• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

දැන් මොකද වෙන්නේ IMF එක එනවද? නැද්ද?

March 9, 2023
in Exclusive, News
Reading Time: 6 mins read
A A
දැන් මොකද වෙන්නේ IMF එක එනවද? නැද්ද?
Share on WhatsAppShare on Facebook

මේ ඡන්දය පවත්වන්න අවශ්‍ය සියලු මුදල් රජයට ලබාදීලා තියෙනවා පාර්ලිමේන්තුවේ විසර්ජන පනත සම්මත වීමත් සමග. ඒ නිසා ආණ්ඩුවට මේ ඡන්දය පවත්වන්න ස්වාධීන මැතිවරණ කොමිසමට රුපියල් බිලියන 10.9ක් වෙන්කරලා තියෙනවා. වෙන් කරලා තියෙනවා විතරක් නෙවෙයි එය පාර්ලිමේන්තුවේ සම්මත වෙලත් තියෙනවා. කවුරු හරි කියනවා නම් ඡන්දය තියන්න සල්ලි නෑ කියලා. ඒක අසත්‍යයක්. පාර්ලිමේන්තුවට තමයි සම්පූර්ණ මුදල් බලය තියෙන්නේ මේ සම්බන්ධයෙන්. පාර්ලිමේන්තුවට පුළුවන් ඒ මුදල් බලය පාවිච්චි කරලා අවශ්‍ය ප්‍රජාතන්ත්‍රවාදී කටයුත්ත ඉස්සරහට අරගෙන යන්න මූලිකත්වය ගන්න. මම විශ්වාස කරන්නේ නෑ එක පුද්ගලයෙක්ට කියන්න පුළුවන් කියලා අපේ රටේ තියෙන ප්‍රමුඛතා මොනවද කියලා.

ජනාධිපතිවරයා කියන්නේ රජයේ සේවක වැටුප් ගෙවීම, විශ්‍රාම වැටුප් ගෙවීම, ණය පොලී ගෙවීම යනාදිය ප්‍රමුඛතා කියලයි. නමුත් අපට පෙන්නන්න පුළුවන් ණය පොලී ගෙවන්න වෙන් කරලා තියෙනවා රුපියල් බිලියන 2,200ක්. ඒ කියන්නේ රුපියල් ටි්‍රලියන 2.2ක්. රුපියල් බිලියන 2,200න් බිලියන 2,000ක් තියෙන්නේ දේශීය ණය පොලී ගෙවන්න. අපි දැක්කා විසර්ජන පනත සම්මත කරන කාලේ තිබුණු පොලී අනුපාතය සහ අද වෙනකොට තියෙන පොලී අනුපාතය අතර යම් වෙනසක් තියෙනවා. උද්ධමනය පාලනය කිරීම හරහා මහ බැංකුව ගත්ත තීරණය හරි. ඔවුන් පොලී අනුපාත ඉහළ දැම්මා. පොලී අනුපාතය ඉහළ දැමීම හරහා නොයෙක් ගැටලු මතුවෙලා තියෙනවා රැකියා සම්බන්ධයෙන් සහ ආර්ථික සංකෝචනය සම්බන්ධයෙන්. ඒක පොඩ්ඩක් පැත්තකින් තියමු. නමුත් ඒකෙන් උද්ධමනය අඩුකරගන්න පුළුවන් වුණා. රුපියල ශක්තිමත් කරගන්නත් හැකියාව ලැබිලා තියෙනවා. උද්ධමනය අඩුවෙනකොට පොලී අනුපාතය ඔය තරම් ඉහළට තියාගන්න අවශ්‍යතාවකුත් නෑ. අපි දකිනවා රටේ ප්‍රතිපත්ති පොලිය 14.5%යි 15.5%යි. හැබැයි භාණ්ඩාගාර බිල්පත් බැඳුම්කරවල පොලිය 30%යි. ඒ කියන්නේ 15%ක් නම් ප්‍රතිපත්ති පොලිය, 30%ක් තමයි රජය ණය ගන්නේ. ඒකට හේතුව තමයි අවධානමක් තියෙනවා වෙළෙඳපළේ රජයට මේ ගන්න ණයවල පොරොන්දු වෙච්ච පොලී අනුපාතය ගෙවන්න පුළුවන්ද කියන එක සම්බන්ධයෙන්. යම් විදියකට ආර්ථිකය ජනාධිපතිවරයා කියනවා වගේ ඉස්සරහට ගමන් කරනවා නම් ආණ්ඩුව කෙරෙහි ජනතාවගේ විශ්වාසයක් ගොඩනැගෙනවා නම්, අර 15% අවදානම අඩු වෙන්න ඕනේ. ඒ අඩු වෙනකොට රජය ගෙවන්න තියෙන පොලිය ශීඝ්‍රයෙන් අඩුවෙන්න ඕනේ. උද්ධමනය අඩු වෙනකොට, පොලී අනුපාතය අඩුවෙන නිසා ඒ හරහාත් රජය විසින් ගෙවන්න තියෙන පොලී ප්‍රමාණය 2023දී අඩු වෙන්න ඕනෙ. ඒක මම ඒ විදියට තර්ක කරනවා. එතකොට රුපියල් බිලියන 2,000ක් වෙනකරලා තියෙනවා නම් පොලිය ගෙවන්න පමණක්, මම කියනවා ඕකෙන් රුපියල් බිලියන 05ක් ඉතිර කරගන්න හැකියාවක් තියෙනවාමයි කියලා. රුපියල් බිලියන 2,000කින් රුපියල් බිලියන 05ක්. එතකොට සල්ලි නෑ කියන්නේ මේ උපකල්පනයත් එක්කනේ. එක පැත්තකින් උපකල්පනය කරනවා ආර්ථිකය යම් තැනකට ස්ථාවර වෙනවා කියලා. ආර්ථිකය ස්ථාවර වෙනවා නම් සම්පූර්ණයෙන්ම පරස්පරයි ජනාධිපතිවරයා ගේන තර්කය මේ වෙන්කරලා තිබුණු සල්ලිවලින් (පොලී ගෙවන්න තියෙන රුපියල් බිලියන 2,000කින්) රුපියල් බිලියන 05ක් ඉතිරි කරගන්න බෑ කියන එක සම්පූර්ණයෙන්ම පරස්පරයි. ඒ දෙකම වෙන්න බෑ. යම් තරමකට ආර්ථිකය ශක්තිමත් වෙනවා නම් පොලී අනුපාතය අඩුවෙන්නම ඕනෙ. අඩු වෙනවා නම් ඔය කියන සුළු ප්‍රමාණය ඉතිරි කරගන්න බැරි කිසිම හේතුවක් නෑ. මේ උපකල්පනයේ තියෙන ගැටලුවක් නිසා තමයි අවශ්‍ය තරම් සල්ලි නෑ කියලා ඔහු කියන්නේ. ඒ උපකල්පනය කළේ කවුද?

ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය තමයි ඡන්දයක් පැවැත්වීම. ජනාධිපතිවරයා පසුගියදා පාර්ලිමේන්තුවට ඇවිත් කරපු කතාව සම්බන්ධයෙන් අපි කනගාටු වෙනවා. එහෙම කතාකරන්න ඔහුට කිසිම අයිතියක් නෑ. ඡන්දයක් නැත්නම් මොන හේතුවකටද එක්සත් ජාතික පක්ෂය නාමයෝජනා භාරදුන්නේ? ඡන්දයක් නැත්නම් මොන හේතුවකටද ඇප මුදල් භාරගත්තේ? ඡන්දයක් නැත්නම් ඇප මුදල් භාරගන්න ඕනෙ නෑනේ? ඡන්දයක් නෑ කියලා කියන්න තරම් ජනාධිපතිවරයා වැටීම සම්බන්ධයෙන් ඔහු විසින්ම ස්වයං විවේචනයක් කරගත්තොත් හොඳයි. මොකද ප්‍රජාතන්ත්‍රවාදය උල්ලංඝනය කරලා ජනාධිපතිවරයා රට ඉස්සරහට අරගෙන යන්න උත්සාහ කළොත්, මට හිතෙන දේ තමයි ඉදිරියේදී ජනතාව විසින් දැඩි ලෙස ඒ උත්සාහය ප්‍රතික්ෂේප කරයි. ඔවුන් කොයි විදියට ඒ ප්‍රතික්ෂේප කිරීම කරයිද කියන එක සම්බන්ධයෙන් මට හරියටම කියන්න බෑ. නමුත් මහා විනාශකාරී තත්ත්වයකට පත්වේවි කියලා මම විශ්වාස කරනවා.

පසුගිය 26 වැනිදා ඉන්දියාවේදී අවසන් වෙච්ච ජී-20 සමුළුව හරහා ලංකාව සහ අයි.එම්.එෆ්. එක අතර තියෙන ගනුදෙනුව කොයි ආකාරයකට කවදා අවසන් වෙයිද කියන ප්‍රශ්නය තමයි හැම කෙනෙක් තුළම තියෙන්නේ. මොකද ජනාධිපතිවරයා කියන්නේ මේ සියලු දේ කරලා වැඩක් නෑ අපට අයි.එම්.එෆ්. එකට යන්න බැරි නම්. ඡන්දෙ කල් දාන්නේ අයි.එම්.එෆ්. එකේ අවශ්‍යතාව නිසා. ජනාධිපතිවරයා කියනවා ලයිට් බිල ඉහළ දැම්මේ අයි.එම්.එෆ්. එකේ අවසන් එකඟතාවකට අනුවයි කියලා. අපි නැවත කියනවා 66%කින් සමස්ත විදුලි බිල ඉහළ දාන්න කිසිදු අවශ්‍යතාවක් තිබුණේ නෑ. මම විශ්වාස කරනවා ආණ්ඩුව කවදා හරි ඡන්දය තියෙනවා කියලා නිවේදනය කළ ගමන්, ඔවුන් විදුලි බිල නැවත අඩු කරනවා කියලා. මොකද විදුලි බිල මෙච්චර වැඩි කරන්න අවශ්‍යතාවක් තිබුණේ නෑ. මේ කරන්නේ දේශපාලන ගේම් එකක්.

අපි දැක්කා පාඨලී චම්පික මහත්මයා ඉතා තර්කානුකූල තාක්ෂණික ලිපියක් අයි.එම්.එෆ්. එකට යවලා තියෙනවා. ඒක හරියට හරි. ඒ ඉදිරිපත් කරලා තියෙන සාක්ෂි හරහා අයි.එම්.එෆ්. එක තේරුම් ගන්න ඕනේ මේ කරන්නේ මහ බොරුවක් කියලා. එතුමා විදුලිබල ඉංජිනේරුවෙක් හැටියට ඔහුට ඒ ගැන ගැඹුරු දැනුමක් තියෙන නිසයි ඔහු ඒක කිව්වේ. අපි ආර්ථික විද්‍යාව පැත්තෙන් මේක දකින විදිය අපි ඉදිරිපත් කරලා තියෙනවා.

දැන් මොකක්ද අයි.එම්.එෆ්. එකත් එක්ක තියෙන සම්බන්ධයේ පසුබිම? ඉන්දියාව සභාපතිත්වය දරපු ජී-20 සාකච්ඡාවෙන් පස්සේ ක්‍රිස්ටලීනා ජෝජියේවා නිකුත් කරලා තියෙනවා අයි.එම්.එෆ්. එකේ නිවේදනයක්. ඇය මොකක්ද කියන්නේ? 2020 කොවිඩ් ගැටලුවත් සමග ලෝක ප්‍රජාව එකතු වෙලා පත්කළා Death Service Suspension Initiative – D.S.S.I. කියලා එකක්. ඒකෙන් කරන්නේ ගෙවන්න තියෙන ණය තාවකාලිකව අත්හිටුවන වැඩපිළිවෙළක්. ඒකෙන් රටවල් 73කට සහාය ලැබුණා. ඒ රටවල් අඩු ආදායම්ලාභී රටවල්. ඒ රටවලට හැකියාව තිබුණා 2021 සහ 2022 අවුරුද්දේ යම් කිසි විදියකට තමන් විසින් ගෙවිය යුතුව තිබූ ණය වාරික සහ පොලී තාවකාලිකව අත්හිටුවන්න. හැබැයි ඒකට ලංකාව අයිති නෑ. ඒකට හේතුව අපි අඩු ආදායම්ලාභී රටක් නොවන නිසා. ඉහළ මැදි ආදායම්ලාභී රටක් විදියට තමයි අපිව ශ්‍රේණිගත කරලා තිබුණේ මේ විනාශය වෙන්න කලින්. ගිය ආණ්ඩුවේ අමනෝඥ තීරණ නිසා.

මේකට තියෙනවා Common Framework කියලා වැඩපිළිවෙළක්. මේ යටතේ මේ වගේ බංකොලොත් වෙච්ච රටවල ණය ප්‍රතිව්‍යුහගත කරන්න ලෝක ප්‍රජාව සම්මතයකට ආවා. ඒ හරහා රටවල් 03ක් Common Framework එක යටතේ ඉදිරියට යමින් තියෙනවා. චැඩ් රට, සැම්බියා රට, ඉතියෝපියා රට කියන රටවල්. මේ රටවල් තුන චීනය සහ අනෙක් කණ්ඩායම් සමග සාකච්ඡා කරලා අඩු ආදායම්ලාභී රටවලට ලෝක ප්‍රජාව දීලා තියෙන සහනයට අනුව යම් කිසි කතිකාවක් ඉස්සරහට අරගෙන යනවා. හැබැයි ඒ එකක්වත් තවම සාර්ථකව ඉවර වෙලා නෑ. ඉතියෝපියාවේ වැඩ ඉවරත් නෑ, චැඩ්වල වැඩ ඉවරත් නෑ, සැම්බියාවේ ප්‍රශ්න ඉවරත් නෑ. දැන් ක්‍රිස්ටලීනා ජෝජියේවා මේ මොකද කියන්නේ? ඒක එහෙම යන අතරවාරයේ සුරිනාම් හා ශ්‍රී ලංකාව ප්‍රධානව ඉදිරියේදී බංකොලොත් වීමට නියමිත රටවල් තියෙනවා නම් අඩු ආදායම්ලාභී රටවල් නොවන, ඔවුන්ගේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ලෝක ප්‍රජාව අලුත් වැඩපිළිවෙළකට එකතු වෙන්න ඕනෙ කියනවා. ඒකයි කියන්නේ. මේ අලුත් වැඩපිළිවෙළ මොකක්ද කියලා කවුරුත් දන්නේ නෑ. අලුත් වැඩපිළිවෙළ මුලින්ම යෝජනා වෙන්න ඕනෙ. සාකච්ඡා වෙන්න ඕනෙ. ඊට පස්සේ සම්මත වෙන්න ඕනෙ. ඊට පස්සේ ඒක ක්‍රියාත්මක වෙන්න ඕනෙ.

අපේ සමහරු කියන කතාවක් තමයි චීනය සමග එකඟතා නැත්නම් අපට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය ගන්න හැකියාවක් නෑ කියන එක. හැබැයි ඒක තාක්ෂණිකව සත්‍යයක් නෙවෙයි. මොකද ඇමෙරිකාවට පුළුවන් අයි.එම්.එෆ්. එකට කියන්න ලංකාවේ ද්විපාර්ශ්වික ණය හිමියන්ගෙන් 50%කට වඩා ප්‍රතිශතයක් අයිති වෙන රටවල් ඒ ණයවලින් යම්කිසි එකඟතාවකට ඇවිල්ලා තියෙනවා නම් ඉදිරියේදී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ Death Sustainable Analysis (ණය තිරසාර කිරීමේ විශ්ලේෂණය)ට අනුව අවශ්‍ය ප්‍රතිසංවිධාන කරලා ඉස්සරහට යන්න, එහෙම නම් අර ණය හිමියන්ගෙන් 50%කට වඩා ඒකට එකඟ වෙලා තියෙනවා නම් අයි.එම්.එෆ්. එකට මුදල් දෙන්න පුළුවන්. ඒකට තමයි කියන්නේ Lending Into Official Policy කියලා. එතකොට ලංකාව බලාපොරොත්තු වෙන්නේ චීනෙ ප්‍රධාන ණය ආයතන දෙකක් තියෙනවා. එකක් තමයි China Development Bank. අනෙක තමයි Exim Bank of China. එතකොට China Development Bank ණය ඉවත් කරලා තියෙනවා ද්විපාර්ශ්වික ණයවලින්. ඉවත් කරලා ඒක වාණිජ ණය ගොඩට දාලා තියෙනවා. වාණිජ ණය කිව්වාම ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර සහ මූලික වශයෙන් චීනයේ සී.ඩී.බී. එකෙන් ගත්ත ණය. එහෙම වුණාම ද්වීපාර්ශ්වික ණය හැටියට චීනෙ ලංකාවට දීලා තියෙන්නේ Exim Bank එකෙන් දීපු ණය විතරයි. එහෙම වුණාම අපේ ද්විපාර්ශ්වික ණය ප්‍රමාණයෙන් චීනෙට අයිති වෙන්නේ 50%ට අඩු ප්‍රමාණයක්. දැන් එතකොට තාක්ෂණිකව මේක කරන්න පුළුවන්. දැන් මේක රාජ්‍යතාන්ත්‍රිකව විසඳගන්න තියෙන ප්‍රශ්නයක්. මේක ආර්ථික ප්‍රශ්නයකට එහා ගිය එකක් බවට දැන් පත්වෙලා. එතකොට චීනෙයි, ඇමෙරිකාවයි සූදානම්ද Specific and Credible Undertaking එකක් නැතුව අයි.එම්.එෆ්. එකට තමන්ගේ අවසරය ලබාදෙන්න. ඇමෙරිකාව තමයි අයි.එම්.එෆ්. එකේ ප්‍රධාන කොටස් හිමියා. ඊට පස්සේ තමයි චීනේ ඉන්නේ. අයි.එම්.එෆ්. එකට ඇමෙරිකාව දෙනවා නම් ‘ගෝ අ හෙඩ්’ එක, ඔය ණය ටික ගන්න පුළුවන්. දේශපාලනයකින් තොරව කතා කරනවා නම් අයි.එම්.එෆ්. එකේ ණය ටික ගන්න පුළුවන් වුණොත් අනෙක් දොරවලුත් විවෘත වෙනවා. ලෝක බැංකුවෙන් සහ ආසියානු සංවර්ධන බැංකුවෙන් අපට සෑහෙන ණය ප්‍රමාණයක් හදිසියේ ලබාගන්න හැකි වෙනවා අයවැයේ හිඩස පුරවන්න. එහෙම වුණොතින් යම් කිසි විදියකට ඉදිරියේදී යම් ස්ථාවරභාවයක් ඇතිකර ගන්න පුළුවන් වෙනවා. ඔය මූලික කාරණා දෙක තමයි මම කතා කරන්න බලාපොරොත්තු වුණේ. පළමු එක තමයි ඡන්දයක් තියන්න සල්ලි නෑ කියලා රජය කියනවා. ඒ ප්‍රකාශය කරන්නේ යම්කිසි පුරෝකථනයක් හරහා. නමුත් ආණ්ඩුවට බැරි වෙලා තියෙනවා ඒක දත්ත හරහා ඔප්පු කරන්න. දෙවැනි කාරණාව තමයි අයි.එම්.එෆ්. එක එන්නේ කවදාද කියන එක සම්බන්ධයෙන් තියෙන ගැටලුව. දැන් මේක තාක්ෂණික ස්වරූපයකට වඩා රාජ්‍යතාන්ත්‍රික ස්වරූපයක් තමයි අරගෙන තියෙන්නේ.

අයි.එම්.එෆ්. එකේ ණය ආධාර මාර්තු මාසේ නොලැබුණොත් මොකද වෙන්නේ?

අයි.එම්.එෆ්. එකෙන් ලැබෙන්නේ බිලියන 2.9ක ඉතා සුළු ප්‍රමාණයක්. ඕගොල්ලෝ දන්නවා අපි ණය ගෙවීම අත්හිටුවා තියෙන මේ අවස්ථාවෙදිත් බිලියන 2.6ක් විතර යනවා ණය ගෙවන්න. ඒ, බහුපාර්ශ්වික ණය අපි ගෙවිය යුතු නිසා. උදාහරණයක් විදියට අයි.එම්.එෆ්. එකේ ණය ඔක්කොම එකපාර ගත්තත්, ඒ එකපාර ගන්න මුදල් මේ අවුරුද්දෙම අයි.එම්.එෆ්. එකටයි, ලෝක බැංකුවටයි, ඒ.ඩී.බී. එකටයි ගෙවන්න වෙනවා.

එහෙම බැලුවොත් එහෙම ඒකෙන් ඇති ප්‍රයෝජනයක් නෑ. හැබැයි අයි.එම්.එෆ්. එක අවශ්‍ය ඇයි? අයි.එම්.එෆ්. එක අවශ්‍ය ලෝකයේ අනෙක් රටවල් අපි කෙරෙහි තියෙන විශ්වාසය ගොඩනගන්න. ඒක තමයි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ ජාතික ලැයිස්තුවේ මන්ත්‍රීවරයෙක් ලෙස එන්න කලින් අපි මේ සම්බන්ධයෙන් රජයට අවධානය යොමු කළේ. මොකද විශ්වාසය මත තමයි සියලු මූල්‍ය වෙළෙඳපොළ වැඩකරන්නේ. විශ්වාසය කඩාගෙන වැටුණොත් එහෙම මූල්‍ය වෙළෙඳපොළ වැඩකරන්නේ නෑ. උදාහරණයක් ලෙස අපි ණයක් ගන්න ගියොත් සමහර විට කියනවා තව එක්කෙනෙක්ගේ අස්සන් අරගෙන එන්න කියලා. රජයේ සේවකයෙක් අරගෙන එන්න කියලා. ඇයි එහෙම කියන්නේ? එහෙම කියන්නේ අර කෙනා පොඩි වගකීමක් ගන්න නිසා මෙයා මේ ණය ගෙවයි කියලා. එතකොට අයි.එම්.එෆ්. එක හරහා රටේ මූල්‍ය පාලනය විධිමත්ව සහ වගකීමක් ඇතුව ඉදිරි අවුරුදු 04 ක්‍රියාත්මක කරනවා නම් නැවතත් මේ රට කෙරෙහි ලෝකයේ විශ්වාසය ගොඩනගා ගන්න පුළුවන් වෙනවා. ඒක තමයි ලෝක බැංකුවයි ඒ.ඩී.බී. එකයි කියන්නේ අයි.එම්.එෆ්. එක සමග එකඟතාවකට ආවොත් ඔවුන් ඔවුන්ගෙ සල්ලිත් දෙන්නම් කියලා. ඒක තමයි ජපානය කියලා තියෙන්නේ අයි.එම්.එෆ්. එකත් එක්ක එකඟතාවකට ආවොත් අපට පුළුවන් වෙයි නවත්වලා තියෙන සංවර්ධන වැඩ නැවත පටන්ගන්න කියලා. ඒකයි අයි.එම්.එෆ්. එකේ තියෙන වැදගත්කම.

දේශපාලන වේදිකාවල බොහෝ දෙනා අයි.එම්.එම්, එක සම්බන්ධව බොහෝ දේවල් කියනවා. සමගි ජන බලවේගයේ ස්ථාවරය තමයි අපි අයි.එම්.එෆ්. එකත් සමග මේ සාකච්ඡාව ඉදිරියට අරගෙන යනවා කියන එක. ඒක ස්ථිරයි. නමුත් අපි ඉතා ඍජුව ප්‍රකාශ කරලා තියෙනවා කිසිම විශ්ලේෂණයකින් හෝ සාකච්ඡාවකින් තොරව රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා එකඟ වෙලා තියෙන යම් යම් කරුණු සම්බන්ධයෙන් සමගි ජන බලවේගය එකඟ නෑ කියලා. ඒවා වෙනස් විය යුතුයි. නමුත් සමහර දේශපාලන පක්ෂ වගේ, අයි.එම්.එෆ්. කියන අකුරු තුනවත් නොකියා, මේ රට වැටිලා තියෙන අගාධයෙන් ගොඩගන්නේ කොහොමද කියන එක ගැන කියන්න බැරි වගකීම් විරහිත පක්ෂයක් නෙවෙයි අපි.

ඒ නිසා අයි.එම්.එෆ්. එක අත්‍යාවශ්‍යයි. අයි.එම්.එෆ්. එක ආවෙ නැත්නම් හිරවෙනවා. ඒකෙ දෙකක් නෑ. මේ වැඩේ ගොඩදාගන්න අයි.එම්.එෆ්. එක අවශ්‍යමයි. මම මේ කරන්නේ දේශපාලන කතාවක් නෙවෙයි. මේක හැර කිසි කෙනෙක් වෙන විකල්පයක් ඉදිරිපත් කරලා නෑ. අපි යථාර්ථය තේරුම් ගන්නවා නම්, මේක තමයි අපට තියෙන මාර්ගය. අපි මීට කලින් අයි.එම්.එෆ්. එකට ගියා නම් මේ වගේ අර්බුදයකට අපි පත්වෙන්නේ නෑ. දැන් කවුරුත් පිළිගන්නවා අවුරුදු දෙකහමාරකට කලින් හර්ෂ ද සිල්වා කියපු දේ හරි කියලා. ඒ මනුස්සයා කියපු දේ කළා නම් මෙච්චර ප්‍රශ්නයක් වෙන්නේ නෑ කියලා.

පළාත් පාලන ඡන්දය නොතිබ්බොත් ඒක අයි.එම්.එෆ්. එකේ ආධාරවලට බලපෑමක් වෙනවද?

මම නම් හිතන්නේ නෑ, ඡන්දෙයි අයි.එම්.එෆ්. එකයි අතර ඍජු සම්බන්ධයක් තියෙනවා කියලා. ඔවුන් කියන්නේ ස්ථාවර ආණ්ඩුවක් ඕනෙ කියලා. ස්ථාවර ආණ්ඩුවක් තියෙනවද නැද්ද කියන එක ඔවුන් තීරණය කරන්න ඕනෙ. අපට පේන විදියට නම් මේක අස්ථාවර වෙලා කොහෙන් කෙළවර වෙයිද දන්නේ නෑ ඔවුන් ඡන්දෙ කල් දාන්න ගන්න අත්තනෝමතික තීරණ නිසා.



චානක ලියනගේ

SendShareShare
Previous Post

පොහොට්ටුවේ මහා විපර්යාසයක්! එදා IMF අකුරු තුන කියද්දී දේශද්‍රෝහී.. ‌රාජද්‍රෝහී.. බිල්ලා..! අද අත්පුඩි ගහනවා! අනේ මෙහෙමත් දිව දෙකේ නිර්වස්ත්‍ර දේශපාලනයක්! VIDEO

Next Post

පාස්කු ප්‍රහාරයේදී රාජකාරිය පැහැර හැරිය උසස් නිලධාරීන් තුන්දෙනකුගේ නම් ආයෙත් කරළියට! පරීක්ෂණ වාර්තා අරන් කතෝලික පල්ලියෙන් විශේෂ මාධ්‍ය හමුවක් පවත්වයි! වහාම නිර්දේශ ක්‍රියාත්මක කරන්න! VIDEO

MORE NEWS

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

ගොවි සටනට සජබය අනුරාධපුරේ දින 2ක්! Sri Lanka Latest News

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News
Exclusive

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News

ඉදිරියට මුහුණ දීමට ඇත්තේ එදා මෙදා තුර විශාලතම ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයට සහ නැවත ගොඩනැඟීමේ කාර්යභාරයට! විනාශයේ තරම ගැන අනුමාන තක්සේරු එතරම් බරපතළයි! නියත වශයෙන්ම අපි පෙර තිබූ තැනට වඩා හොඳ රටක් ගොඩනඟනවා! මෙතැන් සිට එය පටන් ගත යුත්තේ බිංදුවේ සිට වුවත් අපි ඒ අභියෝගය භාර ගන්නවා! අනුර ජාතිය අමතමින් කියයි! I Sri Lanka Latest News
Exclusive

අනුර ඉන්නේ නෑ කියපු රට වටේ තියෙන ජනාධිපති මන්දිරවල ගිය අවුරුද්දේ තුන්දාහකට වඩා පිරිසක් නවාතැන් අරන්! වියදම කෝටි 3 පැනලා! Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News
Exclusive

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News
Exclusive

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News

Load More
වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

ගොවි සටනට සජබය අනුරාධපුරේ දින 2ක්! Sri Lanka Latest News

වීවලට සාධාරණ මිලක් ලබාදෙන ලෙස ඉල්ලා ගොවීන් විසින් ආරම්භ කොට ඇති සටනට සහාය පළකිරීමට සමගි ජන බලවේගය තීරණය කොට ඇත....

Read more
රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News

ඉදිරියට මුහුණ දීමට ඇත්තේ එදා මෙදා තුර විශාලතම ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයට සහ නැවත ගොඩනැඟීමේ කාර්යභාරයට! විනාශයේ තරම ගැන අනුමාන තක්සේරු එතරම් බරපතළයි! නියත වශයෙන්ම අපි පෙර තිබූ තැනට වඩා හොඳ රටක් ගොඩනඟනවා! මෙතැන් සිට එය පටන් ගත යුත්තේ බිංදුවේ සිට වුවත් අපි ඒ අභියෝගය භාර ගන්නවා! අනුර ජාතිය අමතමින් කියයි! I Sri Lanka Latest News

අනුර ඉන්නේ නෑ කියපු රට වටේ තියෙන ජනාධිපති මන්දිරවල ගිය අවුරුද්දේ තුන්දාහකට වඩා පිරිසක් නවාතැන් අරන්! වියදම කෝටි 3 පැනලා! Sri Lanka Latest News

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.