ඔබ හැමෝම දන්නවා අපේ රටට ආයෝජකයෝ එන්නේ නෑ. අපේ රටේ සමහර කර්මාන්ත වැහෙමින් තිබෙනවා. සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත 40%ක් වැහිලා. ලයිට් බිල් වැඩියි, ගාස්තු වැඩියි, ප්‍රවාහන වියදම් වැඩියි, තෙල් මිල වැඩියි. ඒ නිසා යම් කෙනෙක් ආයෝජනයක් ගේනවා නම් ඒ ආයෝජනය කරන්න ලංකාවේ ඉන්න ආයෝජකයෙක් එක්ක එකතු වෙනවා. මා ඔබට මේ කියන්න යන්නේ අපේ රටේ සුප්‍රසිද්ධ සමාගමක් දේශීය සමාගමක් විදෙස්වල ගනුදෙනු කරන සමාගමක්. මේ සමාගම ලංකාවේ පුත්තලමේ තිබෙනවා සිමෙන්ති සඳහා හුණුගල් කඩන ප්‍රදේශයක් අරුවක්කාරුව කියලා. මේ පොළොව හාරලා ගන්නකොට උඩ තියෙනවා පස් තට්ටුව. ඒ පස් තට්ටුවට යටින් තියෙන්නේ හුණු ගල්. ඒ නිසා සිමෙන්ති සඳහා හුණුගල් කඩලා ගත්තාම ඉතුරු පස් ටික පුරවලා ඒ වළවල් වහන්න ඕනේ. දැනට ඒ කටයුතු ඒ සමාගම් කරමින් යනවා. ඒ සමාගම් ඒ කටයුතු කරමින් යද්දී මේ වහන පස් තට්ටුවේ තියෙන ඛනිජ වැලි සම්බන්ධයෙන් පහුගිය අවුරුදු 5ක් තුළ සමීක්ෂණ කරනවා. කවුද මේ සමාගම් දෙක? ඩිල්මා සමාගම තමයි දේශීය නියෝජිතයා. ඔස්ටේ්රලියානු සමාගමක් තමයි විදේශීය නියෝජිතයා. ඩොලර් මිලියන 120යි මේ ව්‍යාපෘතියේ ආයෝජනය. පුරවන පස්වලින් 8%ක ඛනිජ විශේෂයක් ඔවුන් සොයාගෙන තිබෙනවා. ඒ නිසා ඒ ඛනිජ විශේෂය වැලිව් ඇඩිෂන් එකක් ලෙස පස් ලෙස පුරවන ඒ පස්වලින් ඉතිරි 8%ත් අරගෙන ඒවා විදෙස්වලට විකුණන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා ඔස්ටේ්රලියානු සමාගමත් ලංකාවේ ඩිල්මා සමාගමත් ඒකාබද්ධව මේ රිසර්ච් එක කරලා අවුරුදු 5ක් තිස්සේ ඩොලර් මිලියන 20කට ආසන්න මුදලක් වියදම් කරලා. දැන් තියෙන්නේ මේ නිෂ්පාදනය කරගෙන යෑමට අවශ්‍ය ඉඩම් ටික ලබාගෙන කර්මාන්ත ශාලාව පටන් අරගෙන රැකියා ටික දීලා මේ ඩොලර් මිලියන 100ක විතර ආයෝජනය රට ඇතුළට ගේන්න.
ඊට අමතරව භාණ්ඩ විකුණපුවාම ඩොලර් එනවා. මේ පස් හැටියට යන එකෙන් තව 8%ක් ඛනිජ සම්පත් තියෙනවා. ඒ ඛනිජ නිෂ්පාදනය අරගෙන ඒක විකුණලා තව ඩොලර් ගේන්න පුළුවන්කම තියෙනවා. අපේ රටට විදෙස් ආයෝජකයෝ එන එකට අපේ රටේ දේශපාලනඥයන්ගේ පගා, කොමිස් කුට්ටි තමයි බාධාව කියලා අපි දිගටම කිව්වා. මේ තියෙන්නේ තවත් එවැනි වැඩක්. මේ ලංකාවේ තේ වෙළෙඳපළේ ඉන්න විශේෂ සමාගමක්. ඩිල්මා සමාගමත් සමග ඒකාබද්ධ අයෝජනයක් කරනවා ඔස්ටේ්රලියානු සමාගම. පුත්තලම ඉල්මනයිට් ලිමිටඩ් කියලා ඒගොල්ලෝ සමාගමක් හදලා තමයි මේක කරන්නේ. ඒ නිසා මේ සමාගම මේ සමීක්ෂණ ඔක්කොම කරලා ඔවුන්ගේ සමීක්ෂණ වාර්තා අනුව භූ තලයේ තියෙන හුණගල්, ඊට උඩින් තියෙන පස් තට්ටුව, පස් තට්ටුවල තියෙන ඛනිජ තමයි නිස්සාරණය කරලා ඒගොල්ලෝ ගන්නේ. ඒ කියන්නේ ටොන් 100ක් ගත්තොත් ටොන් 8යි එන්නේ. 8%ක තමයි මේ ප්‍රමාණය තියෙන්නේ. එතකොට මේ ව්‍යාපෘතිය වැලිව් එඩිෂන් එකක්. පසේ තියෙන ඛනිජ තෝරා බේරා අරගෙන අපනයනය සඳහා සූදානම් කරන එකක්. තව ඉදිරි වැඩිදියුණු කිරීම්වලට යන්න පුළුවන්. මේ සමාගම මේ කටයුතු සියල්ල කරලා ඔවුන්ට කැබිනට් අනුමැතිය ලැබිලා තියෙනවා මේවට. ඒ සියල්ල ඇතුළේ නීත්‍යනුකූලව කටයුතු කරගෙන යනවා. දැන් කර්මාන්ත ශාලාව පටන්ගන්න ඔවුන්ට දෙන්න ඕනේ අක්කර 30ක විතර ඉඩමක් ඒ ප්‍රදේශයෙන්. ඒ ඉඩම අයිති සිමෙන්ති සංස්ථාවට. ඒ ඉඩම් ටික ඉන්සී සමාගමට බදු දීලා තියෙන්නේ සිමෙන්ති සංස්ථාව. ඒ නිසා දැන් රජය ඩොලර් මිලියන 120ක විතර විදේශ ආයෝජනය ගෙන්වා ගැනීම සඳහා අවශ්‍ය කටයුතු කරන්න ඕනේ.
දැන් මේ සියල්ල ඉවර වුණාට පස්සේ අපූරු වැඩක් වෙනවා. මේ සියල්ල ඉවර වුණාට පස්සේ මේ නිෂ්පාදන කටයුතු කරගෙන යෑම වෙනුවට මේ සමාගමට අවසර දෙන එක වෙනුවට රත්නපුරේ ඉඳන් ත්‍රිකුණාමලයට ගිහිල්ලා දේශපාලනය කරන දේශපාලනඥයකුගේ මස්සිනාගේ නමට කොම්පැනියක් පටන් අරගෙන තියෙනවා. මේ කොම්පැනිය ලංකාවේ ඉල්මනයිට් නිස්සාරණය කරන අදාළ පුත්තලම ප්‍රදේශයේ කිසිදු සමීක්ෂණයක් කරලා නෑ. එතකොට මේ සමාගමට අර ඉඩම් අයිතිය දීලා. එතකොට දැන් මොකද කියන්නේ අර ඔස්ටේ්රලියානු සමාගම මේ ආයෝජනය ගෙනල්ලා මෙහෙ ආයෝජනය කරන්න හදන සමාගමයි, ඩිල්මා ඒකාබද්ධ ආයෝජනය ගේන්න යන සමාගමට කියනවා ඔයගොල්ලන්නට ඉඩම දෙන්න බෑ, ඔයගොල්ලෝ අර කොම්පැනිය සල්ලි දීලා ගන්න කියලා. අලුත්ම ගරානා ක්‍රමය. කොම්පැනියට ඉඩම දෙන්න, සල්ලි දෙන්න බෑ කියලා ඒ කොම්පැනියත්, දේශීය සමාගමුත් කියනකොට අපේ රටේ දේශපාලනඥයෝ කරන්නේ මොකක්ද? තමන්ගේ ඥාතීන් දාලා කොම්පැනියක් හදනවා. හදලා ඒ කොම්පැනියට අර ඉඩම් ටික දෙනවා. ඉඩම් ටික දීලා දැන් කියනවා අර ඔස්ටේ්රලියානු ශ්‍රී ලංකා ඒකාබද්ධ ව්‍යාපෘතියට ඔයගොල්ලෝ වැඩේ කරන්න ඕනේ නම් මේ කොම්පැනිය සල්ලි දීලා ගන්න කියලා. කොම්පැනිය හදන්න යන්නේ පොඩි ගානයි. එතකොට කොම්පැනිය සල්ලි දීලා ගත්තාම ඒ කොම්පැනියට අයිති ඉඩම් තියෙනවා. එතකොට මේ සමාගමට ඒ වැඩටික කරගෙන යන්න පුළුවන්. කොහොමද සැලසුම? කොහොමද ගැහිල්ල? මේක බාරව ඉන්න ඇමැතිවරු ඉදිරියේදී මේවට උත්තර දෙන්න ඕනේ.
චාමර සම්පත් ඇමැතිවරයා තමයි රාජ්‍ය ඇමැතිවරයා හැටියට ඉන්නේ. පොස්ෆේට් සමාගමේ පහුගිය කාලේ පොස්ෆේට් 28000 එක 23000ට අඩුකරලා වැට් එක සමාගමෙන් ගෙවන්න සැලසුම් කරමින් හිටියේ ඔහු ඇතුළු මේ කණ්ඩායම. සාමාන්‍යාධිකාරිවරයා කිසිදු අනුමැතියකින් තොරව වැට් එක රාජ්‍ය සමාගමක් හැටියට පොස්ෆේට් සමාගමෙන් ගෙවන්න සැලසුම් සකස් කරමින් තිබෙනවා. 28000ට විකුණන ටොන් එක 23000ට අඩුකරනවා කිසිදු යෝජනාවක් නැතුව. එළියේ ගොවියා ගන්න ගියත් ටොන් එකකට අදාළ මිලක් තියෙනවා. එතකොට ගොවියත් වැට් එක ගෙවන්න ඕනේ. එහෙම තියෙද්දී එහෙම වැඩ කරපු අය අලුත්ම ගරානා ක්‍රම තමයි මේ හොයාගෙන යන්නේ. ඒ නිසා අපි අහනවා දැන් දේශීය සමාගමක් විදේශීය ආයෝජකයෙක් සමග ඒකාබද්ධව රටේ ඛනිජ සම්පත් ගවේෂණය කරලා මේ මහ පොළොවට පස් ලෙස යටකරමින් වහමින් තියෙන මේ පස්වල තියෙන ඉල්මනයිට් නිස්සාරණය කරලා අරගන්න ඔවුන් සූදානම් වෙලා තියෙනවා. ඒ සඳහා ඔවුන් සමාගමක් හදලා පරීක්ෂණ කරලා ඩොලර් මිලියන 20ක් විතර වියදම් කරලා තියෙනවා. ඒ වියදම් කරපු සමාගමට ඒ වැලිව් ඇඩිෂන් එක, අගය එකතු කිරීම සහිත ඒ නිස්සාරණ කටයුත්ත කරලා ඒ ඉල්මනයිට් අපනයනයට අවශ්‍ය කරන, එහෙම නැත්නම් ඒ ඉල්මනයිට් විදෙස් රටවලට විකුණන්න අවශ්‍ය කරන ඩොලර් මිලියන 100ක කර්මාන්තය පටන්ගන්න ඉඩ නොදී, අපි අහනවා කොහොමද කැබිනට් මණ්ඩලයේ අනුමත කරන්නේ මේ මොකක්වත් නොකරපු දේශපාලන හිතවත්කම්වලින් පටන්ගත්ත කොම්පැනියකට මේක දෙන්නේ? අපි ළඟ තියෙනවා කොම්පැනියේ නමත්. මේ කොම්පැනිය තමයි මේක දීලා තියෙන්නේ.
ඒ නිසා දැන් මේ සමාගම් මේ ක්‍රියාවලීන් සියල්ල සිදුවෙමින් යනවා. ඒ නිසා මේ සියල්ල සිදුවෙමින් යනකොට මේ කටයුත්ත සම්පූර්ණම නොමග යවලා සිමෙන්ති සංස්ථාව මේ කටයුත්ත සඳහා ඉඩම් ලබාදුන් ලියවිලි අපි ගාව තියෙනවා. අපි අහනවා විදේශ ආයෝජකයෝ අපේ රටට එයිද මේ වගේ වැඩ කරපුවාම? විදේශ ආයෝජන ගේන්න, විදේශ ආයෝජන කරන්න කිව්වාම ඔන්න රනිල් රාජපක්ෂලාගේ ආණ්ඩුව අද විදේශ ආයෝජකයෝ දේශීය ආයෝජකයන් සමග යම් කිසි විශ්වාසයක් හදාගෙන ලංකාවට ඇවිල්ලා ඉන්න ආයෝජකයන්ට අද ආයෝජනය කරන්න ඉඩ දෙනවද? අද ඔවුන්ට ලංකාවට ඩොලර් ගේන්න දෙනවද? නෑ. කොමිස් ගහන්න ගිහිල්ලා බැරි වුණාම අවසානයේ සමාගම් හදලා කියනවා ඔයගොල්ලෝ වැඩේ කරන්න ඕනේ නම්, ඒ සමාගම මිලදී ගන්න, සමාගම සතු ඉඩම් තියෙනවා, අන්න එතකොට ඕගොල්ලන්ට වැඩේ කරන්න පුළුවන් කියලා.
අපි මේ පිළිබඳ දූෂණ විරෝධී හඬ සංවිධානය ලෙස සිමෙන්ති සංස්ථාව කොහොමද මේ කිසිදු නිෂ්කාශනයක් නොකරපු සමාගම්වලට මේ ඉඩම් දුන්නේ කියලා අපි අහනවා. අපි ළඟ තියෙනවා ඒ සමාගමේ සමාගම් රෙජිස්ටර් වෙලා තියෙන විස්තරේ. අධ්යක්ෂවරු කවුද කියලා අපි ළඟ තියෙනවා. අපි ඉදිරියට තවදුරටත් මේ කරුණු හෙළිදරව් කරනවා. අපි කියනවා සිමෙන්ති සංස්ථාව අර පරීක්ෂණ කරපු අදාළ ඉල්මනයිට් නිෂ්පාදනයට අවශ්‍ය කරන සියලු කැණීම් නිෂ්කාශන සියල්ල කරපු සමාගම්වලට මේක දෙන්නේ නැතුව කොහොමද ඒ මොකක්වත් නොකරපු සමාගමකට මේ ඉඩම බදු දෙන්නේ? ඒ දෙන එක ඇතුළේ තියෙන අරමුණ තමයි ඉඩම සහිත කොම්පැනිය අර සමාගමට විකිණීම හරහා මුදල් ඉපයීම. ඒ නිසා අපි අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට මේ පිළිබඳ පැමිණිලි කරනවා. ඒ පැමිණිල්ල හරහා අපි පරීක්ෂණයක් බලාපොරොත්තු වෙනවා. විදේශ ආයෝජන ගෙන්වීම වළක්වන්න කටයුතු කරන නිලධාරීන්ට අදාළවත් මේ ජාවාරම්වලින් අපේ රටට එන්න තියෙන විදේශ ආයෝජන නවත්වන්නටත් කටයුතු කරන මේ නිලධාරීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නටත්, මේ පිටිපස්සේ ඉන්න දේශපාලනඥයන් හෙළිදරව් කරන්නටත් කටයුතු කරනවා කියන එක දූෂණ විරෝධී හඬ සංවිධානය කටයුතු කරනවා කියන එකත් අපි අවධාරණය කරලා කියනවා. අපි මේ නිලධාරීන්ට කියනවා මේ රට මෙතැනට වට්ටපු දූෂිත දේශපාලනඥයෝ තවදුරටත් මේ රට අපකීර්තියට සහ රට ඉස්සරහට කළු පැල්ලම් එකතු කරද්දී ඒවාට දායක වෙන්න එපා කියලා. මේ රට තවදුරටත් වට්ටන්න ලෑස්ති වෙන්න එපා කියන කාරණයත් දූෂණ විරෝධී හඬ සංවිධානය ලෙස අපි අවධාරණය කරලා කියනවා.
The News Reporter යූටියුබ් නාලිකාවෙනි