• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Kendaraya

පවුල් වෙන්න ලෙඩ දාන කුජ දෝෂයෙන් බේරෙන්නෙ මෙහෙමයි! Sri Lanka Latest News

October 25, 2025
in Kendaraya
Reading Time: 2 mins read
A A
පවුල් වෙන්න ලෙඩ දාන කුජ දෝෂයෙන් බේරෙන්නෙ මෙහෙමයි! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

කුජ හෙවත් අඟහරු යන නාමය ඇසූ පමණින් බොහෝ දෙනා බියගන්වන චකිත ගන්වන අදහස් සිතට නැගේ. දරුවකුගේ උප්පත්තියේදීම කුජ දෝෂය තිබේදැයි මවුපියෝ සොයාබලති. මෙමගින් පුද්ගලයන් බොහොමයක් කුජ දෝෂයට හසුව ඇත්දැයි සොයා බැලේ. විවිධ ප්‍රදේශයන් තුළ මෙම කුජ දෝෂය විවිධ වශයෙන් අර්ථකථනය කරනු ලබයි. දකුණු පළාතේ වැඩි වශයෙන් හතේ කේන්දරයක් ද යන්න සොයා බලයි. අනෙක් ප්‍රදේශ තුළ කුජ හත්වැන්නේ හෝ අටවැන්නේ ද යන්න සොයා බලයි.Sri Lanka Latest News

බොහෝ දෙනා අතර පවතින මෙම දුර්මතය වන්නේ කුජ හතේ හෝ අටේ නම් අනෙක් සහකරු හෝ සහකාරියගේ ජන්ම පත්‍රයද කුජ හතේ හෝ අටේ තැන්පත් වියයුතු බවයි. මෙලෙස කුඩා කාලයදීම පුහු මත දරුවන්ගේද මවුපියන්ගේද සිත් තුළ රෝපණය කරගනී. තරුණ වයසින් පසුව කුජ දෝෂය ඇත්නම් අනෙක් සහකරු හෝ සහකාරියගේ ජන්ම පත්‍රය තුළ කුජ හතේ හෝ අටේ නොමැති නම් එකහෙළා සම්බන්ධතාව නතර කිරීමට මවුපියන් සහ වැඩිහිටියන් විසින් අනුබල ලබාදෙනු ලබයි. වසර ගණනාවක් පැවැති ඉතාමත් යහපත් ආදර සබඳතා ක්ෂණිකයෙන් විරසක වන්නේ එකී දුර්මතය හේතුකොට ගෙනය. මෙයට වගකිව යුතු පාර්ශ්ව ගණනාවක් ඇත. ප්‍රථමයෙන් ජ්‍යොතිෂය හරි හැටි නොදත් ජ්‍යොතිෂවේදීන් ජන්ම පත්‍රය අතට ගෙන නැකැත් දෙක හා කුජ සිටින භාවය පමණක් පරීක්ෂා කර බලා මෙය කිසිසේත් ගැළපෙන ජන්ම පත්‍රයත් නොවේය යන්න පවසයි. එමෙන්ම එක් අයකු අකාලයේ මියයන බවද පවසා සිත් තුළට විෂ කාවැද්දීම සිදුකරනු ලබයි. කිසිදු දැනීමක් නොමැති වැඩිහිටියන් ජන්ම පත්‍රයන් පරීක්ෂා කර දුටු විගසම මෙම සබඳතාවට අප ඉඩ දෙන්නේ නැතැයි පවසමින් එය නතර වනතුරු දරුවන් සිරකොට තබයි. මෙමගින් ජීවිත කාලයම තනිව සිටින සැබෑ ආදර වන්තයන් මෙන්ම ආදරවන්තියන්ද කොතෙකුදු මා හට හමුවී ඇත.

කුජ සිටින භාවය පමණක් පරීක්ෂා කොට විවාහ වී විවාහය දෙකඩ වූවන් අද සමාජයේ ඕනෑ තරම්ය. සැබෑ ආදරයක් නොමැතිව ජන්ම පත්‍රය මෙන්ම නැකත් ගැළපීමෙන් පමණක් දෙදෙනකුට පවුල් ජීවිතයක් ගෙවිය නොහැකි බව සියලු දෙනා තේරුම්ගත යුතු කරුණාවකි. එමෙන්ම කුජ දෝෂය සහිතව විවාහ වී හෝ මවුපියන්ගේ අකැමැත්තට විවාහ වී ජීවිත කාලයම ඉතාමත් ප්‍රීතියෙන් යුක්තව වාසය කරන පුද්ගලයන් අද සමාජයේ ඕනෑ තරම් ඇත. සැබැවින්ම මෙයට හේතුව කුමක්ද යන්න පිළිබද දැනීමක් මෙම ලිපිය අවසානයේ ඔබට ලැබෙනු ඇත. ඇත්තෙන්ම කුජ දෝෂය හේතු කොටගෙන විවාහය දෙකඩ වීම ඇති වේ. එකිනෙකාගේ ජීවිතය පවා අකාලේ නැතිවීමට තරම් ප්‍රබල දරුණු විවාහ දෝෂයක් බව කුජ දෝෂය හඳුන්වා දීමට හැකිය. එලෙසම කුජ දෝෂය සහිතව විවාහ වී ජීවිතය හැරයන පුද්ගලයන් ද පවුල් ජීවිතය විනාශ වන පුද්ගලයන්ද අද සමාජයේ කොතෙකුත් ඇත. මේ සියල්ලටම විසදුම් ලෙස ප්‍රථමව කුජ දෝෂය යන්න කුමක්ද පිළිබඳ වටහාගත යුතුයි. කුජ දෝෂය යනු කුජ හෙවත් අඟහරු ලග්නය දෙවැන්න, හතරවැන්න, හත්වැන්න, අටවැන්න, දොළොස් වැන්න යන ස්ථානවල අඟහරු නැතිනම් කුජ තැන්පත් වීමයි. දතයුතු කාරණය නම් කුජ හතේ අටේ තැන්පත් වීම පමණක්ම කුජ දෝෂය යන්නෙන් නිර්වචනය නොකළ යුතු බවයි.

කුජ දෝෂය ඇතිවීම එනම් ලග්නය යනු පළමුවැන්නයි. මෙය රඳා පවතිනුයේ මොළය හිස මෙන්ම තීන්දු තීරණ ගැනීමයි. දෙවැන්න යනු ධන ස්ථානයයි. ධනය වාග් චාතූර්යය ආදිය පිළිබඳ මෙමගින් කියවේ. හතරවැන්නේ දේපළ ස්ථානය. දේපළ සහ ඉඩකඩම් ද හත්වැන්න විවාහ ස්ථානය හෙවත් විවාහය පවුල් ජීවිතය ලිංගිකත්වයද, අටවැන්න ස්වාමිපුරුෂා භාර්යාව මාරකස්ථානය වන අතර, දොළොස්වැන්න වැයස්ථානයය. ධනය ක්ෂයවීම, මිල මුදල් වැයවීම ද දියුණුවද රඳා පවතින්නේ මෙකී ස්ථානයන් අතර වේ. කුජ දෝෂය ඇති වූ විට විවාහය දෙදරා යාමද දික්කසාද වීමද ඉක්මන් විවාහය හෝ විවාහය කල්යාම ද රෝගාතුර වීම ද ජීවිත හානි වීම දක්වා ද දරුණු ප්‍රතිඵල ඇතිවේ. මෙයට හේතුව මෙකී ස්ථාන දුර්වල වූ විට පවුල් ජීවිතය ගෙන යාමට නොහැකි වීමයි. නමුදු මෙලෙස සිදුවන්නේ කුජ දෝෂය බලවත් වීමත් අශුභ ග්‍රහ සංයෝග මෙන්ම අශුභ ග්‍රහ දෘෂ්ටි වැටීමත් නිසාවෙනි.

එමෙන්ම කුජ මහ දසා කාල මෙන්ම අතුරු දසා කාල සමග ඒරාෂ්ටකවල බලපෑම ද ඇතිවීම හේතු කොටගෙන මෙකී ගැටලු නිර්මාණය වේ. එමෙන්ම අනෙකාගේ මෙන්ම තමාගේ ද දෝෂ භංග වන ප්‍රබල ග්‍රහයෝග නොමැති නම් පමණි. කුජ දෝෂය සමග කුජ රාහු සමග සංයෝග වුවහොත් කුජගේ බලය වැඩිවී අයහපත් ප්‍රතිඵල ලැබෙනු ඇත. නමුදු ප්‍රධාන වශයෙන් සලකා බැලිය යුත්තේ කුජ දෝෂය භංග වන ග්‍රහ පිහිටීම් සම්බන්ධවයි. කුජ දෝෂය භංග වන ග්‍රහ පිහිටීම් අතර අනෙක් ජන්මපත්‍ර හිමියාගේ හෝ හිමිකාරියගේ කුජ පළමුවැන්න දෙවැන්න හතරවැන්න අටවැන්න දොළොස් වැන්නහි තැන්පත් වූවා නම් දෝෂ භංග වේ. එමෙන්ම අනෙක් ජන්ම පත්‍රයෙහි කුජ සමග ගුරු සංයෝගව කුමන භාවයක සිටියත් දෝෂ භංග වීම සිදුවෙයි. තවද උත්පත්ති කේන්ද්‍රයේ චන්ද්‍ර කේන්ද්‍රයේ චන්ද්‍රයාගෙන් ලග්නය දෙවැන්න හතරවැන්න හත්වැන්න අටවැන්න මෙන්ම දොළොස් වැන්නෙහි කුජ තැන්පත් නම් මෙම දෝෂය භංග වේ.

තවද හත්වැන්න අධිපති ග්‍රහයා ශුභ ස්ථානයක බලවත්ව සුබ ග්‍රහ සංයෝග සහිතව සිටීනම් මෙම කුජ දෝෂය භංග වේ. එමෙන්ම ධර්මකර්මාධිපති යෝගය නැතිනම් මහා පරිවර්තන යෝගය ඇතිනම් මෙම දෝෂය භංග වේ. එනම් නව වැන්නාධිපති සහ දසවැන්නාධිපති පරිවර්තනය දී නවවැන්න හා දසවැන්න තුළ තැන්පත් වීමයි. එමගින් මෙම දෝෂ භංග වීම සිදුවේ. උදාහරණ ලෙස මකර ලග්න හිමියන්ගේ කුජ හත්වැන්නේ තැන්පත් නම් එම ජන්මපත්‍ර හිමියාගේ නවවැන්න වන කන්‍යාධිපති බුධ දසවැන්නේද, දසවැන්න වන තුලාවේ අධිපති සිකුරු නවවැන්න තුළත් තැන්පත් වීමෙන් පරිවර්තන යෝගය යෙදේ.

කොටින්ම කියතොත් දෝෂ භංගවීම සිදුවේ. මෙලෙස පෙන්වාදී ඇත්තේ කුජ දෝෂය භංග වන ප්‍රබල ග්‍රහ පිහිටීම්වලින් අතළොස්සක් පමණි. ඔබ දතයුතු කාරණාව වන්නේ විවාහ දෝෂවලින් සැබැවින්ම ප්‍රබල බලපෑමක් ඇතිවන බවයි. නමුදු එම දෝෂ එකිනෙකාගෙන් භංග වන බොහෝ ග්‍රහ පිහිටීම් ඇතිවාක් මෙන්ම ඒ ඒ කාලසීමාවල් තුළ පවතින මහදශාවන් සහ අතුරු දශාවන් අනුව බලය අඩු වැඩි වශයෙන් පවතින බවයි. එමෙන්ම ජන්ම පත්‍රය දුටු විගස කිසිදු පරීක්ෂාවකින් තොරව නොගැළපෙනවා යන්න පවසන ජ්‍යොතිර්වේදීන්ගෙන් සහ පුද්ගලයන්ගෙන් ප්‍රවේශම් වන්න. තම දරුවන්ගේ වටිනා ජීවිතය විනාශ කර දමන තත්ත්වයට පත් නොවන්න. ඇත්තෙන්ම විවාහ දෝෂ නිසා විවාහ දෙකඩ වීම සිදුවේ. නමුදු නිසි පරීක්ෂාවකින් සහ පිළියම් මගින් මෙම දෝෂ මගහරවා ගැනීම සිදුකරගත හැකිය.

මිහිරාජ් සිසිල
ශාස්ත්‍රවේදී (ගෞරව) ජනසන්නිවේදනය
ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය

SendShareShare
Previous Post

කොරටු විනාශයි! එළවළු නගිනවා! Sri Lanka Latest News

Next Post

ගුවන් හමුදා යානා ලෑස්තියි! නාවික හමුදා යාත්‍රා සීරුවෙන්! හමුදාව පොලිසිය ඒකාබද්ධ වෙයි! රට පුරාම ඔත්තු සේවා වැඩ ! තවත් මහා යුද්ධයක් අත ළඟයි! EXCLUSIVE I Sri Lanka Latest News

MORE NEWS

Astrology

තද වෙනවා නම් මේ සතියේ පරිස්සමෙන් ඉන්න! හැබැයි සල්ලි බාගේ නැත්තෙමත් නැහැ…! නාඩි වාක්‍යයෙන් ඔබට වෙන දේ හරියටම බලාගන්න! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

මේ පිහිටීම් නැත්නම් ග්‍රහයෝ මාරුවුණාට ටිකට් ඇදෙනව නම් බොරු!Sri Lanka Latest News

ඕනෙම වෙලාවට ඕනෙම අත්බෙහෙත්…! Sri Lanka Latest News
Astrology

ඕනෙම වෙලාවට ඕනෙම අත්බෙහෙත්…! Sri Lanka Latest News

ඕරා ශක්තිය බලගැන්වෙන අන්තිම සතිය! Sri Lanka Latest News
Astrology

ඕරා ශක්තිය බලගැන්වෙන අන්තිම සතිය! Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

2024 අමාරු වුණත් මේ ලග්න හිමියන් රජ වෙනවා I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

2024වත් හොඳ කලක් ලබයිද? I Sri Lanka Latest News

Load More
රවී කරුණානායක යළි කරළියට! ආණ්ඩුවේ ලොකු බරක් කරට ගන්න සූදානම්ලු!
Exclusive

රුපියල බේරගන්න ඩොලර් විකුණනවාද? හරිනම් දැන් ඩොලර් මිලියන 8900ක සංචිතයක් තියෙන්න ඕනෑ! තියෙන සංචිතයත් ඩොලර් මිලියන 6800 ඉඳන් 6400ට බැහැලා! මහබැංකුවට ප්‍රශ්න 3ක්! VIDEO I Sri Lanka Latest News

මහබැංකුව සතුව තිබූ ඩොලර් සංචිතය මේ වනවිට ඩොලර් මිලියන 6800 සිට 6400 දක්වා අඩුවී ඇති බව හිටපු මුදල් අමාත්‍ය රවී...

Read more
ඩොලර් මිලියන 2ක අල්ලස! ශ්‍රී ලන්කන් හිටපු CEO කපිල යළි ඇතුළට!  I Sri Lanka Latest News

මැරිලා දවස් 76ක්! තාම මරණ පරීක්ෂණ වාර්තා නෑ! රස පරීක්ෂක වාර්තා නෑ! ෆෝන් එක අන්ලොක් කරගෙන නෑ! කපිල චන්ද්‍රසේනගේ විමර්ශන ගැන මහේස්ත්‍රාත් කනස්සල්ල පළ කරයි! I Sri Lanka Latest News

රට අස්ථාවරයි! ස්ථාවර නොකළොත් සතියකින් මහබැංකු අධිපති තනතුරෙන් ඉවත් වෙන බව කියයි! (VIDEO)

‘ප්ලාන්ටේෂන්’ මුවාවෙන් ජනතාවට ලොකු සල්ලි දෙනවා කියලා ගන්න කොම්පැනි ඉවරයි! අහුවෙන්න එපා! තැන්පත් කරපු මුදල් ආයෙත් ඉල්ලගන්න! කොම්පැනිවලට විරුද්ධව දැන් නීතිය ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා! මහබැංකු අධිපතිගෙන් විශේෂ නිවේදනයක්! VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

සංවර්ධනය වන උතුර නැගෙනහිර වෙරළ තීරය අනවසර ඉදිකිරීම්වලින් ආරක්ෂා කරගන්න අනුරගෙන් මෙහෙයුම් කමිටුවක්! PHOTOS I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

සල්ලි තියෙනවා ප්‍රශ්නයක් නෑ! මේ අවුරුද්දේත් ඩොලර් බිලියනයක විදේශ ණය ගෙවන්න ලෑස්තියි! ගිය අවුරුද්දෙත් ගෙව්වා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.