• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රඟලා: නටලා: ලියලා: කියලා: මෙහෙයවලා අන්තිමට බැනුම් අහලා ජැකා ගියා අපිව දාලා I Sri Lanka Latest News

October 14, 2023
in Exclusive, Heart, News
Reading Time: 10 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ඔබ රැගෙන ආපු ආයුෂ අවසන් කරලා යන්නම යන්න ගිහින්. ගායනය, වාදනය, රංගනය, නිවේදනය, ගවේෂණය යන සියලු අංශ ඔබ අතැඹුලක් සේ දැන සිටියා. ඔහු එක් අවස්ථාවක පළකළ මෙම අදහස ඔහුගේ දැක්ම පිළිබඳ කියැවෙන කැඩපතක් බඳුයි.(Sri Lanka Latest News)

‘මේ සංස්කෘතික කලාපය තුළ මගේ වාසභවන ඉදිවෙන්නේ ලාංකීය පසුබිම තුළ ගොඩනැගෙන නිර්මාණීය චරිතයක්ව. ජනතාවගේ ගඳ සුවඳ හඳුනන, ජනතාව තුළම ජීවත් වන, ජනතාවගෙන්ම මතුවන, ජනශ්‍රැතියෙන් බිහිවන මිනිහෙක් කියලා. මම හිතන්නේ මම කවදාවත් වාසනාව පිළිගන්නේ නැහැ. හැකියාව මහන්සිය මම විශ්වාස කරන්නේ. මහන්සියෙන් හම්බකරගත දේ තමයි මට වටින්නේ. මම ඉපදෙනකොට මේ කිසිවක් ගෙනාවේ නැහැ. මම චිත්‍රපට තුනයි කරලා තියෙන්නේ. තව ලියපු චිත්‍රපට අටක් තියෙනවා. මම මැරෙන්න ඉස්සෙල්ලා මගේ සිහිනය සැබෑ කරගන්න බැරිවුණොත් මට දරුවෝ තුන්දෙනෙක් ඉන්නවා. උන් ඒ සිහිනය සැබෑ කරයි.

මට යන්න බැරිවෙච්ච මාවතේ උන් යාවි. මට නෙළාගන්න බැරිවෙච්ච සිහිනය උන් නෙළාගනීවි. මම මගේ ජීවිතයේ ප්‍රගුණ කරන එකම ධර්මය ඉවසීම පමණයි. මම රාගම පොඩි වීකුඹුරේ බෙනඩික් ඇන්තනීට දාව රොලින් පෙරේරාගේ කුසින් ඉපදුණේ. අපේ ගම හරි දුප්පත් සුන්දර පුංචි ගමක්. තාත්තා තමයි මගේ ආත්මය. මගේ මෙහෙයුම්කරුවා. තාත්තා වීරයෙක් කරගෙන මම හැදුණේ.

අපේ ගමේ සල්ලි පොඩ්ඩක් තිබ්බ මුදලාලි කෙනෙක්වත් හිටියේ නැහැ. තාත්තා වැඩ කළේ විදුලිබල මණ්ඩලයේ. අම්මා මාව බිහිකරන්න රාගම ඉස්පිරිතාලේ දවස් 10ක් විලිබර වේදනාවෙන් හිටියා. මම පවුලේ තුන්වැනියා. පවුලේ පිරිමි දරුවන් පස්දෙනෙක්. තාත්තා ගමේ නළුවෙක්. ටීටර්වල රඟපෑවා. අපි පුංචි කාලේ තාත්තා නාට්‍ය හදලා මාවයි අයියවයි එකතු කරගෙන රඟපානවා….’

ජැක්සන් අන්තනී, එහෙම කිව්වේ ඔහු ජීවිතය ගොඩනගාගත්තේ කොහොමද කියන එක අපට පසක් කරන්නටයි. ජීවිතයේ අවසාන තත්පරය දක්වාම ඔබ බේරාගන්න ඔබේ ආදරණීයයන් උත්සාහ දැරුවත් එය එය අවසාන මොහොතේ අසාර්ථක වුණා. ඔබ යළි සුවපත් වෙලා ඒවි කියලා අපි දින පන්සීයකට වඩා බලාගෙන හිටියා. විටෙක ඔබට සමාජ මාධ්‍ය ඔස්සේ ඇතැමුන් චෝදනා කළා. ඔවුන් කිව්වේ ජැක්සන් දැන් ජීවත් වෙන්නේ රෝහලේ තියෙන යන්ත්‍රයක් නිසයි, ඔහුට ඒ යන්ත්‍රය සවිකර තිබීමෙන් කිසි පලක් නෑ, එයින් සිදුවන්නේ මුදල් නාස්තියක් වගේම තවත් කෙනකුගේ ජීවිතයක් බේරගන්න තිබෙන අවස්ථාව අහිමි වීම කියලයි.

සෝමරත්න දිසානායක මහතා අධ්‍යක්ෂණය කරන ‘සිංහබාහු’ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපාමින් සිටියේ ඔබයි. 2022 ජූලි 02 වැනිදා ඔබ මේ අනතුරට මුහුණ දුන්නේ එදා අනුරාධපුරයේදී එහි අවසන් ජවනිකාව රූගත කරලා නැවත එමින් සිටියදීයි. එලෙස ඔහුගේ නවාතැන්පළට එමින් සිටින අතරමඟ තලාව ප්‍රදේශයේදී ජැක්සන් ඇන්තනී මහතා ගමන් ගත් කැබ් රථය වන අලියකුගේ ගැටී අනතුර සිදුවුණා.

එදා ඒ සිදුවූ අනුවේදනීය සිදුවීම ගැන ප්‍රවීණ සිනමා අධ්‍යක්ෂ සෝමරත්න දිසානායක මහතා පැවැසුවේ මෙවැන්නක්.

‘එදා හරියටම ජුලි 02 වැනිදා සිංහබාහු චිත්‍රපටයේ අවසන් ජවනිකාව. එදා රාත්‍රී රූගත කිරීමක් තිබුණේ. ඒ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය තමයි ජැක්සන් කළේ. ඒ අනුරාධපුර තඹුත්තේගම හත්තිකුච්චි කියන ඓතිහාසික ස්ථානයේ තිබෙන වනාන්තරයක. ඒ දර්ශනය සවස 6.30ට පසුව තමයි රූගතකිරීම් පටන්ගත්තේ. එය රාත්‍රී අට පමණ වනවිට අපිට අවසන් කරගැනීමට හැකිව තිබුණා. අපි ඒ දර්ශනය සාර්ථකව අවසන් කළා. ඒ සතුටට ජැක්සන් මගේ ළඟට ඇවිත් මාව බදාගෙන කිව්වේ ‘සෝමේ අයියේ හරිම ලස්සනයි, හරිම හොඳට සාර්ථකව වැඩේ කෙරුණා’ කියලා. මං දන්නේ නැහැ එදා ඇයි ඒ විදියට ජැක්සන් මාව බදාගෙන කිව්වේ කියලා. ජැක්සන් මගේ ඇඟට අත තියලා අද අපි රෑට හෝටලයේදී සෙට්වෙමු කියලා වේලාසන එයාගේ වාහනෙන් පිටත්වුණා.’

‘ජැක්සන්ගේ රතු පාට කැබ් රථය තලාව හරියේදී පාර අයිනට තල්ලුවෙලා තිබුණා. අලියෙක් ගහලා තමයි මේ අනතුරු සිදුවෙලා තිබුණේ. එතකොට වෙලාව රෑ 9ට විතර ඇති. මම බැහැලා කෝ ජැක්සන් කියලා ඇහුවා. ඒ අහනකොට එතැන හිටපු පිරිස මේ ඉන්නේ මේ ඉන්නේ ජැක්සන් කියලා පෙන්නුවා. මම ජැක්සන් ළඟ වාඩිවෙලා උරහිසින් අල්ලලා ජැකා ජැකා කියලා හෙල්ලුවා. ජැක්සන්ගේ සහෝදරයා වන සමන් ඇන්තනි සහ සහකරු ඉරේෂ් යන තුන්දෙනා ඔහුව ඉක්මනට අනුරාධපුර රෝහලට අරන් ගියා. එහිදී ශල්‍යකර්මයක් කළා. ඒ වෙලාවේ ජැක්සන්ට සිහිය ආවා.

සිහිය ආව ගමන් ජැකා ඇහුවේ ‘සෝමේ මොකද ෆිල්ම් එකට වෙන්නේ?’ කියලා. මම ජැක්සන්ට කිව්වේ ජැකා ෆිල්ම් එක ගැන හිතන්න එපා, උඹ සනීප වෙලා ආවට පස්සේ අපි ෆිල්ම් එක කරමු, මම උඹ එනකම් බලාගෙන ඉන්නවා, මට උඹ හැර වෙන සිංහයෙක් නෑ කියලා. අපි බලාගෙන හිටියා ජැක්සන් එනකල්. අපි හිතපු තරම් ඉක්මනට ජැක්සන් සුවපත් වුණේ නැති නිසා ජැක්සන්ගේම ආශීර්වාය මත ජැක්සන්ගේ ලොකු පුතා අකිල ඒ චරිතය කළා. එය ඉතාම සාර්ථකව කළා. මම හිතනවා ජැක්සන් කොහේ හරි ඉඳලා බලාගෙන හිටියොත් ෆිල්ම් එක දිහා ලොකු පුතාගේ සහ පොඩි පුතාගේ රංගනය ගැන දැකලා සතුටුවෙයි.’

‘කොහොම වුණත් හැම දෙයක්ම සිද්ධ වෙලා ඉවරයි. ඒ අනතුර මරණීය තුවාලයක් නොවන වග අපි දැනගෙන හිටියා. මේ මරණය අපේ අභාග්‍යයක්. අපේ රටේ අභාග්‍යයක්. අපේ රටට නෙවෙයි ජැක්සන් කියන චරිතය වටින්නේ ලෝකයට. ඒක නිසා අපි හැම දෙනාගේම අභාග්‍යයක් විදියට තමයි අපි සලකන්නේ. ජැක්සන් වගේ විරල චරිතයක් ලංකාවේ යළි බිහිවේවා කියන ප්‍රාර්ථනය තමයි අපිට කරන්න තියෙන්නේ.’

මේ මහපොළොව මත අසාමාන්‍ය මිනිසුන් බිහිවෙන්නේ කලාතුරකින්. අපේ ජීවිත කාලයේදී එහෙම අසාමාන්‍ය පුද්ගලයෙක් දකින්නත් අපි පින් කරලා තියෙන්න ඕනේ. එවැනි අසාමාන්‍ය කුසලතා තියෙන කෙනෙක් අහිමි වෙන්නේ ඒ රටේ අභාග්‍යයකට කියලයි අපට හිතෙන්නේ. එවැනි දුර්ලභ කුසලතාවලින් පරිපූර්ණ මේ අපූර්ව ශිල්පියාගේ නික්ම යෑම ගැන ඔහුගේ ආදරණීය බිරිය කුමාරි පැවැසුවේ මෙවැන්නක්.

‘ජැක්සන් කියන්නේ ලංකාවට ලෝකයක්. මට දැනෙන්නේ මගේ ලෝකේ නැතිවුණා වගේ. ඔහුගේ දැනුම ප්‍රකාශන හැකියාව කාටවත් නැහැ. කෙනෙක්ට දැනුම තිබුණත් දන්න දේ තව කෙනකුට තේරෙන විදියට කියලා දෙන්න දන්නේ නැහැ. මම නම් හිතන්නේ නැහැ ඔහු සමග කරට කර රඟපාන්න කවුරු හරි ඇතියි කියලා. ඔහු සියලු පැතිකඩ අතගාමින් සුන්දරව පරිහරණය කරමින් සමාජයට මහා මෙහෙවරක් කරපු කෙනෙක්.

මගේ ජැක්සන් මාව දාලා ගියා. ඔහු පොරොන්දු වුණා මාව දාලා යන්නේ නැහැ කියලා. ඒත් ඔහු අද මාව දාලා ගියා. ඔහු යන්න ඇත්තේ හුඟාක් හොඳ තැනකට. මේ තරම් ආශීර්වාද ලැබුණු රෝගියෙක් තවත් නැතුව ඇති. එහෙම ආශීර්වාද නොකළා නම් ඒ මිනිසුන් අතර සිටි නොමිනිසුන් විතරයි. 95%ක්ම ඉන්නේ මිනිසුන්. 5%ක් විතර ඇත්තේ නොමිනිසුන්. ඔහු වෙනුවෙන් ආශීර්වාද කළ හැමෝටම ගොඩාක් ස්තුතියි. ගොඩාක් පින්. මේ වෙනකොට ජැක්සන් සුව පහසු හොඳ තැනක ජීවත්වෙනවා…’

ජැක්සන් ඇන්තනී මහතාගේ එකම දියණිය මාධවී ඇන්තනී, සිය පියාණන්ගේ වියෝව ගැන පැවැසුවේ මෙවැන්නක්.

‘අප්පච්චි බලන්න හැමෝම වැල නොකැඩී එනවා. ඒ අප්පච්චි හම්බකරපු ධනය තමයි. අප්පච්චිට වෙන ධනයක් නැහැ. අපේ අප්පච්චි ඉක්මනින් හිත රිදෙන අහිංසක මනුස්සයෙක්. අප්පච්චි වෙනුවෙන් කරන්න පුළුවන් හැම දේම අපි කළා. අපි පැරදුණා. අප්පච්චිව හොරු ගෙනිච්චා. අප්පචිගේ අම්මාත් අප්පච්චිගේ තාත්තාත් අප්පච්චිගේ අයියත් නිදාගන්න තැනට එයා යනවා. අප්පච්චි වෙනුවෙන් ආව හැමෝටම ස්තුතියි…’

ජැක්සන් ඇන්තනී කියන්නේ ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පියෙක්. තමන්ට ලැබෙන චරිතය කුමක් වුවත් එයට උපරිම සාධාරණයක් ඉටුකරන අග්‍රගණ්‍ය කලාකරුවෙක්. ඔහු සමග චිත්‍රපටවල, ටෙලිනාට්‍යවල එකට එඟපෑ සහෝදර නළු නිළියන්ද ඔහුගේ වියෝවත් සමග මේ මොහොතේ සිටින්නේ දැඩි කම්පනයකට පත්වයි. මේ එම සහෝදර කලා ශිල්පීන් කිහිප දෙනකු පළකළ අදහස්.

ශ්‍රියන්ත මෙන්ඩිස්

‘ජැක්සන් අපේ ගමේ මනුස්සයා. ඒ වගේ දැනුම් සම්භාරයක් තියෙන මනුස්සයෙක් අපට හම්බවෙන්නේ නැහැ. ජීවිතේ කියන්නේ මොකද්ද කියලා ඔහු කියා දුන්නා. දෙවියන් අපට ලබාදුන්න දයාදයක්. තව්තිසාවේ ඉඳන් අපි දිහා බලපන් මචං සුබ ගමන්…’

දමිතා අබේරත්න

‘ජැක්සන් අයියා කවදාවත් මැරෙන චරිතයක් නෙවෙයි. මටත් වාසනාව තිබුණා ජැක්සන් අයියා එක්ක රඟපාන්න අකාල සන්ධ්‍යා, ප්‍රවේගය යන චිත්‍රපටවල. මට ජැක්සන් අයියා එක්ක ඉන්නකොට දැනුණේ මහා පුස්තකාලයක් මහා විශ්වකෝෂයක් ළඟ ඉන්නවා වගේ. ප්‍රවේගය ෆිල්ම් එකේ මිනී පෙට්ටියේ දාලා ගෙනාවාම මම පැය ගානක් ඇඬුවා. එහෙම දකින්න කැමැති වුණේ නැහැ. මෙහෙම කරදරයක් කිසිම මනුස්සයකුට වෙන්න එපා. ජැක්සන් අයියා උත්තරීතර කලාකරුවෙක්. උත්තරීතර රංගධරයෙක්. කිසි කෙනකුගේ හිත රිද්දුවේ නැහැ. සුබ ගමන්, සුව නින්දක් ප්‍රාර්ථනා කරනවා ගිහින් එන්න බ්‍රැන්ඩෝ…’

රන්ජන් රාමනායක

‘මට පාර්ලිමෙන්තුවේ ඉතිහාසය ගැන කතාවක් තිබුණොත් ඊට ඉස්සෙල්ලා දවසේ ජැක්සන්ට කෝල් එකක් දීලා සියලු දේවල් අහගෙන මගේ වගේ මම කියනවා. ඒක ජැක්සන්ගෙන් අහගත්තේ කියලා මම කවදාවත් කියන්නේ නැහැ. ඔහුගේ ෆිල්ම් එකක් එනකොට මම බයයි. ඔහුගේ රංගනයට මම බයයි. ඒ කථිකත්වයට මම ඉරිසියයි. ඔහු සිනමාවේ අපට හම්බවුණු අති දක්ෂ මනුස්සයෙක්. මෙවැනි නළුවෙක් ඉතිහාසයේ සිංහල සිනමාවේ නැහැ කියලා මම කිව්වේ ඔහු ජීවතුන් අතර සිටියදීමයි. ඒ ඔහුගේ ‘1818’ චිත්‍රපටයේ මුහුරත් උළෙලට ගිය අවස්ථාවේ. එතුමා ජීවත්වෙලා ඉඳිද්දී ගුණ වර්ණනාව කළා. අපේ ජීවිතය කියන්නේ පොඩි සංචාරයක්. අපි අවුරුදු 60ක් 70ක් ජීවත්වෙන්නේ. සමහරු පසුගිය දවස්වල ජැක්සන්ට දොස් කිව්වා. මේ වගේ රංගධරයෙක් ආපහු බිහිවෙනේ නැහැ. ජැක්සන් කියන චරිතය replace කරන්න බැහැ…’

ගීතා කුමාරසිංහ

‘ජැක්සන් කියන්නේ ලංකාවේ හිටපු දක්ෂතම ජ්‍යෙෂ්ඨතම විශිෂ්ටතම කලාකරුවෙක්. එහෙම හිත හොඳ පුද්ගලයෙක් ආයෙ හම්බවෙන්නේ නැහැ. හදවතට ලොකු දුකක් කම්පාවක් දැනෙනවා…’

නිල්මිණි තෙන්නකෝන්

‘දිවි රඟමඬලට සමුදුන්න මහා රංගධර ජැක්සන් අයියේ, ඔබ යන්නම ගියා නැවත අප අතරට නොඑන ගමනක්. කලාවට රටට ලොකු පාඩුවක්. ලෝකයට වටින චරිතයක්. මනුස්සකම් නැති තිරිසන් මිනිසුන්ට කවදාවත් තමන් මැරෙන්නේ නෑ කියලා හිතපු මිනිසුන්ට අද නින්ද යයි. අපි හැමදාමත් ජැක්සන් අයියාට ගොඩාක් ආදරෙයි. ඔබට නිවන් සුව ලැබේවා…’

කමල් අද්දරආරච්චි

‘ජැක්සන්ගේ අඩුව පුරවන්න තවත් අවුරුදු ගානක් යයි. ඒ වගේ ප්‍රඥාගෝචර විදියට හිතන, කතාකරන, ස්වභාව ධර්මයට ආදරය කරන කෙනෙක් ඔහු. ඔහුගේ ප්‍රථම ටෙලි නාට්‍යයටත් ප්‍රථම චිත්‍රපටයටත් දායකත්වය ලබාදෙන්න මට හැකිවුණා. හදවතේ මිතුරා හදවතට මතකයක් විතරක් ඉතුරු කළා…’

රොෂාන් රණවන

‘විශිෂ්ටයකුගේ නික්ම යාම. ජැක්සන් ඇන්තනී රංගධරයාණෙනි, ඔබට නිවන් සුව…’

1958 ජුලි 08 වැනිදා කොන්ගානිගේ ජෝෂප් මල්සි ජැක්සන් ඇන්තනී නමින් ඔහු මෙලොව එළිය දුටුවා. ඒ, කොන්ගානිගේ බෙනඩික් ඇන්තනීට සහ පොඩි වීකුඹුරේ රොලින් පෙරේරාට දාවයි. මවුපියන් ඔහුට ආදරේට කිව්වේ ‘මැල්සි’ කියලා. ඔහු හපුගොඩ කනිෂ්ඨ විද්‍යාලයෙන් සහ බණ්ඩාරවෙල ශාන්ත මරියා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබලා පසුව ගණේමුල්ල ගලහිටියාව මධ්‍ය මහා විද්‍යාලයට ඇතුළත්ව උසස් පෙළ දක්වා අධ්‍යාපනය හැදෑරුවා.

අනතුරුව උසස් අධ්‍යාපනය ලැබුවේ කොළඹ විශ්වවිද්‍යාලයෙන්. සිංහල භාෂාව සහ සාහිත්‍යය වෙනුවෙන් ගෞරව උපාධියක්ද, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ජනමාධ්‍ය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියද ජැක්සන් හිමිකරගත්තා. ඔහුලේ ජීවිතයේ වර්ණවත් වුණේ කුමාරි මුණසිංහ සමග විවාහ දිවියට ඇතුළත්වීමෙන් පසුවයි. ඔවුන් දෙපළ අකිල ධනුද්ධර, සජිත ඇන්තනි සහ මාධවී වත්සලා නමින් තවත් කලා තරු තුනක් ලොවට දායාද කළේ ජැක්සන් ඇන්තනී යන නම බබළවන්නටයි. තාත්තාගේ හැකියාවන්, උරුමයන් සමග ඒ දරුවන්ද අද වන විට කලා ක්ෂේත්‍රයේ සුවිශේෂ ඉදිරි ගමනක් යමින් සිටිනවා.

ඔබ මේ රටේ සිනමාවෙත් වේදිකාවෙත් ගුවන් විදුලියෙත් රූපවාහිනියෙන්ද සුවහසක් ජනතාවගේ ආදරය දිනාගත් දක්ෂ රංගධරයෙක්. විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන කාලයේ සිටම ඔබ රංගනයට දායක වෙමින් සුප්‍රසිද්ධ වේදිකා නාට්‍ය කිහිපයකම රඟපෑවේ අපව සතුටු කරන්නටයි. ඒ අතර ලෝමහංස, ධවල භීෂණ, තාරාවෝ ඉගිලෙති, මධුර ජවනිකා එකල ඉමහත් ජනප්‍රසාදයක් හිමිකරගත් වේදිකා නාට්‍ය බවට පත්වුණා.

ඔබ 1993 වර්ෂයේ සිනමාවට පා තැබුවේ රංගනයෙන් ලාංකේය කලා කෙත පෝෂණය කිරීමේ මාහැඟි අරමුණෙන්මයි. ඒ චිත්‍රපට අතර ගුරු ගෙදර, චිට්ටි, අයෝමා, ලොකුදුව, භවදුක, භවකර්ම, ගිනි අවි සහ ගිනි කෙළි, අස්වැසුම, අග්නි දාහය, සූරිය අරණ, මිල්ල සොයා, රන්දිය දහර වැනි චිත්‍රපට අපේ මතකයෙන් කිසිදා ගිලිහී නොයන්නේ ඔබේ විශිෂ්ට රංගන ප්‍රතිභාව නිසයි.

සුසීමා, අකාල සන්ධ්‍යා, පළිඟු මැණිකේ, කඩුල්ල, පිටගංකාරයෝ වැනි විශිෂ්ට ටෙලිනාට්‍ය රාශියක ඔබ දැක්වූ රංගන කුසතා ප්‍රේක්ෂක හදවත් අමන්දානන්දයට පත් කරන්නට සමත් වුණා. පසුව ස්වර්ණවාහිනියේ නිර්මාණ අධ්‍යක්ෂ ලෙසද කටයුතු කරමින් ඔබ රටට දායාද කළ ගවේෂණාත්මක වැඩසටහන් සොබාදහම, ඉතිහාසය පිළිබඳ ඔබ තුළ ඇති දැනුම, ආදරය සහ ගෞරවය මොනවට පැහැදිලි කළා.

ඔබ නිර්මාණය කළ හපන් පැදුර වැනි ළමා වැඩසටහන් හරහා රූපවාහිනී ක්ෂේත්‍රයට අත්පොත් තබා අද වන විට දැවැන්තයන් බවට පත්ව සිටින බොහෝ පිරිසක්ද ක්ෂේත්‍රයේ රැඳී සිටිනවා. මහා සිංහලේ වංශකථාව, මහ සිංහලේ යටත් විජිත වංශකථාව නමින් ඉතිහාස වැඩසටහන්, අවාරේ සිරිපා, ගඟ දිගේ, රෝම පුරාණය, සලාංහන්තේ යන සංචාරක වැඩසටහන් ඔබේ නිර්මාණ ශක්තියේ සදා නොමැකෙන මුද්‍රාවන් ලෙස හැඳින්විය හැකියි.

සරසවි සම්මාන, ජනාධිපති සම්මාන, OCIC සම්මාන, 2007 වර්ෂයේ SLIM ජනතා සම්මානය, හොඳම නළුවාට හිමි සම්මානය වැඩිම වාර ගණනක් දිනාගත් නළුවා බවට ඔබ පත්වුණා. එවැනි දක්ෂතා රාශියකින් හෙබි ඔබ ගැන ගුණකථන සිදුකරන්න අපට වචන නැහැ. අපට ජැක්සන් ඇන්තනී යළිත් දකින්න ලැබෙන්නේ ඔබ ඉතිරි කර ගිය නිර්මාණවලින් පමණයි. ඔබේ හිඩැස පුරවන්න පුළුවන් සමතකු ඇත්නම් ඒ ඔබ අපට ඉතිරි කර ගිය දක්ෂ දරුවන් තිදෙනා පමණයි.

මේ සොඳුරු කලාකරුවාගේ දේහය මහජන ‌ගෞරවය සඳහා පසුගිය 10 වැනිදා කොළඹ බෞද්ධාලෝක මාවතේ ජයරත්න Respect Home හි තැන්පත් කර තිබුණා. 11 වැනිද‌ා සිට 12 වැනිදා දක්වා දේහය රාගම පිහිටි එතුමාගේ නිවෙසෙහි තැන්පත් කර තිබුණු අතර, 12 වැනිදා රාගම ශුද්ධ වූ පේදුරු පාවුළු දේවස්ථානයේදී අවසන් කටයුතු සිදුකෙරුණා.

ජැක්සන් ඇන්තනී නම් මේ අසහාය කලාකරුවාට ආදරය කළ විශාල ජනකායක් දිවයිනේ නන් දෙසින් ඔහුට අවසන් ගෞරව දක්වන්නට පැමිණ සිටියා. ජැක්සන් ඇන්තනී යන නාමය සදා අමරණීයයි. ලාංකේය කලා කෙත බැබළවූ ජැක්සන් ඇන්තනී, ඔබට සුබ ගමන්…

නිලන්ති රේණුකා

SendShareShare
Previous Post

ආණ්ඩුවට කරන්න බැරි දේ විපක්ෂනායකකමේ ඉන්න සජිත් කරලා පෙන්වයි! ක්ෂුද්‍ර හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට හයියක් දෙන්න ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 100ක මුදලක් අරන් දෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Next Post

අලුත් පොලිස්පති කෙනෙක් නෑ! CDටම තව සති 3ක් දෙයි! I Sri Lanka Latest News

MORE NEWS

කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

නීතීඥ සංගමය විරුද්ධ වුණා..! මහාධිකරණ නීතීඥ සංගමය විරුද්ධ වුණා..! කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නීතීඥවරු විරුද්ධ වුණා! ආණ්ඩුව රිවස් වුණා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනතාවට බදු පිට බදු ගහලා බිලියන ගණන් හොයන ආණ්ඩුව සිගරට් සමාගම්වලට බිලියන 17ක බදු සහන දීලා! VIDEO I Sri Lanka Latest News

සලේ ගැන පාර්ලිමේන්තුවේදී ආනන්ද විජේපාලගෙන් අනාවරණ ගොඩක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ ගැන පාර්ලිමේන්තුවේදී ආනන්ද විජේපාලගෙන් අනාවරණ ගොඩක්! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාවෙන් ලොකු ටීම් එකක් පාර්ලිමේන්තුවට ඇවිත් පාර්ලිමේන්තුවේදී විපක්ෂනායක සජිත් හමුවෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාවෙන් ලොකු ටීම් එකක් පාර්ලිමේන්තුවට ඇවිත් පාර්ලිමේන්තුවේදී විපක්ෂනායක සජිත් හමුවෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේ ගැන බලන්න පංච පුද්ගල විශේෂඥ අධිකරණ මණ්ඩලයක් පත්කරයි! කොටුවේ සත්‍යග්‍රහය තාවකාලිකව නවත්වයි! I Sri Lanka Latest News

පොහොර හිඟයට එරෙහිව ඉන්දියාවේ ගොවීන් පාරට බැහැලා දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් පටන් ගත්තා! VIDEO I Sri Lanka Latest News
Exclusive

පොහොර හිඟයට එරෙහිව ඉන්දියාවේ ගොවීන් පාරට බැහැලා දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් පටන් ගත්තා! VIDEO I Sri Lanka Latest News

Load More
කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

නීතීඥ සංගමය විරුද්ධ වුණා..! මහාධිකරණ නීතීඥ සංගමය විරුද්ධ වුණා..! කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නීතීඥවරු විරුද්ධ වුණා! ආණ්ඩුව රිවස් වුණා! I Sri Lanka Latest News

විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස් සීමාව දීර්ඝ කිරීම සම්බන්ධයෙන් රජය මෙතෙක් කිසිදු සාකච්ඡාවක් පවත්වා නොමැති බව කැබිනට් ප්‍රකාශක, සෞඛ්‍ය සහ ජනමාධ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ජනතාවට බදු පිට බදු ගහලා බිලියන ගණන් හොයන ආණ්ඩුව සිගරට් සමාගම්වලට බිලියන 17ක බදු සහන දීලා! VIDEO I Sri Lanka Latest News

සලේ ගැන පාර්ලිමේන්තුවේදී ආනන්ද විජේපාලගෙන් අනාවරණ ගොඩක්! VIDEO I Sri Lanka Latest News

සලේ ගැන පාර්ලිමේන්තුවේදී ආනන්ද විජේපාලගෙන් අනාවරණ ගොඩක්! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාවෙන් ලොකු ටීම් එකක් පාර්ලිමේන්තුවට ඇවිත් පාර්ලිමේන්තුවේදී විපක්ෂනායක සජිත් හමුවෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාවෙන් ලොකු ටීම් එකක් පාර්ලිමේන්තුවට ඇවිත් පාර්ලිමේන්තුවේදී විපක්ෂනායක සජිත් හමුවෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේ ගැන බලන්න පංච පුද්ගල විශේෂඥ අධිකරණ මණ්ඩලයක් පත්කරයි! කොටුවේ සත්‍යග්‍රහය තාවකාලිකව නවත්වයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.