මධ්‍යම පළාතේ විපක්ෂයේ ද්‍රවිඩ ජාතික පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු රුපියල් කෝටි දෙකකට වැඩි වටිනා මත්පැන් බලපත්‍ර දෙකක් ලබාගෙන එම මත්පැන් බලපත්‍ර දෙක මහනුවර දිගන ප්‍රදේශයේ ව්‍යාපාරිකයන් දෙදෙනෙකුට විකුණා ඇතැයි කියන සිද්ධියක් ලංකාදීප පුවත්පත වාර්තා කොට ඇත.Sri Lanka Latest News
ඔහු මෙම මත්පැන් බලපත්‍ර දෙක ලබාගෙන ඇත්තේ ආණ්ඩුවට සම්බන්ධ වෙන බවට පොරොන්දුවක් දෙමින් යැයි දැනගන්නට ඇත.
මේ සම්බන්ධයෙන් තොරතුරු අනාවරණයවීමෙන් පසු දිගන ප්‍රදේශයේ විහාරස්ථානයක නායක ස්වාමීන් වහන්සේ නමක එම මත්පැන් බලපත්‍ර ලබාගත් ව්‍යාපාරිකයන් දෙදෙනා කැඳවා ඒ ගැන විමසා ඇති අවස්ථාවේදී එම බලපත්‍ර දෙක ඉහත පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා දුන් බව ඔවුන් එහිදී ප්‍රකාශ කර ඇතැයි පැවසේ.
ආණ්ඩුව මැතිවරණයේදී සහාය ලබා ගැනීමට මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසකට මත්පැන් බලපත්‍ර දෙසීයක් ලබාදී ඇතැයි පසුගිය දිනවල ලොකු කතා බහක් ඇතිවිය.
විපක්ෂ නායක ඇතුළු මන්ත්‍රීවරු පිරිසක් පාර්ලිමේන්තුවේදීද පසුගිය දිනවල ඒ ගැන ආණ්ඩුවෙන් ප්‍රශ්න කළහ. තමා බලයට පත්වූ පසු එසේ ලබා දී ඇති මත්පැන් බලපත්‍ර සියල්ල අහෝසි කරන බව විපක්ෂනායකවරයා එහිදී සඳහන් කළේය.