• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Politics

අමෙරිකන් සුද්දන්ව බය කළ ලංකාවේ ලැනරෝල්

August 31, 2019
in Politics
Reading Time: 2 mins read
A A
අමෙරිකන් සුද්දන්ව බය කළ ලංකාවේ ලැනරෝල්
Share on WhatsAppShare on Facebook

“ජීවත් වෙන්න ආහාර එපා, හිරු එළිය විතරක් ඇති”
“ඔබගේ ශරීරයේ බර වැඩිනම් මට පුළුවන් එය අඩු කරලා දෙන්න. මම ඒක කරන්නේ ආහාර පාලනයක් මගින්. මම මගේ ශරීරයෙන් ඔබට විශේෂ කිරණාවලියක් නිකුත් කරනවා. එවිට ඔබගේ ආහාර ගැනීමට ඇති ප්‍රියතාවය (රුචිකත්වය) වහාම අඩු වෙනවා. මේක හරියටම 50%ත් – 80%ත් අතර ඉහළ ප්‍රමාණයකින්ම කරන්නට පුළුවන්. එවිට ඔබගේ ආහාර රුචිකත්වය සීමාවෙලා ඔබගේ ශරීර බර අඩු වෙනවා. මේක මා සතුව තිබෙන සුවිශේෂී ක්‍රමයක්. විශ්වයෙන්, හිරු එළියෙන් තමයි මේ කිරණාවලිය ලබා දෙන්නේ. මෙය ඇත්තටම ඉතා විස්මිත ක්‍රියාවලියක්. මේක දෙවියන්ගෙන් ලැබුණු ආශීර්වාදයක්. ශරීරයේ බර අඩු කරලා දෙන්නට පමණක් නෙවෙයි, ඔබගේ සුදු හිසකෙස් මොහොතින් කළු පැහැති කරන්න, ඔබගේ හිස්වෙලා තිබෙන මුදල් පසුම්බියට මුදල් නෝට්ටු දාන්න, ඔබගේ කරට රත්තරං දාන්නත් මට පුළුවන්.”
මොකක්ද මේ විශ්වකර්ම කතාන්දරය? කවුද මේ කතාව ඔබට කියන විශ්වකර්මයා? ශ්‍රී ලංකාවේම මිනිසකු තමයි මේ කතාව මහත් ආඩම්බරයෙන් කියන්නේ. ඔහු ක්‍රිස්තු දහමේ පූජකවරයෙක්. ඇත්තටම ඔහුට පුළුවන්ද මේ ප්‍රාතිහාර්යයන් කරන්න. අපි එදිනෙදා දකින පූජකවරුන්ට වඩා ඔහු වෙනස්. මොහු ආශ්චර්යයන් රැසක් මවනවා යැයි කියන කර්බි ද ලැනරෝල් නමැති තරුණ පූජකවරයෙක්. සාමාන්‍ය කතෝලික සහ ක්‍රිස්තියානි දේව සභාවන්ට වඩා ඔහුගේ දේව සභාව වෙනස්. එවැනි දේව සභාවක් ඔහු අපේ රටේ අගනගරයේ පවත්වාගෙන යනවා. ඒ වගේම ඔහු දැන් විවිධ විදේශ රටවලටත් ගිහිල්ලා මේ ප්‍රාතිහාර්යයන් මවනවාලු. මේක මහා ආන්දෝලනයක් වෙලා.
කර්බි ද ලැනරෝල් පූජකවරයා මේ කතාන්දර මහත් අභිමානයන් කියන්නට ගත්තත්, දැන් ඒ වගතුගට එරෙහිව සාමාන්‍ය, සාම්ප්‍රදායික කතෝලික සහ ක්‍රිස්තියානි දේව සභාවන්ගේ පූජකවරු රැසක්ම හරස් වෙලා. නිකම් නොවෙයි දෙස් – විදෙස් පූජකවරු රැසක්ම. පසුගියදා ඇමෙරිකාවේ ප්‍රකට ක්‍රිස්තියානි පූජකවරකු සහ ග්‍රන්ථ කතුවරයකුද වන ජේ. ලී. ග්‍රාඩි මේ ගැන බොහොම අවධානයකින් මෙහෙම කියා සිටිනවා.
“මේ පූජකවරයා කියන්නේ පට්ටපල් බොරු. මොහුගෙන් ප්‍රවේශම් වෙන්න ඕනෑ, ඔහු තමන්ගේ අනුගාමිකයන්ට කියනවා ඔහුට විවිධ ප්‍රාතිහාර්යයන් රැසක් මවන්න පුළුවන් කියලා. මිනිසකුට ආහාර නොගෙන ජීවත් වෙන්න පුළුවන් කියලා ඔහු ඉතාමත් භයානක මතවාදයක් ඉදිරිපත් කරනවා. එනම් මිනිසකු ආහාර මතම යැපෙන්නට අවශ්‍ය නැහැ. ඒ මිනිසාට ඔහු ලබා දෙන දිව්‍යමය කිරණ ශක්තියක් මඟින් ජීවත් විය හැකියි කියලා. අද ශරීර බර වැඩි සමහර පිරිස් මානසිකව පීඩා විඳින නිසා ඔහු එවැනි පිරිස් එල්ල කරගනිමින්ද මෙවැනි බේගල් දෙසාබානවා. ඒ අතරම තවත් බියකරු කතාවක් තමයි ජේසුස් වහන්සේ පවා කියලා තියෙනවාලු මිනිසා ආහාර මතම යැපෙන්නට අවශ්‍ය නැහැ කියලා. බයිබලයේ කොතැනකවත් එහෙම කියලා නැහැ. ඔහු මේ භයානක, අසත්‍ය කතා පතුරවමින් ක්‍රිස්තියානි ධර්මය විකෘති කරනවා.”
ඇමෙරිකාවේ ජේ. ලී ග්‍රාඩි පූජකවරයා ලියන ලද “නව යුගයේ මායාවන් ගැන ප්‍රවේශම් වෙන්න” නොහොත් “බිවෙයාර් ඔෆ් ද ලේටස්ට් නිව් ඒජ් ඩිසෙප්ෂන්” නමැති දීර්ඝ විස්තරාත්මක ලිපියෙහි එසේ සඳහන් කර ඇත. එය තවදුරටත් මෙසේ කරුණු පහදයි.
“සාම්ප්‍රදායිකව අගය කරන කිතු දහමේ නොමැති විවිධ නව යුගයේ මතවාද ගෙන ඒමටයි මෙම ශ්‍රී ලංකාවේ “ගුරු” උත්සාහ කරන්නේ. මොහු දැන් මේ වන විට ශ්‍රී ලංකාවේ පමණක් නෙවෙයි ඉන්දියාවේ සිට ඇමෙරිකාව දක්වාද මේ මතවාද අරගෙන ගිහින් ක්‍රිස්තු භක්තිකයන් රවටනවා. ඔහුට මේ වන විට මුළාවුණු අනුගාමිකයන් ඉතා විශාල ප්‍රමාණයක් ලොව වටා සිටින බැව් පේනවා. මෙය හරිම භයානක එමෙන්ම කනගාටුදායක තත්ත්වයක්. අරුම පුදුම විස්මිත ලෝකයක් මවන එක තමයි ඔහුගේ ප්‍රාර්ථනාව. කිතු දහමේ බයිබලයේ ඇති ඉගැන්වීම්වලට පටහැනි ආකාරයේ නව මතවාද ඔහු ඉදිරිපත් කරනවා. ඔහු ඉදිරිපත් කරන කතාවලින් මිනිසාට ආහාර නොමැතිව එහෙත් හිරු එළියේ සහ බලශක්ති කිරණ මඟින් ජීවත් විය හැකි යැයි ප්‍රකාශ කරනවා. බයිබලයේත් මෙවැනි කරුණු සඳහන් වෙනවා කියලා කර්බි පූජකයා කියා සිටිනවා. එහෙත් බයිබලයේ එවැන්නක් නැහැ. එය අසත්‍යයක්. බයිබලයේ පවසා තිබෙනවා මිනිසා ආහාරයන් මතම පමණක් නොව දෙවියන්ගේ මුවින් පිටවන වදන් මතද තම ජීවිතය පවත්වාගත යුතුයි කියලා. එහිදී ජේසුස් වහන්සේ පවසා සිටින්නේ නැහැ මිනිසුන්ට ආහාර නැතිව ජීවත් වන්නට පුළුවන් කියලා. එහෙත් කර්බි පූජකයා තම අනුගාමිකයන්ට කියන්නේ ආහාර නොමැතිව යම් කිරණ ශක්තියකින් පමණක් ජීවත් වන්නට පුළුවන් කියලා.”
මේ වන විට මෙම අගතිගාමී අදහස් ප්‍රකාශ කරන පූජකවරයාට එරෙහිව ලොව පූජකවරු රැසක් තම විරුද්ධතාව ප්‍රකාශ කර ඇත. යාබද ඉන්දියාවේද සිටින ප්‍රධාන ක්‍රිස්තියානි පූජකයන් කිහිප දෙනකුම මොහුට එරෙහිව තම අදහස් ප්‍රකාශ කර ඇත. ඇමෙරිකාවේ ජේ. ලී ග්‍රාඩි පූජකවරයා තම ලිපියෙන් මෙම තත්ත්වය තවදුරටත් විග්‍රහ කර සිටියි. එසේම මෙවැනි අසත්‍ය මතවාද හේතුවෙන් ක්‍රිස්තු දහම සහ බයිබලය මහත් හෑල්ලුවකට ලක්කර ඇතැයිද ඔහු චෝදනා කරයි.


“ඔහු තවත් ගෙන එන භයානක මතවාදයක් තමයි ‘ලෝකයේ සදාකාලිකත්වය නොහොත් අමරණීයත්වය‘ යන්න හෙවත් ‘ඉමෝටිලිටි ඔෆ් අර්ත්’ යන ඉංග්‍රීසි තේරුම ඇති සාධකය. මෙහිදී ඔහු තම අනුගාමිකයන්ට පවසා සිටිනවා එම ක්‍රිස්තියානුවන් තමයි නැවත ජේසුස් වහන්සේ පැමිණෙන තුරු මේ පොළොවේ සිටින පළමු වැනි පරම්පරාව කියලා. ඔහු එතැනින් නොනැවතී තවදුරටත් කියනවා, තමන්ගේ එම අනුගාමිකයන් කණ්ඩායම ජේසුස් වහන්සේ නැවත පැමිණෙන තුරු නොමැරෙන බවත්, තම අනුගාමිකයන්ට එවැනි අමරණීයත්වයක් ලබාදීම සඳහා තමන්ට දෙවියන්ගේ ‘ජාන’ සුර දූතියන් මගින් ලබාදී ඇති බවත්. මෙවැනි කියුම් ඇත්තටම හරිම අද්භූත, භයංකාර ඒවා ලෙස සැලකිය හැකියි. මේවා කිසිම විචක්‍ෂණ බුද්ධියකින් අවබෝධ කරගන්නට හැකි ඒවා නෙවෙයි. මේවා සිත් බඳින අසත්‍ය ප්‍රකාශයන් පමණයි. මේවායින් සමාජයට විශාල හානියක් සිදුවනවා.”
ඇමෙරිකානු පූජකවරයා මෙම අනතුරු හැඟවීම සිදුකර ඇත්තේ, ඉදිරි සැප්තැම්බර් මාසයේදී කර්බි පූජකවරයා දින 5ක් පුරා ඇමෙරිකාවේදී සිදුකිරීමට නියමිත වැඩපිළිවෙළක් ආශ්‍රය කර ගනිමිනි. එම කාලය තුළදී ඇමෙරිකාවේ නගර රැසකදී මෙම පූජකවරයා දේශන සහ දේව මෙහෙයන් පැවැත්වීමට නියමිතය. කර්බි පූජකවරයා තමන්ගේ නව මතවාද ලොව පුරා ප්‍රචලිත කිරීමේ වැඩපිළිවෙළ යටතේ පසුගිය කාලයේ ඉන්දියාවේ බැංගලෝර් සහ චෙන්නායි නුවරවලදී ද දේව මෙහෙයන් සහ දේශන රැසක් පවත්වා ඇත. මේවාට අනුගාමිකයන්ද විශාල ප්‍රමාණයක් සහභාගි වී ඇත. එහෙත් ක්‍රිස්තු දහමට සහ බයිබල් මතවාදවලට අනුකූල නොවන ප්‍රචාරයන් ඔහු සිදු කිරීම නිසා මේ වන විට ඉන්දියාව පුරාද ඔහුට එරෙහිව හඬක් නැඟී ඇත. එනම් ඉන්දියාවේ ක්‍රිස්තියානි පූජකවරු කිහිප දෙනකුම මෙම ප්‍රචාරයන්ට එරෙහිව තමන්ගේ අදහස් ප්‍රකාශ කර ඇත. ජෙයකරන් එම්මානුවෙල් නමැති ඉන්දියානු පූජකවරයා පවසා ඇත්තේ කර්බි පූජකවරයාගේ ඉගැන්වීම් සම්පූර්ණයෙන්ම සත්‍යයෙන් තොර ඒවා බවත් ඔහු ප්‍රකාශ කර සිටි ආශ්චර්යයන් සියල්ලමද මිථ්‍යාවන් බවත්ය.
මෙම ශ්‍රී ලාංකික කර්බි ද ලැනරෝල් පූජකවරයා දැනට 44 වැනි වියෙහි පසුවන පුද්ගලයෙක් වෙයි. ඔහු කළු පැහැති පූජක ලෝගුවකින් සැරසී දේශනා පැවැත්වූවද, බොහෝ විට සැරසී සිටින්නේ ඉතාමත් විසිතුරු, මිල අධික යුරෝපීය ඇඳුම් – පැලඳුම්වලිනි. එනම් බොහෝ විට එවැනි ඇඳුම් – පැලඳුම්වලින් සැරසී තම අනුගාමිකයන්ට දේශනා, සම්මන්ත්‍රණ සහ වැඩමුළු පවත්වනු ලබයි. මොහු තරුණ වයසේ කාන්තාවක් සමඟ විවාහ වී සිටින අතර, දරුවන් සිටීදැයි දැනගන්නට නැත. මෙම යුවලට ඔවුන්ගේ අනුගාමිකයන් නොයෙක් විට බොහෝ තෑගි භෝග සහ මිල – මුදල් ලබාදීමද සිදුකරනු ලබයි. සමහරු රථවාහන, නිවාස දේපොළ පවා පරිත්‍යාග කර ඇත. එම අනුගාමිකයෝ ලෝකයේ රටවල් රැසක් පුරා විසිරී සිටිති. සමහර අනුගාමිකයන් ඔහුට බොහෝ සේ වශීවී, අවනත වී සිටින ආකාරයක්ද පෙනෙන්නට ඇත. අන්තර්ජාලයේ මේ වන විට ඇති විවිධ වීඩියෝපටවලින් පෙනී යන්නේ මොහුගේ දහම පිළිගත් විශාල අනුගාමිකයන් පිරිසක් සිටින බැව්ය. මෙම පිරිසෙන් බහුතරයක් තරුණ සහ මැදිවයසේ පුද්ගලයෝ වෙති. ඔවුන්ගේ ප්‍රමාණය දසදහස් ගණනකි.
මෙම ශ්‍රී ලාංකික පූජකවරයාට එරෙහිව මේ වන විට ලොව විවිධ පූජක පාර්ශ්වවලින් නැඟෙන විරෝධතාවන් බොහෝ උත්සන්න වී ඇත. එහිදී ඔවුන් අවධාරණය කර ඇත්තේ මෙවැනි ආකාරයේ පූජකවරු මින් පෙරද ලෝකයේ සිට ඇති අතර, ඔවුන් තම අනුගාමිකයන්ට ලබාදුන් ආදර්ශයන් ඉතා බියකරු බවත්ය. එසේම එය කෙතරම් බියකරුවීද යත්, එම අනුගාමිකයන්ගේ ජීවිත පවා විනාශයට පත්වූ බවත් පෙන්වා දී ඇත. මෙයට කලකට පෙර ගුවානා රාජ්‍යයේ ජොන්ස් ටවුන් නමැති නගරයේ සිටි ජීම් ජෝන්ස් නමැති පූජකවරයකුගේ භයානක අසත්‍ය මතවාද නිසා ඔහුගේ අනුගාමිකයන් රැසක් ජීවිත පවා විනාශ කරගත් ආකාරය පෙන්වාදී ඇත. එසේම ඇමෙරිකාවේ සිටි ‘ඕෂෝ’ නමැති පුජකවරයකුගේ අනුගාමිකයන් පවා ජීවිත හානිකරගත් ආකාරයත් පෙන්වා දී ඇත. කර්බි පූජකවරයාගේ භයානකම මතවාදය වන ජීවත්වීමට ආහාර අවශ්‍ය නැතැයි කියන මූලධර්මය මේ වන විටද ඔහුගේ බොහෝ අනුගාමිකයන් පිළිගෙන ඇති හෙයින්, ඉදිරියේදී බොහෝ භයානක තත්ත්වයක් උද්ගතවීමට ඉඩ ඇති බැව්ද යටකී පූජක පාර්ශ්ව පෙන්වා දී ඇත.
කර්බි ද ලැනරෝල් පූජකවරයාගේ දේව සභාව හඳුන්වන්නේ ‘විස්මයේ හෝ ආශ්චර්යයේ ක්‍රියාවලිය” යනුවෙනි. ශ්‍රී ලංකාවේ අගනුවර කොළඹදී ඔහුගේ ප්‍රධාන දේව සභාව පිහිටුවා ගෙන තිබෙයි. මොහු තමාගේ පාසල් සමයේදීත් එක්තරා අන්තවාදී දේව සභාවක කටයුතුවල නිරතව ඇතැයිද වාර්තා වෙයි. එනම් “සාතන්ගේ (යක්‍ෂයාගේ) සේවය සඳහා වන දරුවෝ ’ යනුවෙනි. දැනට වාර්තා වන පරිදි 70 දශකයේදී මෙම ආගමික පාර්ශ්වයේ සිටි එක් පාසල් දරුවකු තම මවුපියන් ඝාතනය කර ඇත. එම පිරිමි ළමයා මෙම කර්බි පූජකවරයාගේ මිතුරකු යැයිද ප්‍රකාශ වෙයි.
කොල්ලුපිටිය මෙතෝදිස්ත පල්ලියේ ප්‍රධාන පූජක තැන වන අයිවෝ පූබාලන් පූජකවරයාද මෙම කර්බි දේවගැතිවරයාගේ ක්‍රියාවන් ගැන අනුගාමිකයන්ට අනතුරු හඟවා ඇත. මේ වන විට සාම්ප්‍රදායික කිතුණු භක්තිකයන් දහස් ගණනක් මෙම දේවගැතිවරයාගේ මිථ්‍යා ධර්මයට රැවටී ඇතැයි ඔහු ප්‍රකාශ කර ඇත. “දෙවියනි ඔබ කොහිද?” යැයි සිතන්නේ මේ කතා ඇසෙන විටය.

ප්‍රියන්ත ‌හෙට්ටිගේ

SendShareShare
Previous Post

කිසිම මාධ්‍යයක් වාර්තා ‌නොකරපු හිරුණිකා බය නැතිව කළ ‌හෙළිදරව්ව

Next Post

ඇමේසන් ගින්නෙන් ලංකාවේ හුස්ම ටිකත් හිරවෙයිද?

MORE NEWS

Exclusive

තායිවානයේ අලුත් ජනාධිපති ආපු ගමන් චීනයට සත්තමක් දමයි! අපිට ලොකුකම් පෙන්නන්න එන්න එපා! අපි චීනයේ කෑල්ලක් නෙමෙයි!

Exclusive

ඇමෙරිකාවෙන් එන්න යන අලුත්ම බෝම්බය! Sri Lanka Latest News

Exclusive

සාදුකින් පෙළෙන එවුන් දැන් ඉතින් නිදාගනිවු! මැයි පළවෙන පෙළපාළි සහ ආඩපාලි! Sri Lanka Latest News

Exclusive

අපිට බොරු කියන්න එපා මනුස්සයෝ! විවාද පවත්වන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

Exclusive

පාකිස්තාන වීරයා ඉම්රාන් ඛාන් හිරේ ඇතුළෙම මැරෙන්නද යන්නේ?

Exclusive

ඉරානෙට ගැහුවොත් ලෝකෙටම විනාශයක් වෙනවා! දැන් ඉඳන්ම ලෑස්ති වෙන්න!

Load More
කායික සබධතා පැවැත්වුවේ නැතත් නිසි සීමා පවත්වා ගත්තේ නෑ! කාන්තාවක් එක්ක යාළු වෙච්ච සිංගප්පූරු ඇමැති තනතුරෙන් විතරක් නෙමෙයි පක්ෂයෙනුත් ඉල්ලා අස්වෙයි!  I Sri Lanka Latest News
Exclusive

කායික සබධතා පැවැත්වුවේ නැතත් නිසි සීමා පවත්වා ගත්තේ නෑ! කාන්තාවක් එක්ක යාළු වෙච්ච සිංගප්පූරු ඇමැති තනතුරෙන් විතරක් නෙමෙයි පක්ෂයෙනුත් ඉල්ලා අස්වෙයි!  I Sri Lanka Latest News

කාන්තාවක සමග පැවැත්වූ සබඳතාවක් සහ ඇති වූ මතභේදාත්මක සිදුවීමක් මුල් කරගනිමින්, සිංගප්පූරුවේ ඉස්ලාම් කටයුතු පිළිබඳ වැඩබලන අමාත්‍ය ෆයිසාල් ඉබ්‍රාහිම් (Faishal...

Read more
මුලින්ම අධිකරණ ඇමැතිට ලියපු ලියුමට උත්තරයක් ආවේ නෑ! ඊට පස්සේ ජනාධිපතිතුමාටත් ලිව්වා! දැන් ආණ්ඩුව ගේන්න යන විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට විරෝධය පළ කරලා නීතීඥ සංගමය ආපහු ලියුමක් අධිකරණ ඇමැතිට ලියලා! වහාම කමිටුවක් පත්කරන්න! I Sri Lanka Latest News

මුලින්ම අධිකරණ ඇමැතිට ලියපු ලියුමට උත්තරයක් ආවේ නෑ! ඊට පස්සේ ජනාධිපතිතුමාටත් ලිව්වා! දැන් ආණ්ඩුව ගේන්න යන විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට විරෝධය පළ කරලා නීතීඥ සංගමය ආපහු ලියුමක් අධිකරණ ඇමැතිට ලියලා! වහාම කමිටුවක් පත්කරන්න! I Sri Lanka Latest News

ගෙදර හදපු බල්ලා ගෙදර හිටපු ආච්චිව මැරෙනකම්ම හපලා! Sri Lanka Latest News

මදුරුවො මදිවට බල්ලොත්..! I Sri Lanka Latest News

වෙළෙඳ ඇමැතිගේ හාල්-ළූණු-අල ගේම් එක චාමර ප්‍රසිද්ධියේ කියයි! පාර්ලිමේන්තුවේ නෙමෙයි මිනිහා එළියේ කියන්නේ..! VIDEO I Sri Lanka Latest News

වෙළෙඳ ඇමැතිගේ හාල්-ළූණු-අල ගේම් එක චාමර ප්‍රසිද්ධියේ කියයි! පාර්ලිමේන්තුවේ නෙමෙයි මිනිහා එළියේ කියන්නේ..! VIDEO I Sri Lanka Latest News

තලෙයිමන්නාරමේ ආදම්ගේ පාදය වටකරලා කිලෝමීටර් ගාණක් දිග දැවැන්ත තාප්පයක් ගහලා! ඇතුළේ වෙන්නෙ මොනවද කියලා කවුරුත් දන්නෙ නෑ! කාටවත් යන්න එන්නත් බෑ! කැමරාත් හයිකරලා! කව්ද මේකෙ අයිතිකාරයා? කව්ද මේ වගේ දෙයක් කරන්න අවසර දුන්නේ..? VIDEO I Sri Lanka Latest News

තලෙයිමන්නාරමේ ආදම්ගේ පාදය වටකරලා කිලෝමීටර් ගාණක් දිග දැවැන්ත තාප්පයක් ගහලා! ඇතුළේ වෙන්නෙ මොනවද කියලා කවුරුත් දන්නෙ නෑ! කාටවත් යන්න එන්නත් බෑ! කැමරාත් හයිකරලා! කව්ද මේකෙ අයිතිකාරයා? කව්ද මේ වගේ දෙයක් කරන්න අවසර දුන්නේ..? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.