• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

ලෝකයේ ලොකුම ඇතින්න එල්ලා මරපු හැටි

November 28, 2020
in Mahawanshaya
Reading Time: 4 mins read
A A
ලෝකයේ ලොකුම ඇතින්න එල්ලා මරපු හැටි
Share on WhatsAppShare on Facebook

අද ලෝකයේ බලවත්ම රට ලෙස වර්තමානයේ අවිවාදයෙන්ම පිළිගැනෙන්නේ ඇමෙරිකා එක්සත් ජනපදය හෙවත් ඇමෙරිකාවයි.එම ඇමෙරිකාවේ “ටෙනෙසි” නමින් එක්තරා ප්‍රාන්තයකි. මෙම ටෙනෙසි ප්‍රාන්තයේ “කින්ග්ස්පොට්” නම් එක්තරා නගරයක් වෙයි. එම නගරවැසියෝ වාර්ෂිකව අපූරු සල්පිලක් පවත්වන අතර එහිදී වැඩිපුර දක්නට ලැබෙන්නේ “ෆයිබර්ග්ලාස්”වලින් තැනූ ඇත් රූපයි. ඔවුහු එම සල්පිල හරහා ඇත් රූ විකුණති. නගරවැසියෝ එම ඇත් රූප විකුණමින් ලැබෙන ආදායම ලබාගන්නේ නැත.ඔවුන් ඒ ලැබෙන මුදල කෙළින්ම ඇමෙරිකාවේ “ටෙනෙසි” ප්‍රාන්තයේ ඉදිකර ඇති “හෝහෙන්වෝල්ඞ්” නම් අලි අනාථාගාරයට පරිත්‍යාග කරනු ලැබෙයි. අප එම සංවේදී කතාවෙන් මෙම ලිපිය ඇරඹුවේ එක්තරා සුවිශේෂී හේතුවක් නිසාය. එය නම් අප ඉහතින් කී “හෝහෙන්වෝල්ඞ්” නම් වූ අලි අනාථාගාරයට මුදල් පරිත්‍යාග කරන ඇමෙරිකාවේ ටෙනෙසි ප්‍රාන්තයේ නගරවැසියෝම ලෝකයේ පළමු වතාවට සද්දන්ත ඇතින්නකට මරණ දඬුවම නියම කර එම ඇතින්නව ප්‍රසිද්ධියේ එල්ලා මැරීමයි. දැන් එම සිදුවීම සිදුවී වසර සියයද ඉක්මවා තිබේ.

මෙම සංවේදී සිදුවීම සිදුවන්නේ 1916 වර්ෂයේ සැප්තැම්බර් මසදීය. එය හරියටම කිවහොත් 1916 සැප්තැම්බර් 13 වෙනිදාය. ඒ අනුව එම සිදුවීම සිදුවී මෙම ගෙවී යන 2020 වර්ෂයට හරියටම වර්ෂ නම් එකසිය හතරකි. එය 1916 වර්ෂයේ ගිම්හාන සෘතුව විය. එම කාලය ඇමෙරිකාවේ “ටෙනෙසි” ප්‍රාන්තයේ “කින්ග්ස්පොට්” නම් වූ කුඩා නගරයට එය සුවිශේෂී කාලයක් වූයේ ඔවුන්ට ජීවිතයේ කිසිදා නොවිඳි ඉතා සොඳුරුම මනස්කාන්ත අත්දැකීමක් උදාවූ නිසාය. ඒ “Sparks World Famous Shows” නම් වූ ඇමෙරිකාවේ අතිදක්ෂ මෙන්ම ඉතා ප්‍රසිද්ධ සර්කස් කණ්ඩායමක් එම නගරයට පැමිණීමයි. එවකට මේ “Sparks World Famous Shows” සර්කස් කණ්ඩායම යනු ඇමෙරිකාව තුළ ප්‍රසිද්ධියක් ඉසිලූ ජංගම සර්කස් කණ්ඩායමකි. විශාල වූ ප්‍රමාණයේ ලොරි රථ පහළොවකින් පමණ තැනින් තැනට සංචාරය කෙරුණු මෙම අපූරු සර්කස් කණ්ඩායමේ විවිධ අංග රැසක්ම තිබුණි. ඒ අතර විවිධ සතුන්ගේ සර්කස් අංගද විය. එමෙන්ම දක්ෂ ජනප්‍රිය විකටයින්ගෙන් සහ කරණම් ශිල්පීන්ගෙන්ද “Sparks World Famous Shows” සර්කස් කණ්ඩායම සමන්විත වී තිබුණු බව සඳහන්ය.

ඉහතින් අප සඳහන් කළ “Sparks World Famous Shows” සර්කස් කණ්ඩායමට නිතරම පාහේ ප්‍රේක්ෂක ආකර්ෂණය යොමුවී තිබුණි. ඒ ඔවුන්ගේ ආකර්ෂණීය බව මෙන්ම වෙනත් සර්කස් කණ්ඩායම්වල නොතිබූ අංග සමූහයක් මෙම “Sparks World Famous Shows” සර්කස් කණ්ඩායම සතුව පැවතීම නිසාය. එහෙත් “Sparks World Famous Shows” සර්කස් කණ්ඩායමේ වැඩිම ප්‍රේක්ෂක ආකර්ෂණයට පත්වූයේ සත්වයන් දෙපළකි. ඒ “බිග් මේරි” නම් දැවැන්ත සර්කස් ඇතින්න සහ “ජම්බෝ” නම් ප්‍රසිද්ධ අලියාය. එහෙත් එම සතුන් දෙදෙනා අතරින් “බිග් මේරි” ඇතින්න වැඩි ප්‍රේක්ෂක ආකර්ෂණයට ලක්විය. එම නිසාමදෝ “Sparks World Famous Shows” සර්කස් කණ්ඩායමේ අයිතිකරු හා හිමිකරු වූ “චාර්ලි ස්පාර්ක්ස්” නම් පුද්ගලයා නිතරම පම්පෝරි ගැහුවේ “බිග් මේරි” යනු එවකට ලෝකයේ විශාලතම ඇතින්න බවයි. කෙසේ හෝ “ජම්බෝ” නම් ප්‍රසිද්ධ අලියාට වඩා “බිග් මේරි” ඇතින්න ප්‍රමාණයෙන් විශාල සත්වයෙක් විය. තවද “මේරි” නම් වූ එම විශාල ඇතින්න පසුකලකදී “බිග් මේරි” නමින් හඳුන්වන්නට වූයේද එම ඇතින්නගේ විශාලත්වය නිසාය.


එදා ප්‍රසිද්ධ “Sparks World Famous Shows” සර්කස් කණ්ඩායම සතු වූ මෙම “මේරි” ඇතින්න යනු සර්කස් කණ්ඩායම තුළ සිටි ඉතාම කීකරු ඇතින්නකි. දිනක් මේරි ඇතින්න නගරයේ එක් මාර්ගයක ඇවිදවමින් සිටියදී මාර්ගයෙන් ඉවත තිබූ කොමඩු කෑල්ලක් දැක තිබේ. එම කොමඩු කෑල්ල දුටු මේරි ඇතින්න ගමන් කළ මාර්ගයෙන් ඉවතට ගොස් ඒ දෙසට හැරී කොමඩු කෑල්ල කන්නට විය. ඒ අවස්ථාවේ මේරි ඇතින්නගේ පිටමත සිටි ඇත්ගොව්වා ඇයව යළි මාර්ගය වෙතට ගන්නට වෙහෙසුණද එය සාර්ථක වූයේ නැත. එයට හේතුව වූයේ ඇත්ගොව්වා පළපුරුදු ඇත්ගොව්වෙකු නොවීමයි. එමෙන්ම ඔහු මෙසේ අලි ඇතුන් බැලීමේ පුරුදුකාරයෙක්ද නොවුණු බව සඳහන්ය. කොටින්ම කිවහොත් “රෙඞ් ඒල්ඞ්රිජ්” නම් ඔහු ඇත්ගොව්වෙකු ලෙස මෙම “Sparks World Famous Shows” සර්කස් කණ්ඩායමට පැමිණ ඒ වෙනවිට ගතවී තිබුණේ දින දෙකකි. එසේම හාස්‍යයට කරුණ යනු ඔහු ඊට ඉහතදී හෝටල් සේවකයෙක් වීමයි.

අප ඉහතින් පැවසූ කරුණු කාරණා නිසාම රෙඞ් ඒල්ඞ්රිජ්ට මේරි ඇතින්න මාර්ගය වෙතට ගැනීමට නොහැකි විය. සැබෑවටම එය නොහැකියාව නොව ඔහුගේ නොදන්නාකමයි. කෙසේ වුවද ඔහු අවසනදී කළේ තම දකුණත තිබූ හෙණ්ඩුව කෙළින් කර මේරි ඇතින්නගේ කන පිටුපසට තියුණු හෙණ්ඩු පහරක් ඇනීමයි. සැබවින්ම එය ඉතාමත් වැරෙන් අනින ලද පහරක් නිසා මේරි ඇතින්නට කිසිදා නොදැනුණු මහා වේදනාවක් දැනුණි. ඒ නිසාම එම ඇතින්නට තරහා ගිය අතර අවසානයේදී ඇය කිසිදා නොවුණු අන්දමට මාරාවේෂ විය. එහි ප්‍රතිඵලය වූයේ මේරි ඇතින්න එසේ මාරාවේෂ වී තම හොඬය ඉහළට යවා රෙඞ් ඒල්ඞ්රිජ්ට නම් ඇත්ගොව්වා ගෙන පොළොවේ ගසා පාගා මරා දැමීමයි. එවකට එම සිදුවීම “Sparks World Famous Shows” සර්කස් කණ්ඩායමේ කීකරු මෙන්ම ප්‍රසිද්ධම ඇතින්න වූ මේරිගේ දෛවය කණපිට හැරවූ සිදුවීම විය. විශේෂයෙන්ම එදා එම සිදුවීම ඇසින් දුටු මිනිසුන් පවසා සිටියේ ඔවුන් බලාසිටියදී ඇත්ගොව්වා පොළොවේ ගසා හිස්කබල පාගා චප්ප කිරීම ඔවුන්ට දරාගත නොහැකි වූ බවයි.

අවසානයේදී එදා මෙම සිදුවීම ඇසින් දුටු මිනිසුන් මියගිය “රෙඞ් ඒල්ඞ්රිජ්” වෙනුවෙන් එක හඬින් යමක් ඉල්ලන්නට විය. ඒ මේරි නම් වූ “Sparks World Famous Shows” සර්කස් කණ්ඩායමට අයත් මිනීමරු ඇතින්න මරා දමන ලෙසයි. එදා එම ස්ථානයේ සිටි පුද්ගලයෙකු මේරි ඇතින්නට වෙඩි කිහිපයක්ද තබා තිබුණි. එහෙත් එයින් මේරි ඇතින්නට කිසිදු හානියක් නම් වී තිබුණේ නැත. එහෙත් එදා මොහොතකින් ඇතින්න සන්සුන් වී තිබුණු අතර ඉන්පසුව මේරි ඇතින්නගෙන් එතැන වූ කිසිවෙකුට හෝ හිංසාවක් නොවීය. එහෙත් එලෙස සන්සුන් වූ පලියට මේරි ඇතින්නට සමාවක් දෙන්නට තරම් නගරවැසියන්ගේ හිත් මල් වූයේ නැත. එදා එම ගල් හිත් එකම හඬින් අදාළ බලධාරින්ට කියා සිටියේ “Sparks World Famous Shows” සර්කස් කණ්ඩායමට අයත් මේරි ඇතින්න මරාදමන ලෙසයි. මෙම ඉල්ලීම නිසාම “Sparks World Famous Shows” නම් සර්කස් කණ්ඩායමේ හිමිකරු මහත් පීඩනයට ලක්වූ අතර අවසනදී ඔහු මේරි ඇතින්නට කැමති දඬුවමක් දෙන ලෙස බලධාරීන්ට පැවසීය. එහෙත් මේරි ඇතින්නට හිමිවූයේ ලෝකයේ දැනට පවතින දරුණුම දඬුවම විය. ඒ අනුව අවසානයේ මෙම මේරි ඇතින්න ප්‍රසිද්ධ ස්ථානයක මිනිසුන් බලාසිටියදීම එල්ලා මැරීමට දින තීන්දු වූ අතර එය සංවේදී පුවතක් විය.

එම අඳුරු දිනය උදාවිය. ඒ වර්ෂ 1916 සැප්තැම්බර් 13 වෙනිදාය. නගරයේ මිනිස්සු මේරිව “මිනීමරු මේරි” ලෙස ඒ වෙනවිටත් ලේබල් ගසා තිබුණි. ටිකකින් මේරි ඇතින්නව “ටෙනෙසි” ප්‍රාන්තයේම “එර්වින්” නගරයේ දුම්රිය අංගණයක ගෙන ආ අතර ඇයව එදා එල්ලන අයුරු සියැසින් දැකබලා ගැනීමට විශාල ජනකායක් දුම්රිය අංගණය වෙත පැමිණ තිබුණි. එසේම සර්කස් කණ්ඩායමට සිදුවූයේද සිය සංදර්ශන පවත්වනවා වෙනුවට නඩු විභාගයකින් තොරව ප්‍රසිද්ධියේ එල්ලා මැරෙන මේරිගේ අවසානය බැලීමට පැමිණීමටය. දැන් මේරි එල්ලා මැරීමට සියල්ල සූදානම්ය. එහෙත් ටොන් පහක් බර මේ දැවැන්තයා එල්ලා මැරීම පහසු වූයේ නැත. එම නිසා ටොන් සියයේ දුම්රිය මැදිරි ඔසවන දොඹකරයකට යෝධ දම්වැලක් අමුණමින් සාදාගත් තාවකාලික තොණ්ඩුවකින් මේරිව එල්ලා මැරීමට කටයුතු කෙරුණි.


තවත් මොහොතකින් දොඹකරයෙහි ආධාරයෙන් මේරිව කෙමෙන් කෙමෙන් ඔසවන්නට විය. එහෙත් එක්වරම මේරිගේ බරට තොණ්ඩුව කැඩී දැවැන්තයා බිම පතිත විය. ඒ සමඟින්ම මේරිගේ කොඳු ඇටපෙළ මැදින්ම කැඩුණි. මේරි වේදනාවෙන් විලාප තියන්නට විය. එයින්ද සංවේදී නොවූ අදාළ බලධාරීන් නැවතත් දම්වැලින් ගෙතූ දැවැන්ත කඹයකින් තොණ්ඩුවක් තනා ඇතින්න එසවීය. එවර උත්සාහය සාර්ථක විය. ඒ අනුව දහස් ගණනක් ඉදිරියේ මේරි දොඹකරයේ එල්ලී අවසන් හුස්ම හෙළීය. එදා මේරි එම දුම්රිය අංගණයේ මිහිදන් කෙරුණු අතර මේරි වෙනුවෙන් සොහොනක් හෝ තැනුණේ නැත. පසුව සඳහන් වූයේ හිතාමතාම ඒ නගරවාසීන් එය පැහැර හැරි බවයි.

මෙම සිදුවීමත් සමඟින්ම චාර්ලි ස්පාර්ක්ස් සතුවූ “Sparks World Famous Shows” නම් ප්‍රසිද්ධ ජංගම සර්කස් කණ්ඩායමට උන්හිටි තැන් පවා නැතිවී එම සර්කස් කණ්ඩායම නැත්තටම නැතිවිය. කෙසේ වුවද පසුකලෙක සඳහන් වූයේ චාර්ලි ස්පාර්ක්ස්ගේ “Sparks World Famous Shows” සර්කස් කණ්ඩායම එදා එල්ලා මැරුණු මේරි ඇතින්න ඇතුළු අනෙකුත් සත්වයින්ට හොඳින් සැලකුවේ නැති බවයි. විශේෂයෙන්ම මියගිය මේරි ඇතින්නට ඇය ජීවත්ව සිටියදී කරුණාවන්ත හාම්පුතුන් එම සර්කස් කණ්ඩායමේ නොසිටි බවද පැවසෙයි. එම නිසාම බොහෝ දිනවලදී මේරි ඇතින්න හිංසාවට පවා ලක්වී තිබුණි. “Sparks World Famous Shows” සර්කස් කණ්ඩායම තනිකරම මේරිට සලකා තිබුණේ ඇය ඔවුන්ගේ වහල්කමට උපන් සත්වයෙකු සේ සිතමිණි. එනිසාම හීලෑ සතෙකුට ලැබිය යුතු කිසිදු සැප පහසුකමක් මේරි ඇතින්නට නොලැබුණු බවත් ඇය ඉතාමත් කටුක මෙන්ම ඉතාම දුක්ඛිත ජීවිතයක් ගතකල බවත් පැවසෙයි.

රුවන් එස්. සෙනවිරත්න

SendShareShare
Previous Post

පොඩි කාලෙ ඉඳන් පාතාලය එක්ක මම හිටියෙ

Next Post

AIA උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව ජයග්‍රාහකයින් දිරිමත් කරයි

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....

Read more
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.