අඛණ්ඩව ක්‍රියාත්මක වෙමින් මේ වන විට 26 වන වසරට පිවිස සිටින AIA රක්ෂණ සමාගමේ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව වැඩසටහන් මගින් සෑම දිස්ත්‍රික්කයකින්ම 5 වසර ශිෂ්‍යත්ව විභාගයෙන් විශිෂ්ටතම ප්‍රතිඵල ලබාගන්නා සිසු දරුදැරියන් ඇගයීමට ලක් කරමින් ඔවුන්ට උසස් පෙළ පන්තියේ සිට විශ්වවිද්‍යාල උපාධිය සම්පූර්ණ කරන තුරුම මාසික ආධාර මුදලක් පිරිනමනු ලබයි. වසර 1994 දී ආරම්භ කරන ලද මෙම වැඩසටහන දියත් කරනු ලැබුවේ ශ්‍රී ලංකාවේ දීප්තිමත්ම සහ වඩාත්ම කැපීපෙනෙන සිසු දරුදැරියන්ට අත්වැලක් සැපයීම සඳහාය. මන්ද මේ රටේ අනාගතය ඔවුන් වන බැවිනි. AIA ශිෂ්‍යත්වයක් දිනා ගැනීමට මෙම ශිෂ්‍යත්වලාභීන්ගේ දෙමාපියන් AIA රක්ෂණ සමාගමේ සේවාලාභීන් වීම අවශ්‍ය නොවන අතර, මේ ශිෂ්‍යත්ව පිරිනැමෙන්නේ අධ්‍යාපන කටයුතුවලදී දක්වන දක්ෂතා මත පමණක් පදනම් වීම විශේෂ කරුණකි.
AIA උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව වැඩසටහනේ 2020 හිමිකම් ප්රදානෝත්සවය කොළඹ ලේක්සයිඞ් හෝටලයේදී ආචාර්ය හර්ෂ සුභසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් නොබෝදා පැවැත්විණි. CODEGEN ආයතනයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරිවරයාද වන සුභසිංග මහතා ශ්‍රී ලංකාවේ බිහි වූ නවෝත්පාදනයක් වන විදුලි බලයෙන් ක්‍රියාකරන ප්‍රථම සුපිරි කාර් රථය වන “වේගා”හි නිර්මාතෘවරයාද වෙයි. පසුගිය වසර 26 පුරාවට, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මහාචාර්යය කාලෝ ෆොන්සේකා, කලාසූරී අරිසෙන් අහුබුදු, පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව, මහාචාර්ය දයා රෝහණ අතුකෝරාල, මහාචාර්ය ජේ.බී. දිසානායක, මහාචාර්ය කුසුමා කරුණාරත්න, නන්දා මාලිනිය වැනි මෙම දරුවන්ගේ අනාගතය සාර්ථකත්වයට පත්කරගැනීමට අවශ්‍ය අගනා ඔවදන් ලබාදුන් විද්වතුන් රාශියකගේ ප්‍රධානත්වයේ මෙම වැඩසටහන පවත්වන ලදී.