රෝගීන් නිතර භාවිතයට ගන්නා අත්‍යාවශ්‍ය බෙහෙත් වර්ග 50කට අධික ප්‍රමාණයක මිල අඩුකිරීම සඳහා දැනට මාසයකට පෙර ගත් තීරණය මෙතෙක් ක්‍රියාත්මක කිරීමට නොහැකි වී ඇත්තේ ඖෂධ සැපයුම්කාර සංගමයක් අතුරු තහනමක් ලබාගෙන ඇති නිසා බව ඖෂධ නියාමන අධිකාරියේ සභාපති වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා ‘මව්රට’ට පැවැසීය. (Sri Lanka Latest News)
අදාළ මිල අඩුකිරීම සිදුකිරීමට තීරණය කොට තිබුණේ දියවැඩියාව, අධික රුධිර පීඩනය වැනි අත්‍යාවශ්‍යම බෙහෙත් වර්ගවල බවද ඔහු සඳහන් කළේය.
මීට පෙර ඖෂධ වර්ග 60ක මිල අඩුකළ බවත්, මෙම යෝජිත මිල අඩුකිරීම් සිදුකිරීමට සැලසුම් කළ ඖෂධ වර්ග 50කට අධික ප්‍රමාණයක මිල අඩු කළේ නම් බෙහෙත් වර්ග 100කට ආසන්න සංඛ්‍යාවක මිල පහත වැටෙන බවයි ඔහු සඳන් කළේ.
ඖෂධ මිල පාලනයට එරෙහි වී ඇතැයි කියන අදාළ ඖෂධ සංගමයේ ඉහළ නිලධාරියකු දුරකතනයෙන් සම්බන්ධ කරගැනීමට උත්සාහ දැරූ අවස්ථාවේ ඔහු විදේශ රටක සිට සඳහන් කළේ අද හෙටම ලංකාවට පැමිණි පසු පිළිතුරු දෙන බවයි. ඔහු දැනට ලංකාවට පැමිණියද දුරකතනය නාදවීම හැර උත්තර ලබාගැනීමට ‘මව්රට’ට නොහැකි විය.
මෙම ප්රශ්නය පිළිබඳ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය දර්ශන සිරිසේන මහතා පැවැසුවේ තම සංගමය මෙම ප්‍රශ්නයට මැදිහත් වන බවයි.
ප්‍රේමලාල් විජේරත්න