කොක්සැකී (Coxsackie) නම් වෛරසයක් මේ දිනවල පැතිරී යෑම නිසා කුඩා දරුවන්ගේ අත් පාවල මෙන්ම මුඛ රෝගයක් පැතිරී යන බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා ‘මව්රට’ට පැවැසීය. (Sri Lanka Latest News)
අත් පාවල මෙන්ම මුඛය වටේ රතු බිබිලි හෝ සුදු වතුර පිරි බිබිලි දමන අතර, එය වැලමිටේ සහ තට්ටම් ප්‍රදේශයේද ඇතිවන බවයි ඔහු සඳහන් කළේ.
මෙය දින තුන හතරක් ළමුන් අතරේ පැතිර යන වෛරසයක් නිසා එය අනෙක් අයටද බෝවිය හැකි බවද වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පැවැසීය.
එවැනි ළමුන් අනෙක් අයගෙන් වෙන්කර පිරිසිදුව තබාගන්නා ලෙසත්, ඔවුන් පාසල්වලට හෝ ළදරු පාසල් සහ දිවා සුරැකුම් මධ්‍යස්ථාන වෙත නොයවන ලෙසත් ඔහු මවුපියන්ගෙන් ඉල්ලීමක් කර ඇත.
මෙම වෛරසය නිසා නියපොතු හැලෙන තත්ත්වයක් මතුවිය හැකි නමුදු එම නියපොතු යළි වැවෙන නිසා ඒ සඳහා බියක් ඇතිකර නොගත යුතු බවද වෛද්‍ය දීපාල් මහතා පැවැසීය.
මේ ගැන බියක් ඇතිකර නොගන්නා ලෙසද ඔහු මවුපියන්ට දැනුම්දීමක්ද කර ඇත.
ප්‍රේමලාල් විජේරත්න