැතිව සති හතරක් පුරා නැඟෙන මේ බියකරු ගිනි ජාලාව නිවා දමන්නට හැකි කුමන දෙවියන්ටද? මාරාවේශ වූ මේ ගිනිදැල් පරදන්නට දෙවියන්ටද නොහැකිය.
දෙවියන්වත් මානයකට නොපැමිණි මේ මහා ගිනිගත් කතර කුමක්ද? පෘථිවියේ පෙණහැලිවල මහා ශෝකී කතාන්දරය එයයි. ලොව විශාලතම වැසි වනාන්තරය වන ඇමර්සන් වනාන්තරයේ ඛේදාන්තය පසුගිය දින ගණනාවක් පුරා අපට අසන්නට ලැබෙයි. එනම් මෙම සුවිශාල වනාන්තරය ගිනිගෙන දැවෙන කතාවයි. මෙය එසේ මෙසේ ගිනි ජාලාවක් නොව මෙතෙක් ලොව වනාන්තරයක ඇතිවූ විශාලතම, බියකරුම “ලැව් ගින්න” මෙය වශයෙන් සැලකෙයි. ලොව මහා ස්වභාවික ජීවනාලියක් වූ ඇමර්සන් වැසි වනාන්තරය හඳුන්වන්නේ “පෘථිවියේ පෙණහැලි” (ඛමබටි දf එයැ ෑ්රඑය) යන උදාරතර වදනින්ය. මිනිසාගේ හුස්මගැනීමේ ක්‍රියාවලිය සිදුකරන්නේ ශරීරයේ ඇති පෙණහැලිවලිනි. එම අරුත මෙම වනාන්තරයට යොදා ඇත්තේ ඇමර්සන් වනාන්තරය මිනිසාගේ සහ සත්වයාගේ ප්‍රාණ වායුව සලසන ජීවනාලිය වශයෙනි. එනම් ලොවට ඔක්සිජන් වායුව සපයන තෝතැන්නක් ලෙසිනි. මිනිසාට තම ජීවිතය රැකගැනීමට අත්‍යවශ්‍යම වායුව වන්නේ “ඔක්සිජන්” වායුවය.
මෙම ඇමර්සන් ශෝකාන්තයේ වත්මන් තත්ත්වය කුමක්ද? වර්ග කිලෝමීටර් 5,500,000ක් (ලක්‍ෂ 55ක්) නොහොත් වර්ග සැතැපුම් 2,100,000ක (ලක්‍ෂ 21) සුවිශාල බිම් ප්‍රමාණයක් මෙම ඇමර්සන් වනාන්තරයට අයත්ය. මෙයින් 60%ක ප්‍රමාණයක් අයත් වන්නේ බ්‍රසීලයටය. 13%ක ප්‍රමාණයක් කොලොම්බියාවටත්, 10%ක පේරු රාජ්‍යයටත් අයත්ය. ඉතිරි ප්‍රමාණය තවත් ලතින් ඇමෙරිකානු රටවල් හතරකට අයත්ය. මේ ආකාරයට බලන කල ඇමර්සන් වනාන්තරයේ වැඩි වගකීම අයත් වන්නේ බ්‍රසීලයටය. එනම් එය සැබැවින්ම බ්‍රසීලයට අයත් වනාන්තරයක් සේ සැලකිය හැකිය. මෙම වැසි වනාන්තරයේ සෑම වසරකදීම ලැව්ගිනි ඇතිවීම සුලබ වුවද, මෙම වසරේදී මෙම තත්ත්වය අතිශය බියකරු එකක් විය. එනම් වියළි දේශගුණික කාලවලදී ලැව්ගිනි ඇතිවීම ස්වභාවික ක්‍රියාවලියක් වුවත්, මෙවර ඉන් ඔබ්බට ගිය මිනිසා වගකිව යුතු යම් ක්‍රියාවලියක් හේතුවෙන් ලැව්ගිනි ඇති වුණේ යැයි දැනට චෝදනා නැඟෙයි. දැන් එම තත්ත්වය සත්‍යයක් බවට තහවුරුවීද ඇත.
2019 වසර ආරම්භයේදී සිට පසුගිය ජූලි මාසය දක්වා ඇමර්සන් ලැව්ගිනි දස දහස් ගණනක් ඇති වූ අතර, පසුගිය අගෝස්තු මාසයේදී මෙම තත්ත්වය අතිශය බියකරු වූයේය. ඒ අනුව මේ වන විට ලැව්ගිනි 75,000කට වැඩි ප්‍රමාණයක් ඇති වී ඇති අතර, මෙය 83%ක විශාල වර්ධයකි. දැනට සති 04ක කාලයක සිට මෙම ලැව්ගිනි පාලනය කරගැනීමටද නොහැකි අතිශය බියකරු තත්ත්වයකට පත්ව තිබෙයි. අද මුළු ලොවටම බලපාන ප්‍රශ්නයක් බවට එය පත්වී ඇත. මෙම තත්ත්වය එම ලැව්ගිනි ඉතිහාසයේ මෙතෙක් කිසිදු කාලයක ඇති වූ තත්ත්වයක් නොවන අතර, මේ වන විට එය වාර්තාවකි. ඇමර්සන් වනාන්තරයේ ඉතාමත් ඝන කැලෑව ඇති ප්‍රදේශවලින් මෙම ලැව්ගිනි වාර්තා වෙමින් පවතියි. මේ වන විට හෙළි වී ඇත්තේ ස්වභාවික ගිනිගැනීම්වලට අමතරව මිනිසුන්ද මෙම කැලෑව ගිනිතබන බැව්ය. එනම් සංවිධානාත්මක කණ්ඩායම් එසේ සිදුකරන බැව් මේ වන විට හෙළිවී ඇත. ඔවුන් එසේ සිදු කරන්නේ දැවී යන වනය භාවිත කරමින් වෙනත් විවිධ ව්‍යාපාර සිදු කිරීමටය. එය ජාත්‍යන්තර මට්ටමේ මාෆියා කල්ලිවල ක්‍රියාවක් ලෙසද වාර්තා වී ඇත.


මෙම මහා විනාශයේදී තවත් සුවිශේෂී කරුණක් ලෙස වාර්තා වී ඇත්තේ, ඇමර්සන් වනයේ බහුතර ප්‍රදේශය අයත් බ්‍රසීලයේ සිටින ජනාධිපති ජායිර් බොල්සොනාරෝට එරෙහිව නැඟෙන දරුණු චෝදනාය. එනම් ඔහු පසුගිය කාලයක් පුරා වරින්වර ප්‍රකාශ කර ඇත්තේ ඇමර්සන් වනය නිසා බ්‍රසීලයේ ආර්ථික ප්‍රගතියට හානිවී ඇති බවත්, කිසිදු නව ආයෝජන කටයුත්තක් ඇරැඹීමට නොහැකි බවත්ය. ඒ හෙයින් ඔහු ඍජුව නොකියා එහෙත් වක්‍රව පවසා ඇත්තේ, මෙම ඇමර්සන් වනයේ යම් ප්‍රදේශ එළිපෙහෙළි කර කර්මාන්ත, ව්‍යාපාර ඇරැඹිය යුතු බැව්ය. එනම් ගිනි තබා විනාශ කර හෝ එම ඉඩම් ශුද්ධ පවිත්‍ර කරගත යුතු බැව්ය.
එසේම එවැනි ක්‍රියා සිදුකිරීම සඳහා ගොවීන් සහ ව්‍යාපාරික පිරිස්ද උනන්දු කරවා ඇත. මෙය සත්‍ය ලෙසම බ්‍රසීල ජනාධිපතිවරයා සිදුකරන ලද අමනෝඥ සහ බිහිසුණු ක්‍රියාවලියකි. ඔහුගේ මෙම ප්‍රතිපත්තිය නිසා මේ වන විට ඔහු ලොව අන් රටවල නායකයන්ගේ මහත් පරිභවයට ලක්ව ඇත. බ්‍රසීල ජනාධිපතිවරයා මෙම මහා විනාශයට වගකිවයුතු පළමුවැන්නා වශයෙන් ඔවුන් චෝදනා කර ඇත. මෙය සැබැවින්ම ඉතාමත්ම කණගාටුදායක තත්ත්වයක් වී ඇත.
මේ වන විට ඝන වනාන්තර ප්‍රදේශයෙන් බුරබුරා නඟින ගිනි දැල් සමඟ අහසට එසවෙන්නේ කළු සහ සුදු පැහැති දැඩි දුමාරයකි. බ්‍රසීලයේ ප්‍රධාන නගර ඇති ප්‍රදේශවලින් ඉතාමත් දුරින් ඇමර්සන් වනයේ මෙම ගිනි ඇති වුවත් මේ වන විට එම ගිනි සමහර ප්‍රාදේශීය නගර කරාද පැතිරෙමින් ඇති බැව් වාර්තා වෙයි. එසේම ඉහළට නැඟ තිබෙන කළු සහ සුදු දුමාරය මේ වන විට “සාඕ පාවුලෝ” නමැති ප්‍රධාන නගරය කරාද පැමිණ කිලෝමීටර් 2000කට අධික දුරක් විහිදී ගොස් ඇත. මෙහිදී නිකුත් වන්නේ විෂ සහිත කාබන් මොනොක්සයිඞ් වායුව වන අතර, එහෙයින් පරිසරයේ ජීවීන්ට අවශ්‍ය ඔක්සිජන් වායුව අවම වෙයි.
“රෝමය ගිනිගනිද්දී නීරෝ වීණා වැයූ කතාව” සිහියට එන්නේ මෙතැනදීය. එනම් මෙතරම් මහා විනාශයක් සිදුවෙද්දීත් බ්‍රසීල ජනාධිපති ජායීර් බොල්සොනාරෝ බොහෝ නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් සිට ඇත. තමා නීරෝ ලෙස සිටින්නේ යැයි ඔහුම ප්‍රකාශ කර තිබිණි. එහෙත් ඔහුට එසේ සිටින්නට නොහැකි විය. පසුගිය දිනවල ඔහුට එරෙහිව විදෙස් බලවතුන් සිදුකළ විරෝධය නිසා මේ වන විට ඔහු තම හමුදාව සහ ගුවන්යානා යොදා ගනිමින් ගිනි නිවීමට කටයුතු කරමින් සිටියි. එහෙත් ඔහුට එය සිතන තරම් පහසු දෙයක් වී නැත. ගිනි නිවීමට භාවිත කරන හර්කියුලිස් වර්ගයේ ‘සී-130’ ගුවන් යානා දෙකක් සහ හමුදා භටයන් 44,000ක් පමණ මේ සඳහා යොදවා ඇත. එහෙත් මේ වන විටද මෙම වෑයම ව්‍යවර්ථ වී ඇත.


මෙම තත්ත්වය යටතේ දැන් අලුත්ම පුවතක් වාර්තා වී ඇත. එනම් විශාල ලැව්ගිනි නිවීමට භාවිත කරන, මේ වන විට ලෝකයේ ඇති එකම සුවිශේෂී ගුවන් යානය ඇමෙරිකාවේ සිට ගෙන්වා ගැනීමය. එය සිදුකර ඇත්තේ බ්‍රසීලය නොවේ. ලැව්ගිනි හටගත් ඇමර්සන් වනයේ කොටසක් අයිති බොලීවියාවේ විශේෂ ඉල්ලීමක් පරිදි මෙම ගුවන් යානය ඇමෙරිකාව ලබාදී ඇත. මෙය ලොව විශාලතම ජලය ගෙනයන “සුපර් ටෑන්කර්” යානයකි. “බොයිං-747” වර්ගයේ එන්ජින් 04ක ජම්බෝ යානාවක් තුළ සවිකළ විශාල ධාරිතාවකින් යුතු ජල ටැංකි පද්ධතියකින් සමන්විත මෙය, දැනට ලොව ඇති විශාලතම ගිනි නිවීමේ ගුවන් යානාවයි. මෙම යානාව මඟින් වරකට රැගෙන යා හැකි ජල ධාරිතාව ලීටර් 70,000කි. එනම් එම සුවිශාල ජල පරිමාව අඩංගු වන්නේ යානයේ බඳ කොටසෙහිය.
මෙම “බොයින් සුපර් ටෑන්කර්” යානාව නිපදවා ඇත්තේ ඕනෑම ගිනිගන්නා ස්ථානයකට පහසුවෙන් ළඟාවී ජලය ගුවනින් පතිත කිරීමට හැකිවන පරිදිය. ඒ සඳහා මෙහි සියලු පහසුකම් සපයා ඇත. පැය කිහිපයක් තුළදී ගිනිගන්නා ප්‍රදේශයේ ළඟම ඇති ගුවන් තොටුපොළේදී බවුසර් මඟින් ගෙන එන ජලය පුරවාගන්නා මෙම යානාව, ගිනිගන්නා ප්‍රදේශය වෙත ගොස් ඉතා පහළින් පියාසර කරමින් තම බඳෙහි පුරවාගෙන සිටින ලීටර් 70,000ක් වූ ජල ධාරිතාව වැස්සක් මෙන් අතහරිනු ලබනවා. කුඩා හෝ මධ්‍යම පරිමාණයේ ගිනි ජාලා මෙම එක ජල වැස්සකට නිවී යන අතර, විශාල ලෙස පැතිරී ඇති ගිනි ජාලා නිවීමට මෙම යානාව කිහිපවරක්ම නැවත, නැවත පියාසර කරනු ලබනවා.
මෙම යානාවේ නියමුවරයා සාමාන්‍ය වෙනත් නියමුවකුට වඩා විශේෂ රාජකාරී කිහිපයක් කරනු ලබනවා. ඒ, යානය පහළ මට්ටමින් ඉතා ප්‍රවේශමෙන් පියාසර කරද්දී අදාළ ස්ථානයට ඉලක්ක කර ජල ප්‍රහාරය එල්ල කිරීමයි. 944 යන කේත අංකයන් හඳුන්වන මෙම යානාව ඈත සිටම හඳුනා ගැනීමට පහසු වන පරිදි රතු හා සුදු වර්ණයෙන් වර්ණ ගන්වා ඇත. මේ වන විට මෙම යානාව බොලීවියාවේ ශාන්ත කෲස් ගුවන් තොටුපොළෙහි සිට කිහිප වතාවක්ම ඇමර්සන් වනය වෙත ජලය ගෙන ගොස් එම කාරිය ඉටුකර තිබේ.
මෙම සුවිශේෂී යානය නිෂ්පාදනය කිරීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 40ක් වැයවී ඇති අතර, එය දැනට ලෝකයේ ඇති එම වර්ගයේ එකම යානාව වෙයි. මේ අතර බ්‍රසීලියානු ජනාධිපතිවරයාද තම හමුදාවට අයත් “සී-130” වර්ගයේ ගිනි නිවීමේ ගුවන් යානා දෙකක් යොදවා ඇතත්, ඒවා කුඩා වර්ගයේ ගුවන් යානා වෙයි. මේ අතර බිම් මට්ටමින් ගිනි නිවීමේ භටයන් දසදහස් ගණනක් සහ ගිනි නිවීමේ රථවාහන සිය ගණනක්ද යොදවා ඇත. මෙම සියලු උපක්‍රම යෙදුවද දැඩි වියළි කාලගුණය සහ තද සුළං හේතුවෙන් මේ වන විට ගින්න තව දුරටත් පැතිරෙමින් තිබෙන බැව් වාර්තා වෙයි.
සති හතරක් පුරා ඇමර්සන් වැසි වනාන්තරයේ පැතිර යන ලැව්ගිනි “ගෝලීය අර්බුදයක්” බවත්, ලොව කාගේත් අවධානය ඊට යොමුවිය යුතු බවත් ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්රොන් පවසා තිබිණි. මේ අතර ඔහු බ්‍රසීලියානු ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාපය දැඩි ලෙස හෙළාදකිමින් විවේචනය කළේය. ප්‍රංශ ජනාධිපති මැක්රෝන් දැඩි පරිසර හිතකාමියකු වශයෙන් ප්‍රකටය. “අපේ නිවහන ගිනි ගන්නවා, මේක සුළුවෙන් තකන්න බැහැ. ලෝකයේ ප්‍රබල රටවල නායකයන් වන “ජී-7” නායකයන්ගේ අවධානය එයට යොමුවන්න ඕනෑ” යැයි ඔහු පසුගියදා ප්‍රකාශ කළ අතර, ඊට පසුව ‘ජී-7’ නායකයන්ගේ සමුළුවද පැවැත්විණි. මේ සඳහා ඇමෙරිකාව, එංගලන්තය, ජපානය, ප්‍රංශය, කැනඩාව, ඉතාලිය සහ ජර්මනිය යන රටවල නායකයන් සහභාගී වූහ. මෙහිදී ප්‍රංශ ජනාධිපතිවරයාගේ ඉල්ලීම සහ මැදිහත්වීම මත පසුගිය දිනයක වහා තීරණය කෙරුණේ ඇමර්සන් ගිනි නිවීමට ‘ජී-7’ රටවල් හත වහා බ්‍රසීලයට ආධාර ලබාදිය යුතු බැව්ය. එම තීරණයත් සමඟ ඉතා ඉක්මනින්ම ඇමෙරිකානු ඩොලර් මිලියන 22ක (රුපියල් මිලියන 4100ක්) ආධාර මුදලක් ලබාදීමට තීරණය කෙරිණි.
එහෙත් සිදුවූයේ තවත් අපූරු කතාන්දරයකි. එනම් බ්‍රසීලය මෙම ආධාර මුදල ලබාගැනීම ප්‍රතික්‍ෂේප කළේය. බ්‍රසීල ජනාධිපතිවරයා එයට එරෙහි වෙමින් පවසා සිටියේ ලෝක බලවතුන්ගේ මුදල් ආධාර තම රටට අනවශ්‍ය බවය. බ්‍රසීලය යටත් විජිත කොලනියක් නොවන බවත්, ‘ජී-7’ ලෝක නායකයන් බ්‍රසීලයට ආධාර දීමට ඉදිරිපත්වී සිටින්නේ යටත්විජිත රාජ්‍යයක් සේ සලකා බවත්, ජනාධිපති ජායිර් බොල්සොරානෝ පවසා ඇත. ලැව් ගින්න බ්‍රසීලයේ අභ්‍යන්තර ගැටලුවක් බවත්, ඊට මුහුණ දීමට බ්‍රසීලයට හැකි බවත් ඔහු තවදුරටත් පවසා ඇත. මෙසේ අතිශය හිතුවක්කාර ලෙස හැසිරෙන බ්‍රසීලයේ ජනාධිපතිවරයා ප්‍රංශයේ ජනාධිපති මැක්රෝන්ට එරෙහිව තවත් ප්‍රකාශයක්ද කර ඇත.
“ප්‍රංශයේ ජනාධිපතිවරයා අපේ රටේ ගිනි නිවන්න උනන්දු වෙනවා, ඔහුට පසුගියදා ප්‍රංශයේදී සිදුවුණු ඉපැරැණි “නෝට්රේ ඩෑම්” දේවස්ථානයේ ගින්න නිවාගන්න බැරි වුණා. ඒ අතිශය වටිනා දේවස්ථානය විනාශ වෙලා ගියා. තමන්ගේ රටේ දේවත් කරගන්න බැරි නායකයකු අපේ රටේ දේවල්වලට මැදිහත් වන්නේ කොහොමද?” යැයි බොල්සොරානෝ මාධ්‍යයට ප්‍රකාශ කර ඇත.
මේ ආකාරයට ඇමර්සන් ලැව් ගින්න දැන් මහා දේශපාලන ගින්නක් බවටද පත්වී ඇත. තමන්ගේ රටට ලබාදෙන ආධාර මුදල් විනාශ වී ගොස් තිබෙන යුරෝපයේ වැසි වනාන්තර නැවත වගා කිරීමට යොදාගන්නා ලෙසද බොල්සොරානෝ ඉල්ලා සිටිනවා. ප්‍රංශ ජනාධිපති බැක්රොන් උත්සාහ ගන්නේ ඇමර්සන් වනාන්තරය දඩමීමා කරගෙන දේශපාලන වාසි ගන්නට යැයි බ්‍රසීල ජනාධිපතිවරයා චෝදනා කර සිටියි. ලෝක උරුමයක් වූ ප්‍රංශයේ “නෝට්රේ ඩෑම්” දෙව් මැඳුර ගින්නෙන් රැක ගන්නට බැරි වුණා යැයි ඔහු චෝදනා කර සිටියේය.
මෙය ලියන අතරවාරයේදී පුවතක් වාර්තා වූයේ බ්‍රසීල ජනාධිපතිවරයා විදෙස් ආධාර ලබා ගැනීමට කැමැත්ත ප්‍රකාශ කළ බැව්ය. තමන්ගේ ආණ්ඩුකාරවරුන්ගේ බලපෑම මත ඔහු තම අදහස වෙනස් කර ඇතැයි වාර්තා විණි.
මේ වන විටද ඇමර්සන් ලැව්ගිනි පාලනය කරගැනීමට නොහැකිවී ඇත. යම් ප්‍රදේශවල යම් තරමකින් ගින්න පාලනය කළද, අලුතින් තවත් ස්ථානවලදී ගිනිගැනීම් හටගෙන ඇත. මේ වන විට අහස් කුසේ සිට බැලූ විට වනාන්තරයේ තුරුලතා ගිනිගන්නා ආකාරය පෙනුණද මිනිස් සහ සත්ව ජීවිත කොතරම් විනාශයට පත්වෙන්නේ දැයි කිසිදු තොරතුරක් සොයාගන්නටද නැත. මේ වන විට ඇමර්සන් වනය තුළ විවිධ ගෝත්‍රික පිරිස් රාශියක් වාසය කරති. ගෝත්‍ර ගණනාවකට අයත් ඔවුන් පිරිස් වශයෙන් ගත්කල ලක්‍ෂ ගණනාවක් වෙති. මේ අතර යම් තරමින් දියුණු ගෝත්‍රික පිරිස් සහ ඉතාමත් අන්ත නොදියුණු ගෝත්‍රික පිරිස්ද වෙයි. එම නොදියුණු ගෝත්‍රික පිරිස්වල සම්පූර්ණයෙන් නිරුවතින් සිටින ජනයා පවා වාසය කරති. ඔවුන් දශක ගණනාවක සිටම පිටස්තර ලෝකය සමඟ කිසිදු ගනුදෙනුවක් නොතිබු ජනයා වෙති. මෙවැනි තත්ත්වයක් යටතේ මෙම ලැව් ගින්නෙන් ඔවුන්ට සිදුවී ඇති හානිය මෙතෙක් කිසිවකුත් දන්නේ නැත. එවැනි පිරිස් මේ වන විට ගින්නට කොටුවී සිටීනම් ඔවුන් බේරාගැනීමේ ක්‍රමවේදයක් හෝ මේ වන විට ක්‍රියාත්මකව නැත. මෙය අතිශය ඛේදනීය තත්ත්වයක් වී ඇත.
මේ අතර ලැව්ගින්න නිසා විනාශයට පත්වන වන සත්ව ජීවිතය ගැනද මේ වන විට කිසිදු තොරතුරක් නැත. පරිසරවේදීන් හා සත්වවේදීන් ප්‍රකාශ කරන්නේ සත්ව ජීවිතද දහස් ගණනින් මේ වන විට විනාශයට පත්වී ඇති බවය.
වත්මන් බ්‍රසීල ජනාධිපති ජායිර් බොල්සරානෝ ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් මෙන්ම මුදල සහ ලාභය පසුපස හඹායන අයකු බවට පරිසරවේදීන් චෝදනා කර ඇත. බ්‍රසීලයට නව ආයෝජන අවස්ථා ඇතිකර ගැනීමට වැඩි වාසියක් වෙනුවෙන් ඇමර්සන් මුළු වැසි වනාන්තරයම හෝ ගිනි තබා විනාශ කිරීමට බ්‍රසීල ජනාධිපතිවරයා පසුබට නොවන බවට පරිසරවේදීහු චෝදනා නඟති. ජනාධිපතිවරයා මෙන්ම බ්‍රසීල පරිසර ඇමැතිවරයාද මේ වන විට ඉතා නිහඬ පිළිවෙතක් අනුගමනය කරයි. ජනාපති ධුරයට පත්වීමෙන් පසුව අන්තවාදී දක්ෂිණාංශික අදහස් ඇතිව බොල්සොරානෝ ඇමර්සන් වනාන්තරය ඉවක් බවක් නොමැතිව එළිපෙහෙළි කිරීමට ගස් කැපීමට හා ගිනි තැබීමටද ව්‍යාපාරික සමාගම්වලට ඉඩ සලසාදීම ලැව්ගිනි හටගැනීමට ප්‍රධාන හේතුව වශයෙන් සොයාගෙන ඇත.
ගිනිගෙන දැවෙන පෘථිවියේ පෙණහැලි නිවා දමන්නට වැසි දෙවියන්ටවත් නොහැකිද?

ප්‍රියන්ත ‌හෙට්ටිගේ

SendShareShare
Previous Post

අමෙරිකන් සුද්දන්ව බය කළ ලංකාවේ ලැනරෝල්

Next Post

පොහ‌ොට්ටුවේ තරුණ සමුළුව සහ ‌ගෝඨා-බය

MORE NEWS

Exclusive

තායිවානයේ අලුත් ජනාධිපති ආපු ගමන් චීනයට සත්තමක් දමයි! අපිට ලොකුකම් පෙන්නන්න එන්න එපා! අපි චීනයේ කෑල්ලක් නෙමෙයි!

Exclusive

ඇමෙරිකාවෙන් එන්න යන අලුත්ම බෝම්බය! Sri Lanka Latest News

Exclusive

සාදුකින් පෙළෙන එවුන් දැන් ඉතින් නිදාගනිවු! මැයි පළවෙන පෙළපාළි සහ ආඩපාලි! Sri Lanka Latest News

Exclusive

අපිට බොරු කියන්න එපා මනුස්සයෝ! විවාද පවත්වන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

Exclusive

පාකිස්තාන වීරයා ඉම්රාන් ඛාන් හිරේ ඇතුළෙම මැරෙන්නද යන්නේ?

Exclusive

ඉරානෙට ගැහුවොත් ලෝකෙටම විනාශයක් වෙනවා! දැන් ඉඳන්ම ලෑස්ති වෙන්න!

Load More
ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News
Exclusive

ට්‍රම්ප් ඉරානයම කළුවරේ තියයි! තෙල් පෝලිම කිලෝමීටර් ගණන්! කමේනිට එරෙහිව ජනතා නැගිටීමත් අත ළඟයි!  I Sri Lanka Latest News

අමෙරිකානු ප්‍රහාර හමුවේ ඉරානයේ බලශක්ති යටිතල පහසුකම්වලට දැඩි බලපෑම් එල්ල වී තිබේ.Sri Lanka Latest News විදෙස් මාධ්‍ය පවසන්නේ පවතින දැඩි උණුසුම්...

Read more
මෙසීට මේ පාර බැරි වෙයි! ස්පාඤ්ඤය අවුරුදු 16කට පසු ජය පැන් බොයි!  I Sri Lanka Latest News

මෙසීට මේ පාර බැරි වෙයි! ස්පාඤ්ඤය අවුරුදු 16කට පසු ජය පැන් බොයි!  I Sri Lanka Latest News

අලුත්ගම ව්‍යාපාරිකයෙකුගේ ලක්ෂ 7ක මුදල් සහ රන් බඩු මහ දවල් හොරු අරන්! Sri Lanka Latest News

ගිය අවුරුද්දේ කෝටි 35ක රත්තරන් බඩු උකස් කරලා! 54%ක අසාමාන්‍ය වැඩිවීමක්! රටේ ගෙවල්වලින් 60%ක කිසිම රන් බඩුවක් නෑ! මිනිස්සු එදිනෙදා අවශ්‍ය මුදල් හොයාගන්නත් රත්තරන් උකස් කරන තත්ත්වයට වැටිලා! I Sri Lanka Latest News

බිත්තරේටත් ගැසට් එකක් ගහයි!

ආණ්ඩුවට චෝදනා කරමින් නිෂ්පාදකයෝ හෙට ඉඳන් බිත්තර මිල ඉහළ දමයි! I Sri Lanka Latest News

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.