මේ වසර තුළ ඇමරිකානු ඩොලර් බිලියනයක විදේශීය ණය ගෙවීමට සැලසුම් කර ඇති බව මුදල් අමාත්‍යාංශය පවසනවා. Sri Lanka Latest News
මුදල් අමාත්‍යාංශය පැවසුවේ පසුගිය වසරේදී ද ඩොලර් බිලියනයක විදේශීය ණය වාරික ගෙවූ බවයි.
මුදල් අමාත්‍යාංශයේ ප්‍රකාශකයකු සඳහන් කළේ, මේ වසරේ ගතවූ කාලය තුළ දේශීය ආදායම්, ශ්‍රී ලංකා රේගුව සහ සුරාබදු දෙපාර්තමේන්තුවේ ආදායම් අපේක්ෂිත ඉලක්ක ඉක්මවා ආදායම් උපයා ඇති අතර එය ආර්ථික ස්ථාවරත්වයට ප්‍රබල පිටිවහලක් වී ඇති බවයි.
එමෙන්ම වසරේ අවසන් කාර්තුවලදී ද ආදායම් ඉලක්කයන් ඉක්මවා රජයේ ආදායම් තරකර ගැනීමට සියලු සැලසුම් සකස් කර ඇති බව මුදල් අමාත්‍යාංශය ප්‍රකාශ කරනවා.










