• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

පොඩි කාලෙ ඉඳන් පාතාලය එක්ක මම හිටියෙ

November 28, 2020
in Heart
Reading Time: 4 mins read
A A
පොඩි කාලෙ ඉඳන් පාතාලය එක්ක මම හිටියෙ
Share on WhatsAppShare on Facebook

තර්ජන ගර්ජන මට සිම්පල්…

රඟපාල ලොකු පොරක් වෙන මානසිකත්වය මට නෑ…

තරුවක් වීමට උත්සාහ නොකරන, රංගනවේදියකු ලෙස ‘චරිතයක’ නොමැකෙන මතකයක් පමණක් ප්‍රේක්‍ෂකයනට තිළිණ කරලීමට ප්‍රියතාවක් දක්වන හර්ෂ තෙන්නකෝන් මෙවර ‘මව්රට’ පුවතපත සමඟ හදවතින් බැඳුණේ සිය නවතම ටෙලිනාට්‍යයේ රූගත කිරීම් ඇතුළතදී ලද මද විරාමයේදීය. ඉතාම විවෘතව, නොපැකිලිව අප හා සුහද කතාබහකට මැදි වූ ඒ කදිම හෝරාව තුළ ඔහු පැවැසූ තොරතුරු සරලව මෙලෙස සටහන් කරන්නෙමු.
ඉතින් හර්ෂ, අලුතින් ඔබට පිය පදවිය දුන් ‘පුතු’ වෙනුවෙන් පළමුව සුබපතනවා?
බොහොම ස්තුතියි. රූගත කිරීම් අතරතුර තමයි මගේ දෙවැනි පුතා මේ ලෝකෙට බිහිවුණේ. සියල්ල මදකට නවතා තබා ඒ මොහොතේ මගේ බිරිය ළඟ මට සමීපව ඉන්නට ලැබුණු එක ගැන සතුටට පත්වෙනවා.
රූගත කෙරෙන ටෙලි කතාව ගැන කියනව නම්?
එය ප්‍රියන්ත ප්‍රනාන්දුගේ ‘පරඬැල්’ නම් ටෙලියයි. උමාලි තිලකරත්න සමඟ මම එහි ප්‍රධාන චරිතයක් රඟපානවා.
ඔබ ටෙලි කලාවට පැමිණියේ නාලන් මෙන්ඩිස්ගේ ‘අංගනාවෝ’ තුළින්?
නැහැ… පළමුව මම රංගනයෙන් දායක වූයේ ආනන්ද අබේනායක මහතාගේ ‘පෝ දින’ ටෙලිනාට්‍යකටයි. එයින් පසුව ක්‍රිස්ටි ෂෙල්ටන් ප්‍රනාන්දු අධ්‍යක්‍ෂණය කළ ආනන්ද අබේනායක නිෂ්පාදනය කරපු ‘මේ වසන්ත කාලයයි’ ටෙලිනාට්‍යයේ රඟපෑවා. අනතුරුව තමයි මට ‘අංගනා’ ටෙලිය ලැබුණේ.
නාලන් මෙන්ඩිස්ගේ ටෙලියක ආරාධනා ලැබීම ගැන එදා යෞවනයකු ලෙස ඔබ සතුටට පත්වුණාද?
සත්තකින්ම මම ‘ෂොක් වුණා…’ හැබැයි චරිතය බාර ගන්නවාද? නැද්ද? යන දෙගිඩියාවද මා තුළ තිබුණා. ඒ මොකද ටෙලි ඩ්‍රාමාවල දිගින් දිගට රඟපෑමේ වුවමනාවක් මට තිබුණේ නැහැ. පැහැදිලිවම කියනවා නම්.., ටෙලි ගොඩක රඟපාලා ලොකු ‘පොරක්’ වෙන්න… මඟතොටේ යන එනකොට රසිකයෝ දුවගෙන ඇවිදින් මාව වටකර ගන්නවා දකින්නට ආස බොළඳ මානසිකත්වයක් මට තිබුණේ නැහැ. මම හිටියේ වේදිකාව මත රංගනයෙහි යෙදීමේ උමතුවෙන්… ඒ උමතුව තිබුණු කණ්ඩායමක් තුළ තමයි මම හිටියේ… ‘එකා වාගේ’ වැඩ කරන හැඟීමක් අප කා අතරත් තිබුණා…, ‘අංගනාවෝ’ සඳහා මා ලද ආරාධනය ගැන පවා ඔවුන් සමඟ අදහස් බෙදා ගත්තා. ඔවුන් මට කීවා.., නාලන් මෙන්ඩිස් වැනි ප්‍රවීණයකුගේ ආරාධනයක් අහක දාන්න එපා කියලා. ඒ වාගේම ඔවුන් මට තදින්ම කියා සිටියා අවුරුදු 25දී ආව ඔයවාගේ චාන්ස් අතහැර ගත්ත හුඟක් කලාකාරයන් වයස අවුරුදු 25දී ඒ ගැන පසුතැවෙන අවස්ථා තියෙනවා. ඒ නිසා ‘අංගනාවෝ’ බාර ගන්න කියා.
ඒ කියන්නේ ‘අංගනාවෝ’ රඟපානකොට ඔබට වයස 25යි?
ඔව්… නාලන් මහත්තයා හෙව්වෙත් ඒ වයසේ තරුණයෙක්. ඒ වගේම පොත්පත් කියවන, කවියට, ගීතයට ඇලුම් කරන තරුණයකු ඒ සඳහා වඩාත්ම සුදුසු නිසා ඔහු මාව හොයා පැමිණි බව මට කීවේද ඔහුමයි, පළමුව ඒ සඳහා සාරංග දිසාසේකරව තෝරා ගෙන තිබුණත් ඔහුගේ දින නියමයන් පිළිබඳ ප්‍රශ්නයක් නිසා ඔහුට එය මඟහැරී තිබුණා.
තරුවක් වීමට අකැමැති ඔබ ‘අංගනාවෝ’ තුළින් තරුවක් වූවා?
මම හිතන්නේ එහෙමයි. තොරතුරු ලැබුණේ, ‘අංගනාවෝ’ ප්‍රේක්‍ෂකයන් ඉතාම සතුටින් වැළැඳ ගත් බව සහ මම කවුදැයි ඔවුන් සොයන බවටයි.
බොහෝ ටෙලිනාට්‍ය සඳහා එයට පසු ඔබට ඇරැයුම් ලැබුණා?
ඔව්… මම ප්‍රියකරන බොහෝ චරිතයන් තුළ රඟන්නට හැකි භාග්‍යයක් මට එයින් උදා වුණා. විශේෂයෙන් ‘ගිනිඅවි සහ ගිනිකෙළි’ වැනි ඉතාම ජනප්‍රියත්වයට පත් ටෙලිනාට්‍ය සඳහා මාව තෝරා ගත්තා.
ඔබ ‘ගිනි අවි සහ ගිනිකෙළි’ ගැන සුවිශේෂීව කතා කරනවා හර්ෂ?
ඔව්… ‘ගිනි අවි සහ ගිනිකෙළි’ හරහා මට සැලකිය යුතු පිරිමි ඕඩියන්ස් එකක් හැදුණාය කිවුවොත් වඩාත්ම නිවැරැදියි. ඒ වාගේම ‘වෙස්’ ටෙලිනාට්‍යය තුළින්ද එය එලෙසම සිදුවුණා. ඒ වාගේම ‘ගිනි අවි සහ ගිනිකෙළි’ වැනි සිදුවීම් ඇතුළත් ටෙලි කතා මගේ ජීවිතයට යම් සම්බන්ධතාවක් තිබෙන නිසා මම එය ඉතා උවමනාවෙන් සහ කැමැත්තෙන් කල චරිතයක්.
පිළිතුර ටිකක් පැහැදිලි මදියි හර්ෂ, ඔය කියන්නේ ඔබ චණ්ඩියෙක් බවද?
සමහර විට ඔබ අනුමාන කළ දේ බොහෝ දුරට හරි. ‘පාතාලය’ කියන්නේ මගේ ජීවිතයට කුඩා අවදියේ සම්බන්ධව තිබූ ඉසව්වක්.
ඒ කියන්නේ ඔබේ පවුලේ අය ‘පාතාලයට’ සම්බන්ධකම් තිබූ අයද?
මම හිතන්නේ ඔය විෂයට අපි දැන් තිත තැබුවොත් හොඳයි කියලයි. අනෙක ඒ මට කියැවුණේ යම් අතීත කාලයකට සම්බන්ධ දේ ගැනයි. ඒ වගේම බොහෝ කලාකරුවන් තරු හෝ රංගවේදීන් බවට පත්වූ පසුබිම් තුළ ‘ඩ්‍රග්ස් හෝ ශැන්ග්’වලට සම්බන්ධව සිටි අතීතයක් ඔවුනට තිබුණා. හොලිවුඩය වාගේම බොලිවුඩය යන සිනමා කර්මාන්ත තුළද එය ප්‍රචලිතයි.
නාහෙට නාහන චරිතවලට ඔබ වැඩි කැමැත්තක් දක්වනවාය කිව්වොත් එය නිවැරැදිද?
සහතික වසයෙන්ම එය නිවැරැදියි. කලිනුත් මම බොහොම කැමැත්තෙන් තමයි ඔබට කිව්වේ, ‘ගිනි අවි සහ ගිනිකෙළි’ හරහා වාගෙම ‘වෙස්’ හරහාද මට ලොකු පිරිමි ඕඩියන්ස් එකක් හැදුණා කියලා.
එහි අදහස ඔබ ගැහැනු ඕඩියන්ස් එකකට මනාප නැහැ කියන එකද?
එහෙමම කියන්නෙ නැහැ මම. සුපෙම්වත් රංගනයන් තුළින් මට ප්‍රිය කරන ගැහැනු ඕඩියන්ස් එකක්ද නිර්මාණය වී අවසන්. මගේ බිරිය පවා වෙලාවකට ඒ ගැන නෝක්කාඩු කියනවා.
හැබැයි ඉතින්, මඟතොටේදී යම් පිරිසක් මා වටකොට වැළැඳ ගන්නවාට වඩා ඒ චරිතෙ නම් ඔයා නියමෙට කළා කියන ගැම්මට මම හරිම කැමැතියි. ඒ ඇයිද කියනවා නම් හර්ෂ තෙන්නකෝන් කියන නළුවට කවුරු හෝ ප්‍රිය කරනවාට වැඩිය, ‘හර්ෂ තෙන්නකෝන්’ රඟපෑ චරිතයක් යම් කෙනකුගේ මතකයේ තියෙනවා නම් එය මට විශාල ආත්ම තෘප්තියක් වේවි.
ඔබ සම්මාන උළෙලවල් වර්ජනය කරන අයෙක්දැයි කියා ඇසුවහොත්?
වර්ජනය කිරීමක් එතැන සිදුවන්නේ නැහැ. මීට වසර කිහිපයකට පළමුව ‘හොඳම නවක නළුවාට’ මගේ නම නොමිනේට් වූ බව සඳහන් කරමින් සම්මාන උළෙලක් සඳහා මට ඇරැයුම් ලැබුණා. කුමක් හෝ හේතුවකට එයට සහභාගි වීමේ අවස්ථාව මට අහිමි වුණා. එදා ඉඳන් අද වනතුරුම මට සම්මාන උළෙලවල් සඳහා ආරාධනාපත්‍ර ලැබෙන්නේ නැහැ.
රියැලිටි ෂෝ සඳහා සහභාගි නොවන හේතුව කුමක්ද හර්ෂ?
මම එය මෙලෙස පැහැදිලි කරන්නම්. කලාකරුවන් කියන්නේ සාමාන්‍ය මිනිසුනට වඩා මදක් අසාමාන්‍ය පිරිසක්. ඉතින් ඒ අය ගැන ඕපාදූප හොයන්න කවුරුත් කැමැතියි. ඒ කැමැත්ත තුළ කලාකරුවා කියන චරිතය තම පෞද්ගලිකත්වය පවා පසෙක තබා රසිකයන් වෙනුවෙන් රියැලිටි ෂෝ වැනි වැඩසටහන් වෙනුවෙන් පෙනී සිටිනවා. හොලිවුඞ් සහ බොලිවුඞ්වලද එය සිදුවෙනවා. හැබැයි ඒ රටවල්වල කලාකරුවන්ගේ කුණු අවුස්සා ඒ ඒ චැනල් සහ පෝග්‍රෑම් ජනප්‍රිය කරවීම හරහා එම නළු නිලියනට හොඳ ගෙවීමක් කරනවා.
ඔබ කියන්නේ ශ්‍රී ලාංකේය රියැලිටි කලාව තුළ එය සිදුනොවන බවද?
ඔව්… මෙහි සිදුවන්නේ කුණු අවුස්සා රසිකයන්ට බෙදා දීම පමණයි. ගෙවීමක් කරන්නේ නැහැ. මම හිතන විදියට මාව යූස් කරනවා නම් එයට සරිලන වටිනාකම ඔවුන් ගෙවිය යුතුයි. කලාකරුවාගේ අගය එයයි. එම අගයට දායකත්වයක් නොදෙන්නේ නම් එය ඇත්තෙන්ම කනගාටුයි.
කොහොමත් හර්ෂ ඔබ නාහෙට නහන අයකු ලෙස කලාව තුළ ටිකක් ප්‍රසිද්ධයි?
මෙහෙමයි… මම හරි දේ වෙනුවෙන් කතා කරනවා. මට වැරැද්ද පෙන්නන්න බැහැ. ඒක සමහර දෙනකුට දිරවන්නේ නැහැ. කිහිප අවස්ථාවකදීම මම හරි – වැරැද්ද පහදා දෙන්නට ගිහින් හතුරන් හදාගත්තා. යම් අවස්ථාවක එක් පිරිසක් මට තර්ජනයද කළා. ‘උඹට නළුවෙක් වෙන්න ඉඩ තියන්නෙ නැහැ’ කියලා.., මම එයට සැලුණේ නැහැ. හොඳම කතාව කියන්නේ ඒ විදියට තර්ජනය කළ අය ‘සියල්ල අමතක කරලා අපි වැඩ කරමු’ යැයි කියලා ඔවුන්ගේම නිර්මාණ සඳහා මාව හොයාගෙන ආවා. ඇත්තෙන්ම එය මට ආඩම්බරයක්.
නාට්‍ය අධ්‍යක්‍ෂණයක් සඳහා ඔබ පෙරුම්පුරන බව ආරංචියි?
ඔව්… අධ්‍යක්‍ෂණයක් ගැන බලාපොරොත්තු තබා සිටින ටෙලිනාට්‍යයක් මගේ මනසෙහි ඉදිවෙමින් තිබෙනවා. එයට අවශ්‍ය වපසරියද සකසා අවසානයි. කොරෝනාව සමතයකට පත්වූ වහාම එම නිර්මාණය සඳහා යොමු වෙන්නට තමයි බලාපොරොත්තුව.
දමයන්ති රේණුකා ප්‍රනාන්දු

SendShareShare
Previous Post

අලුත් පොලිස්පතිගේ පළමු හමුව

Next Post

ලෝකයේ ලොකුම ඇතින්න එල්ලා මරපු හැටි

MORE NEWS

හුණු දූවිලි සුවඳයි ‘ස’ යන්නේ වාසනාවයි එක්ක නුරානි දැන් හරි සංවරයි…. මට හිතුණු හිතුණු චරිත රඟපාන්න බැහැ… ! නුරානි තෙන්නකෝන් I Sri Lanka Latest News
Heart

හුණු දූවිලි සුවඳයි ‘ස’ යන්නේ වාසනාවයි එක්ක නුරානි දැන් හරි සංවරයි…. මට හිතුණු හිතුණු චරිත රඟපාන්න බැහැ… ! නුරානි තෙන්නකෝන් I Sri Lanka Latest News

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News
Heart

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News
Heart

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

මං හොයන්නේ ප්‍රේමයක්… ලැබිලා ඉන්නේ හරිම කෙනා නොවෙන්න පුළුවන්…! තිළිණ බොරලැස්ස I Sri Lanka Latest News
Heart

මං හොයන්නේ ප්‍රේමයක්… ලැබිලා ඉන්නේ හරිම කෙනා නොවෙන්න පුළුවන්…! තිළිණ බොරලැස්ස I Sri Lanka Latest News

ලව් සීන්වලින් කළු සීන්වලට බැහැපු විශ්ව පෙරළිය…! අතිවිශිෂ්ටයි විශ්ව…! කේස් එක ලීක් වෙයි කියලා හිතුවේ නැහැ…! විශ්ව කොඩිකාර I Sri Lanka Latest News
Heart

ලව් සීන්වලින් කළු සීන්වලට බැහැපු විශ්ව පෙරළිය…! අතිවිශිෂ්ටයි විශ්ව…! කේස් එක ලීක් වෙයි කියලා හිතුවේ නැහැ…! විශ්ව කොඩිකාර I Sri Lanka Latest News

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

Load More
දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....

Read more
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.