කාන්තාවන්ගේ අතුල් පතුල් දැවිල්ලට: Sri Lanka Latest News
වළඟසාල්, ඉරමුසු, බැවිල, වැල්මී, රසකිඳ කළං දොළහක් කුරුම්බා වතුර පත 8ක් දමා පතට සිඳුවා දෙවේල බැගින් බොන්න.
අජීර්ණයට:
තිප්පිලි මුල්, බෙලි පොතු, වියළි ඉඟුරු කළඳ බැගින් ගෙන වතුර පත 8/1ට සිඳ මීපැණි දමා බොන්න.
ළමයින්ගේ පරණ කැස්සට:
කප්පරවල්ලිය කළං තුනයි, වැල්මී කළඳයි මුද්දරප්පලම් කළඳයි වතුර 4යි පත භාගයට සිඳ මීපැණි මුසුකර දෙන්න.
පත්තෑ විෂට:
අරළු, බුළු, නෙල්ලි දෙහි ඇඹුලෙන් ගලගා ගාන්න.
ඇදුමට:
සුදුලූනු කළං තුනක් පිරිසුදු මී පැණි සමග මාසයක් හිස් බඩ බොන්න.
ගෝනුසු විෂට:
පෙති තෝර කොළ ලුණු වතුරින් අනා කඩපිම්මේ තම්බා තවන්න.
වමනයට:
ඉඟුරු ඉස්ම, උක්පැණි, අළු කෙසෙල් අල ඉස්ම මිශ්‍රකර පොවන්න.
මිහිරාජ් සිසිල
ශාස්ත්‍රවේදී (ගෞරව) ජනසන්නිවේදනය
ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය











